
එළඹෙන වෙසක් පොහොය සහ එයින් පසුව උදාවන කාල පරිච්ඡේදයේ වැසි අධික කාලගුණ තත්ත්වයක් සහ ගංවතුර අවදානමක් ඇති කිරීමට සමත්වන බැව් පෙන්නුම් කරයි. මැයි මස 05 වැනිදා සිට අධික උණුසුම් කාලගුණ තත්ත්වය අඩුවන මුත් එකී ගිනිකාරක ස්වභාවය ලබන ජූනි මස 06 දා දක්වා පවතින බවත් පෙන්නුම් කරයි.
මැයි 04 වැනිදා සිට ඉතා තද වර්ෂාපතනයක ආරම්භය හට ගත් අතර මේ වර්ෂාව මැයි මාසය පුරාම අඛණ්ඩව දකින්න ලැබෙනවා පමණක් නොව ගංවතුර තර්ජනයත් තදින් ම හිස ඔසවන බව පෙන්නුම් කරයි. මැයි මාසයේ මුල් සතිය පසු වී වෙසක් පොහොය උදාවෙත්දී හතර වටින්ම වැහි වළාකුළු සහ වර්ෂාව දකින්න ලැබෙනු ඇත. වෙසක් පොහොයෙන් පසුව එකී වර්ෂාව සහ ගංවතුර තර්ජනය තදින්ම හිස ඔසවන බවත් විද්‍යමාන කෙරේ.
මේ තත්ත්වය ලබන මැයි 21 දා වන විට උග්‍ර විය හැකි අතර දැඩි වර්ෂාව සහ ගංවතුර තර්ජනයට අමතරව ඊට බලපාන ග්‍රහ චලනය තරමක් දරුණු අතට හැරෙන බවත් පෙන්වයි. ජීවිත සහ දේපළ විනාශය ඉහළ යන තරමට මේ වර්ෂාව නපුරු විය හැකි අතර . විශේෂයෙන්ම ඉතා උග්‍රව පෙන්නුම් කරන්නේ භයානක නාය යෑම් සහ ජලාශ ආශ්‍රිත පිපිරීම් ආදී විනාශයන්ය.
මේ ජල විපත් සහ අලුත් අවුරුදු නැකත් අතර කිසිම සම්බන්ධයක් නැති බැව් අවධාරණය කළ යුතු අතර පවතින ග්‍රහචාරය සහ අලුත් අවුරුද්දට පෙර සිදුවුණු චන්ද්‍රග්‍රහණය සහ සූර්‍ය ග්‍රහණය යන සිදුවීම් දෙකත් යුරේනස්ගේ මේෂ රාශි ගමනත් නිසා මෙවැනි ස්වභාවික විපත් සිදුවන බව මීට පෙර අපි තරුපාර තුළින් පුරෝකතනය කෙළෙමු. මේ ලිපියෙන් සිදු කෙරෙන්නේ යළි ඒ බව සිහිපත් කිරීමක් පමණි.