කවි කල්පනා | Page 2 | සිළුමිණ

කවි කල්පනා

සුළඟ

ලොව හැම දෙයම බිහි­ව­න්නට පැව­තෙන්ට
කිසි­යම් දිනෙක ඒ හැම දේ වන­සන්ට
යහ­පත අය­හ­පත එක ලෙස ගෙන එන්ට
හැකි වන මහා බල­යක් ඇත සුළ­ඟ­කට

සුව­ඳයි ගඳයි එක ලෙස පිළිගන්නෙ තුටින්
සිසි­ලයි උණු­සු­මයි දෙක­ටම මිතුරු ලෙසින්
රැයයි දවා­ලයි වෙන­සක් නැති විල­සින්
සුළ­ඟයි දසත හමනා අඩු වැඩි වේගෙන්

මලක සුවඳ ගෙන එන්නේ මඳ සුළ­ඟින්
වෙරළ හැඩ කරයි රළ නැඟ එන සුළ­ඟින්
අහස හැඩ කරයි පිය­ඹන කුරු­ලන් සුළ­ඟින්
මිහිරි හඬ කනට ගෙන එන්නේ සුළ­ඟින්


ජය­සේන කොඩි­තු­වක්කු


අස­ම්මත ගීත­යක්

‘මලක්’ නෙළ­න්නට ඉඩක් නෑ මට
‘අතක්’ පත­න්නට හිතක් නෑ මට
‘වැලක්’ එතු­ණම ‘ගහේ’ බඳ වට
පලක් නෑ දැන් කතා සම්මත...!

රැඳුණු හද කොන එ’මල රන්වන්
නිතොර හිනැ­හෙයි නෙත’ග බැල්මෙන්
පෙමින් කැඳ­වයි සුමුදු සුව­ඳින්
කෙසේ යන්නෙම්? ‘රැහැන්’ බැඳි මම්....!

සිහින් රිදු­මක් විඳින්න ද මම
දැහැන් ගත වී සිටින්න ද මම
කියන් රන්මල ඔබේ අබි­මන
රැහැන් පුපුරා දමන්න ද මම...!

ගොංගි­තොට සරත්


සම්බුදු සසුනෙ

සම්බුදු සසුනෙ අර­ටුව මහ­මෙව්නා වේ
දළුලා වැඩී ලක­ටම සිරි ගෙන ආවේ
තුන්පි­ට­ක­යෙහි, කහ සිවු­රෙහි ගුණ රාවේ
බොදු හැදි­යාව, රුව ගුණ, ලෝකෙට පෑවේ

දෙස, බස වඩා නංවා ලක් තොටිල්ලේ
අසැබි මඟින් ගලවා සිත් ඇසිල්ලේ
පතුරා සිල් සුවඳ ලක­ඹර කැදැල්ලේ
අමා­ර­සය පෙරු­වයි දම් ගඟු­ලැල්ලේ

සිල්ප කලා ඇස් ඇර හෙළ­දිව මහරූ
ඉදි­විය වෙහෙර දාගැබ් තැන තැන මැඳුරු
ලොවුතුරු රසයෙ සතපා හද­වත් සොඳුරූ
කළ මෙහෙ­ව­රින් පහ­විය තිත් ගන අඳුරූ


සෝම­තුංග නානා­ය­ක්කාර


ආද­ර­ණීය රෝස මල

රෝස මල සුසි­නි­ඳුය පිය­ක­රුය සුවඳ දෙන
දර්ශ­නය දැබෑ අරු­තක් ලොවට කියා දෙන
ආද­රය සුන්ද­රය ගත පුරා කිති­කැ­වෙන
නොපිපි රතු රෝස මල පොරො­න්දුව පර­ද­වන

රංග­නය සුව­බ­රය කුම­රි­යගෙ දෑත ගත්
මියුරු සංගී­තයේ නාද­යට බැඳුණු සිත්
පිරුණු හස­රැල් සමඟ සුමුදු සුසු­ම­කින් තෙත්
සිහින ලොව සැරි­ස­රයි ආද­රෙන් වෙලා මත්

කඳුළ - ඉකි­බි­ඳුම හා වැල­පීම එක්වෙලා
මුහුණ දෝතෙහි රුව තණ­නිල්ලෙ සැත­පිලා
දිය මිදෙන සීතලේ රතු රෝස මල් බලා
පොරො­න්දුව ඉටු­ක­රන අයුරු සිහි­පත් කළා

සැබෑ පෙම්ව­තෙක් යැයි කිරි­ල්ලිය සිතා­ගත්
රාත්‍රිය මුළුල්ලේ ගීත නාදය රැගත්
හද­වතේ රතු ලෙයින් පණ පෙවුණු ප්‍රභා­මත්
නොකල්හීි පුබුදු විය රෝස කැකු­ළිය සුරත්

රතු රෝස මල රැගෙන ගියා ඔහු සාද­යට
නොගැ­ළ­පෙන බව කීය මගෙ ඇඳුම නිල්පාට
තැළීී පොඩිවී ගියා රෝස මල රිය­ස­කට
ආද­රය - දර්ශ­නය ගැට­ලු­වක් විය සිතට

රතු රෝස පඳුර යට කිරි­ලි­ය‍ෙග නිසල වත
වෙනත් කුම­රකු සමඟ පෙම්ව­තිය රඟනු ඇත
බිහි­සුණු ද? පිය­ක­රුද ආද­රය පිරුණු හිත
නීති සිසුවා ගියා නැවත පෙර­ළන්න පොත

කුසුමා වර්ණ­සූ­රිය
 


ඔබ නැතිව ඔබ එක්ක...

ඔබ නැතිව මා පැමිණ
වැව රවුම වටේ­ටම අනි­යත් වටේ­ටම
දෙපා රිදෙනා තුරුම හු‍ෙද­ක­ලාවේ ඇවිද
සොයන්නේ කිමැයි බලන්නේ කිමැයි
දන්නා හඳු­නනා මිනිස්සු
මවි­තව ද දුකින් ද හෙළති බැලුම්

ඔබ එදා ආස කළ
මල් පිපුණු
වැව අයිනෙ රූස්ස ගස් පවා
කඳුළු පිනි තැව­රුණු මල්පි­යලි බිම හෙළා
අද හඬ­නවා
මා එක්ක ඔබ නොදැක

ඔබ එදා ආස කළ
වැව් දියෙහි පෙම් කෙළිය
සුසු­දු­වන් හංස ධේනුව ද
අද තනිව විර­හ­වෙන් වැල­පෙ­මින්
සලිත දිය කඳ මත
නිස­ස­ලව වැතිර ගෙන
ඔබ නොදැක දුක වැඩිව

මේ සියලු දෙනා මැද
සොම්න­සින් යුතුව ඇවිද යමි මම
ඔවුන් සිතනා පරිදි
නැත මා මෙලොව තනිව නැත
සැමදා මා සිතේ
ඔබ රැඳී සිටිනා නිසා­වෙන්
මර­ණය තුරා­වට දිවි ගෙවමි
ඔබ නැතිව ඔබ එක්ක

ගංගා වරු­ෂ­වි­තාන


ඉව­සන්න බැරිම තැන

මත­කයි තවම මට
ඔබ ගිය ගමන ගැන
වැලි බිමේ පා ඔබා
ගඟ දෙස බලා­ගෙන
ඒ සොඳුරු උදෑ­සන
තණ පතක හිස පැලඳි
පිනි මුතු කිරුළ
හිරු රැස් ඇවිත්
සිප ගත් සැණම
ගිලිහී ගිය අයුර
නුඹ දුටුව විත්ති­යක්
මත­කයි තවම මට
ඒත් අම­තක කර­න්නෙමි
පසු දිනක ගංගාව
හිතු­ව­ක්කාර වී
ඉදිමී අහං­කා­රෙන්
නුඹ දෙස බැලූ හැටි

ජය­සේ­කර මල­වි­ආ­රච්චි


වස්සාන ඍතුව

බිම තෙමන වැහි අඳුර
අහස් කුස දෝරෙ ගිය
මල් පිපෙන වස­න්තය
කැන්දාන ආ සුළඟ
මඳින් මඳ එයි පුසුඹ
ගෙයි වහල මත පතිත
වැහි බින්දු සතර අත
නැඟෙයි එක විටෙක හඬ
ගෙර­විල්ල සමඟ අකුණු සැර
මට මතක් වෙයි ඔබව
කවු­ළු­වක් වන සඳ
ඔබට මතක ද මාව
වැසි දියේ පාකෙරූ
කඩ­දාසි ඔරු­වකි මම...

මනෝජි අනු­ෂිකා


නුඹ ම පතා...

අම­යුරු පෙමක නුඹ පිළි­බඳ හැඟුම් ගොතා
නොම­සුරු සිතින් පද­වැල් තනු එකට ඔතා
නිම කළ ගීය ගෙන සව­නට ඔබම පතා
කම­කට නැතැයි පිළි­කෙව් කොට කියපු කතා!

රස අරු­තැති වදන් පද අත­රෙහි අමුණා
ලෙස සෙනෙ­හස් විලේ පෙම් නෙළු­මක රුවිනා
මිස ආද­රය අප ගැන අන් දෙය නොවනා
බස ඔබ පෑව කවි­යට සිත ඉකි බිඳුණා

සිත නිර­තු­රුම ඔබ ගැන­මයි සිති විල්ලේ
නැත සියු­මැලි වදන් පැහැ­මයි ගිනි දල්ලේ
ඇත ඔබ නිසා ඇස කඳු­ළැලි දිය ඇල්ලේ
හිත­වත කිමැයි සංකා ලනු හස රැල්ලේ

සුසුම් හෙළමි පෙම්වත සිහි කරමි ඔබ ගැන
ඇනුම් - බැනුම් තවෙ­කෙකු වෙනු­වෙනි පවස මින
විසුම් එපා වී මෙලෝ විර­සක නුඹෙ ගුණ
ගයම් අචල නමින් පෙමට දිවිය සම වන

දෙමි සතු­ටම ගීතය වී මා හද වතේ
වෙමි අරු­තැති කවි­යක් රසය ඔබට වෙතේ
බැමි සිඳ කඳු­ළැල් වගු­රමි තුට නුඹ සිතේ
ලමි සුසු­මන් ප්‍රියේ පෙමින් ඇත පණ ගතේ


සරත් කුමාර වික්‍ර­මගේ


මඩ­පාට කවි­යක්...!

නුඹ සෙවූ මා පැතූ ජීවි­තය
ඉවුරු සිඳ බිඳ ගලා ගිය අරුම...
මඩ පාට, සිහි­නය කී සැම තැනම
වැස්ස...! සුළු මොහො­ත­කට යළි එන්න

මඩ පාට මඩ සළුව ගල­වන්න
හරිත පැහැ නව සළුව හැඳ ගන්න
කොළ හැලී දළු කිනිති පූදින්න
වැස්ස...! සුළු මොහො­ත­කට යළි එන්න

මඩ පාට ජීවි­තය හැඩ වෙන්න
මල් පිපී හද මඬල ඇහැ­රන්න
අකල් වැස්සක් ලෙසින්...? කමක් නෑ...!
වැස්ස...! සුළු මොහො­ත­කට යළි එන්න

යසස් සමන්ත වීර­සිංහ


කවි­යාගේ බිරිය

මා හිමි කිවි­ඳුනි
ඔබ පද බඳිනා
එක කවි­ය­ක­වත්
අහු­මු­ල්ලක හෝ
නොමැති කෙනෙක්
මේ ලොව
ජීවත් වෙයි

මා මිස ඒ වෙන
කවු­රුද කියලා
ඔබෙන් ම නික­මට
මෙත් විම­සනු මැන

නේක උවම් රුපක
රස පද­රුත
බෝම සියුම් ලෙස
ගළ­පන කවි ඇස
කිසි­වක් නොමැ­තිව
හිස් වූ දව­සක
මම එක කවි­යක්
පබ­ඳිමි ඔබ ගැන

කේ. පී. ඩබ්ලිව්. ප්‍රියන්ත ජය­ලත්


කෙම්බිම

සාගින්න
කර තබා­ගෙන ඇවිත්
ඉඩෝ­රය
තප්පු­ලයි දොර­කඩ
ගෙතුළ
නැත
අඩු වැඩිය
එදුක
දැනි­ලා­වත් ද?
පැහි පැහී
යන්ත­මට හිනා­වෙයි
මිදුල කෙළ­වර ගහේ
කොස් ගෙඩිය

දඹේ­ගොඩ ජින­දාස


නිදි කුම්බා මල

කටු අකු­ලක පිපුණු
නිදි කුම්බා මලකි මම
කටු අකු­ල­කින් වැසි
කිසි­වෙ­කුට ළංවිය නොහැකි
ඈත සිට බලමි
මුදු සුළඟ සුව විඳිමි
කුරු­ල්ලෙ­කු­වත් දක්නට නැති
තැනක කොටු වී හිඳිමි
ගහක් කොළ­යක් නොදැක
මලෙක සිත්තම නොදැන
සිත බෝ දුක් බරයි
සිතු­විලි ගොලු වී වගෙයි
අහසෙ තරු ගණන් කර
ඉල­ක්කම් අම­ත­කය
තනි­කම දමා මඟ
එතෙර විය යුතු ය; මම

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


ප්‍රියා­විය

මඟුල් ‍පින්තුරෙ හිඳ­ගෙන
බලයි ඔබ වරි­න්වර මදෙස
තිස් වස­ර­කට පෙර
දුටු සින­හ­වෙන්ම

කඳු­ළක් නැ‍ඟෙයි ඉබේ­ටම
නැති­යෙන් ඔබ මිහි­පිට...
නමුදු...,
එද­වස ඔබට හිමි තැන
අදත් එලෙ­සය මහද
හෙට ද එතැ­නම හිමිය

මඟුල් පින්තු­රයේ මෙන්
ඔබ හිඳි මා අත ගෙන
යන එන හැම තැන

නිහාල් ගුණ­ව­ර්ධන


තව­මත් නුඹට මම...

සියක් පැතු­මන් පැතූ දවත
මිය­ගිය විට තිඹි­රි­ගෙය තුළම
කෙසේ සැන­සෙ­මු­දැයි නොද­ත්තෙමි

නුඹ අතේ
රන් මුදුව පල­ඳන්න
මා පෙරු පිරුම්
දන්නේ මා පම­ණ­මයි

ඔබේ හද
වෙන­තක බැ‍ඳේ යැයි
නොසි­තු­වෙමි
නුඹ අහිමි වූ දින තෙක්ම
සොඳුරු අතී­තය
ගෙනෙයි සුසු­මක්

වෙන­තක බැඳුණ ද
අහි­තක් නොසි­තමි
පෙම් කරන නිසා
තව­මත් නුඹට මා

සුමිත් ප්‍රේම­ලාල් ප්‍රිය­ද­ර්ශන


සොබා දහම

පෑයූ පුන්සඳ රන්වන්
අඩ සඳක් වෙලා...
නීල වළා­කුළු පෙළ
අඳු­රට බොඳ වීලා...
පෑයූ රන් තරු­මල්
තුරු මුදු­ණත පිපි
එක එක නිමිලා
මුළු අහස් තලේ
සීතල පින්නේ
නැළැ­වුණු මල් කැකුළු
එක, එක පරවී
නටු­වෙන් ගිලිහී
බිම වැටුණා
අසාර වූ ජීවිත ගමනේ
සොඳුරු ‍යොවුන් විය
යුග­යෙන් යුග­යට
හනි­කට නිමා වෙලා...
වස­න්ත­යක් බඳු
පාසල් කාලය...
සොඳුරු යොවුන් වියේ
නොමළ මත­කයන්
යළිත් නොඑ­න්නට
සද­හට සැඟව ගිහින්
ලබා උපන් ලෙස
ජීවිත ඉර­ණම විස­ඳීලා...
හේමන්ති ගාර්දි­ය­ව­සම්

(ප්‍රේම­නීය චතු­ර­ස්‍රය කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


මහ­ල්ලාගේ උපන් දිනය

ඉටි­ප­න්දම් දිලෙයි
සැරසූ කේක් ගෙඩි­යෙහි
රළු හඬින් නැග එයි
උපන් දින සුබ පැතුම් ගීතය
දුවා දරු­වන් මට තිළිණ පිළි­ගන්වා
ප්‍රීති­යෙන් සම­රති
මගේ ‘උපන් දිනය’...
දියවී හැලෙන ඉටි
මත­ක­යන් මෙන් වැගි­රෙයි
කුඩා කල, මා පිය
සෙනෙහෙ මැද සැමරූ හැටි
තවත් වස­රක් ගතවී
ලොකු මහත් වන­තුරු
බලා සිටි හැටි
අසුරු සැ‍ෙණ­කින් නැව­තත්
විය­පත් ගතෙහි සිර­වෙමි
විදුලි එලි මැද දිග ඇදුණු සෙව­ණැලි
සිතු­විලි කොනි­ත්තයි
මට උපන් දින සාදය
අමි­හිරි නිමිති කැඳ­වන
කුරිරු උත්ස­ව­යකි
එන­මුදු සින­හ­වක්
මුළු තුරෙහි අලවා
ලෝක­යට පෙන්වමි!

ප්‍රවාල පෙරේරා


අහිමි සොඳුර

වලා­කුළු සුදු පිරු­ව­ටය ඇතිරූ
ආකාස සිරි යහනෙ
සත් මහ සයුර පිරෙන තර­මට
කඳුළු සලන සඳ ලියේ
මේ මංගල රාත්‍රිය ගෙවෙන තුරු
නුඹ හඬ­න්නට ඇවැසි නැහැ
මුදා­ල­න්නම් අතැ­ඟිලි බැඳි
රන්මුදු රැහැන්
යන්න නික්මී ඔහු වෙත
තාමත් නොඉ­ඳුල් ය නුඹ

ජෝජ් රොබ්සන් ද සිල්වා

Comments