
2017 - 2022 දක්වා ක්‍රියාවට නැංවීමට නියමිත ක්‍රමෝපාය සැලැස්මක් මාලදිවයින් ප්‍රඥප්තිය මඟින් එළිදැක්වුණු අතර ඒ ඒ රටවල ස්වභාවික විපත්වලින් පසුව ඇතිවන රෝගාබාධ හෝ ව්‍යසනකාරී තත්ත්වයන්වලදී එකිනෙකා සතු සම්පත් හා දැනුම තුළින් එම ගැටලුවලට විසඳුම් සපයා ගැනීමට එමඟින් එකඟතාවකට එළැඹිණි.
දකුණු ආසියා කලාපීය රටවල වෙසෙන සෑම පුද්ගලයකු සඳහාම ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සේවා සපයන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය එම රටවලින් ඉල්ලා සිටී. කලාපයේ රටවල ජනතාවට ආරක්ෂිත, කාර්යක්ෂම ගුණාත්මක සහ දරාගත හැකි මිලකට උසස් ඖෂධ හා ප්‍රතිකාර සේවා ලබා දීම. ඒ රටවල වගකීමක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. කලාපයේ බොහෝ රටවල ඇතැම් ජන කොටස්වලට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සේවා නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පවා බොහෝ රටවල ජනතාවට අවකාශ නොලැබේ. තිරසාර සංවර්ධන ඉලක්ක අතර සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා වන ඉලක්ක සපුරා ගැනීමට නම් ජනතාවට ප්‍රමාණවත් තරම් උසස් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දිය යුතුය. තනිව ඒ කටයුත්ත ඉටු කරගැනීමට නොහැකි නම් ඒ සඳහා කලාපයේ සෙසු රටවල සහයෝගය ලබා ගැනීම වැදගත් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පසුගිය වසර කිහිපය තුළ මේ සඳහා කලාපීය රටවල් සැලකිය යුතු ප්‍රයත්නයක් දැරූ අතර 2016 දී දකුණු ආසියා කලාපීය ක්‍රමෝපාය සේවාව (SEREN) මඟින් කලාපීය රටවල භාවිතාවන ඖෂධවල සුරක්ෂිත භාවය හා තත්ත්වයෙහි ක්‍රමවත්බව නැංවීම සඳහා කටයුතු කිරීම එහි එක් ප්‍රතිඵලයකි. ගුණාත්මක හා සුරක්ෂිත ඖෂධ හා ප්‍රතිකාර සේවාවක් ලබා ගැනීමට ජනතාව සතු අයිතිය තහවුරු කිරීම සඳහා අපි සැවොම එක්ව කටයුතු කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත්‍රපාල් සිං මහත්මිය පැවැසුවාය. පසුගියදා මාලදිවයිනෙහි පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි දකුණු ආසියා කලාපීය සමුළුවේදී අධ්‍යක්ෂකවරිය මේ බව සඳහන් කළාය. ද. ආසියා කලාපීය රටවල් බහුලව මුහුණ පාන ස්වභාවික විපත්වලට ගොදුරුවන ජනතාව මුහුණපාන සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යෙදීමට හා විපත් අවම කර ගැනීම සඳහා කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීමට ක්‍රමෝපාය සැලැස්මක් ඇරැඹීමේ අරමුණින් එහිදී මාලදිවයින් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කැරිණි.
“ස්වාභාවික විපත් යනු අපේ කලාපයේ රටවලට පොදු හා සුලභ සංසිද්ධියක්. ඒවාට මුහුණ දෙන ජනතාවට මුහුණ පාන්නට සිදුවන ලෙඩ රෝග, පසු ව්‍යසන මානසික පීඩනය හා මරණ වළක්වා ගැනීම සඳහා ක්‍රමවත් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීම කඩිනමින් කළ යුතුයි. දේශගුණික විපර්යාස ෙහ්තුවෙන් වැඩිවන මැසි මදුරු තර්ජන හා ලෙඩ රෝගවලින් ජනතාව බේරා ගැනීමට ද කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි ද අධ්‍යක්ෂවරිය එහිදී පැවැසුවාය. 2017 - 2022 දක්වා ක්‍රියාවට නැංවීමට නියමිත ක්‍රමෝපාය සැලැස්මක් මාලදිවයින් ප්‍රඥප්තිය මඟින් එළිදැක්වුණු අතර ඒ ඒ රටවල ස්වභාවික විපත්වලින් පසුව ඇතිවන රෝගාබාධ හෝ ව්‍යසනකාරී තත්ත්වයන්වලදී එකිනෙකා සතු සම්පත් හා දැනුම තුළින් එම ගැටලුවලට විසඳුම් සපයා ගැනීමට මාලදිවයින් ප්‍රඥප්තිය අනුව එකඟතාවකට එළැඹුණේය.
දේශගුණික විපර්යාස වත්මන් ලොව මුහුණ පා ඇති විශාලතම අභියෝගයක් වන අතර එයට මුහුණ දීම හා ජය ගැනීමට අවශ්‍ය සැලසුම් හා සේවාවන් පිළිබඳ රටවල් අතර එකඟතාවක් ඇති කිරීම ද එහි අරමුණක් විය. බංග්ලාදේශය, භූතාය, කොරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය ශ්‍රී ලංකාව හා තායිලන්තය යන දකුණු ආසියා රටවල සෞඛ්‍ය ඇමැතිවරු, බලධාරීහු සහ නිලධාරීහු රැසක් මෙම සමුළුවට සහභාගී වූහ.
ලෝක සෞඛ්‍ය සංවිධාන පුවත් ඇසුරිනි.
සාගරිකා දිසානායක