
රාජ කුමාරවරුන් කිහිප දෙනෙක් තම රාජකීයත්වයට නුසුදුසු ආහාරයක් අනුභව කොට ඒය තම සගයන්ට සෙඟවා සිටීම හා අදාළ සිද්ධියක් ආශ්‍රිත කථාවක් ජන වහරේ පවතී. වර්තමානයේ රාජ කුමාරයන් සහ කුඩු අතර කථිකාවක් වෙතොත් එය අනිවාර්යයෙන්ම ආහාර සමිභන්ධයෙන් නොව,මත් කුඩු ජාවාරමක් හා අදාළ වනු ඇති බව පාඨකයින් අනුමාන කරන වග ස්ථිරය.
කොෙලාන්නාව නගරය ආශ්‍රිතව කුඩු සහ කුණු සම්බන්ධ පුවත් නිතර දිග හැරේ. දැනට රටේ පවතින මැතිවරණ උණුසුමට සමාන තත්ත්වයක් පැවැති එක් වකවානුවක, මත්කුඩු ව්‍යාපාරිකයන්ගෙ අනුග්‍රහය ලද දේශපාලකයකුගේ මූලිකත්වයෙන් සිදුකරන ලද වෙඩි තැබීමකින් කොළොන්නාවේ ජනප්‍රිය දේශපාලකයෙක් ජීවිතක්ෂයට පත්විය. චූදිත දේශපාලකයා එවකට පැවැති රජයේ ආරක්ෂක කටයුතු භාර අධීක්ෂක ඇමතිවරයාද විය. හේ වෙළේ සුදා නමින් ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවාගේ මූල්‍ය අනුග්‍රහයෙන් කොෙලාන්නාව වැසියන්ට රැකියා අවස්ථා සැපයූ බවද වාර්තා විය. ජනවාරි 8 දේශපාලන පෙරළිය නොවන්නට එම අපරාධ කරු මතට තිත තැබීමට පොරොන්දු වූවන්ගේ අනුකමිපාවට පාත්‍රවීමට ඉඩ තිබුණි. මෙම සිද්ධිය සටහන් කරනුයේ රටේ පවතින කණගාටුදායක දේශපාලන සංස්කෘතිය ඡන්ද දායකයින්ගේ අවධානයට යොමු කරවීමටය. බලයෙන් මත්වූවන්ද කුඩු උරන්නන්ගේ ක්‍රියාපාටිය අනුගමනය කරන බව සිහි කැඳවමිනි. එබැවින් මහජන නියෝජනයට සුදුස්සන් හරිහැටි තෝරාපත් කරගැනීම ඡන්ද දායකයන්ගේ වගකීමක් යන්න දැඩිව මතක තබා ගතයුතු වේ.
මෙම ලිපියේ අරමුණ සමාජයේ මත් කුඩුවලට ඇබ්බැහි වූවන්ට අත්වූ ඉරණම ම අප සියලු දෙනාම පෝෂණය කරන ශ්‍රී ලාංකේය සාරභූමියටද අත්වී ඇති බව සටහන් කිරීමටය. එහෙත් මේ තත්ත්වය ගොවීන් සහ බලධාරීන් හරිහැටි අවබෝධ කරගෙන ඇති බවක් නම් නොපෙනේ.
රසායනික පොහොර සහ පළිබෝධනාශක ඉවක් බවක් නොමැතිව පසට එක් කරවීමෙන් භූමියේ ස්වාභාවික සාරවත් භාවය විනාශ කර එහි වැඩෙන බෝග වගාවන් රසායනික ද්‍රව්‍යවලට අප නොදැනුවත්වම ඇබ්බැහි කර ඇත. වැඩිවෙන ජනගහනයට අනුරූපව පෝෂණ අවශ්‍යතාවන්ට සරිලන වැඩි අස්වැන්නක් ගෙන එන බෝගවගාවල නිරතවීමට ගොවීන් දිරි ගැන්වීම ප්‍රතිපත්ති සැළසුම් කරන්නන්ගේ වගකීමක් විය. එයට සමගාමීව රසායනික පොහොර කෘමි සහ වල්පැළෑටිනාශක භාවිත කිරීමද විශාල ප්‍රමාණයකින් වැඩිවී ඇත. මෙම තත්ත්වයන් සියලුම ජීවීන්ට පොදු පරිසරයට සහ ස්වාභාවික සම්පත්වලට දැඩි බලපෑම් කර ඇත. අවාසනාවකට එකී බලපෑම් පාලනය කරගැනීමට උවමනාවක් බළධාරීන්ට ඇති වගක් නොපෙනේ.
මෙම තත්ත්වයන් සිය වාණිජමය අවශ්‍යතාවන් සපුරාගැනීමට විවිධ බහු ජාතික සමාගම් සහ ඔවුන්ගේ දේශිය නියෝජිතයින් ක්‍රියාත්මක වී ඇත.
රසායනික කෘෂිකාර්මික අමුද්‍රව්‍ය, විශේෂයෙන් පොහොර-යූරියා සහ ඇමෝනියම් සල්ෆේට් - හා වල්පැළෑටි සහ කෘමි නාශක ඛනිජ තෙල් කර්මාන්තවල අතුරු නිෂ්පාදන බව අප අමතක කළ යුතු නොවේ. මෙකී කර්මාන්තවල ක්‍රියාවලීන්ගෙන් සිදුවන පරිසර හානිය සහ ස්වාභාවික සම්පත් ක්ෂය වීම කොපමනදැයි දැන් මොනවට පැහැදිළිව ඇත. සිය වෙළෙඳපොළ ආරක්ෂා කරගැනීමට මෙම ව්‍යාපාරිකයින් නොකරන දෙයක් නොමැත.
පසුගිය සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොලිතීන් සහ ස්වාභාවිකව දිරාපත් නොවන ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදන ආනයන තහනමට පරිසර හිතකාමීන්ගේ ප්‍රසාදය හිමිවනවා ඇත. මෙකී නිශ්පාදන සියල්ලම ඛනිජ තෙල් කර්මාන්තයේ අතුරු නිපැයුම්ය. පියවි ඇසට පෙනෙන නොදිරන ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් සිදුවන පරිසර හානිය අවම කරවීමට යහපාලන රජය ප්‍රතිපත්ති සැළසුම් කිරීම අගය කළ යුතුයි.
එහෙත් ඛණිජ තෙල් කර්මාන්තයේ අතුරු නිෂ්පාදන බොහෝමයකින් පියවි ඇසට නොපෙනෙන පරිසරයට සහ ජෛව විවිධත්වයට සිදුකරන හානිය සුළුපටු නොවේ. දැනට කර ඇති සමීක්ෂණවලට අනුව වසර 2035 වනවිට සාගරයෙන් මනුෂ්‍ය පරිභෝජනයට ලබාගත හැකි මත්ෂ්‍ය සම්පත් ප්‍රමාණය අභිබවමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සිදුවනු ඇත.
රසායනික විද්‍යාව හදාරන සිසුන් ජෛව රසායනය නොහොත් කාබනික රසායනය නම් විෂය ඒකකයක් හයිඩ්‍රෝ කාබන්වල විශේෂ සංඝටක පිලිබඳ අධ්‍යනයක් කරන බව මතක් කරමි. ඒකී රසායනික සංයෝජනයෙන් නිෂ්පාදනය වන ද්‍රව්‍යයන් බොහෝමයක් ස්වාභාවිකව දිරාපත් නොවන කෘතීම නිෂ්පාදන රැසක් පරිසරය විනාශයට දායක කරයි. මෙකී නිෂ්පාදන සහ මුසුවන ද්‍රව්‍යයන් ස්වාභාවිකව දිරාපත් නොවී කල්ගතවන කුණු වීමකට භාජනය වෙමින් පරිසර විනාශය උත්සන්න කරයි. පරිසරයට කුමක් සිදුවූවද ඛණිජ තෙල් කර්මාන්තයේ නියැලෙන බහු ජාතික සමාගම් අනාගතය සහ තිරසාර සංවර්ධනය නොතකමින් මෙකී නිෂ්පාදනවලින් සුපිරි ලාභ උපයයි.
මෙම ලිපියේ මාතෘකාවට අදාළව අපගේ ගොවීන්ට සහ වගා භූමියට ඉහත විස්තර කළ ක්‍රියාදාමයන්ගෙන් සිදුව ඇති අනතුර පිලිබඳව නිවැරදි තක්සේරුවක් නොපමාව කළයුතුව ඇත.
වත්මන් ගොවි මහතුන් වගාබිමට අඩිය තබනුයේ පොහොර සහනාධාර උත්තේජක එන්නත ලබා දුන්නොත් පමණි. ඒ මන්ද යත් වගාබිම රසායනික ද්‍රව්‍යවලට කුඩු උරන්නන් මෙන් ඇබ්බැහි වීමකට පාත්‍රව ඇති බැවින්ය. රසායනික පොහොර නොදා අස්වැන්නක් ලබා ගත නොහැක යන අත්දැකීම ගොවීන් ප්‍රත්‍යක්ෂව ඇති අතර පොහොර සහනාධාරය ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට යොදාගත හැකි ඇමක් බවට දේශපාලකයින් අවබෝධ කරගෙන සිටී. මෙම දෙපිරිසම වෙත ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලි බහු ජාතික සමාගම් සානුකම්පිකව බලා සිටී.
පරිසරය ජෛව විවිධත්වය රැක ගනිමින් ස්වාභාවික සම්පත් සංයෝජනයෙන් සත්ව ප්‍රජාවගේ අවශ්‍යතාවන්ට ඕනෑකරන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා මග සකසා ඇතත් මිනිසා තම වර්ගයාගේ පැවැත්ම සඳහා පමණක් සැලකිලිමත්වෙමින් විද්‍යානුකූල කෘෂිකර්මාන්තයට උපයෝගී කරගන්නා රසායනික අමු ද්‍රව්‍ය හුදෙක් වගාකරන බෝගවල අස්වැන්න කෙටි කලකින් වැඩිකරගැනීමේ තණ්හාව මුල්කර ගනිමින් යොදා ගැනීමෙන් ගොවිබිම සාරවත් භාවය පවත්වා ගැනෙන සෙසු අංශු මාතෘ මූල ද්‍රව්‍ය නයිට්‍රජන් බහුල රසායනික පොහොරවලින් දැනටමත් ඉවත් කර ඇති බවට සාධක ඇත. ඊට අමතරව පසේ ෙඓන්ද්‍රීය ජීරණයට දායක වන ක්ෂුද්‍ර ජීවීන් සියල්ලම පාහේ විනාශ කරමින් රසායනික පොහොරවලට ඇබ්බැහි වූ බෝග වගාවන්ට පමණක් වගා බිම සංවේදී වීම කණගාටුදායක මෙන්ම අනාගත තිරසාර සංවර්ධන ඉලක්කවලට දැඩි තර්ජනයකි.
අතීතයේදී අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස දිනාගැනීමට යටත් විජිත වාසීන් සිය දෙස බස සහ රැස රැක ගත්හ. වර්තමානයේදී නව යටත් විජිතවාදීන්ගෙන් දේශයට බත සපයන පස රැක ගතයුතු බව සටහන් කරමි.
ජයශ්‍රී ප්‍රියලාල්