
දිනය පසුගිය බ්‍රහස්පතින්දාය. තවත් අපූරු පුවතකට සමාජ මාධ්‍ය ජාලයන්හි මෙන්ම පුවත්පත් කිහිපයකම ඉඩක් වෙන්වී තිබිණි. ඒ හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවට සඳහන් කළ තැනැත්තියක මෝචරියට රැගෙන යාමේදී පණ ලැබූ පුවතකි. එම පුවතේ සවිස්තරව සඳහන්ව තිබුණේ,
“පසුගිය 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් වී තිබුණේ උදරයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමටය. එහිදී වෛද්‍යවරුන් විසින් එම රෝගී කාන්තාව පරීක්ෂා කර බලා අනතුරුව ඇයට එන්නතක් නියම කර තිබී ඇත. හෙදියක විසින් එන්නත දුන්පසු මේ රෝගී කාන්තාව සිහිසුන්වී ඇති අතර නිමේෂයකින් වෛද්‍යවරුන් උපකල්පනය කර ඇත්තේ ඇය මියගොස් ඇති බවයි.මෙම කාන්තාව මියගිය පුවත රෝහලේ සිටි ඇයගේ ඥතීන්ට සැලවිය. සියලු දෙනා අඬමින් පැයක පමණ කාලයක් ගතවන්නට විය.
රෝහල් සම්ප්‍රදායට අනුව සාමාන්‍යයෙන් මියගියායැයි විස්වාස කරන රෝගියකු මෝචරියට දැමීමට පෙර පැයක් හෝ ඊට වැඩි වේලාවක් මියගිය පුද්ගලයා ඇඳ මත තබන අතර ඒ සම්ප්‍රදාය එලෙසම රකිමින් මෙම කාන්තාවද එලෙස රෝහල් ඇඳේ පැයක පමණ කාලයක් තබා ඇත. පැයක කාලයෙන් අනතුරුව මෝචරිය වෙත ට්‍රොලියක ආධාරයෙන් රැගෙන යැමේදී මියගියා යැයි වෛද්‍යවරු පැවසූ කාන්තාවගේ පාදයක් සෙලවෙනු දැක ඇත්තේ ඇයගේම ඥති සහෝදරියකි. ඇයගේ කෑ ගැසීම මියගිය පුද්ගලයා මෝචරියට ගෙන යාම වැළැක්වී ඇත. සියල්ල අවසන් විය.
රෝගියා වහාම ඥාතින්ගේ භාරයට යටත් විය. ඥාතීන් ඇයව වහා නිවසට ගෙන ගොස් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමු කරවන්නට පටන් ගත්තේය.
සියල්ල කණපිට පෙරළෙමින් ඇය මේ වන විටත් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්නීය. එහෙත් ඇයගේ තත්ත්වය එතරම් සතුටුදායක නොවන බවත් ඥතීහු පවසති.
හෝමාගම රෝහලේ ඇතැම් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්‌ඩලයන්හි වගකීමකින් තොර ක්‍රියාකලාපය ගැන ප්‍රදේශයේ ජනතාව පළකරන්නේ දැඩි අප්‍රසාදයකි.,, මේ කතාව සමාජ මාධ්‍ය ජාලා කිහිපයකම පළ වූ පුවතකි.
ඉහත ප්‍රවෘත්තියේ වූ විශේෂත්වය නම් කිසිදු අකුරක් හෝ වෙනස් නොකොට සියලුම මාධ්‍යයන්හි එය ඒ ආකාරයෙන්ම පළ කිරීමයි. එම නිසා මේ මාධ්‍ය වාර්තාකරණය එකම පුද්ගලයකු විසින් සිදුකළ බවට ද ඉඟි කළ හැකිය.කෙසේ හෝ අපද මේ පිළිබඳව හෝමාගම රෝහල් බලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ එහි ප්‍රකාශකයකු පැවැසූවේ එවැනි කිසිදු ආකාරයක සිදුවීමක් රෝහල තුළින් වාර්තා නොවූ බවයි. එහෙත් එම පුවත සත්‍යයක් නම් එය ලෙහෙසි කොට තැකිය යුතු කාරුණක් නොවේ. මන්ද වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා මඟින් යම් පුවතක සත්‍ය අසත්‍ය බව සොයා බැලීමකින් තොරව ප්‍රචාරය කිරීම සාමාන්‍ය දෙයක් වී තිබේ. එමනිසා පුවතක් පළකරන පිරිස් මීට වඩා සැලැකිලිමත් විය යුතුය. එක් මාධ්‍යයක පළ කරන පුවතක් ‘ගෙඩි‘ පිටින්ම ගෙන තම මාධ්‍ය අවකාශයේද පළ කිරීමේද බොහෝ සේ සැලැකිලිමත් විය යුතුය. මන්ද ඇතැමෙක් තම පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම වෙනුවෙන්ද සමාජ මාධ්‍ය භාවිත කරති. කෙසේ හෝ පුවතේ මේ කතාන්දරය සත්‍යක් නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම රෝහල් බලධාරීන් බාරගත යුතු වන්නේ තවත් දශමයක හෝ වෙනසක් වූවානම් නිරපරාදේ ජීවිතයක් මෙලොව හැර යන නිසායි.
සාමාන්‍යයෙන් කෙනෙකු මඟතොටකදී හෝ නිවෙසකදී මියගියත් රෝහලකට රැගෙන ගිය පසු රෝහල් ඇඳක් මත හෝ ට්‍රොලියක් මත පැය දෙකක පමණ කාලයක් තබා තිබීම සාමාන්‍ය දෙයක් පවට පත්ව ඇත. කෙනෙකු මියගිය බවට අවසන් නිගමනය දීම වෙනුවෙන් කාරණා කීහිපයක් කෙරෙහිම වෛද්‍යවරයකු විසින් අවධානය යොමු කරයි. ඒ, වෙද නළාව මඟින් හෘද ස්පන්දනය බැලීම, අතක් ගෙන වෛද්‍යරවරයා විසින් නාඩි බැලීම සහ රුධිර පීඩනය මැන බැලීම වැනි සරල කාරණා කිහිපයක් මඟින් කෙනෙකුගේ මරණය සිදුවී තිබේදැයි නිශ්චය කරයි. එහෙත් එවැනි කාරණා මඟින් සනාථ වූ පමණින් කෙනෙකු මියගිය පුද්ගලයකු සේ සලකා මෘත ශරීරාගාරයට රැගෙන යාමක් සිදු නොවේ. අනතුරුව රෝගියා හෝ මියගියා යැයි සිතන තැනැත්තාගේ තත්ත්වය තව තවත් තහවුරු කරගැනීම උදෙසා වෛද්‍යවරයා විසින් එක් ඇසක් තම ඇඟිලි තුඩුවලින් විවෘත කොට බලයි. ඒ සඳහා විදුල පන්දමක ආලෝක ධාරාවක්ද උපයෝගී කරගන්නේ එම පුද්ගලයා සිහි මුර්ජා ගතියෙන් සිටීනම් විදුලි පන්දමේ ආලෝක ධාරාවට ඇසේ බබා හෙවත් කනිනිකාව සංවේදී වන නිසායි. එය කෙනෙකු මියගිය බවට තහවුරු කරගැනීමට යොදා ගන්නා ඉතාම හොඳ සංවේදකයකි. එම විදුලි පන්දම් ආලෝකයට කිසිද ප්‍රතිචාරයක් නොදක්වයි නම් රෝගියා මියගිය බවට යම් ආකාරයක පණිවිඩයක් ලැබේ. එය කෙනෙකු මියගිය බවට සනාථ කිරීමට දෙන සංවේගජනක දැනුම් දීමකි.
එසේ මියගියා යැයි සිතන තැනැත්තා සුදු රෙදිකඩකින් හිස සිට දෙපතුළ දක්වා වැසෙන පරිදි පැය දෙකක පමණ කාලයක් රෝහල් ඇඳ මත තැබීම ඕනෑම රජයේ හෝ පෞද්ගලික රෝහලක සිදුවන ක්‍රියා පටිපාටියක් ලෙස සැලකේ. එම කාල පරාසය තුළදී මියගිය බවට සැලකෙන තැනැත්තාගේ සිරුර සීතල වී උෂ්ණත්වය පහළ බැස ගල් වීම සිදු වේ.
එසේ කෙනෙකුගේ මරණය රෝහලක් තුළදී සනාථ කරන සාමාන්‍ය ක්‍රියාදාමය වුවත් වෛද්‍ය වෘත්තිකයන් විසින් ඒ සියලු කාරණා වෛද්‍ය විද්‍යානුකූලව නියමාකාරයෙන් සනාථ කරන තෙක් කිසිදු මියගිය තැනැත්තෙකුගේ මෘත ශරීරයක් ‘මෝචරිය‘ දක්වා රැගෙන යාම සිදු නොවේ.එම නිසා හෝමාගම රෝහලෙන් මතු වූ පුවත ගැන වගකිවයුත්තන් අවධානය යොමුකොට එහි සත්‍ය අසත්‍යතාව රටට හෙළි කිරීම වගකීමක් වේ.