
කාන්තාවන්ට මුහුණේ සම සුරක්ෂිත කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා මේ පුරුදු ඔබත් ඇතිකරගන්න.
ගැලපෙන ෆේස් වොෂ් එකක්
ඔබේ සමේ ස්වභාවයට ගැලපෙන ෆේස් වොෂ් එකක් හැමවිටම තෝරා ගන්න. නැතහොත් ක්ලේන්සර් එකකින් වන වාසි වලට වඩා හානිදායක තත්වයන්ට මුහුණ දෙන්න ඔබට සිදු වේවි. තෙල් සහිත කුරුලෑ අධික සමට salicylic gel හෝ benzoyl peroxide අඩංගු විශේෂ ෆේස් වොෂ් එකක් භාවිතා කිරීම අනිවාර්යයි. ඒ වගේම ඔබේ සම වියලි නම් තෙතමනය රකින glycolic අඩංගු හෝ milky ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න.
නිවැරදි පාන වර්ග
උදේම කිරි තේ හෝ කොපි බොනවා වෙනුවට පලතුරු ජුස් එකක් හිස්බඩ පානය කිරීම ගොඩක් වටිනවා. ආයුර්වේදයේ නම් සඳහන් වෙන්නේ නැගිට්ට ගමන් හොඳ වතුර වීදුරුවක් බීම තමයි වඩාම හොඳ කියල. ඒ මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. ඒ වගේම ශරීරයේ අපවිත්‍රතා පිට කිරීමත් රුකුලක් දෙනවා. රුධිර පීඩනය පාලනය කරනවා.
අධිකව ඇල්කොහොල් පානය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඔබේ සම වියපත් වෙන්න ඇල්කොහොල් අඩංගු දේවල් ලොකු හේතුවක් වෙනවා. වයින් වීදුරුවක් ගැනීම නම් සමට නරකක් නැහැ. නමුත් අධික ඇල්කොහොල් පානය ඉතාම නරකයි. ඒ නිසා ඔබ කෝපි, කාර්බනේටඩ් බීම වර්ග සහ ඇල්කොහොල් අයින්ම කරලා දාලා පිරිසිඳු ජලය, පලතුරු යුෂ, ඕෂධ පාන වර්ග ඔබේ බීම වලට එකතු කර ගන්න. සුන්දර මුහුණ හැමදාම ලස්සනට තියා ගන්න නම් ඉතින් පොඩි පොඩි කැපවීම් කරන්න වෙනවා.
සමබර ආහාර
මුහුණේ සම ලස්සනට තියා ගන්න නම් ආහාර වේල සමබර වීම ගොඩක් වැදගත්. සමේ තෙතමනය රඳවා ගැනීමට ස්වභාවික පිහිටීමක් ඔබේ සමේ තිබෙනවා. එම සෛල ශක්තිමත් වීමට නම් ඔමේගා 3 මේද අම්ලය යහමින් ගැනීම ගොඩක් වැදගත්. ඒ වගේම විටමින් සහ ඛනිජ ලවන මෙන්ම ප්‍රෝටීන් ඔබේ සිරුරේ සම කියන විශාල අවයවය වයස් ගත වීම් පාලනය කරන්න හේතු වෙනවා. කෘතීම රසායන අඩංගු ආහාර අවම කරලා ස්වභාවික ආහාර හැකි තරම් ගැනීම වැදගත්.
අවාසනාවට ලංකාවේ අපි අධික කාර්බෝහයිඩ්රේඩ් අඩංගු ආහාර වේලකට හුරුවෙලා. මේ මගින් ශරීරයට එක් වෙන ග්ලුකෝස් නම් හමේ කල් පැවැත්මට කොහෙත්ම සුදුසු නැහැ. බත් කන තරම අඩු කරලා එළවලු, පලතුරු, මස්, මාළු වගේ දේවල් ආහාරයට වැඩියෙන් එකතු කරන්න. ඒ වගේම අපි පිසිනවා වැඩියි. ඒ නිසා විටමින් ආදිය හානි වෙනවා. හැකි තරම් අමුවෙන් කන්න උත්සහ කරන්න.
මුහුණ අල්ලන්න එපා.
අපි ඇඟිලි වලින් මුහුණ අල්ලද්දී එයින් නරක ප්‍රතිපල අත් වෙනවා. අහක යන බැක්ටීරියා එකතු වෙලා මුහුණ ආසාධන වලට ලක් වෙනවා. ඒ මගින් කැළැල් ඇති වෙනවා, රැලි ඇති වෙනවා. ඒ නිසා නිකරුනේ මුහුණ අතගාන නරක පුරුද්ද අතහැර ගන්න.
එළියෙන් ආරක්ෂා වෙන්න.
ඉර එලිය තමයි අපේ වගේ රටක මුහුණේ තරුණ බව නැති කරන හතුරා ලෙස ක්‍රියා කරන්නේ. උදේ 10 සිට හවස 3 දක්වා වැටෙන දැඩි හිරු එලිය විකිරණ ශීලියි. උදේ ඉර අවුව වුනත් විඳින්න යද්දී සන් ග්ලාස් එකක් හෝ තොප්පියක් පළඳින්න අමතක කරන්න එපා. පොඩි ඉර එලිය වුනත් සමට නරකයි.
තෙතමනය රැකුන සමක්.
විජලනය වූ සම කියන්නේ දීප්තියෙන් අඩු මලානික සමක්. ඒ වගේම වියලි සම ඉක්මනින් එල්ලා වැටෙන්න පටන් ගන්නවා. චර්ම වේදියෝ හැමවිටම නිර්දේශ කරන්නේ ඔබ රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගනිද්දී සම තෙත් කරන නිෂ්පාදනම අරගන්න කියල.( ක්ලේන්සර්, Moisturizing, anti-aging) අනිවාර්යයෙන්ම දවසකට වතුර වීදුරු 8 කට වඩා බොන්න අමතක කරන්න එපා.
රස්නෙට මුහුණ ලං කරන්න එපා.
දැඩි තාපය ඔබේ මුහුණේ සියුම් හම විනාශ කරනවා. කොලජන් බිඳ දමා දාහය ඇති කරවනවා. රස්නේ උඳුන්, බාබකිවු මැෂින් සහ දැඩි හිරු එලියට මුහුණ පිච්චෙන්න ඉඩ දෙන්න එපා. හැමවිටම පස්සට වෙලා මුහුණේ සමට රස්නේ වදින එක නවත්වා ගන්න.
මේක් – අප් බ්‍රෂ් පිරිසිඳු කරන්න.
ඔබ මේක් අප් දාන්න ගන්නා බ්‍රෂ් ඔක්කොම සතියකට වතාවක් හෝදලා හෙවනේ වේලා ගන්න. එමගින් එහි ඇති බැක්ටීරියා ඔබේ මුහුණේ සියුම් සම හා ගැටෙන එක අඩු වෙනවා. කුරුලෑ ආසාධන වලට මෙයින් ලොකු සහනයක් ලැබේවි.
මද උණුසුම් ජලයේ ඔක්කොම බ්‍රෂ් ටික ගිල්ලවන්න. ඉන් පස්සේ අතට ෂැම්පු (හිසේ ගාන) ටිකක් අරගෙන පෙන එනකන් පිරිමැදලා බ්‍රෂ් හොඳින් අතුල්ලන්න. ඉන් පසු බ්‍රෂ් හෙවනේ එල්ලලා වෙලා ගන්න. මුහුණේ සම අකලට වයසට යන එක නවත්වන්න මේ දේවල් කරන්නම ඕනේ.
මුහුණට වෙනම තුවායක්.
මුහුණට වෙනම තුවායක් කියන්නේ ජීවිතේ ඇති තුරු පිළිපැදිය යුතු සිරිතක්. තුවායක් බැරි නම් ටිෂු ඔබේ නාන කාමරයේ තබා ගන්න. ඇඟ පිහදාන තුවාය කියන්නේ ඔබේ ලිංගික අවයව වල, අධෝ මාර්ගයේ එහෙම ඇති යීස්ට් සහ බැක්ටීරියා සේරම මුහුණට ගේන වාහකයක් වගේ. ඒ නිසා මුහුණට නම් වෙනම තුවායක් අවශ්‍යමයි. නැත්නම් මුහුණේ ලස්සන නැති වෙනවා.
හොඳ නින්දක්
පැය 6 ත් 8 ත් අතර නින්ද කියන්නේ සුන්දර මුහුණකට අත්‍යවශ්‍යම අංගයක්. ඒ වගේම ඉතාම පිරිසිඳු සැටින් රෙද්දෙන් කළ කොට්ට උර පාවිච්චිය ගොඩක් වැදගත් වෙනවා මුහුණේ රැලි ඇති වීම අවම කර ගැනීමට. කොන්ඩේ පවා අවුල් වීම සහ කැඩීම නවතිනවා සැටින් රෙද්ද නිසා. අපි කවුරුත් කැමති ලස්සන මූණක් ලබන්නනේ එහෙනම් මේ පොඩි දේවල් අමාරු නැහැ.
අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී