
ලෝකයේ මහජන නියෝජිත ජාතික සභාවකට හෙවත් පාර්ලිමේන්තුවකට මහජන නියෝජිතවරියක ලෙස නැතහොත් මන්ත්‍රීවරියක ලෙස මුල්ම වරට පත් වන්නේ එංගලන්තයේ Nancy Astor ය. ඒ 1879 දීය. එදා සිට අද දක්වා ලෝකයේ අති බහුතරයක් රාජ්‍යවල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සිදු වේ. එහෙත් එය සාධාරණ, සමානතාවකින් සිදු නොකරන බවට නැඟෙන චෝදනා එදා පටන් අද දක්වාම පවතී.
ඡන්ද කොට්ඨාස මට්ටමින් පාර්ලිමේන්තු නියෝජිතයන් තේරීමේ ක්‍රමය 1989 දී අහෝසි වී සමානුපාතික නියෝජන ක්‍රමය ඔස්සේ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් තේරීම ආදේශ විය. ඒ අනුව 1989 දී පැවැත් වූ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීමේ ජනමත විචාරණයට පසු මහ මැතිවරණය පවත්වන ලද්දේ 1989 දීය. සමානුපාතික නියෝජනයට අනුව පැවැත් වූ ප්‍රථම මහ මැතිවරණය එයයි.
මේ ඡන්දය පැවැත් වූයේ මුළු රටම ප්‍රචණ්ඩත්වයෙන් ඇලළී ගිය යුගයකය. උතුරේ දමිළ කැරලිකරුවෝද දකුණේ දේශප්‍රේමී බළකාය ද දේශපාලඥයන් රාශියක් ඝාතනය කළහ. ඒ ඝාතනවලට ගොදුරු වූවන්ගේ බිරින්දෑවරු , දරුවෝ 89 මහ මැතිවරණයට ඉදිරිපත් වී ජය ගත්හ.
වැන්දඹු දේශපාලනය
කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී .ල.නි. පක්ෂ නායකයෙකු වූ ඉන්ද්‍රපාල අබේදීරගේ ඝාතනය නිසා. ඔහු දියණිය සුමිත්‍රා ප්‍රියංගනී මහ මැතිවරණයට ඉදිරිපත් වී ජය ගත්තාය. බදුල්ලේ ශ්‍රීලනිප පක්ෂ නායකයකු වූ පු.බ. රත්නායක ඝාතනයට පසු ඔහුගේ බිරිය හේමා රත්නායක (හපුතලේ) පාර්ලිමේන්තුවට ආවය. මොනරාගල සුමේධ ජයසේන අභාවයෙන් පසු ඔහුගේ බිරිය සුමේධා ජී. ජයසේන පාර්ලිමේන්තුවට පැමිණ අදටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නීය. මේ තිදෙනා ද බදුල්ලේ චන්ද්‍ර කරුණාරත්න (එ.ජා.ප.) ආර්. එම් . පුලෙන්ද්‍රන් (එ.ජා.ප.) දයා අමරකීර්ති යන අය මෙම පාර්ලිමේන්තුවට පත් වූයේ1993 දීය.
ඉන් පසු 1994 මහ ඡන්දයෙන් තවත් අලුත් මුහුණු රැසක් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයට එක් වුහ. හම්බන්තොට නිරුපමා රාජපක්ෂ, රත්නපුර පවිත්‍රා වන්නිආරච්චි, කොළඹ ශ්‍රීමනි ඇතුලත් මුදලි, එ.ජා.පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් වූ අමරාභද්‍ර දිසානායක, ඒ අය වෙති. ශ්‍රීමනි ඇතුලත් මුදලි මහත්මිය දේශපාලනයට පැමිණියේ සිය සැමියා වූ කෘතහස්ත දේශපාලඥයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය නිසාය. පවිත්‍රා වන්නිආරච්චි සිය පියා වූ ධර්මදාස වන්නිආරච්චි මහතාගෙන් දේශපාලන උරුමය වූ අතර, එම මැතිවරණයේදී පියා සහ දියණිය එකම අපේක්ෂක ලැයිස්තුවකින් මැතිවරණයට ඉදිරිපත් වීම මෙරට දේශපාලනයේ කැපී පෙනෙන සිද්ධියක් විය. නිරුපමා රාජපක්ෂ ද සිය පියා වූ ජොර්ජ් රාජපක්ෂගේ දේශපාලන උරුමය පෙරදැරිව දේශපාලනයට එක් වූ අයෙකි. එම මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පියා ද සැමියා ද දේශපාලන ඝාතනවලට ගොදුරු වුවන් වු අතර මව ලොව ප්‍රථම අගමැතිනිය වූවාය. ඒ නිසා ඇයට දේශපාලනයට පිවිසීම සඳහා උරුම ද්වාරයන් කිහිපයක්ම විය.
2000 මහ ඡන්දයෙන්ද තවත් අලුත් කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනිණි. මුස්ලිම් කොංග්‍රසයේ නායක එම්. එච්. එම්. අෂ්රොෆ් මහතාගේ හදිසි අභාවය නිසා, දේශපාලනයට පැමිණි ෆේරියල් අෂ්රොෆ් මහත්මිය 2000 දී (අම්පාර) පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට පැමිණියාය. ඇය මෙරට මහජන ඡන්දයෙන් තේරී පාර්ලිමේන්තුවේ අසුන් ගත් ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරියයි. එසේම සිය පුතු වූ නාලන්ද එල්ලාවල ඝාතනය වූ පසු, දේශපාලනයට ආ සුරංගනී එල්ලාවල මහත්මියද මෙවර පාර්ලිමේන්තුවට පැමිණියේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් ගේ දියණිය වූ සෝමා කුමාරි තෙන්නකෝන් ද 2000 දී පාර්ලිමේන්තුවට ආවාය. පුත්තලමේ මිල්රොයි ප්‍රනාන්දු මහතාගේ බිරිය වූ ශ්‍රීයානි ප්‍රනාන්දු ද, අනුරාධපුරයේ චන්ද්‍රා බණ්ඩාර මහතාගේ දියණි චන්ද්‍රානි බණ්ඩාර ද 2000 පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් තේරී පත් වූහ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් අන්ජාම් උම්මා ද මෙවර පාර්ලිමේන්තුවට ආවාය.
පවුල් දම්වැල
2001 නැවත මහ ඡන්දයක් පැවතුණෙන් එම ඡන්දයෙන් පුත්තලමේ පෙස්ටස් පෙරේරා මහතාගේ බිරිය වූ ලැරින් පෙරේරා ද රොනී ද මැල් මහතාගේ බිරිය වූ මල්ලිකා මැල් ද කිසිඳු දේශපාලන පසුබිම් වාසියක් නොතිබුණ මහනුවර චිත්‍රා මන්තිලක මහත්මිය ද මෙවර පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පැමිණි අය වෙති. 2004 මහ මැතිවරණයේ දි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තවත් නවක කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකු තේරී පත් වී ආහ. මාතලේ සුජාතා අලහකෝන් (ජ.වි.පෙ.) එ.ජ.නි. සන්ධානයෙන් ද තලතා අතුකෝරල (එ.ජා.ප) රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් k. තංගේෂ්වරී මහත්මිය ද 2004 පාර්ලිමේන්තුවට ආ කෝඩුකාරියෝ වෙති. තලතා අතුකෝරල දිවංගත ගාමිණි අතුකෝරල මහතාගේ සහෝදරියයි.
2010 පැවති මහ ඡන්දයේ දී නවක කාන්තා මන්ත්‍රීවරියන් අට දෙනෙකුම පාර්ලිමේන්තුවට ආවෝය. කොටි ඝාතනය කළ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිය වූ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඝාතනයට ලක් වූ ටී. මහේෂ්වරන් මහතාගේ බිරිය විජයකලා මහේෂ්වරන් ඒ අතර සුවිශේෂී වෙති. එසේම සිංහල සිනමාවේ නිළි රැජින මාලනි ෆොන්සේකා ද දයා ගමගේ මහතාගේ බිරිය වන අනෝමා ගමගේ මහත්මිය ද කමලා රණතුංග මහත්මිය ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ අය වෙති. ජනප්‍රිය නිළියන් දෙදෙනකු වන උපේක්ෂා ස්වර්ණමාලි ගම්පහින්ද රෝසි සේනානායක කොළඹින් ද (එ.ජා.ප) මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණියාහ. ඊට අමතරව අම්පාරේ ශ්‍රීයානි විජේවික්‍රම ද මෙවර ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ අසුන් ගත්තීය.
නිළි දේශපාලනය
මෙරට අවසන් වරට පැවති මහ මැතිවරණය වූ 2015 මහ ඡන්දයේ දී නව මහජන නියෝජිතවරියන් පස් දෙනෙකු පාර්ලිමේන්තුවට පත් වී ආහ. ද්‍ර. ජා. සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා, එ. ජා. පක්ෂයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රෝහිණී විජයරත්න, තුසිතා විජේමාන්න සහ එ.ජ.නි. සන්ධානයේ ගීතා කුමාරසිංහ එම පස්දෙනාය. ඝාතනය වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එසේම ලග්ගල විජේරත්න බංඩා මහතාගේ දියණිය මෙන්ම මාතලේ සංජීව කවිරත්න මහතාගේ බිරිය රෝහිණි විජේරත්න. ආසියානු දේශපාලනයේ කැපී පෙනෙන ලක්ෂණ දෙකකි. “වැන්දඹු දේශපාලනය” සහ “පවුල් දම්වැල් දේශපාලනය” ඉන්දියාවේ ගාන්ධි පවුල. පාකිස්ථානයේ භුතෝ පවුල, පිලිපීනයේ මාකොස් සහ අකීනෝ පවුල, බංග්ලා දේශයේ ෂියා පවුල, ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක පවුල ඒ අතර කැපී පෙනෙන පවුල් ඒකකය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය (රාජ්‍ය මන්ත්‍රණ සභාව) පත් වන්නේ සිය පියාගේ අභාවයෙන් හිස් වූ ( J.H.මීදෙණිය අදිකාරම්) රුවන්වැල්ල ආසනය ජය ගනිමින්ය. ඇයගේ සැමියා එවක රා.ම. සභාවේ කථානායක ෆ්‍රැන්සිස් මොළමුරේය. පියාගේ දේශපාලනය ඔස්සේ ජාතික දේශපාලනය ආ කතුන් අතරට, සුමිත්‍රා ප්‍රියංගනී අබේදීර, සමන්තා කරුණාරත්න, නිරූපමා රාජපක්ෂ සෝමා කුමාරී තෙන්නකෝන්, චන්ද්‍රානී බණ්ඩාර, පවිත්‍රා වන්නි ආරච්චි, සුනේත්‍රා රණසිංහ ද එක් වෙති.
ස්ව ශක්තියෙන්
සැමියාගේ අකල් මරණය, ඝාතනය හෝ ඔහුගේ දේශපාලන දායාද අතැතිව ජාතික දේශපාලනය ජයගත් මෙරට කතුන් විශාල ප්‍රමාණයකි. නේසම් සරවනමුත්තු , කුසුමා ගුණවර්ධන, තමරා කුමාරි ඉලංගරත්න, ඩොරීන් වික්‍රමසිංහ, විවියන් ගුණවර්ධන, කුසුමා රාජරත්න, කුසලා අබේවර්ධන, ලෝහිණි විජේසිරි, සුරංගනී එල්ලාවල, ශ්‍රීයානි ප්‍රනාන්දු, ලැරීන් පෙරේරා, මල්ලිකාද මැල්, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, විජයකලා මහේෂ්වරන්, අනෝමා ගමගේ, රෝහිණි විජේරත්න, (කවිරත්න) ශ්‍රීමනී ඇතුලත්මුදලි ඒ අය වෙති. ඉන් ප්‍රමුඛතම චරිතය වන්නේ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. අනෙක් අතට පියා සහ සැමියා දෙදෙනාම දේශපාලන වෙඩි උණ්ඩයට බිලි වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. එසේම අමරා පියසීලි රත්නායක, හේමා රත්නායක, සුමේධා ජයසේන. ද ඒ පිරිස අතරට එක් වෙති. උතුරින් පද්මිණි සිදම්බරනාදන් ද තව මේ ලේඛනයට එක් වන්නීය. කිසිදු පවුල් දේශපාලන පසුබිම් බලයක් නොමැතිව, පාර්ලිමේන්තුව ජය ගන්න තරම් දේශපාලන ජනප්‍රියතාවයක්, ශක්තියක් තිබූ අය ද බොහෝ ය.
විමලා විජේවර්ධන, විමලා කන්නන්ගර , සෝමා වික්‍රමනායක, ලැටීෂියා රාජපක්ෂ, රේණුකා හේරත්, සුජාතා ධර්ම වර්ධන, R.M.පුලේන්ද්‍රන්,අන්ජාන් උම්මා, චිත්‍රා මන්තිලක, ශ්‍රීයාණි විජේවික්‍රම, උපේක්ෂා ස්වර්ණමාලී, රෝසි සේනානායක, අමරා දිසානායක, R.පද්මනාදන්, K.තංගේෂ්වරී, මාලනි ෆොන්සෙකා, කමලා රණතුංග, ගීත කුමාරසිංහ, තුසිතා විජේමාන්න, සහ ශාන්ති ශ්‍රීස්කන්ධරාසා එම සුවිශේෂි මන්ත්‍රීවරියන් වේ.
සිය සහෝදරයාගේ දේශපාලනය ඔස්සේ පාර්ලිමේන්තුවට ආ අය වන්නේ තලතා අතුකෝරල සහ රූපා ශ්‍රියානි ඩැනියෙල්ය.
ලෝකයේ මහජන නියෝජිත ජාතික සභාවකට හෙවත් පාර්ලිමේන්තුවකට මහජන නියෝජිතවරියක ලෙස නැතහොත් මන්ත්‍රීවරියක ලෙස මුල්ම වරට පත් වන්නේ එංගලන්තයේ Nancy Astor ය. ඒ 1879 දීය. එදා සිට අද දක්වා ලෝකයේ අති බහුතරයක් රාජ්‍යවල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සිදු වේ. එහෙත් එය සාධාරණ, සමානතාවකින් සිදු නොකරන බවට නැඟෙන චෝදනා එදා පටන් අද දක්වාම පවතී.
නිමි.
උපුල් ජනක ජයසිංහ