පල­තුරු ගස් කපන්න රජයෙන් අව­සර පත්‍ර­යක්? | Page 2 | සිළුමිණ

පල­තුරු ගස් කපන්න රජයෙන් අව­සර පත්‍ර­යක්?

 

අපේ රටේ ජාතික ගීයේ පවා විස්තර කෙරෙන්නේ "ධාන්‍ය ධනය නෙක මල් පළ­තුරු පිරි ශ්‍රී ලංකා­වක්" ගැන ය. ඒත් වර්ත­මා­නයේ ඒ නෙක පල­තුරු සහ එළ­වළු ගැන වෙළ­ඳ­පොළේ තිබෙන්නේ අර්බු­ද­යකි. පල­තුරු මිල වැඩි බවට පාරිෙ­භා්ගි­ක­යන් මැසි­විලි නඟද්දී පල­තුරු වගා­ක­රු­වන් මැසි­විලි නඟන්නේ අස්වැ­න්නට නිසි මිලක් නොලැ­බෙන බවට ය. මේ මැසි­විල්ල ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට අහ­න්නට ලැබුණේ පහු­ගිය සතියේ දව­ස­කයි. ඒ පොළො­න්න­රුව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ ආසන බල­ම­ණ්ඩ­ලය පිහි­ටු­වී­මට එක්වූ අව­ස්ථා­වේ­දීය. බෙහෙත් නොගැසූ පැපොල් කිලෝ­වක් රුපි­යල් පහ­ළො­වක තොග මිල­ක­ට­වත් අලෙවි කර­ග­න්නට බැරි නමුත් වෙළ­ඳ­පොළේ එය රුපි­යල් අසූ­ව­ක­ටත් වඩා වැඩි මිලට අලෙවි වන බව වගා­ක­රුවෝ පැව­සූහ. දේශිය දොඩම්, කෙසෙල්, අන්නාසි, පේර, වැල්දො­ඩම් ආදී සෑම බෝග­යක් සම්බ­න්ධව ම තත්ත්වය මෙය බව ගොවීහු ජනා­ධි­ප­ති­තු­මාට පැහැ­දිලි කර දුන්හ. ගොවීන්ට කඩි­නම් පිළි­තු­රක් ලැබිණි.

මේ සම්බන්ධ ව දෙයා­කා­ර­ය­කට තමන් ක්‍රියා­ත්මක වෙන බවට ජනා­ධි­ප­ති­තුමා ගොවීන්ට පොරොන්දු වූයේ ය. එකක් නම් රටින් ගෙන්වන මිදි, ඇපල්, කහ­දො­ඩ­ම්ව­ලට ආන­යන බදු වැඩි කිරී­මයි. එවිට රට පල­තු­රු­වල වෙළ­ඳ­පොළ මිල ඉහළ යන නිසා මිලදී ගැනීම් අධෛ­ර්ය­වත් වේ. පල­තුරු මිලදී ගන්නන්ට, අඩු මිලට දේශිය පලතුරු මිලට ගන්නට නම් ඒවා අඛණ්ඩ ව වෙළ­ඳ­පො­ළට සැප­යෙන ක්‍රම­වේ­ද­යක් සකස් කළ යුතු වේ. මේ වෙනු­වෙන් ජනා­ධි­ප­ති­තුමා නව නීති­යක් ගෙන එන බව කීවේ ය. එනම් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව සහ එහි විශේ­ෂ­ඥ­යන් නම් කරන පළ­තුරු ගස් මින් ඉදි­රි­යට කැපී­මට පෙර රජයේ බල­ප­ත්‍ර­යක් ගැනී­මට නීති සැක­සී­මයි. ආහාර භෝග ගොන්නට නම් කෙරෙන ඒ් පල­තුරු ගස් මේ නව නීතිය ස්ථාප­නය කළ පසු කපා දම­න්නට නම් රජයේ අව­සර පත්‍ර­යක් ගත යුතු වේ. ඒ සඳහා කැබි­නට් පත්‍රි­කා­වක් සකස් කිරීම එහි මීළඟ පිය­වර ය.

පල­තුරු වගාව පිළි­බඳ යහ­පත් වැඩ­ස­ට­හන් වේග­යෙන් දියත් කෙරෙ­මින් පව­තින සම­යකි මේ. ආහාර නිෂ්පා­දන ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව දීප ව්‍යාප්තව පල­තුරු ගම්මාන 2000 ක් පිහි­ටු­වීමේ වැඩ­ස­ට­හන, කාබ­නික පොහොර භාවි­තය ප්‍රච­ලිත කිරීම, වස විස නැති ආහාර භාවි­ත­යට හුරු කිරීම, ගොවි­බි­මට තාක්ෂ­ණය සැප­යීම, වැව් හා සුළු වාරි­මාර්ග ප්‍රති­සං­ස්ක­රණ, කෘෂි­මාර්ග සංව­ර්ධන වැඩ­ස­ට­හන්, වගා­නො­කළ ඉඩම් වගා කිරීමේ වැඩ­ස­ට­හන ආදී වැඩ­ස­ට­හන් රැසක් නිහ­ඬව ම මෙරට තුළ ක්‍රියා­ත්මක වෙමින් තිබේ.

මේ වැඩ­ස­ට­හන් මගින් ඉටු කෙරෙන්නේ කාලීන අව­ශ්‍ය­තා­වකි. පල­තුරු ආහා­ර­යට ගැනී­මට ලොකු කුඩා කවු­රුත් දක්වන්නේ උන­න්දු­වකි. කාර්ය බහු­ල­ත්වය නිසාම ක්ෂණික ආහාර හෝ කඩ කෑම­ව­ලට යොමුවී සිටින ජන­තාව සිතේ සතු­ටින් අගු­ණ­යක් නොමැති කෑමක් ලෙස විශ්වා­ස­යෙන් ආහා­ර­යට ගන්නේ පල­තු­රුය. අද වෛද්‍ය­ව­රුන් පවා පව­සන්නේ එක් පුද්ග­ල­යෙක් අඩුම තර­මින් දින­කට පළ­තුරු ග්‍රෑම් 80 ක් වත් ආහා­ර­යට එකතු කර­ගත යුතු බවයි. ඒත් එප­මණ පල­තුරු කන්නට යම් මුද­ලක් වැය කළ යුතු වේ. මුදල් වැය කර කෑවත් ඒවා ඇතැ­ම්විට ඇඟට අහි­ත­කර වන්නේ අධික ලෙස බෙහෙත් ගසා අලෙවි කරනා නිසා ය.

පල­තුරු වෙළ­ඳා­මෙහි මහා පරි­මා­ණ­යෙන් නියැළී සිටින ඇතැම් ව්‍යාපා­රි­ක­යන් අධික මිල ගණ­න්ව­ලට පල­තුරු අලෙවි කර පාරි­භෝ­ගි­ක­යන් කොල්ල කන අතර ම පල­තුරු කල්තබා ගැනී­මට හා ඉක්ම­නින් ඉදවීමට නීත්‍ය­නු­කූල නොවන නොයෙක් රසා­ය­නික ද්‍රව්‍ය එකතු කරන්නේ පාරි­භෝ­ක­යන්ගේ සෞඛ්‍යය ආර­ක්ෂාව පිළි­බඳ කිසිදු තැකී­මක් නොකර ය. මේ තත්ත්වය වෙනස් කිරී­මට වහාම පල­තුරු වෙළ­ඳා­මට අදාළ නව නීති අකු­රට ක්‍රියා­ත්මක කළ යුතුය. රජයේ අනු­මත ඉද­වු­ම්කා­රක සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නිසි ප්‍රමා­ණය ඉක්මවා භාවිත කරන වෙළෙ­ඳුන් වහාම නීතියේ රැහැ­නට හසු­කර ගත යුතු වේ.

මෙරට උඩ­රට පල­තුරු වශ­යෙන් වාණිජ ව වගා කෙරෙන්නේ ස්ට්‍රෝබෙරි, පෙයාර්ස් සහ අලි­පේ­රය. පහ­ත­රට මහා පරි­මාණ වගා බිම්වල කෙසෙල්, අඹ, පැපොල්, කොමඩු සහ අන්නාසි වගා කෙරෙයි. මේ නිසා වෙළ­ඳ­පොළේ සුල­බව මිලදී ගැනී­මට තිබෙන්නේ ඒ් පල­තුරු ය. එහෙත් ශ්‍රී ලංකාවේ වැවෙන පල­තුරු ගැන විමසා බලන අය­කුට මේ සීමිත පල­තුරු නාම­ව­ලට අම­ත­රව තවත් සිය දහ­සක් නම් සොයා­ගත හැකිවේ. ළාවලු, සැප­තිල්ලා, වරකා, දොඩම්, නාරං, දෙලුම්, ජම්බු, රඹු­ටන්, උගු­රැස්ස, ලොවි, වෙරළු, දිවුල්, බෙලි, මැංගුස්, කරඹ, නෙල්ලි, ගඩු­ගුඩා, ගල්සි­ය­ඹලා, අනෝදා, වීර, පලු, මල්බෙරි, හිඹුටු, බෝවි­ටියා, යනු ලංකාවේ වැවෙන පල­තුරු අතු­රින් අත­ළො­ස්සක් පමණි. පසු­ගිය වසර කිහි­ප­යක ම පාහේ හොරණ කනං­විල පල­තුරු පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය කළ පල­තුරු ප්‍රද­ර්ශ­නය නර­ඹ­න්නට ගිය ලොකු කුඩා කාටත් ජීවිතේ මෙතෙක් නුදුටු නෑසූ ලාංකික පල­තුරු ගැන පවා දේවල් දකි­න්නට ලැබුණේ මේ රටේ සරු පොළොව ගැන විස්මය දන­වන ලෙස ය.

වැඩි­හිටි පර­ම්ප­රා­වල ගම්බද ව හැදුණු උද­විය මේ වාණිජ වශ­යෙන් වගා නොකෙ­රෙන ගම්බද පල­තු­රු­වල රස දන්නේ නමුත් අද ළමා පර­පු­රට මේ වාණිජ වශ­යෙන් වගා නොකෙ­රෙන පල­තුරු රස දිවට දැනෙන්නේ කලා­තු­ර­කිනි. මේ පල­තුරු වෙළ­ඳ­පො­ළට ගෙන්වා ගන්නට ඇති හොඳ ක්‍රියා­මා­ර්ග­යක් ලෙස මේ පල­තුරු ගස් සංර­ක්ෂණ වැඩ­ස­ට­හන කදිම ය. ඒ වැඩ­පි­ළි­වෙල ක්‍රියා­ත්මක වීමෙන් ශ්‍රී ලංකාව යළි මල් පළ­තුරු පිරි ජය­භූ­මි­යක් බවට පත්වෙන බව නියත ය.

Comments