
අවුරුදු දාසය දාහත යනු හිතුවක්කාර වයසක්. වැඩිහිටියන් කියන්නේ එසේ ය. නමුත් මේ දඟකාර වයසේ වැව් දිය, ගංවතුර සමඟ ගැටෙමින් අන් අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන හොරණ ඉංගිරිය ප්‍රදේශයේ ගැටවරයෝ අපට හමු වූයේ අනුරාධපුරය බසවක්කුලම වැව ආසන්නයේදී. පොලිස් ජීවිතාරක්ෂක බළකාය සමඟ එක් වී වන්දනාවේ පැමිණි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අව්වේ වැව් දියේ එහා මෙහා යන බෝට්ටුවල දවස ගත කරන තරුණයන්ගේ කතාව පිටුපස තවත් කතාවක් ඇත. මේ ඔවුන්ගේ ඒ කතාවයි. දඟකාර වයසේ ශිෂ්‍යයන්ගේ වීර කතාවයි.
පසුගිය කාලයේ ම රට විවිධ ස්වභාවික විපත්වලට ගොදුරු විය. වැසි වැටෙන්නේ, කඳු කඩා වැටෙන්නේ, ගංවතුර ගලන්නේ නාය යන්නේ, අනපේක්ෂිතවය. එවන් විටෙක විපතට පත් ජනතාවට කාගේ හෝ පිහිට වුවමනා ය. තම ජීවිත ගැනවත් නොසිතා තම ගම් ප්‍රදේශයේ ජනතාවට සුවිශාල සේවයක් ඉටු කළ පොඩ්ඩන් ගැනයි මේ කතාව. ඔවුහු තවමත් පාසල් වියේ පසු වන්නෝ ය.
![]() |
සැරයන් නිමල්සිරි |
සිද්ධිය තරමක් පැරණි ය. එසේ වුව ද පොඩ්ඩන්ගේ දක්ෂකම් ගැන නොකියාම බැරි ය. ඉකුත් වසරේ මැයි මස 25 දා රාත්‍රියේ ඉංගිරිය ප්‍රදේශයට තද වැසි ඇඳ වැටිණ. කඳු කඩා වැටිණි. ගස් කඩා වැටිණි. මේ තත්ත්වය යටතේ ප්‍රදේශය පුරා ගංවතුර උවදුර පැතිරිණි. මෙහිදී විපතට පත් ඉංගිරිය ප්‍රදේශවාසීන්ගේ පිහිටට ඉදිරිපත් වූයේ ඉංගිරිය පොලිසියයි. පොලිසියේ සහායට පැමිණියේ පාසල් දරුවෝ නව දෙනෙකි.
“අපේ තියෙනවා ඉංගිරිය ජල ක්‍රීඩා සමාජයක්. මේ ජල ක්‍රීඩා සමාජයේ තමයි අපි පුහුණුවීම් කරන්නේ. මුහුදේ පුහුණුවීම කරලා තමයි අපි පිහිනන්න පුරුදු වුණේ. කොහොම හරි ගංවතුර ඇති වුණ දවසට පසු දා අපට ඉංගිරිය පොලිසියෙන් කිව්වා ප්‍රදේශවාසීන්ගේ උදව්වට යන්න කියලා. අපිට බෝට්ටු දෙකක් ලබා දුන්නා. ඒ බෝට්ටු හබල් ගහන ඒවා. අපි එදා මිනිස්සුන්ගේ ගෙවල්වල බඩු ඇදලා දුන්නා. විපතට පත් වෙලා ඉන්න අයට කෑම ගිහිල්ලා දුන්නා. අපේ ගෙවල්වලින් නම් ඒ තරම්ම කැමැත්තක් තිබුණේ නැහැ වතුරේ යනවට. අපි ලෙඩ වේවි කියලා ඒ ගොල්ලෝ බය වුණා. නමුත් අපි නව දෙනා අපට පුළුවන් උපරිම සේවාව අපේ ගමේ අය වෙනුවෙන් ලබා දුන්නා.
ඉංගිරිය ගාමිණි මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සංජන දිල්ෂාන් පවසන්නේ දින දහයක් තුළ සඟයන් සමඟ කළ හපන්කම් ගැන ය. විපතට පත් මිනිසුන්ගේ උදව්වට පැමිණි පාසල් දරුවන් අතර සිටි යසිරු රන්දුල කියන්නේ මෙවැනි කතාවක්.
“මම ඉගෙන ගන්නේ ඉංගිරිය ගාමිණි මධ්‍ය විද්‍යාලයේ. මෙවර සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබනවා. අපේ පුහුණුකරු තමයි පොලිස් සැරයන් එම්. නිමල්සිරි මහතා (27207) අම්මයි තාත්තයි තමයි මාව පිහිනුම් සමාජයට යොමු කළේ. ඉස්සර මම වතුරට හරිම බයයි. ඒත් පීනන්න ගත්තට පස්සේ ඒ බය ටික ටික ඇරුණා. විසිපහ රෑ තමයි හොඳටම වැස්සේ. මම 26 වැනිදා උදේ ඉස්කෝලේ ගියා. මම ඉස්කෝලේ ඉඳලා ගෙදර ආවා. ඉන් පස්සේ බයිසිකලේ අරගෙන තම්බපාන ගම පැත්තට ගියා. ඉංගිරිය ටවුම හරියට එද්දී නිමල් සර් කතා කරලා කිව්වා ගංවතුර දාලා තියෙන්නේ යාළුවන්ට පණිවුඩය කියන්න කියලා. මම යාළුවෝ තුන් දෙනෙක්ට ම පණිවුඩය දුන්නා. අපේ කණ්ඩායමේ හිටපු දසුන්ගේ ගේත් ගංවතුරට යටවෙලා තිබුණේ. අපිට ලැබුණ බෝට්ටු දෙකෙන් එකකට දසුන්ගේ තාත්තවයි දසුන්වයි එයාගේ ගෙදර බඩුයි පැටෙව්වා. මේ බෝට්ටු මෝටර්වලින් වැඩ කරන ඒවා නෙමෙයි හබල් ගහන බෝට්ටු. අපි අපිට පුළුවන් උපරිම සේවාව ජනතාව වෙනුවෙන් කළා.” යසිරු පවසන්නේ තෘප්තිමත් හඬිනි.
ගංවතුර පැවැති දින දහයම දසුන්ලා ඇතුළු පිරිස තම තමන්ට හැකි සෑම අයුරින් මිනිසුන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට කැපවූහ. මේ පාසල් දරුවෝ උදෑසන හතට පමණ නිවසින් පිටවී යළිත් රාත්‍රි දහය පමණ පසු වී නිවසට එන්නට වූහ. ඇතැම් දිනවල ඔවුන්ට වතුර උගුරක්, කෑම කටක් නොලැබිණි.
“අපි කෑම බීම ගැන හිතුවේ නැහැ. ගම්වලට විදුලිය තිබුණේ නැහැ. ඒ නිසා අපට දුරකථනයවත් චාර්ජ් කරගන්න බැරි වුණා. අම්මලා තාත්තලාගෙන් බැණුම් ඇහුවේ අපේ තොරතුරක් නැහැ කියලා. නිමල් සර් නිසා තමයි අපිට මේ ලෙසින් විරුජන සම්මාන උලෙළේදී සම්මානයක් ලැබුණේ. ඒ වගේ ඇගයීමක් ලැබීම ගැන අපට සතුටුයි. එය අප දිරිමත් කිරීමක්. ඒ වගේ අපේ ඉස්කෝල වලටත් එය ආඩම්බරයක්.” යසිරු පවසයි.
දුකේදී අනුන් කෙරෙහි උණුවන හදවත් ඇත්තෝ විරලය. බාල වියේදී ම දරුවන් මෙලෙසින් අන් අයගේ යහපත පැතීම ඇගයිය යුත්තකි.
ඉංගිරිය ගාමිණී විද්‍යාලය, හොරණ විද්‍යාරතන විද්‍යාලය හා ඉංගිරිය තම්බපාන විද්‍යාලයේ මධුශංඛ ලක්ෂාන්, යසිරු රන්දුල, දසුන් තාරක, සංජන දිල්ෂාන්, සුසර විමුක්ති කලවටුවාව, සතිල දිල්ෂාන්, හර්ෂණගේ, බුද්ධිම සතිර සම්පත්, උදයකුමාර චමෝදි රත්නායක යන පාසල් සිසුන් ගංවතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කැපවූ පිරිස වේ.
මේ දරුවන්ගේ කැපවීම පිළිබඳ අදහස් දක්වන ඔවුන්ගේ පුහුණුකරු සැරයන් නිමල්සිරි මහතා පවසන්නේ මෙවැනි කතාවක්.
එදා ගංවතුර වේලාවේ මට මේ අයගෙන් පුදුමාකාර සහායක් ලැබුණා. පළවැනි දවසේ අපට ඔවුන් සමඟ ඉන්න බැරි වුණා. ඔවුන් තනිවමයි ජනතාවට සේවය කළේ. මේ දරුවන්ට පිහිනීමේ පුහුණුව නොමිලේ දුන්නත් ඒ අයට බොහෝ අඩුපාඩුකම් තියෙනවා. ඒත් දරුවෝ ඒ අඩුපාඩුකම් නැතිව ඔවුන්ගේ පිහිනීම් කටයුතු කරනවා. මට මේ ශිෂ්‍යයෝ ගැන විශ්වාසයි. මේ දවස්වල අපි ඉන්නේ අනුරාධපුර බසවක්කුලම වැවේ. පොසොන් සමයට අනුරාධපුරයේ එන මිනිස්සු වැවට බහිනවා. ඔවුන් ජල අනතුරුවලින් ගලව ගන්න ජීවිතාරක්ෂාව සපයන්න තමයි අපි මෙහෙ ආවේ. එදා සම්මාන දිනූ දරුවන්ගෙන් කිහිප දෙනයි අද මෙතැන ඇවිත් ඉන‍්නේ. හේතුව තමයි මේ වසරේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලට පෙනී සිටින ශිෂ්‍යයන්ව අප රැගෙන ආවේ නැහැ. මේ සියලු කාර්යයන් සඳහා ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිතුමා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එච්. චූලසිරි මහතා ප්‍රමුඛ සියලු දෙනාගේම සහාය අපට ලැබෙනවා.
ඡායාරූප - සමන් ෙමන්ඩිස්