
ඩී. එම් වසන්ත තම බිරියට කුළුඳුලේ උපදින්නට සිටින දරුවා පිළිබඳ අපමණ පැතුම් පැතුවේය. නමුදු හත්සර කේෂාන් කුමාර පුතු දුටු මොහොතේ වසන්තත් බිරියත් එක්ව හඬා වැටුණහ. කුමක් කරන්නද? කාට කියන්නද? කියා ඔවුන්ට සිතා ගන්නට නොහැකි වුයේය. සිඟිත්තා පරික්ෂා කළ වෛද්‍යවරුන් පැවැසුවේ සිඟිත්තාගේ දෑස් නොපෙනෙන බවය. දෑස් නොපෙනන දරුවාට කෙසේ නම් පෙනීම ලබාදෙන්නේද? යන ප්රශ්නය නිරන්තරව ඔවුන් තුළ ඇතිවිය. ඔවුහු පන්සල් දේවාල ගානේ යමින් දරුවා වෙනුවෙන් බාර හාර වුහ. නමුදු ප්‍රතිඵලයක් නොවිය. කේෂාන් පුතු සය හැවිරිදි වියේ පසු වෙද්දි වසන්තගේ පවුලට තවත් දරුවෙක් එක් වූයේය. ඇය දියණියකි. ඇය සිත්මි සංජනා කුමාරිය. ඇය උපන්නේ 2016 වසරේ නොවැම්බර් 15 වැනිදාය. කේෂාන් පුතුගේ මෙන්ම දැරිය ද දෑස් නොපෙනන තත්ත්වයේපසුවන්නීය. කුලී වැඩ කරමින් හරි හමන් රස්සාවක් නැති වසන්ත මේ අන්ධ දරුවන් සුවපත් කරගැනීම සඳහා කාගේ හෝ පිහිට පතන්නේය.
“අපි මහා ලොකු සල්ලිකාරයෝ නෙමෙයි අපි ජීවත් වෙන්නේ කුලී ගෙදරක. දරුවෝ බලාගන්න කෙනෙක් නැති නිසා බිරියට රස්සාවකට යන්නත් බැහැ. අපි පුතා පෞද්ගලික රෝහලක විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකුට පෙන්නුවා. ඒ වෙද්‍යවරයා කිව්වා වයස අවුරුදු නවයට පෙර ශල්‍යකර්මයක් මඟින් පුතාගේ පෙනීම ලබාදෙන්න පුළුවන් වේවි කියලා.
එ්ත් ඒ සඳහා අපට සල්ලි නැහැ. යම් යම් පරික්ෂණ කරන්නත් තිබෙනවා නේ.ඒත් ඒ කිසිම දෙයකට වියම් කරන්න අපට ක්‍රමයක් නැහැ. මගෙ පුංචි දුවගේ ඇහැ සනීප කරන්න පුළුවන් ද දන්නේ නැහැ. කවුරුහරි අපේ දරුවෝ දෙන්නගේ ඇස් සනීප කරගන්න අපට උදව් කරනවා නම් ඒක ලොකු පිනක්.”වසන්ත පවසන්නේ හැඬු කඳුළෙනි.
දෑස් නොපෙනෙන මේ දෙදරුවන්ට පෙනීම ලබා දී ඒ මවගේත් පියාගේත් සිතේ ගිනි නිවීමට ඔබට ද යම් මෙහෙයක් කළ හැකි නම් එය මහත් පිනක් වනු ඇත. ඒ සඳහා දායක වීමට කැමති අයට පහත සඳහන් දුරකථන අංකයට අමතා ඔවුන්ට උදව් දීමට පුළුවන.
දුරකථන අංකය - 077615572
ගිණූම් අංකය-ඩී. එම්.වසන්ත 21920019 8510778 (තඹුත්තේගම මහජන බැංකුව)