මේ සතිය ඔබට කොහොමද? | සිළුමිණ

මේ සතිය ඔබට කොහොමද?

ජුනි 24 සිට 30 තෙක් සත් දින

මේෂ සැනසිලිදායක වේ

ලග්නාධිපති කුජ වක්‍රව උච්ඡව කර්මස්ථානයේ දිග්බලයෙන් ලග්නය දකී. කේතු සමඟයි. ගුරු වක්‍රව ලග්නය දකී. මෙම පිහිටීම අනුව උසස් අයගේ ආධාරය උපකාරය හා සැලකිල්ල මධ්‍යයේ ක්‍රියා කරයි. වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යෑමේදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ද උදා වේ. ආර්ථික වශයෙන් ද අයහපත් නැත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙන දෙයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. වාසි ලබයි.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- සඳුදා

වෘෂභ මිශ්‍රඵලයි

ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ ද යෝගකාරක සෙනසුරු වක්‍රව අටේ ද වේ. මෙම කාල සීමාව තුළ පොදු වශයෙන් යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා තම කටයුතු කරගෙන යාමේද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන් සමග කටයුතු කිරීමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන්ම උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා

මිථුන ශුභා’ශුභ මිශ්‍රයි

ලග්නාධිපති බුධ දෙවැන්නේ සිකුරු සහ රාහු සමඟයි. සමාජීය කටයුතු කරගෙන යෑමේදී අන්‍යයන්ගේ ආධාරය ද උපකාරය ද ලබයි. ප්‍රීතිදායක උත්සවලට යෑමට ඉඩ ලැබේ. ඥාති මිත්‍රාදීහු තමා හමුවීමට පැමිෙණති. සතුටෙන් කාලය ගත කළත් විටින් විට බාධා අවහිරතා, ගැටලූකාරී තත්ත්වයන්ට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වුවත් විටෙක උසස් නිලධාරීන්ගේ බාධා අවහිරතාවන්ට ද ඉඩ පවතී. ස්වකීය උත්සාහයෙන් හා කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා

කටක කරදර සහිතයි

ලග්නාධිපති අටවැන්නේ සිටී. ගුරු කේන්ද්‍රගතයි. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේදී බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා කල්පනාකාරීව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකියි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී විටින් විට බාධා අවහිරතා ඇති විය හැකි නිසා සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් අපවාද චෝදනාවලට ඉඩ මතු කළ හැකි බැවිනි. මුදල් නාස්තිවීම් ද අනපේක්ෂිත වියදම් ඉහළ යෑම ද පෙන්වයි.

ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා

සිංහ වාසි ලබයි

ලග්නාධිපති රවි අයස්ථානගතව සිටිය දී සතිය ආරම්භ වේ. ශනි පහේද ගුරු 3 ද ගෝචරය වේ. විටෙක අලූත් උසස් තත්ත්වයකට පත් වේ. සමාජීය සැලකිල්ලට ද ගෞරවයට ද බලපායි. අලංකාරයට, ප්‍රසිද්ධියට කටයුතු සැලසේ. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. අන්‍යයන්ගෙ උපකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය- රෝස, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා

කන්‍යා දියුණුවක් ලබයි

ලග්නාධිපති බුධ අයස්ථානයේය. ගුරු වක්‍රව දෙවැන්නේ සිටී. මෙම පිහිටීම් තුළ සමාජයේ කිසියම් ඉහළ තත්ත්වයකට පත් වේ. ගෞරවය සැලකිල්ල මධ්‍යයේ ක්‍රියා කරයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක් පෙන්වයි. වෘත්තීය සහ රැකීරක්ෂාවල සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇත. සැමගේ ආධාර උපකාර ලැබිමෙන් තම කටයුතු සාර්ථක වේ. ආදායම් ලැබිම ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදරදොර සමගිය සාමය සුරක්ෂිත වේ.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා

තුලා සමඵලයි

ලග්නාධිපති සිකුරු කර්මස්ථානයේ සිටියදී සතිය ආරම්භ වේ. යෝගකාරක සෙනසුරු වක්‍රව තුන්වැන්නේය. ගුරු වක්‍රව ලග්නගතවීම අයහපත්ය. මෙම පිහිටීම් තුළ විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ඉන් කිසියම් යහපත් ප්‍රතිඵලයක් ලබනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සතුරු කරදර බාධා නිසා විපතට පත්වීමේ ඉඩ පවතී. අලූත් දේවල් සෙවීමට යෑමෙන් වැළකිය යුතු අතර කරගෙන යන කටයුතු පමණක් සිහිකල්පනාවෙන් යුක්තව කරගත යුතු සතියකි.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා

වෘශ්චික කල්පනාකාරී වන්න

ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චව කේතු සමග සිටිය දී සතිය ආරම්භ වේ. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරී විය යුතුයි. රැකීරක්ෂා කටයුතු මෙන්ම වෘත්තීය කටයුතුවල දී විමසිලිමත්ව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම්ම බාධා නැත.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- අඟහරුවාදා

ධනු අවහිර බාධා

ලග්නාධිපති ගරු වක්‍රව අයස්ථානයේ ද සිටිමින් සතිය ආරම්භ වේ. බුධ, සිකුරු, රාහු අටේ ද සිටී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ යම් යම් අවස්ථාවල සිත් තැවුල්, පීඩා මධ්‍යයේ ක්‍රියා කරනු ඇත. සාමාන්‍යයෙන් කෙරීගෙන යන කටයුතුවල පිළිවෙළ වෙනස් විය හැකියි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ගැටලූකාරී තත්ත්ව ඉස්මතු වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් ආදායම් ලබයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා

මකර ශුභා’ශුභ මිශ්‍රයි

ලග්නාධිපති ශනි වක්‍රව සිටිය දී සතිය ආරම්භ වේ. කුජ ලග්නයේ උච්චයි. ගුරු වක්‍රව කර්මස්ථානයේය. මෙම පිහිටීම් තුළ යම් යම් බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකියි. ආර්ථික වශයෙන් නම් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍ර මගින් ආර්ථික වාසි ලබා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටන අයට වාසි ගෙන දේ.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා

කුම්භ මිශ්‍රඵලයි

ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ සිටිමින් ලග්නය දකී. යෝග කාරක සිකරු හයවැන්නේය. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා දුෂ්කරතා මතු කළ හැකියි. කෙරීගෙන යන වැඩපිළිවෙළේ වෙනස්කම් ඇති වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි.

ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- සිකුරාදා

මීන බාධා අවහිරතා

ලග්නාධිපති ගුරු අටවැන්නේ වක්‍රව සිටිය දී සතිය ආරම්භ වේ. මෙම ග්‍රහ ගෝචරයන් තුළ එතරම්ම ශුභඵලදායක නොවේ. තමාගේ කටයුතුවලට බාධා අවහිරතා එල්ල වනු ඇත. එම නිසා හැම විටම ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී කල්පනාකාරී වන්න. ආදායම් ලැබිම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදාර කටයුතුවල දී සමගියට සාමයට බාධා එල්ල වේ. එම නිසා ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා

ජ්‍යොතීර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල

Comments