මෝටර් රිය දුවන්න වතුර කුමකටද? | Page 2 | සිළුමිණ

මෝටර් රිය දුවන්න වතුර කුමකටද?

මෝටර් රියකට හෝ වාහනයකට පෙට්‍රල් හෝ ඩීසල් දමන්නේ කාර් එක ගමන් කරන්නට‍ අවශ්‍ය ශක්තිය ලබා දීමට ය. ඒත් කාරයට වතුර දැමීමත් අවශ්‍ය ‍වේ. අපි හැමෝම දන්නවා පෙට්‍රල් ගිනි ගන්නවා කියල තෙල් ටැංකිය තුළ ඉන්ධන දැවෙන විට එංජිම රත්වීමට පටන් ගනියි. ප්‍රමාණයට වඩා රත් වුණොත් එංජිම වැඩ කරන්නේ නැතිව නවතී.

එමනිසා එංජිම ප්‍රමාණයට වාඩ රත් නොවී තබා ගැනීමට වතුර දැමීමට සිදු වේ. එහෙත් එම වතුරත් රත්වෙනවා. එහෙත් මෙතැනදී පොඩි වෙනසක් තිබෙනවා. එනම් ලෝහ කොටස් වගේ නොවේ. වතුරට හැකියාවක් තියෙනවා ගොඩක් තාපය උරාගෙන ටිකක් රත් වෙන්ට. යකඩ වගේ වතුර ඉක්මනට රත් වෙන්නේ නෑ. එසේ රත් වුණත් ඒ වතුර “රේඩියේටරය” තුළට යනවා.

රේඩියේටරය පිටුපසට වෙන්ට පංකාවක් කැරකෙනවා. එම පංකාවෙන් රත්වුණු වතුර සිසිල් බවට පත් කරනවා. මේ වතුර නැවත එංජිම වටා නළ ඔස්සේ ගිහින් ආපසු රේඩියේටරයට නැවත එනවා. කාරයට වතුර වුවමනා වන්නේ එනිසයි.

එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
5 ශ්‍රේණිය ‘බී’,
කේරි විද්‍යාලය,
කොළඹ 08. 

 

Comments