
දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2 – 3% ත් අතර ප්‍රමාණයක් තැලසීමියා රෝග වාහකයන් බව ඇස්තමේන්තු කර ඇත. එය 3000ක පමණ රෝගීන් පිරිසකි.
තැලසීමියා රෝගය පිළිබඳව ඔබ තුළ අවබෝධයක් තිබේද? තැලසීමියා යනු කෙබඳු රෝගී තත්ත්වයක් දැයි ඔබ තුළ දැනුවත් බවක් තිබීම වැදගත් ය. තැලසීමියා යනු මිනිස් රුධිරයේ තිබෙන රතු රුධිරාණු බිඳී යන රෝගී තත්ත්වයකි. රුධිරයේ ඇති හිමොග්ලොබින්වල අඩංගු ග්ලෝබීන් නමැති ප්‍රෝටීනය නිපදවීම අඩාලවීමෙන් රතු රුධිරාණු බිඳී යාම සිදුවෙයි. (රතු රුධිරාණු රතු පැහැයෙන් දිස්වන්නේ හිමොග්ලොබින් නිසා ය)
දරුවකු මෙලොවට බිහිවී මුල් වසර තුළදී එම දරුවා තුළින් තැලසීමියා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. එම රෝග ලක්ෂණ වනුයේ දරුවා සුදුමැලි වීම, සිරුර කහ පැහැයට පත්වීම, වර්ධනය අඩාලවීම, ක්‍රියාශීලිත්වය අඩුවීම, ඇතැම්විට මව්කිරි බීමට අපහසුවන තරමට හතිය සෑදීම යනාදියයි.
තැලසීමියා රෝගය
තැලසීමියා රෝගී තත්ත්වයක් ඇතිවීමේදී රතු රුධිරාණු බිඳී යාම නිසා අක්මාව හා ප්ලීහාව ඉදිමිය හැකි ය. එම නිසා උදරය ඉදිරියට නෙරා ඒම සිදුවේ. ඇට මිඳුළු පුළුල් වී මුහුණේ හැඩරුව වෙනස් වේ. සිරුර තුළ එකතු වන යකඩ අක්මාව, හදවත වැනි අවයව වල ද අග්න්‍යාසය, පිටියුටරි වැනි හෝමෝන නිපදවන ග්‍රන්ථිවල ද තැන්පත් වී එම අවයවයන්ගේ ක්‍රියාකාරිත්වය අඩාල කරයි.
අපේ ශරීරයේ හැඩරුව සහ ක්‍රියාකාරිත්වය ආදිය තීරණය වන්නේ දෙමවුපියන්ගෙන් අපට උරුම වන ජාන මගිනි. එමෙන්ම, රතු රුධිරාණු තුළ ඇති හිමොග්ලොබින් ප්‍රෝටීනය සෑදෙන්නේ දෙමවුපියන්ගෙන් ලැබෙන ග්ලෝබීන් ජාන ඒකාබද්ධවීමෙනි. අසාමාන්‍ය ග්ලෝබීන් ජාන හේතුවෙන් තැලසීමියා රෝගය වැළඳේ.
දරුවෙකු පිළිසිඳ ගැනීමකදී මවගෙන් හෝ පියාගෙන් ලැබෙන අසාමාන්‍ය තැලසීමියා ජානය අනෙක් සහකරු හෝ සහකාරියගෙන් ලැබෙන සාමාන්‍ය ජානය සමඟ එක්වී ලැබෙන දරුවා කිසිවිටෙක තැලසීමියා රෝගියෙකු බවට පත් නොවේ. එසේ වුව ද, එම දරුවා තැලසීමියා වාහකයෙකු විය හැකි ය. මව සහ පියා යන දෙදෙනාටම අසාමාන්‍ය තැලසීමියා ජාන උරුම වූ විට ඔවුන්ගෙන් බිහිවන සමහර දරුවන් තැලසීමියා රෝගීන් විය හැකි ය.
ප්‍රතිකාර
තැලසීමියා රෝගියෙකු ඉපදී මාස 6 සිට සෑම දින 15 ත් 30 ත් අතර රුධිර පාරවිලනයන් සිදු කළ යුතු ය. ශරීරයේ වැඩිපුර තැන්පත් වූ යකඩ ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු ය.
තැලසීමියා වාහකයෙකු සාමාන්‍ය හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන්නෙකි. ඔහු හෝ ඇය රෝගියෙකු ලෙස නොසැලකේ. මෙය කියවන ඔබ ද තැලසීමියා වාහකයෙකු විය හැකි ය.
රුධිර පරීක්ෂාවක්
සමහර විට ඔබ එය නොදන්නවා විය හැකි ය. සෑම අයෙකුම විවාහය සඳහා තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර රුධිර පරීක්ෂාවක් මඟින් තමා වාහකයෙකු දැයි හඳුනා ගත යුතු ය.
ඔබ වාහකයෙකු නම් තවත් එවැනි වාහකයෙකු සමඟ විවාහ ගිවිස නොගැනීමට වග බලාගන්න. තැලසීමියා රෝගය සම්පූර්ණයෙන් සුවකළ නොහැකි ය. නමුත්, සරල රුධිර පරීක්ෂාවකින් එය පැතිරීම වළක්වා ගත හැකි ය. මූලික පරීක්ෂාව ලෙස පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) සහ විශේෂ රුධිර පරීක්ෂාවක් (HbAz/F by HPLC or CE) වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතිව සිදුකර ගත හැකි ය.
රෝගීන්
දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2 – 3% ත් අතර ප්‍රමාණයක් තැලසීමියා රෝග වාහකයන් බව ඇස්තමේන්තු කර ඇත. එය 3000 ක පමණ රෝගීන් පිරිසකි. වසරකට තවත් රෝගීන් 80 – 100 ත් අතර ප්‍රමාණයක් අලුතින් එකතුවන බව ඇස්තමේන්තුවල දැක්වේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම තැලසීමියා රෝගීන් හඳුනාගත හැකි අතර උතුරු මැද, වයඹ, ඌව හා මධ්‍යම පළාත්වල බහුලව වාර්තා වේ.
අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, බදුල්ල, රාගම, මාතර යන රජයේ රෝහල්වල හා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ද ජාතික තැලසීමියා නිවාරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. එමෙන් ම, රජයේ සියලුම රෝහල්වලින් ද තැලසීමියා රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය මූලික පරීක්ෂණ කටයුතු සිදුකරගත හැකි ය.
උපදෙස්
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ තැලසීමියා සහන පියසෙනි.