
සිංගප්පුරුව වු කලි කි.මි. 50 දිග ඇති කි.මි. 27 පළල ඇති භූමි භාගයක පිහිටි ඉතා කුඩා රාජ්‍යයකි. එහෙත් ඉතා ශක්තිමත් දේශපාලන ක්‍රමයක් ද ස්ථාවර පරිපාලන ක්‍රමයක් ද ඇති රටකි. එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ පස්වන තැන රටවල් 176 අතරින් 6 වන තරම් පහළ මට්ටමක සිටින රටකි.
මෙම සංවර්ධනයට පසු බිම් වන අධ්‍යාපනය පවතින්නේ ඉතාම ඉහළ තැනකය. P I S A නමින් හදුන්වන අන්තර් ජාතික නිර්ණායකයට අනුව එරට සිටින්නේ 2015 දී ප්‍රථම ස්ථානයෙහිය. ඒ 2000 – 2009 දක්වා ප්රථමස්ථානයේ සිටි ප්රින්ලන්තය ද 2012 දී ප්‍රථම ස්ථානයෙහි සිටි චීනයද අභිභවා යාමකි.
එය 74% චින 13% මැලේ 09% දමිළ වෙනත් 3% සම්මිශ්‍රණ ජාතීන්ගෙන් සමන්විත රාජ්‍යයකි. එහි අධ්‍යාපන මාධ්‍යයද රාජ්‍ය භාෂාවද ඉංග්‍රිසි වේ. තමන්ගේ මව්බස උගන්වන්නේ දෙවන බසක් ලෙසටය. වයස 7 සම්පුර්ණ වු කල ආසන්නම පාසලට ළමයි ඇතුළත් කරති. මෙහි ප්‍රාථමික අධ්‍යාපන අවධිය 1 – 6 ශ්‍රේණි දක්වාය. ප්‍රාථමික තලය ප්‍රධාන අවධි 2කි. 1 – 4 සහ 5 -6 දක්වාය. ප්‍රාථමික අධ්‍යාපනය අවසානයේ P.S.L.C. (ප්‍රාථමික පාසල හැර යාමේ විභාගය) පැවැත්වේ. ද්වීතිය අධ්‍යාපනය 7 – 10 ශ්‍රේණි දක්වා ය. මෙහි G.C.E.(O.L) විභාගය පවත්වන්නේ 10 වන ශ්‍රේණිය අවසානයේදීය. ඒ දක්වා ද්විතිය අධ්‍යාපනය ගමන් මාර්ග හතරකින් යුත්තය.
1.විශේෂ 2. අධිවේගී 3.සාමාන්‍ය (ශාස්ත්‍රිය) 4.සාමාන්‍ය (කාර්මික)
ඊළඟ අවධිය හඳුන්වන්නේ පුර්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය නමින් ය.
මේ යුගය ඇමෙරිකා එක්සත් ජනපදයේ 11, 12 ශ්‍රේණි අධ්‍යාපනය මෙන්ය. මේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට G. C. E. (A. L)සඳහා සුදානම් වන අවධියයි.
මෙහිදී මානව ශාස්ත්‍ර, කලා සහ භාෂා, විද්‍යාව, ගණිතය යන පාඨමාලාවලින් යුත්තය.
තවත් කොටසක් කනිෂ්ඨ විද්‍යාල නම් වෙයි. මෙහිදී අවුරුදු 2- 3 පාඨමාලා - කාර්මික විද්‍යාල වලද තාක්ෂණික විද්‍යාලවලද හදාරති.
පුර්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ප්‍රධාන විශ්වවිද්‍යාල පහට ද ප්‍රධාන බහු තාක්ෂණික හයටද ඇතුළත් වෙති. මෙරට පාසල් අධ්‍යාපනයේ මෙහෙවර වන්නේ ‘සිතන පාසල් සහ ඉගෙන ගන්නා ජාතියක්’ යන්නයි. එය උදාවන සමාජ - දේශපාලන අවශ්‍යතාවලට ගැළපෙන අධ්‍යාපන ක්රමයකි. භාෂා ඥානය හා ගණිත ඥානයෙන් සිටි බව ගිය 21 වන ශත වර්ෂයේ ගැටලු විසදීම සහ සන්නිවේදන දක්ෂතා සියලු සිසුන්ට ලබා දීම අපේක්ෂා කෙරේ. තවමත් නොපවන්නා රැකියාවලට සුදානම් කිරීමත් තවමත් නුපන් අදහස් සහ විසඳුම් හා නිර්මාණ නව තාක්ෂණය ඔස්සේ සොයාගැනීමට ඉගැන්වීමත් ය. දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් සඳහා ඉගෙනීම අපෙක්ෂා කෙරේ. පාසල්, නව්‍යකරණයේ මධ්‍යස්ථාන ලෙස උනන්දු කෙරේ සිසුන්ට ඕනෑම අවස්ථාවක වේලාවක ඉගෙනීමට උපකාරි වන තාක්ෂණය ලබා දේ.
සුභග සිසුන් සඳහා අධිවේගි ඉගෙනුම් පහසුකම් ලබාදේ . සිංගප්පුරු පුරවැසියන්ගෙන් අධ්‍යාපන ගාස්තු අය නොකෙරේ. එහෙත් එම ශිෂ්‍යයන්ගෙන් ද ඉතා සුළු නාමමාත්ර ගාස්තුවක් (සිංගප්පුරු ඩොලර් 6.50) අය කෙරේ. මෙරට පාසල් වාර දෙකකි. ජනවාරි සිට මැයි දක්වාද ජුලි සිට නොවැම්බර් දක්වාද මෙහි පෞද්ගලික උපකාර පන්ති යෑම ඉතා ජනප්‍රිය ක්රමයකි. 97% කිසියම් ආකාරයකින් පෞද්ගලික උපකාරක සේවාවක් ලබා ගන්නා බව සඳහන් ය. (The Strait Times Singapore -2014 December 25)
ලෝකයේ ඉගෙනීමට වැඩි පුරම මහන්සිවන දරුවන් සිටින්නේ සිංගප්පුරුවේය. ‘ගෙදරවැඩ’ කරන අයගෙන් තුන්වන තැන සිංගප්පුරුවටය. වයස 15 ළමයි සතියකට පැය 9.4 ගෙදර වැඩ කරති. (ෂැන්හායි චීනයේ ළමයි පැය 13.8 ක්ද රුසියාවේ ළමයි පැය 9.7 ක් ද ගෙදර වැඩ කරති.) ඉහළ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන් 2000 -2009 දක්වා ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ෆින්ලන්තයයි. ගෙදර වැඩ අවම රට ෆින්ලන්තයයි. (Programme International School Assessment)මේ සාධක අනුව ඉහළම සාධක මට්ටම දක්වන්නේ ගෙදර වැඩ වැඩිම රට ද ගෙදර වැඩ අඩුම රට දැයි තීරණය කළ නොහැකිය.
ඒ.එම්.එස් ජයවීර