
ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ හදවත් බද්ධයට පත් වූ ප්‍රථම කාන්තාව පසුගියදා පූර්ණ සුවය ලබා, තම නිවෙස බලා ආපසු ගියා ය. ජීවිතයත්, මරණයත් අතර සටනක නියැළුණු ඇය දැන් සුපුරුදු ජීවිතයට හුරුවෙමින් සිටී.
මරණය පෙනි පෙනී මහනුවර මහ රෝහලට ආපු මට ආපසු ගෙදර යන්න පුළුවන් වෙයි කියා මම කවදාවත් හිතුවේ නෑ. ගෙදර ඇවිත් මගේ එකම දුවගේ මූණ දැක්කම මට පණ දුන්න සියලු දෙනාටම ජාති ජාතිත් පිං දෙනවා." මෙසේ කියන්නේ මෙරට ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ලංකාවේ ප්‍රථම හදවත් සැත්කමට මුහුණ දි යළි ජීවය ලද අනුරාධපුරයේ තිස් හය හැවිරිදි පුෂ්පා කුමාරි ය.
අනුරාධපුරයේ උපන් පුෂ්පා, ගාල්ලේ උපන් එම්. විජේසිරි සමඟ අතිනත ගත්තේ ජීවිතයේ දහසකුත් බලාපොරොත්තු තබා ගනිමිනි. ඇඟලුම් කම්හලක සේවය කළ ඇය එදිනෙදා කුලී වැඩ කරන තම ස්වාමි පුරුෂයා සමඟ සතුටින් ජීවත් වුවා ය. කැදැල්ලට එක් වූ එක ම දියණිය සමඟ අනුරාධපුරයේ තමන් විසින් ම ඉදිකරගත් කුඩා නිවෙසක ජිවත් වූ ඔවුන්ගේ ජීවිතවලට කණ කොකා හැඬුයේ දැනට වසර කිහිපයකට ඉහත සිදු වු පුෂ්පාගේ ක්ෂණික අසනීපවීමත් සමඟ ය.
ඇඟපත වේදනාව, ඉදිමීම, මලානිකත්වය යන රෝග ලක්ෂණ පහළ විමත් සමඟ ඇය අනුරාධපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ලැබුවා ය. වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයට ලක්වූ පුෂ්පා ගේ රෝගය දිනෙන් දින ම උග්‍ර අතට හැරෙද්දී වෛද්‍යවරුන්ට ඇයගේ රෝගය හඳුනා ගැනීමට හැකිවිය. හදවත අකර්මණ්‍ය තත්ත්වයට පත් ව ඇති බවත්, මේ සදහා හදවතක් බද්ධ කරනවා හැර වෙන විකල්පයක් නොමැති බවත් වෛද්‍යවරු පසක් කර ගෙන සිටියහ. දිනෙන් දින රෝගය උත්සන්න විය. ඇය අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා ය. කාලය සති දින මාස වලින් ගෙවී යද්දි ඇය මහනුවර මහ රෝහලට මාරුකරනු ලැබී ය. මේ වන විට ඇගේ හදවත ක්‍රියාත්මක වූයේ 20% තරම් වූ අවම මට්ටමකි.
මේ අනුව පුෂ්පාගේ පවුලේ අයට ද ඇගේ අසනීප තත්ත්වයේ බැරෑරුම් කම පිළිබඳ අවබෝධයක් තිබිණි. ලංකාවේ මීට පෙර හදවත් බද්ධයක් සිදුකර නො තිබිණි. එසේ වුව ද එය ඉටුකිරීම සඳහා වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයක් මෙන්ම සුදානමක් ද පැවතිණ. වෛද්‍ය මණ්ඩල සමඟ සාකච්ඡා කොට මේ සඳහා අවශ්‍ය උපකරණ ද මහනුවර මහරෝහලේ ටිකෙන් ටික සුදානම් වෙමින් තිබිණි. ඒ සියල්ල එසේ සැකසෙද්දී හදවතක් සොයා ගැනිමේ කාර්යය ද මේ සියල්ලට වඩා ඉදිරියෙන් තිබුණු ප්‍රශ්නයකි.
කාලය මෙසේ ගෙවෙද්දී මහනුවර වෙළම්බොඩ ප්‍රදේශයේ විසිහය හැවිරිදි ප්‍රදීප් කුමාර නමැති තරුණයා රිය අනතුරකට ලක් ව මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට ඇතුළත් කෙරිණි. ඔහුගේ මොළය මියගිය බවටත් ඔහු තවදුරටත් ජීවත් කළ නොහැකි බවටත් වෛද්‍යවරු නිගමනය කර තිබිණි. මිය යන බවට ස්ථිර නිගමනයකට එළඹ ජිවත් වන තම පුතුගේ අවයව දන්දීමට මවුපියන් කැමැත්ත පළ කරනු ලැබිමත් සමඟ ජිවිතයත් මරණයත් අතර දිවි ගෙවමින් හදවතක් ලදොත් යළි ජිවය ලැබිය හැකි පුෂ්පාගේ ජිවිතය වෙත වෛද්‍යවරුන්ගේ අවධානය යොමු විය. ඒ අනුව ප්‍රදිප් කුමාර තරුණයාගේ හදවත පුෂ්පා කුමාරිට ගැළපේ ද යන්න පිළිබඳ ව වෛද්‍යවරු මූලික පරික්ෂණ ආරම්භ කළහ. ප්‍රදිප්ගේ හා පුෂ්පාගේ අවශ්‍ය ගැළපුම් සියල්ල සමාන විය. ඒ අනුව ප්‍රදිප්ගේ හදවත පුෂ්පාට බද්ධ කරමු යන නිගමනයට වෛද්‍යවරු එළඹිණි.
පැය දෙක තුනක කාල වේලාවක් තුළ සියල්ල කඩිමුඩියේ සුදානම් විය. අවශ්‍ය වෛද්‍ය මණ්ඩලය, වෛද්‍ය උපකරණ සුදානම් වෙද්දී ප්‍රදිප්ගේ හදවත සැත්කමකින් ඉවත් කිරීමටත් ඒ විගස ම පුෂ්පාට එය සවිකිරිමටත් දෙදෙනා ම එකම දැඩිසත්කාර ඒකකයේ දෙපොළක සුදානම් කෙරිණ. 2017 ජූලි මස හත් වෙනිදා හරියට ම රාත්‍රී හතට වෛද්‍යවරුන්ගේ හෘද ස්පන්දනය ද වේගවත් වෙමින් මහනුවර මහ රෝහලේදි ප්‍රදීප්ගේ හදවත පිටතට ගෙන පුෂ්පාගේ ළයට තුරුලු කළේ ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය සනිටුහන් කරමිනි.
ඒ මොහොතේ පටන් වෛද්‍යවරුන්ගේ දැඩි රැකවරණය මැද්දේ ප්‍රතිකාර ලැබු පුෂ්පාගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරිණ. කාලය දින සති වලින් ගෙවිණි. හරියට ම දින දහයක් සපිරෙද්දී අවාසනාව ඇය කෙරෙන් පළා ගොස් ඇයට තම ස්වාමි පුරුෂයා ගෙනා කිරිබත් කෑල්ලේ රස බැලීමට හැකි විය.
ආගන්තුක හදවතින් නව ජීවයක් ලද පුෂ්පා
" මගේ ඇගට තිබුණු ඔක්කොම වේදනා ඉවරයි. මගේ අසනීපය හඳුනා ගත්තු දවසේ දොස්තර මහත්තුරු කීවා හදවතක් බද්ධ කරන්ට ඕනෑ කියලා. ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයි ලංකාවේ එහෙම එකක්වත් කරලා නැහැ කියලා කතා වෙනවත් මට ඇහුණා. මගේ මහත්තයා කිව්වා මට මහනුවර මල්ලි කෙනෙක්ගේ හදවතක් බද්ධ කළා කියලා. මම කවදාවත් හිතුවේ නෑ ආයේ ජීවත් වෙන්න වාසනාව ලැබෙයි කියලා. එදා ඇයව බැලීමට රෝහලට ගිය විට කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇය පැවසුවා ය.
කාලය දින දින ගෙවී යද්දි විටින් විට ඇගේ තොරතුරු විමසීමට අප අමතක නො කළෙමි. "රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ඇස් දෙක වගේ මා පරිස්සම් කළා. කරුණාව උතුරා තිබුණා. හැම තප්පරයම මා ගැන දැඩි අවධානයකින් සිටියේ. මම දිනෙන් දිනම සුව අතට හැරුණා. වෙන හදවතක් මගේ ඇගේ තිබෙනවා කියලා කිසිම වෙනසක් දැනුෙණ් නෑ. මම ඉස්සර හිටියා වගේම තමා දැනුෙණ්. මගේ ජිවිතය සාමාන්‍ය තත්ත්වයේ පැවතියා. වෛද්‍යවරු නිතරම පරික්ෂාවට ලක් කළා. ඒ ගොල්ලෝ මගෙත් එක්ක සුහදව කතා කළා. ඕනෑම දුකක් සැපක් කියන්ට තරම් එයාලා මා සමඟ සමීප වුණා. විටක පුෂ්පා එලෙස පැවසුවා ය.
කාලය කෙමෙන් ගෙවි ගොස් පුෂ්පාගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙද්දී ඇය දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට සාමාන්‍ය වාතාශ්‍රය සහිත කාමරයක තබා සාමාන්‍ය ජිවිතයට හුරුකර ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු තීරණය කර තිබිණි. ඒ අනුව මහනුවර මහරෝහලේ ම පිළිකා සංගමය මගින් ලබා දෙනු ලැබු නේවාසිකාගාරයක් ඇයට ලැබිණි. එහි ඉද මාස දෙකක් පමණ ප්‍රතිකාර ලැබු ඇය " මට ඒ ලබා දුන් නේවාසිකාගාරයේ ද වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයක් යටතේ ප්‍රතිකාර ලැබිමට හැකිවුණා. නිතරම සුවදුක් විමසුවා. මට ගෙදර හිටියා වගේ දැනුෙණ්. ඇඟට කිසිම අමාරුවක් තිබුණේ නෑ. එහෙම මෙහි ප්‍රතිකාර ලබද්දි වෛද්‍යවරු මට ළඟදීම ගෙදර යන්ට පුළුවන් පණිවිඩය ගෙනාවා. මේ රෝහලේ සිටිය මාස දහයම මගේ මහත්තයයි දුවයි නෑදෑයොයි මාව බලන්ට ආවත් මට ගෙදර යන්ට පුදුම ආසාවක් තිබුණේ. මට ගෙදර යන්ට පුළුවන් කියන වචනය අහපුව ම කියාගන්න බැරි සතුටක් ඇති වුණා. ළඟ එන සිංහල අලුත් අවුරුද්දට කලින් ගෙදර යන්ට පුළුවන් බව කීවා."
පුෂ්පාට සුවවී යාමට තරම් සුදුසු තත්ත්වයේ නිවෙසක් ඇයට නො තිබිණි. ලංකාවේ ප්‍රථම වතාවට මෙවැනි සැත්කමකට භාජනය වූ කෙනකු වෛද්‍යවරුන්ට රටට මෙන් ම ජනතාවට ද සුරැකිය යුතු වස්තුවකි. හදවත් බද්ධයේ ඉදිරි ගමන රදා පවතින්නේ පුෂ්පාගේ ඉදිරි ජීවිතයත් සමඟ ය. ඇය ආරක්ෂා විය යුතු ය. කළ යුතු ය. ඇගේ කතාව ඇසූ මෙරට මනුස්සත්වය දත් බොහෝ දෙනකු ඇයට උදව් කිරිමට පෙළ ගැසුණි. ඒ අනුව පුෂ්පාගේ ඉදිකෙරෙමින් පැවති නිවෙස ඇයගේ රෝගි තත්ත්වයට ගැළපෙන අයුරින් බොහෝ දුරට පිළිසකර කෙරිණි. ජීවිත ආසාව අත්හරිමින් මහනුවර මහ රෝහලට පැමිණි පුෂ්පා නව ජිවයක් රැගෙන අනුරාධපුරයට නැවත යන විට තිබුණු නිවෙස වෙනුවට අලුත් නිවෙසක් තිබිණි. ඇය ජීවත්වීමේ අලුත් බලාපොරොත්තුවක් රැගෙන ගොඩවුයේ ඒ නිවෙසට ය.
තමා එනතුරු මඟ බලා සිටි දාහතර වියේ පසුවන එක ම දියණිය ස්වාමිපුරුෂයා මව පියා සහ නෑදැයෝ ඇය පිරිවරා ගත්හ. ජීවිත බලාපොරොත්තු අත් හල පුෂ්පා යළි අලුත් ජිවිතයක් අරන් නිවෙසට යාම කාටත් සතුටක් විය.
" මට ගෙදරට ආවහම පුදුම සතුටක් දැනුෙණ්. මගේ දරුවා ස්වාමිපුරුෂයා නෑදෑයෝ ආයේ දකින්ට පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට දැන් කිසිම අසනීපයක් නැහැ. ඉතාම සතුටින් අපි සිංහල අලුත් අවුරුද්ද සැමරුවා. මගේ ජිවිතයේ සතුටින් ම සිටිය අවුරුද්ද මේක. මට මෙහෙම ඉන්නටත් කතා කරන්නටත් පුළුවන් වුණේ වෛද්‍යවරුත්, හදවත දිපු ප්‍රදිප් මල්ලිත් නිසා. මම මේ කතා කරන්නේ එයාගේ හදවතින්.මට යළි ජිවිතය ලබා දුන් හැමෝටම පිං."පුෂ්පා පැවසුයේ උතුරා යන තරමේ සතුටකිනි.