අංක විද්‍යාෙවන් ජීවිතය දැන ගනිමු | සිළුමිණ

අංක විද්‍යාෙවන් ජීවිතය දැන ගනිමු

අංක විද්‍යාවෙන් ජීවිත අනාවැකි අපි පසුගිය ලිපියේ අංක 01 පිළිබඳව සාකච්ඡා කළ අතර මෙම ලිපිය ඔස්සේ අංක 02 පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ඔබ ඕනෑම වසරක 02, 11, 20, 29 දිනක උපත ලබා ඇත්නම් ඔබේ පෞද්ගලික අංකය අංක 02 වනු ඇත. අංක විද්‍යාත්මකව ගත්කල අංක 02 යනු සඳු අධිපති අංකයයි. එනිසා ඉහත දිනවල උපන් ඔබගේ ජීවිත ගමන්මග තීරණය කරන ග්‍රහයා සඳුය. ඔබ සෑමවිටම සමාජමය වශයෙන් සෞම්‍ය බවක් දරයි. ආත්ම විශ්වාසය අඩුය. අවදානම් වැඩවලට අකමැති ය. වැඩවලදී හදිස්සියක් නැත. හොඳින් සැලසුම්කරන ගතියක් ඇත. නමුත් සැලසුම් කරන තරම් ප්‍රායෝගික නොවනු ඇත. අන් අයට සාපේක්ෂව අවදානම් ගැනීමයට බිය ය. බොහෝ දේ සිතන අතර එයින් ප්‍රායෝගික තත්ත්වයට පත් කරනුයේ අල්ප ප්‍රමාණයකි. සිතීමට දක්‍ෂයෝ ය. නොයෙක් දේ ගැන සිතයි. ගුප්ත ශාස්ත්‍ර ආදිය සිදු කිරීමේදී මනස තුළ මවාගැනීම් ආදියට දක්‍ෂයන් වෙති. අන් අගේ සිත් රිදවීමට අකමැතිය.

02, 11, 20, 29 දින උපන් ඔබේ අත්ල දිගටිවීම, ඇගිලි දිගුවීම, නියපොතු දිගුවීම, ශීර්ෂ රේඛාව පහලට නැමීම වැනි ලක්ෂණ ඇත්නම් ඔබ සිහින ලෝකවල ජීවත් වන්නෙකි. බොහෝ සැලසුම් ඇත. නමුත් කිසිවක් ප්‍රායෝගිකව නොකරනු ඇත. සැලසුම් සැලසුමක්ම පමණි. ඉහත සියල්ල පිහිටීම මගින් උමතු භාවයට පත්වීමේ අවදානමක් ඇත. තමාට නොමැති අසනීප තත්ව ඇති බව සිතයි. නොයෙක් දේ ගැන විවිධ මානසික මවාගැනීම් තිබිය හැක. ඔබට ඉතා විශ්වාසවන්ත ගැලපෙන ප්‍රායෝගික කෙනෙකු ජීවිතයට එකතුකරගැනීම මගින් සාර්ථකත්වයට පත්විය හැක. එහිදී සැලසුම් කරන්නා ඔබ විය යුතු අතර ක්‍රියාත්මක කරන්නා ඔහු හෝ ඇය විය යුතුය. ඔබ සතුව හොඳ නිර්මාණ ශක්තියක් පවතී. එමනිසා ඔබ නිරතවන ක්ෂේත්‍රය තුළ නිර්මාණාත්මකව කටයුතු කිරීමට හැකියාව පවතී. මෙම තත්ත්වය පෙ.ව. 06.01 - 07.00 සහ ප.ව. 03.01 - 04.00 දක්වා කාලයේ උපදින අයට ප‍්‍රබල වශයෙන් ඇත.

රැකියා වශයෙන් ජලය ආශ්‍රිත රැකියා, කලාව, මල් කර්මාන්තය ආශ්‍රිත රැකියා, සුවඳ වර්ග දියරවර්ග විකිණීම, මනමාලියන්ට ඇන්දවීම, ජ්‍යොතිෂය, ගුප්ත ශාස්ත්‍ර සහ මනස, සිතීමේ ශක්තිය මුල්වන රැකියා ඔබට සුබදායක වෙයි. නොයෙක් දර්ශනවාද වලට යොමුවන්නන් සලකා බලන කල අංක 02 හිමි අයට ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.

සුබ අසුබ දින ඕනෑම මාසයක 01, 02, 07, 10, 11, 16, 19, 20, 25, 28, 29 යන දින ඔබට සුබදායක වනු ඇත. නව කටයුතු ආරම්භ කිරීමට ජීවිතයේ වැදගත් කටයුතු යොදා ගැනීමට මෙම දින ඉතා සුබය. නමුත් 01, 10, 19, 28 දිනවල රාත්‍රී කාලයන් අත්හල යුතු වෙයි. ඔබට කිසිදු දිනයක් ප්‍රබල ලෙස අසුබදායක නොවනු ඇත. නමුත් හැකි සෑමවිටම ඉහත දිනවල කටයුතු කිරීමට හුරුවීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හේතුවක් වනු ඇත.

ලෞකික දියුණුව වෙනුවෙන් කරන කටයුතු සඳහා 04, 08, 13, 17, 22, 26, 31 යන දින යොදා නොගැනීම සුදුසුය. ඉරිදා සහ සඳුදා සුබදායක ය. මිතුරු සතුරු අංක සහ සහකරු ඔබට මිතුරු අංක ලෙස පෙර කියන ලද 01, 02, 07, 10, 11, 16, 19, 20, 28, 29 යන අංකයන් දැක්විය හැකිය. විවාහයට ද එම දිනවල උපන් අය සුදුසු වෙයි. නමුත් 01, 10, 19, 28 දිනවල උපන් අය ඔබව යම් ආකාරයකට පාලනය කරනු ඇත. එවන් කෙනෙක් විවාහවීම තුළින් බොහෝවිට එම අයගේ තීරණ ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. නමුත් ඔබ එයට එකඟවන ගතියක් ඇත. විවාහයට මෙම ගැලපුම් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් නොවන අතර චතුර් භූත ත්‍රිවංක ගැලපුම් පරීක්ෂාවද සිදුකළ යුතුවෙයි. එය පොරොන්දම් ගැලපීමට වඩා විශ්වාසදායකය. සෞඛ‍ය ඔබගේ ආපෝ ස්වභාවය හෙවත් ජල ගතිය ඉහල යන නිසා සෙම ගතිය වැඩිවෙයි. ඔබේ නිදන කාමරය තුළ අඳුරු ස්වභාවයක් සමග පිරිසිදු පාරිසරික වාතය ලැබීම අඩු බවක් ඇත්නම් නියත වශයෙන්ම ඔබ සෙම් රෝගියෙකු වනු ඇත. උගුරේ අමාරු නිතර ඇතිවන ගතියක් මෙම අංක වලින් ඉපදුණු අයට දක්නට ඇත. ඇදුම, අතීසාරය, හිස්ටීරියා වැනි රෝග තත්ත්වවලට ද අවදානමක් ඇත. සුදු වර්ණය, ක්‍රීම් වර්ණය, ලා කොළ වර්ණය ඔබට සුදුසු වර්ණයන් වන අතර මුතු, චන්ද්‍රකාන්ති, කොළ ජේඞ්, දියමන්ති ඔබට සුදුසු පාෂාණයන් වනු ඇත.

ෙෆ්ට්රෝ සාමාජික, රන්දෙව් 0719 81 11 82

Comments