ගෙලෙහි වේදනාව දුරු කරන සරල ව්‍යායාම | සිළුමිණ

ගෙලෙහි වේදනාව දුරු කරන සරල ව්‍යායාම

 උදෑසන සිට රාත්‍රී නින්දට යන තුරුම මිනිසුන් තම ශ්‍රමය වැය කරන්නේ තම ශරීරයට දැනෙන වේදනාවන් පිළිබඳව ද නෙතකිමිනි.

නිදා ගැනීමේදී වැරදි ඉරියව් භවිතා කිරීම, නිසි ලෙස නින්ද නොයාම, සහ දැඩි මානසික ආතතීන් හේතුවෙන් නිරතුරුවම ගෙලෙහි වේදනාවන් හට ගනියි. විදේශීය වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද ගවේෂණත්මක පරීක්ෂණයකින් පසුව ගෙලෙහි වේදනාවන් පාලනය කිරීම සඳහා එදිනෙදා ජීවිතයේ දී සිදු කළ හැකි සරළ ක්‍රියාකරකම් කිහිපයක් reader’s digest සඟරාවේ දක්වා තිබුණේ මේ අන්දමිනි.

වැඩ කරන අතරවාරයේ දී ඔබේ දෑත් නළල මත තැබීම

බොහෝදෙනෙකු මානසික පීඩනයෙන් සීටී නම් බෙල්ලේ පේශි තද වීමක් සිදු වේ. ඔබ සිටින ස්ථානයේ තිබෙන මේසය මත හිස සෘජුව තැබීම සිදු කළ හැකි ය. එවිට බෙල්ලේ මාංශපේශී තද වීමේ ස්වභාවය තරමක් පාලනය කළ හැකි ය. ඉන් පසුව ඔබේ දෑත් නළල මත තබා ගෙන සිටීම සිදු කළ හැකි ය. මෙලෙස මේසය මත සෘජුව හිස තබා හිසෙහි පීඩනයට අඩු කර ගැනීමෙන් පසුව දෑත් නළලට තබා ගෙන සිටීමේ ක්‍රියාකාරකම තප්පර 3-5 අතර කාලයක් වරින් වර පස් වාරයක් සිදු කළ යුතු ය.තව ද සැම විටම අසුන් ගන්නා විට හිස සහ කඳ ප්‍රදේශය සෘජුව තබා ගත යුතු ය.

දිනකට දෙවරක් ශරීරය ලිහිල් කර ගැනීම.

මෙය කාර්යාලයක දී සිදු කළ හැකි පහසු අභ්‍යාස ක්‍රමයකි. ඔබේ දෑත් සහ පාද සෙලවීම සිදු කළ හැකි ය. දෑත් ගෙන උරහිස් මත තබා ගෙන පාද සෙලවීම කළ හැකි ය. තව ද දෑත් දෙක ඉණ ප්‍රදේශයෙහි තබා ශරීර කඳ ප්‍රදේශය සෘජුව තබා ගෙන සිටීම ද කළ හැකි ය. මෙම ක්‍රියාකාරකම් මඟින් පුද්ගලයෙකුගේ මතක ශක්තිය පවා වැඩි කර ගත හැකි බව විදෙස් වෛද්‍යවරුන් තම පරීක්ෂණ මඟින් තහවුරු කර ගෙන ඇත. මෙම ශරීරය ලිහිල් කිරීමේ අභ්‍යාස තප්පර 5 ක පමණ කාලයක් අවම වශයෙන් දිනකට දෙවරක් පමණ සිදු කිරීම වඩාත් සුදුසු ය.

රාත්‍රීයේ දී රූපවාහිනිය නරඹන විට උරහිස් එසවීමේ ක්‍රියකරකම කළ හැකි ය.

පළමුව ඔබ පුටුවේ ඉඳ ගැනීම කළ යුතු ය. කොඳු ඇට පෙළ සෘජුව තබා ගත යුතු ය. උරහිස් එසවීමත් සමඟ දෑත් ඉහළට එසවීම කළ යුතු ය.රූපවහිනී නරඔන අතරතුර දී දැන්වීම් තිරයේ දිස්වන කාලය තුළ දී මෙම ක්‍රියාකරකම කළ හැකි ය.

ඔබ රියදුරු අසුනෙහි හෝ පරිගණකය ඉදිරිපිට විනාඩි 45 කට වැඩි කාලයක් සිටින විට හිස කරකැවීම කළ හැකි ය.

බොහෝ අවස්ථාවල රිය පදවන විට සහ පරිගණක තිරය දෙස බලන විට, බෙල්ලේ පිටුපසින් ඇතිවන ආතතිය තරමක් වැඩි වේ. ඔබ එය දැන ගැනීමට පෙර, ඔබට හිසරදයක් ඇති වේ.එසේ වුවත් ඔබ විනාඩි 45 කට වැඩි කාලයක් රියදුරු අසුනේ හෝ පරිගණකය ඉදිරිපිට සිටින විට දී පැය කාලකට වරක් හෝ හිස කැරකැවීම ( ඉදිරියට, පසුපසට, පහළට, ඉහළට ) කළ යුතු වේ. එවිට ඔබේ බෙල්ලේ පිටුපස මාංශ පේශී ශක්තිමත් කළ හැකි ය. මෙලෙස එක් ස්ථානයකට වී දිගු කාලයක් ගත කිරීමට සිදු වන්නේ නම් 10 වාරයක් පමණ මෙම ක්‍රියාකාරකම කළ යුතු ය.

reader’s digest සඟරාව ඇසුරිනි.

මදාරා 

 

Comments