
ගැහැනු සහ පිරිමි නොයෙක් නොයෙක් ආකාරයට වර්ග කිරීමට පෙරදිග ජ්‍යොතිෂයේ කොතෙකුත් ක්‍රම තිබේ. බටහිර ජ්‍යොතිෂය ද මේ සම්බන්ධයෙන් දෙවැනි නොවේ. යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා පදනම් කර ගනිමින් පුද්ගලයන් වර්ග කිරීමට ඔවුන් භාවිතා කරන සිද්ධාන්තය සිත් ගන්නා සුළු ය. ඒ අනුව සියලු පුද්ගලයන් ස්ත්‍රී -පුරුෂ භේදයක් නැතිව යුරේනියන් සහ නෙප්චූනියන් යනුවෙන් දෙ කොටසකට බෙදේ. යුරේනියන් කාණ්ඩය පුරුෂාකාර ය. නෙප්චූනියන් කාණ්ඩය ස්ත්‍රී ගණයට අයත් වේ. ඔබ අයත් වන්නේ මෙයින් කුමන වර්ගයකට ද?
රාශි දොළොස ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ අනුව මේෂ- මිථුන -සිංහ -තුලා -ධනු -කුම්භ යන රාශි 06 ය පුරුෂ ලිංගිකවන අතර වෘෂභ - කටක - කන්‍යා - වෘශ්චික - මකර - මීන යන රාශි 06 ය ස්ත්‍රී ලිංගික වේ.
ග්‍රහයන් ද ස්ත්‍රී -පුරුෂ යනුවෙන් කොටස් දෙකකි. රවි කුජ ගුරු ශනි සහ යුරේනස් පුරුෂ ග්රහයන්වන අතර සඳු - සිකුරු -සහ නෙප්චූන් ස්ත්‍රී ලිංගික ග්‍රහයන් වේ. රාහු සහ ප්ලුටෝ පුරුෂ ගණයටත් කේතු ස්ත්‍රී ගණයටත් ගත හැකි අතර බුධ ග්‍රහයා දෙපැත්තට ම වැටෙන මුත් ඔහුගේ නෛසර්ගික ස්වභාවය පුරුෂ ලෙස ගත හැකිය . රවි ප්‍රධාන පුරුෂ ග්‍රහයාවන අතර සඳු ප්‍රධාන ස්ත්‍රී ග්‍රහයා වේ. ග්‍රහ ලොව රජු සහ රැජින ලෙස රවි - සඳු හැඳින්වේ.
කිසියම් පුද්ගලයෙකුගේ කේන්දරයේ ග්‍රහයන් වැඩි දෙනෙකු ස්ත්‍රී රාශිවල සිටින්නේ නම් ඔහු හෝ ඇය නෙප්චූනියන් කාණ්ඩයට වැටේ . එලෙසම ග්‍රහයන් වැඩි දෙනෙකු පුරුෂ රාශිවල සිටින්නේ නම් ඔහු හෝ ඇය යුරේනියන් කාණ්ඩයට අයත්වේ. මේ ක්‍රමයෙන් පැහැදිලි තීරණයක් ගත නොහැකි නම් රවි කුජ සහ සඳු සිකුරු යන ග්‍රහයන් සිව්දෙනා පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.
පිරිමි කේන්දරයක රවි සහ කුජ යන පුරුෂ ග්‍රහයන් දෙදෙනා ස්ත්‍රී රාශිවල සිටී නම් ඔහු වෙතින් බොහෝ සෙයින් ස්ත්රීමය කෝමල ගති ලක්ෂණ ප්‍රකට කෙරේ. එසේම කාන්තා කේන්දරයක සඳු සහ සිකුරු යන ස්ත්‍රී ග්‍රහයන් දෙදෙනා පුරුෂ රාශිවල සිටීනම් ඇය වෙතින් පළවන්නේ පුරුෂාකාර ගති පැවතුම් ය. යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා ප්‍රතිවිරුද්ධ රාශිවල හෙවත් යුරේනස් ස්ත්‍රී රාශියක සිටීමත් නෙප්චූන් පුරුෂ රාශියක සිටීමත් නිසා මෙවැනි අවස්ථාවල ඒ පැත්තට වැඩි බරක් වැටේ.
දැන් ඔබේ කේන්දරයේ ග්‍රහයන් පිහිටා සිටින ආකාරය අනුව ඔබ අයත්වන්නේ කුමන කාණ්ඩයකට දැයි ඉතා පහසුවෙන් සොයාගත හැකිය.
මේෂ- මිථුන -සිංහ -තුලා -ධනු -කුම්භ යනාදියෙන් එකකට ඔබේ ලග්නය අයත් වන්නේ නම් කේන්දරයේ 1-3-5-7-9-සහ 11 යන කොටු පුරුෂ රාශිවන අතර 2-4-6-8-10-12 ස්ත්‍රී රාශිවේ.
වෘෂභ - කටක - කන්‍යා - වෘශ්චික - මකර - මීන යනාදියෙන් එකක් ඔබේ ලග්නය වන්නේ නම් කේන්දරයේ 1-3-5-7-9-සහ 11 යන කොටු ස්ත්‍රී රාශිවන අතර 2-4-6-8-10-12 යන කොටු පුරුෂ රාශිවේ.
මේ අනුව එක්කෝ ඔබ යුරේනියන් හෝ නැතිනම් නෙප්චූනියන් හෝ විය හැකිය. යම් හෙයකින් පිරිමි කේන්දරයක් නෙප්චූනියන් හෙවත් ස්ත්රීමය කාණ්ඩයකට අයත් වුවහොත් තමාට ගැහැනු ගති ඇතැයි ඔහු මඳක් පැකිලෙන්නට පුළුවන. එහෙත් ඉක්මන් වන්නට එපා!
ඇත්ත වශයෙන් ම එවැනි පිරිමියෙක් සතුව ස්ත්රීමය කෝමල ගති මෙන්ම මෘදු ගතිගුණ ද නිවුනු තැන්පත් ස්වභාවයක් ද පවතින බව ඇත්තකි. නමුත් මේ කිසිම බාහිර ලකුණක් නොපෙන්වා සිටින පරිපූර්ණ නෙප්චූනියන් පිරිමි ද ඕනෑ තරම් සමාජයේ වෙති. සාහිත්‍ය කලා -සංගීතය - චිත්‍ර -සෞන්දර්යය - පමණක් නොව ආගම දර්ශනය ආදී ආධ්‍යාත්මික භාවමය සංවේදනයෙන් ඉතා පොහොසත් පිරිමි උපදින්නේ ම නෙප්චූනියන් කාණ්ඩයෙන් බව ඔබ දන්නවා ද? කෙටියෙන් කිවහොත් සියුම් හා උසස් මානසික ඒකාග්‍රතාවක් ඇති කැර ගත හැක්කේ ද එවැනි අයට පමණි. හැබැයි මොවුන් සතුව පවතින භයානක ම ලක්ෂණය වන්නේ යම් දෙයකට ඇබ්බැහි වුවහොත් එයින් ගලවාගත නොහැකි වීමය . රෙගී නම් සංගීත ශෛලිය ප්‍රකට කළ සුප්‍රකට ගායක බොබ් මාලේ මේ සඳහා එක් නිදසුනක් පමණි .
යුරේනියන් කාණ්ඩය ඉතා පැහැදිලිව රළු පරළු පිරිමි ලක්ෂණ ම ප්‍රකට කරයි . ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව ඔවුන් ශාරිරික ශක්තිය සහ ක්‍රියාශීලි ජවය ම පෙන්නුම් කරයි . විධායක- පරිපාලන- හමුදා -පොලීස් -ක්‍රීඩා -ඉංජිනේරු - දේශපාලන -වෙළෙඳ ව්‍යාපාර - ආදී ක්ෂේත්රවලින් උසස් සාර්ථකත්වයක් ලැබිය හැක්කේ යුරේනියන් කාණ්ඩයෙන් උපන් අයට පමණි. කෝටිපතියන් - ආඥාදායකයන් - යුද සේනාධීතියන් - දේශපාලන නායකයන් - සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් - ලොව දැවැන්ත විස්මිත නිර්මාණයන් කළ ඉංජිනේරුවන් -අසහාය කාය ශක්තියෙන් පිරිපුන් පුද්ගලයන් යුරේනියන් කාණ්ඩයට අයත්වේ . මේ කාණ්ඩය සතුව පවතින බිහිසුණු ම ලක්ෂණය වන්නේ බලය සහ ධනය කෙරෙහි පවතින සීමාන්තික අරගලය යි . ප්‍රංසයේ චාල්ස් ඩිගෝල් සහ රුසියාවේ ජෝෂප් ස්ටාලින් යුරේනියන් කාණ්ඩයට නිදසුන් දෙකකි .
* නෙප්චූනියන් කාණ්ඩයෙන් ආධ්‍යාත්මික ලෝකයත් යුරේනියන් කාණ්ඩයෙන් භෞතික ලෝකයත් නියෝජනය කෙරේ .
* යුරේනියන් පිරිමි
පිරිමි කේන්දරයක් යුරේනියන්වීම ඉතා සාමාන්‍ය දෙයකි. එයින් පිරිමි ගතිම ප්‍රකට කෙරේ. කාර්යශූරත්වය- උද්යෝගය- නිර්භීත බව -ආත්මවිශ්වාසය - ආදියෙන් පොහොසත්වේ. ජව සම්පන්න සිරුරකට උරුමකම් කියයි. සර්ව සුබවාදියෙකි.
එහෙත් යුරේනස් හෝ කුජ හෝ ඒ දෙදෙනාම හෝ පීඩිතව ඇත්නම් එය අතිධාවනකාරී තත්ත්වයකි. මොහු උද්ධච්ජ මානසිකත්වයට ගොදුරුවිය හැකි අතර පරපීඩා කාමුකයෙක් විය හැකිය. කළහකාරී සහ නිතර ගැටුම් ඇති කැර ගන්නෙක් වේ. ආගම ධර්මයෙන් හීන තැනැත්තෙකි.
* යුරේනියන් ස්ත්‍රී
ගමන බිමන - කතාව - ක්‍රියාව සහ වැඩ ශෛලිය පිරිමියෙකු මෙනි. ආත්ම විශ්වාසයෙන් පොහොසත්ය. උද්යෝගීමත් චරිතයකි.සෑම තැනෙක ම කැපී පෙනේ. සියල්ල පාලනය කරන්නට සිතයි. මලල ක්‍රීඩිකාවක් බඳු සිරුරකට උරුමකම් කියයි. අන්මත නො පිළිගනී. තමාට සිතූ දෙයක් ම කරයි.
යුරේනස් සහ සඳු සිකුරු පීඩිත නම් අණ දෙන්නියක සහ අනුන් තළා පෙළන්නියක වේ. මුරණ්ඩුය - සැර පරුෂය - කළහකාරියකි. නාරි ලාලිත්‍යයෙන් පිරිහෙයි. මෙය ස්ත්‍රියකට සුදුසු ග්‍රහචාරයක් නොවේ.
* නෙප්චූනියන් පිරිමි
හිසකෙස් - අතුල් - පතුල් - ආදිය ස්ත්‍රියකගේ මෙන් සියුමැලි ය. ගමන බිමන කතාව සහ වැඩ ශෛලිය කෝමලය. ඇතුළට නැමුණු මනසක් ඇත. දාර්ශනිකය - අමුතු සිතිවිලි සහිතය - ගැඹුරු මනසක් හිමිවේ. භාවමය සහ ආධ්‍යාත්මික අංශයට වඩාත් නැඹුරු ය. ඉතා ම නිහඬ ය - ලැජ්ජාශීලී ය.
එහෙත් නෙප්චූන් පීඩිත නම් පුද්ගලයා ස්වපීඩා කාමුකත්වය - ලිංගික විපරිවර්තනය සහ අන්තරායකර මත්ද්‍රව්‍ය ආදියට ගොදුරු විය හැකිය.
* යුරේනියන් ස්ත්‍රිය සහ යුරේනියන් පුරුෂයා
* මේ සංයෝගය විවාහයට කිසිසේත් සුබදායක වන්නේ නැත. එහෙත් හවුල් ව්‍යාපාර සඳහා කදිමයි.
* යුරේනියන් පුරුෂයා සහ නෙප්චූනියන් ස්ත්‍රිය විවාහයට ඉතා සුබයි.
* නෙප්චූනියන් පුරුෂයා සහ නෙප්චූනියන් ස්ත්‍රිය
* විවාහයට සුබ නමුත් හවුල් ව්‍යාපාර සඳහා යෝග්‍ය සංයෝගයක් නොවේ.
* නෙප්චූනියන් පුරුෂයා සහ යුරේනියන් ස්ත්‍රිය
* විවාහයට අසුබ නැති මුත් පිරිමියා ස්ත්‍රී භූමිකාවටත් ස්ත්‍රිය පිරිමි භූමිකාවටත් පරිවර්තනය වේ.
කේ. සී. ජේ. රත්නායක