ඉන්ෆ්ලුවෙන්සා අවදානම තාමත්.... | සිළුමිණ

ඉන්ෆ්ලුවෙන්සා අවදානම තාමත්....

දකුණේ දරුවන් බිලිගනිමින් පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සා බිය දැන් දකුණෙන් තරමක් දුරට පහවී ගොසිනි. දරුවන් අතර පැතිරෙන වෛරස් උණක් පමණක් ලෙස මුලින් කල්පනා කළ නිසාදෝ මාර්තු අග කාලයේ සිට ටිකෙන් ටික පැතිරෙමින් ආ උණ රෝගී තත්ත්වය සාමාන්‍ය උණ රෝගය නොවන බව හදුනාගන්නට ද සැලකිය යුතු තරම් කාලයක් ගත වූයේ ය. වෛරස තුනක එකතුවක් බව මුලින් හඳුණා ගැණුනු මේ උණ රෝගය පසුව තහවුරු කර ගැනුණේ ඉන්ෆ්ලුවෙන්සා බවයි. එකී තහවුරු කරගැනීම් සිදු කරගන්නා මොහොත වන විටත් දකුණේ දරුවන් විස්සකට ආසන්න ගණනක් ඉන්ෆ්ලුවෙන්සාව විසින් ගොදුරු කරගනු ලැබ තිබිණි.

හැකි තරම් සීමා කිරීම යන කරුණු මේ උපදෙස් මාලාවේ විය. වාතය ඔස්සේ පැතිර යන රෝගී තත්ත්වයක් වීම නිසා රෝගය පැතිරී යාම වැළැක්වීම තරමක අසීරු කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකය පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝග කාණ්ඩ කිහිපයක් ම වෙතත මිනිසුන්ට වැළදෙන්නේ ්‍Human Influenza හෙවත් මිනිස් ඉන්ෆ්ලුවෙන්සාව ලෙස හඳුනාගෙන ඇති තත්ත්වය පමණ ය. ඒ ඉන්ෆ්ලුවෙන්සාවේ ද ඉන්ෆ්ලුවෙන්සා ඒ,බී සහ සී ලෙස ආකාර තුනකි. දැන් අපේ රටේ පැතිර යන්නේ ඉන්ෆ්ලුවෙන්සා ඒ නැමැති තත්ත්වයයි. ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසයේ මතුපිට දකින්නට ලැබෙන ප්‍රෝටීන වලට අනුව මෙම වෛරසය නැවත වර්ග කෙරේ. හෙමාග්ග්ලුටනීන් නම් ප්‍රෝටීනය එච් ප්‍රෝටීනය ලෙසත්, නියුරිමයිනඩේස් ප්‍රෝටීනය හෙවත් එන් ප්‍රෝටීනය අඩංගු ප්‍රමාණය අනුව ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරස වර්ග ගණනාවකි. මෙරට කලින් කලට පැතිර යන්නේ ්‍ය1භ1ල්‍ය3භ2 යන උප වෛරසයි'. මේ වෛරසය මිනිසාට හානිකර වන්නේ වෛරසයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිනිසාගේ ඇස් වලට, නාසයට හෝ මුඛය තුළට ඇතුළුවුවහොත් පමණි. ශරීරයට ඇතුළුවන වෛරස ප්‍රමාණය අනුව ඇතිවන රෝගී තත්ත්වය සාමාන්‍ය හෝ දරුණු විය හැකි අතර මේ වෛරසය ශරීර ගත වීමෙන් පසුව ඇතිවන සංකූලතා නිසා රෝගී තත්ත්වය උත්සන්න විය හැකිය. ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ශරීරගත වීමෙන් දින දෙකක් වැනි කාලයක් ගතවන විට ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදු කරන සායනික පරීක්ෂාවන් මඟින් සහ පෙන්නුම් කරන රෝග ලක්ෂණ මඟින් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හඳුනාගත හැකි නමුත් රෝගය උත්සන්න වීමෙන් පසුව ශ්වසන මාර්ගයේ පහළ කොටසට බලපෑම් ඇති කරන නිසා රෝගය නිශ්චිත කර ගැනීම තරමක අපහසුය. දකුණේ දරුවන් මිය යෑමට නියුමෝනියා තත්ත්වය හේතුවූ බව මුල් දිනවල අනාවරණය වන්නට හේතුව ද මෙය විය හැකිය.

බොහෝ දෙනා තමන්ගේ එදිනෙදා ගමන් බිමන් සදහා පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීම ද ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පහසුවෙන් පැතිර යෑමට තුඩු දෙන්නකි. වෛරසය තැවරී ඇති පෘෂ්ඨයක් ඇල්ලීමෙන් පසුව මුහුණ පිස දැමීම වැනි ක්‍රියාවකින් වෛරසය ඉතා පහසුවෙන් ශරීරගත විය හැකිය. මේ නිසා පොදු ප්‍රවාහන සේවාවක් භාවිත කර නිවසට හෝ කාර්යාලයට පැමිණි විගස සබන් දා අත් සෝදා ගැනීම වැඩි පරෙස්සමට හොඳ ය. හැකි නම් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුඛ අවාරණයක් භාවිත කිරීමද තම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රයාමාර්ගයකි. යම් පුද්ගලයකු දවස පුරාම එක ම ලේන්සුවක් භාවිතා කරන්නේ නම් මේ රෝගයට ගොදුරුවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇත. එසේම රෝගය පැතිරීම පාලනය කරගැනීමට හොද පුරුදු අනුගමනය කිරීමේ වැදගත් කම ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

පාසල් සහ පෙර පාසල් වලට ඇතැම් දෙමව්පියෝ පාසල් වල වැඩ පාඩු වෙනවා කියන සිතිවිල්ලෙන් රෝග ලක්ෂණ තියෙන දරුවන් පවා එවනවා, පැතිර යන ඉන්ෆ්ලුවෙන්සාව ගැන වෛද්‍ය මතය එවැන්නකි.

එමෙන්ම තවත් ගැටලුවක් තිබේ. ඒ මේ වෛරසය මර්ධනය කරන්න තව අවුරුදු කීපයකින් මේ එන්නතම යොදා ගන්න පුළුවන් ද යන්නයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ ඒ නිර්දේශිත එන්නත භාවිතය ගැන දක්වන්නේ එවැනි අදහසකි.

කෙසේ වෙතත් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු දකුණේ රෝහල්වල වසංගත තත්ත්වය පාලනය වී තිබුණ ද ගම්පහ මහ රෝහලේ සහ මහනුවර ශික්ෂණ රෝහලේද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේද සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බව කියැවේ. ඒ නිසා අවධානම තවමත් පහව ගොස් නැත. අවධානමට පෙර සූදානම වටින්නේය. නීරෝගීකම උතුම්ම සැපත නිසා ලෙඩකට ගොදුරු වනවාට වඩා වැළකීම වටින්නේය. එනිසා තවතවත් හොද සෞඛ්‍ය පුරුදු එදිනෙදා ජීවිතයට ළං කරගෙන ඉන්ෆ්ලුවෙන්සාවෙන් වැළකෙමු.

Comments