මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගත හැකි ක්‍රම.. | සිළුමිණ

මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගත හැකි ක්‍රම..

මොළය යනු උපන්දා සිට මිය යන තෙක්ම එකදිගට ක්‍රියාත්මක වන අවයවයකි. ශරීරයේ ඉතාම වැදගත් අංගයක් වන නිසාම මොළය සම්බන්ධව විවිධ ආකාරයේ අධ්‍යයනයන් සිදුකරනු ලබයි.අප අවට සිදුවන දේ පිළිබඳව තර්ක කරමින් සිතීම මගින් කුමන වයසක පසු වුවද මොළයේ ක්‍රියාකාරීත්වය හා බුද්ධි මට්ටම වර්ධනය කරගත හැකි බව මේ අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබේ.

මේ ලිපිය මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගත හැකි විවිධ ක්‍රම කිහිපයක් දක්වනු ලබයි.

ව්‍යායාම
දිනපතා ව්‍යායාම කිරීම මොළයට එහි උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට ස්නායු සෛල ගුණණය වර්ධනය කරමින් උපකාරී වේ. තවද මෙමඟින් එම ස්නායු සෛල අතර සම්බන්ධතාවයන් වැඩි කරමින් හා හානි වීම් වලින් ආරක්ෂා කිරීමද සිදු කරයි. ව්‍යායාම් මඟින් මොළයට රුධිරය සැපයීම ක්‍රමවත් කරන අතර ඉගෙනීමටද උපකාරී වේ.

සීනි මට්ටම පාලනය
ඉනිසියුලීන් මට්ටම ඉහළ අගයක පැවතීම මොළයේ ප්‍රතිචාර දැක්වීමට බරපතල හානි සිදුකරයි. මෙම මට්ටම අඩු වීමද අපගේ මතකයට හානිකර වේ. එනිසා ඉනිසියුලීන් මට්ටම සාමාන්‍ය අගයක පවත්වාගත යුතුය.

සමබල ආහාර
අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ වැඩි වශයෙන් ස්වාභාවික එළවළු, පළතුරු හා මස් මාළු වර්ග ආහාරයට එක්කර ගන්නා අයගේ  IQ මට්ටම ක්ෂණික සැකසූ ආහාර ලබා ගන්නා අයට වඩා වැඩි මට්ටමක පවතින බවය.

omega-3 මේද අම්ල
සැමන් වැනි  omega-3 මේද අම්ලය බහුල ආහාර වැඩි වශයෙන් දෛනික ආහාර වේලට එක්කර ගැනීම මොළයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වේ. ඔබ නිර්මාංශ පුද්ගලයෙකු නම්  omega-3 මේද අම්ල අඩංගු වෙනත් ආහාර වලට යොමු විය හැක. තවද මේවා මඟින් මොළයේ රුධිර සැපයීමද ක්‍රමවත් කරවයි.

දුම්බීම අත්හැරීම
දුම්පානය මඟින් ලැබෙන tobacco මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල කර පුද්ගලයෙකුගේ චින්තන ශක්තියද නැතිකර දමයි.



අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී

 

Comments