
ජපන් බුදු දහම හඳුන්වන “සෙන්” යන වචනයේ අරුත “ධ්‍යානය” යන්නයි. නොයෙක් වත් පිළිවෙත් ද භාවනා හා ශිල්ප ක්‍රම හැදෑරීම්ද අවසානයේ ධ්‍යාන සුව විඳිනා යතිවරුන්ට නිවහන සැපයූ කුටියකි මේ.
ජපානයේ, කියෝතෝ හි පිහිටා ඇති මේ සෙන් බෞද්ධ ආරාමයේ ඉතිහාසය ක්‍රිස්තුවර්ෂ 14 වැනි සියවස දක්වාම ඈතට විහිදෙයි. මනෝමූලික ශක්තීන්හි වපසරිය ගැන පර්යේෂණ කරන අයට මෙය කදිම පර්යේෂණාගාරයකි.
පව් සේදීම
සියලු කිලි කුණු ගංගා නම් නදියේ පා කර යවා, පිරිසුදු කරගත් පිරුවට අරුණෝදයේ රැසින් වියළන තවත් එක් උදෑසනකි මේ. ඒ නදියේ ශුද්ධ වූ ජලය යනු දෙවියන්ගේ ආශිර්වාදය යැයි අදහන නිසාම එහි සෑම උදෑසනක්ම කාර්ය බහුලය.
ලෝකයේ අපවිත්‍රම ගංගාවක් යැයි පරිසර සංවිධාන වෙතින් නම් කෙරුණු මේ නදියේ වතුරටත් ගිලනුන් සුව කළහැකි වීම, බැතිමතුන්ට සෞභාග්‍යය උදාකර දිය හැකිවීම අපට සිහිපත් කර දෙන්නේ මිනිස් සිතේ විශ්වාසයන්හි බල සම්පන්න බව කොතෙක්ද යන්නයි!
ඇස ගැටීම
වනයේ සිංහයකු හා ඇසට ඇස මුණගැසීම ඡායාරූප ශිල්පියකුට විරල වාසනාවකි. සිංහයාගේ සෙයියාවත් සමඟ ඡායරූප ශිල්පියාගේ මීළඟ මිනිත්තුව පිළිබඳ සියලු කාරණා තීන්දු වන බව නොරහසකි.
ටැන්සානියාවේ, සෙරෙන්ගෙති ජාතික වනෝද්‍යානයේදී මේ වැඩුණු පිරිමි සතාව ඇසට ඇස මුණ ගැසෙන්නට වාසනාව තිබුණේ සුප්‍රකට ඡායරූප ශිල්පී ටිම් බ්රයන්ටය. සාමකාමී කල්පනාවක නිමග්න වී මේ යෝධ සිංහයාගේ හමුවීම ජීවිතයට අමතක නොවන්නක් බව ටිම් බ්‍රයන් පවසයි.