
නිපුණතා පුහුණුව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ලිපි පෙළෙන් මෙවර ඔබ වෙත ගෙන එන්නේ ග්‍රැෆික් ඩිසයිනිං ( Graphic designing) පිළිබඳවය. ලංකාවේ පරිගනක විත්‍රක සැලසුම් පාඨමාලා (Graphic designing) රැකියා සඳහා පවතින්නේ විශාල ඉල්ලුමකි. විද්‍යුත් මාධ්‍ය සේවාවන් වන රූපවාහිණි නාලිකාවල අතිවිශාල වැටුප් ලබන ගැෆික් ඩිසයිනිං ශිල්පීහු වෙති. පුවත් පත් ආයතන , දැන්වීම් ප්රචාරක ආයතනවලට මෙවැනි ශිල්පීන්ට ඉතා හොඳ වැටුප් ලබා දෙයි.
වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය පරිගනක චිත්‍රක සැලසුම් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරයි. පරිගනක චිත්‍රක සැලසුම් පාඨමාලාව ඒ අතර ඉතා ජනප්‍රිය වේ. විශාල වශයෙන් රැකියා පැවැතීමත්, විශාල වශයෙන් වැටුප් මෙන්ම සවයං රැකියාවක් කරන්නේ නම් ආදායම් තත්ත්වයද ඉහළ මට්ටමක පැවතීම එයට හේතුව වේ. රැකියාවන් අරමුණු කරගත් පාඨමාලාවන් නිසා එහි විස්තර ඔබ වෙත ගෙන ඒම සඳහා පුහුණු උපදේශිකා ගංගා නිලන්තී මහත්මිය සහාය වුවාය.
පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනයට යොමු නොවන තරුණ තරුණියන් වෙනුවෙන් කාර්මික අධ්‍යාපනය ඉතා වැදගත් සංධිස්ථානයක සිටිනවා. එය රැකියා විරහිත ප්‍රජාවගේ ජීවන කුසළතා නැංවීමට මෙන්ම සමාජයේ මනා පෞරුෂත්වයක් ගොඩ නැගීමට දායක වනවා. ජාතිකව සහ ජාත්‍යන්තරව පරිගනක චිත්‍රක සැලසුම් සඳහා පවතින්නේ පිරවිය නොහැකි ඉල්ලුමක්. එහි විශේෂත්වය නිශ්චිත ක්‍රමවේදයක් සහ නිශ්චිත අරමුණු සහිත සම්මතයකට අනුකූලව උගත් පිරිසක් බිහි කිරීමෙන් කර්මාන්ත ක්ෂේත්රයට මෙන්ම පෞද්ගලිකවම පාඨමාලාව හැදෑරුවනට ඉතා හොඳ අනාගතයක් හිමිවීමයි. මේ විෂය මාලාවන් ක්ෂේත්‍ර කිහිපයකටම බෙදීයනවා. රූපවාහිණි , පුවත් පත් සඟරා වැනි මුද්‍රිත කටයුතු, ප්‍රචාරණ කටයුතු, මෙන්ම පාරිභෝගිකයාගේ දෛනික කටයුතු වලටත්, ඡායාරූපකරණයේ දී සුවිශේෂ ක්‍රියාකාරකම් මෙන්ම ඇල්බම් ආදිය සැලසුම් කිරීමටත් හා තවත් නොයෙකුත් දෑ සඳහා පරිගනක චිත්‍රක සැලසුම් පාඨමාලාවෙන් (Graphic designing) ප්‍රයෝජනයට ගන්න පුළුවනි.
පරිගනක විත්‍රක සැලසුම් පාඨමාලා NVQ Level 4 රැකියා ඉලක්ක කරගෙන පවත්වනු ලබන අතර විෂය ක්ෂේත්රයට අයත්වන Photoshop, Coreldraw, In Design, Illustrator, මොඩියුලර් වශයෙන් වෙනත් පාඨමාලාමෙන්ම පියවර ක්‍රමයක් යටතේ ප්‍රහුණු කෙරේ. මීට අමතරව ADOBE නමින් තවත් විශේෂ පාඨමාලාවකි. මෙහි විශේෂත්වය රූපවාහිණි වීඩියෝ සංස්කරණය පිළිබඳවය. Adobe Premier, Adobe After effect, Adobe Encore වැනි ඇඩෝබි පාඨමාලාවන්ද දැන් පුහුණුවට අයත්ය.
නාරහේන්පිට මධ්‍යස්ථානයේ සිදුකෙරෙන තවත් සුවිශේෂ කාර්යයක් වන්නේ ශ්‍රවණාබාධිතයන් වෙනුවෙන් පරිගනක විත්‍රක සැලසුම් පාඨමාලාවක් පැවැත්වීමයි. ඉක්මනින් ධාරණය කරගැනීමට හා තේරුම් කරදීමට සුවිශේෂ වූ පරිගණක උපකරණවලින් සමන්විත වීම හා එවැනි ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැපැයීම ජාතික වශයෙන් සිදුකෙරෙන ගෞරවාන්විත ක්‍රියාවකි.
සුජිව දිසා බණ්ඩාර මහතා සහ සිසිර ඩයස් මහතා, පරිගනක විත්‍රක සැලසුම් පුහුණු උපදේශකවරු වශයෙන් ඇඩෝබි අංශයේ පුහුණු කටයුතු සිදු කරයි. ඔවුන් කියා සිටින්නේ පරිගණක විත්‍රක සැලසුම් ශිල්පය ඉගෙන ගැනීමේදී චිත්‍ර ශිල්පයට ලැදියාවක් දක්වන්නේ නම් පහසු බවයි. පාසල් අධ්‍යාපනයේ දී චිත්‍ර විෂයයට ලබාගත් හැකියාවන් මගින් ලෙහෙසියෙන් සහ සරලව නිපුණතාවට යොමු විය හැකි බව පවසයි. පුරා මාස හයක කාලයක් තුලදී නිපුණතාව ලබා ගැනීමෙන් පසු අදාල කර්මාන්ත ක්ෂේත්රයේ තවත් මාස හයක පමණ පුහුණුවකට යොමු කෙරෙන බවයි.අදාල කාලය සම්පුර්ණ වීමෙන් අනතුරුව ඇගැයීමකට ලක් කිරිමෙන්, ජාතික නිපුණතා සහතිකයේ හතරවෙනි මට්ටමේ සහතිකය ලබා ගැනීමට හැකි වන බවත් ඔවුහු පැවැසූහ.
ලංකාව පුරා ඇති වෘත්තීය පුහුණු අධිකාරිය ශාඛා, ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරිමේ අධිකාරිය ශාඛා සහ කාර්මික විද්‍යාල මගින් නොමිලයේ පුර්ණකාලින පාඨමාලා හැදැරීමට පුළුවන. වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු පාඨමාලා සඳහා වසරකට දෙවරක් ආධුනිකයින් බදවා ගන්නා බව නියෝජ්‍ය අධ්යක්ෂ ටී. එස්. වික්‍රමරත්න මහතා පවසා සිටියේය.
පන්නිපිටිය විශේෂ
අනිල් ලසත් පෙරේරා