වැරදුණු කොල්ලයෙන් සල්ලං වුණු පාතාල සෙල්ලං | Page 2 | සිළුමිණ

වැරදුණු කොල්ලයෙන් සල්ලං වුණු පාතාල සෙල්ලං

මාතර ස්වර්ණා­භ­රණ සාප්පුව කොල්ල කෑ කොල්ල කරු­වන් විසින් පොලිස් නිල­ධා­රි­යෙක් වෙඩි තබා මරා දැමී­මත් දකුණේ පාතා­ලයේ කෙරු­මෙක් වූ මාක­ඳුරේ මධුෂ්ගේ ප්‍රධා­නම ගොල­යෙකු වන මානෙල් රෝහණ හෙවත් තිලක් ඇතුළු කණ්ඩා­ය­මක් අකු­රැස්ස විල්පිට රක්ෂි­තය අස­ලදී පසු­ගිය 25 දා පොලිස් විශේෂ කාර්ය බල­කා­යට වෙඩි ප්‍රහාර එල්ල කිරී­මත් සමග පාතාල මර්ධ­නය කිරීම අභි­ලා­ෂ­යෙන් විශේෂ කාර්ය බළ­කාය දකුණේ දියත් කර ඇති මෙහෙ­යුම් තියුණු වුණේය. තිලක් පොලිස් විශේෂ කාර්ය බළ­කායේ වෙඩි ප්‍රහා­ර­යට ලක්ව මිය ගියේය. ඔහු සමග ගමන් කර­මින් සිටි අනෙක් පාතාල සාමා­ජි­යන් දෙදෙනා විල්පිට කැලෑවේ අතු­රු­දන් විය.

ඔවුන් සොයා පොලිස් විශේෂ කාර්ය බළ­කාය විල්පිට වනයේ ඇරඹූ මෙහෙ­යුම දැන් අත්හැර දමා ඇත. දින කීප­යක් විල්පිට වන­යෙන් එළි­යට පැමි­ණෙන මාර්ග සියල්ල ආව­ර­ණය වන ආකා­ර­යට මුර­ක­පොලු දමා තිබිණි. විශේෂ පොලිස් කණ්ඩා­යම් කීප­යක් යොදවා සිදු­ක­රන මෙම මෙහෙ­යු­මත් සමග බොහෝ අප­රා­ධ­ක­රු­වන් සිය ජීව­ත්වන ප්‍රදේ­ශ­ව­ලින් පලා ගොස් ඇති ආකා­රය වාර්තා විය.

පසු­ගි­යදා සිදුවූ මාතර ස්වර්ණා­භ­රණ අලෙ­වි­සලේ මංකො­ල්ලය දකුණේ පාතා­ල­යට පාරා­ව­ළ­ල්ලක්ව ආපසු කැර­කු­ණේය. කොල්ල­යට පැමිණි බව කියන කොල්ල­ක­ර­වන් හත් දෙනා­ගෙන් සිව් දෙනෙක් කොටු කර­ග­න්නට පොලි­සි­යට හැකි විය. මේ පිරිස සුක්ෂම ලෙස පොලි­සි­යෙන් වහං වෙමින් මිනී­මැ­රුම්, කොල්ල­කෑම්, මත්ද්‍රව්‍ය ජාවා­රම්, කප්පම් ගැනීම් ඇතුළු අප­රාධ ගණ­නා­ව­කට සිදු­කළ පොලි­සී­ය­ටම හිස­ර­ද­යක් වී සිටි අපා­ර­ධා­ක­රු­වන්ය. කොස්ගොඩ තාරක, ඔහුගේ සොහො­යුරා මධුක නිර්මාල් මෙන්ම පොලිස් වෙඩි­ ප­හ­රින් මිය ගිය චාමර ඉන්ද්‍ර­ජිත් රටේ සංවි­ධා­නා­ත්මක අප­රාධ ලයි­ස්තුවේ ඉහ­ළින්ම සිටි අප­රා­ධ­ක­රු­වන්ය.

තාර­කගේ මවගේ අනු­බ­ලය

මේ කොල්ල­යට සිය දරු­වන් දෙදෙ­නෙක් යොද­ව­මින් ඊට අනු­බල දී තිබුණේ කොස්ගොඩ තාර­කගේ අම්මා වන ජානකී ප්‍රිය­න්තිය. කොල්ල­ක­රු­වන් පැමිණි එක් යතු­රු­පැ­දි­යක හිමි­කා­රිය වූයේ ඇයය. පොලි­සිය ඇයව අත්අ­ඩං­ගු­වට ගත්තේය. මේ අත්අ­ඩං­ගු­වට ගැනී­මත් පහසු එකක් වූයේ නැත.

ජානකී ප්‍රියන්ති පදිං­චිව සිටියේ කොස්ගොඩ නාන­තො­ටය. ප්‍රියන්ති පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට තරම් දේශ­පා­ලන ඇයි හොඳ­යි­කම් නඩත්තු කර­ගත් තැනැ­ත්ති­යකි. මෝටර් රථ­වා­හන ලියා­ප­දිං­චි­කි­රීමේ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් මෝටර් සයි­ක­ලයේ අයි­තිය තහ­වුරු කර­ගැ­නී­මෙන් අන­තු­රුව පසු­ගිය 22 දා සවස 3.30 පමණ පොලි­සිය ඇය පදිං­චිවී සිටි නිව­සට ගියේය.

පොලි­සිය නිව­සට යන­විට නිවසේ දොර වසා තිබිණි. එහෙත් ඇය නිවසේ සිටි­න බ­වට නිශ්චිිත තොර­තුරු පොලි­සිය සතු විය. ඔවුහු දොර කඩා නිව­සට ඇතුළු වුවත් ප්‍රිය­න්තිව දැක­ගත නොහැකි විය. අව­සා­නයේ නිවසේ කාම­රය යාබද නාන කාම­ර­යක් තුළ සැඟවී සිටි මේ තැනැ­ත්තිය පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගන්නේ නාන­කා­ම­රයේ දොර කඩා දැමී­මෙනි.

පලා­ගිය සැක­ක­රුවෝ

කොල්ල­යේදී කොස්ගොඩ තාරක ඇතුළු අප­රා­ධ­ක­රු­වන් තිදෙ­නකු කරා­පි­ටිය රෝහල අසල දමා පලා ගිය සැක­ක­රු­වන් තිදෙ­න­කුද ආර­ක්ෂක අංශ විසින් හඳු­නා­ගෙන තිබේ. එම තිදෙනා වන කොස්ගොඩ ඩිල්ෂාන්, කොස්ගොඩ චූටි සහ හබ­ර­කඩ වසන්ත නමැ­ත්තන් ගැන පොලී­සිය පුළුල් පරී­ක්ෂ­ණ­යක් කර­මින් සිටී. ඔවුන් විසින් තුවා­ල­ක­රු­වන් මාතර සිට රතු පැහැති ඇල්ටෝ වර්ගයේ රථ­ය­කින් රැගෙ­න­විත් අත­ර­ම­ඟදි යතු­රු­පැදි කිහි­ප­යක් පැහැ­ර­ගෙන එම යතු­රු­පැ­දි­වල තුවා­ල­ක­රු­වන් නංවා­ගෙන කරා­පි­ටිය රෝහල අස­ලට රැගෙන ආවේය. අන­තු­රුව තුවා­ල­ක­රු­වන් රෝහල ඉදි­රි­පිට පදික වේදි­කාවේ දමා පලා ගොස් තිබිණි.

අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොහැකි වූ සැක­ක­රු­වන් තිදෙනා ස්වර්ණා­භ­රණ අලෙ­වි­ස­ලෙන් පැහැ­ර­ගත් ස්වර්ණා­භ­රණ තොගය රැගෙන යන්නට ඇතැයි පොලි­සිය විශ්වාස කරයි. පොලි­සි­යට ලැබෙන තොර­තුරු අනුව කොල්ලය සැල­සුම් කර ඇති බව කියන්නේ හබ­ර­කඩ වස­න්තගේ හෝමා­ගම හබ­ර­කඩ නිවෙසේ සිටය. හබ­ර­කඩ වසන්ත යනු මීට පෙර ද කොල්ල­කෑම් කීප­ය­ක­ටම සම්බන්ධ වූවෙකි. හෝමා­ගම, අතු­රු­ගි­රිය, කඩු­වෙල ඇතුළු ප්‍රදේශ කීප­ය­කම පාතාල බලය පතු­රුවා සිටින ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැති රටින් පැන ගොස් සිටින අප­රා­ධ­ක­රුගේ සමී­ප­තම ගෝල­යෙක් ලෙස හබ­ර­කඩ වසන්ත පෙනී සිට තිබු­ණේය.

බන්ධ­නා­ගා­රයේ පිළි­ගැ­නීම

හබ­ර­කඩ වස­න්තගේ බිරි­ඳගේ නිවස තිබුණේ හබ­ර­කඩය. පසු­ගිය සිකු­රාදා සවස විශේෂ කාර්ය බල­කාය ඒ නිවස පරීක්ෂා කළේය. නිවසේ තිබී රිවෝ­ල්ව­ර­යක්, රත්ත­රන් බඩු තොග­යක් පොලිසියට හමු­වුණේ. මේ සමග පොලි­සිය වස­න්තගේ බිරිඳ, මව, සහ පියා අත්අ­ඩං­ගු­වට ගත්තේය.

රෝහල අසල දමා ගොස් සිටි තුවා­ල­ක­රු­වන් තිදෙනා රෝහ­ල්ගත වන්නේ ව්‍යාජ නම් ගම් ලබා දෙමිනි. එහෙත් අව­සා­නයේ ඔවුන් පොලි­සි­යට කොටු­වූයේ සියලු අන­න්‍යතා සම­ගය. දැඩි රැක­වල් මැද රෝහලේ ප්‍රති­කාර ලබා­දී­මෙන් අන­තු­රුව තාරක ඇතුළු තිදෙනා අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­ර­යට රැගෙන ගියේය.

කොස්ගොඩ තාරක බන්ධ­නා­ගා­රය වෙත රැගෙන ආ මොහො­තේදී රැඳ­වි­යන් විසින් ඔහුව පිළි­ගෙන තිබුණේ උණු­සුම් අයු­රිනි. රැඳ­වි­යන් පිරි­සක් තාර­කව රැගෙන ගොස් තිබුණේ ඔවුන්ගේ කර මත තබා­ගෙ­නය. අන­තු­රුව ඔවුන් එක්ව බන්ධ­නා­ගා­රය තුළ තාර­කට අවශ්‍ය සියලු පහ­සු­කම් සලසා දී තිබිණි.

මිනි­ඌෂි ගිනි අවිය

තාරක වීර­යෙකු කර ඔහුට සිර­ක­රු­වන් ලවා සියලු පහ­සු­කම් සලසා දී තිබෙන්නෙ පාතා­ලයේ ගෝඩ් ෆාදර් වීමට වලි කන මාක­ඳුරේ මධුෂ් විසිනි. මධුෂ්ගේ ප්‍රති­වාදි කල්ලි නාය­කයා වන කොස්ගොඩ සුජිගේ කල්ලියේ අප­රා­ධ­ක­රු­වන්ද මේ වන­විට ඉන්නේ අඟු­ණ­කො­ල­පැ­ලැස්ස බන්ධ­නා­ගා­ර­යේය. තාර­කට තිබෙන තර්ජන නිසා ඔහුගේ ආර­ක්ෂාව ගැන මධුෂ් දැඩි සේ සැල­කි­ලි­මත් වී තිබිණි. එම නිසා මධුෂ්ගේ ජාලයේ දැනට සිර­ග­තව වෙසෙන සිර­ක­රු­වන්ගේ රැක­ව­ර­ණය තාරක ලබා දෙන්නට ඔහු කට­යුතු කර තිබු­ණේය.

මාතර කොල්ල­යේදී මුලින්ම අත්අ­ඩං­ගු­වට පත් චාමර ඉන්ද්‍ර­ජිත් ළඟ තිබී හමු වූ මිනි­ඌෂි වර්ග­යට අයත් නවීන ගිනි­අ­විය කොල්ලය සිදුවූ දා උදේ චාම­රට ලබා දී ඇත්තේ තාර­කය. තාර­කට එවැනි නවීන පන්නයේ ගිනි­අවි ලැබී තිබුණේ මධු­ෂ්ගෙන් බව පොලි­සිය විශ්වාස කළේය. මධුෂ්ට යුද සමයේ එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන් සමඟ ඇසු­රක් පව­ත්වා­ගෙන යාමට අව­ස්ථා­වක් පෑදී තිබිණි. ඒ ගන්දර අයිස් මංජු හර­හාය. අයිස් මංජු මධුෂ්ගේ ‍හිතව­තෙකි.

අයිස් මංජු එල්ටී­ටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සමඟ සමීප ඇසු­රක් පවත්වා තිබිණි. මේ මිනි ඌෂි වර්ග­යට අයත් ගිනි අවිය ගැන පුළුල් පරි­ක්ෂ­ණ­යක් සිදු කර­මින් ඇත. ප්‍රභූ ආර­ක්ෂා­වට යොදා ගන්නා, යුද හමුදා කොමාන්ඩෝ බළ­කාය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සාමා­ජි­ක­යන් පම­ණක් භාවිතා කරනා මිනි ඌෂි ගිනි­අ­විය නිප­ද­වන්නේ ඊශ්‍රා­ල­යේය.

මාලි­ගා­තැන්නේ පාතාල තවාන

මාතර නග­රයේ ස්වර්ණා­භ­රණ වෙළ­ද­ස­ලක් තුළ සිදුවූ කොල්ල­යෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වෙක් මාතර කිරළ කැලේදී පොලි­සි­යට ඇඳුම් පාර්ස­ල­යක් පෙන්වන්ට ගොස් වෙඩි කා මිය ගිය පුවත දැන් මේ රටේ කවු­රුත් දන්නේය. මෙසේ මිය ගියේ වේය­න්ගොඩ මාලි­ගා­තැන්නේ පදිං­චිව සිටි චාමර ඉන්ද්‍ර­ජිත් (34) නැමැ­ත්තාය. ඔහු එක් දරු පියෙකි.

පොලි­සිය පව­සන ආකා­ර­යට මිය­ගිය චාමර ඉන්ද්‍ර­ජිත් නැමැත්තා හමු­දා­වෙන් පලා­ගිය මිනී­මැ­රුම් මංකො­ල්ල­කෑම් ඇතුළු අප­රාධ රැස­කට චෝදනා ලැබ සිටි­න­නෙකි. සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වෙක් ලෙස පොලිසි විසින් හඳු­නා­ගෙන සිටි චාමර ඉන්ද්‍ර­ජිත් පිළි­බ­ඳව සඳ­හ­න්වන අප­රාධ වැලක ආර­ම්භය ලෙස පොලිස් පොතෙ­හිස සඳ­හන් වන්නෙ නීති විරෝධී පස් වෙ‍ළෙඳා­මය.

පස් වෙ‍ෙළඳාම

චාමර ඉන්ද්‍ර­ජිත් නැමැති මේ පාතාල සාමා­ජි­කයා යුද හමු­දාවේ විශේෂ බල­කායේ ආයුධ පුහු­ණුව ලැබු­වෙකි. පුහුණු අත­ර­තුර පැන එන ඔහු ජීවි­තය ආරම්භ කරන්නේ වාහන සීස් කරන මැර­යෙක් ලෙසය. අන­තු­රුව මිනු­ව­න්ගොඩ දිවු­ල­පි­ටිය ප්‍රදේ­ශ­ය­ මුල් කර­ගෙන පව­ත්වා­ගෙන යන පස් මාෆි­යාවේ සාමා­ජි­ක­යෙක් ලෙස ජීවි­තය අලුත් කර­ග­න්නේය.

ඔහු මුල්ම­ව­රට කොල්ල­කෑ­ම­කට සම්බන්ධ වන්නේ මීට වසර අට­කට පෙරය. ඒ වේය­න්ගොඩ මාර­පොල ප්‍රදේ­ශ­යේ­දීය. කොල්ල කන්නේ බිස්කට් සමා­ගම වාහ­න­යකි. මේ කොල්ල­යේදී ගිනි අවි­ය­කින් සන්න­ද්ධව ඉන්නේ චාම­රය.

ඒ කොල්ලය දින කිහි­ප­යක් යන­විට හෙළි වන්නේය. ගිනි­අවි කරුවා හඳුනා ගන්නේය.

වර්ෂ 2010 දී හොංකොං ඇන්ඩ් ෂැන්ග් හයි බැංකුවේ කොටි හතේ මුදල් මංකෝ­ල­යට සහ­භා­ගීවූ ප්‍රධාන අප­රා­ධ­ක­රු­වෙක් ලෙස චාමර පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වූ­යේය. කොල්ල­ක­රු­වෙක් ලෙස චාම­රව කුප්‍ර­කට වන්නේ මේ කොල්ල­යත් සම­ගය.

මාතර කොල්ල­යට පෙර ඔහු විසින් මරා දමන ලද පුද්ග­ල­යන් තිදෙ­නෙක් ගැන කියැ­වෙ­න්නේය. එක් පුද්ග­ල­යෙක් උද­ම්මිට සම­රේය.

වේය­න්ගොඩ උද­ම්මිට ප්‍රදේ­ශයේ ජීවත් වූ උද­ම්මිට සම­රේත් පාතා­ලයේ හයි කාර­යෙක්ව සිටි­යේය.

උද­ම්මිට සමරේ

2016 වසරේ දෙසැ­ම්බර් 24 වනදා වේය­න්ගො­ඩදී උද­ම්මිට සමරේ නමැත්තා වෙඩි තබා ඝාත­නය කර­න්නේය. උද­ම්මිට සමරේ මර­න්නට පැමිණ ඇත්තේ චාමර හා චාම­රගේ සොයු­රෙකි. චාම­රගේ සොයුරා තව­මත් බන්ධ­නා­ගා­ර­ග­ත­වය.

ඇප පිට එළි­යට පැමිණ සිටි චාම­රගේ ඊලඟ ගොදුර වූයේ පස් හා වැලි ව්‍යාපා­රි­ක­යෙක් වූ රත්න දේව­ප්‍රිය (37) නැමැ­ත්තාය. පසු­ගිය අප්‍රේල් 21 දා රාත්‍රියේ නිට්ට­ඹුව අත්ත­න­ගල්ල ප්‍රදේ­ශයේ සංගීත සංද­ර්ශ­න­යක් අස­ලදී රත්න දේව­ප්‍රියට වෙඩි තබා මරා දමන්නේ චාමර බව පොලි­සිය කිය­න්නේය.

සංගීත සංද­ර්ශ­නය නර­ඹ­න්නට පැමිණි තරුණ ගැබි­ණි­යක් ද ඒ වෙඩි ප්‍රහා­ර­යට ලක්වී තිබිණි.

උද­ම්මිට සමරේ ඝාත­න­යේදී චාම­රට ඇප ලැබෙන්නේ දැඩි ඇප කොන්දේසි පිටය. ඔහු වෙනු­වෙන් ශරීර ඇප තිබ්බේ ඔහුගේ බිරි­ඳය. රත්න දේව­ප්‍රිය මරා දැමී­මෙන් අන­තු­රුව චාමර පොලි­සිය මග­හැර සැඟව සිටි නිසා පොලි­සිය ඔහුගේ බිරිඳ අත්අ­ඩං­ගු­වට ගෙන අප්‍රේල් 23 දා ඇයව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

ඊට මස­කට පසු, එනම් ඉකුත් මැයි 24 වනදා නිට්ට­ඹුව හක්ව­ඩුන්න ප්‍රදේ­ශ­යේදී යතුරු පැදි­ය­කින් පැමිණි කාන්තා­ව­කට වෙඩි තබා ඝාත­නය කරන ලද්දේ චාමර බව පොලි­සිය විසින් හඳුනා ගත්තේය. විනීතා පද්මිණී(53) නැමැති මේ කාන්තා­ව­කට කල්එ­ළිය මුදු­න්ගෙ­දර ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි­යේය. ඇයට වෙඩි තබා මරා දමා තිබුණේ ප්‍රදේ­ශයේ මූල්‍ය සමි­ති­යක රැස්වී­ම­කට සහ­භාගී වී එන අත­ර­තු­රය.

දිගින් දිග­ටම අප­රාධ කර­මින් පොලි­සිය මග හරි­මින් සිටි චාම­රගේ ශරීර ඇපයේ හිල­ව්වට ඔහුගේ බිරි­ඳට බන්ධ­නා­ගා­ර­ගත වන්නට සිදු­විය. ඇය තව­මත් බන්ධ­නා­ගා­ර­ග­ත­වය. ඔවුන්ගේ කුඩා දරුවා යන එන මං නැතිව අස­ර­ණ­වය. මේ දරුවා අනා­ගත අප­රා­ධ­ක­රු­වෙක් නොකි­රීමේ වග­කීම දැන් මේ සමා­ජ­යට තිබේ.

චාමර ඉප­දුනේ වේය­න්ගොඩ මාලි­ගා­තැ­න්නේය. මාලිගා තැන්නට රජ­වත්ත කියාත් කිය­න්නේය.

ජන­ව­හර අනුව රජ­වත්ත කෝටු රජ්ජු­රුවෝ ලෙස හැඳි­න්වෙන ප්‍රාදේ­ශීය නාය­ක­යෙකු වාසය කළ භූමි­යකි. මාලි­ගා­තැන්න අද වන­විට සමා­ජයේ අත­ප­ල්ලෙන් වැටුණු මිනි­සුන්ගේ කොල­නි­යකි.

නූග­ත­කම පැති­රුණ, දරි­ද්‍ර­තා­ව­යෙන් පීඩිත මිනි­සුන් පිරි­සක් දුරා­වා­රයේ ජීව­ත්වන රජ­ව­ත්තේදී පාතාල සාමා­ජි­ක­යන් විනා ශාන්තු­ව­ර­යන් බිහි­ව­න්නට ඉඩක් නැත. දන්නා කාලයේ සිට හොර කසිප්පු තොග හත­ර­වටේ බෙදා හැරුණේ රජ­ව­ත්තෙනි.

මේ වන­විට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ එක් කුඩු තිප්ප­ලක් නිර්මා­ණය වී ඇත්තේත් රජ­ව­ත්තේය.

වාර්තා­වන ආකා­ර­යට මේ වන­විට රජ­වත්තේ අවු­රුදු විස්ස ඉක්මවූ තරු­ණ­ය­න්ගෙන් කුඩු වලට ඇබ්බැහි වී නැත්තේ අතේ ඇඟිලි ගණ­නින් කිව හැකි පිරි­සකි.

ෆිනෑන්ස් සමා­ග­ම්වල සීස­ර්ව­රුන්

චාමර ඉන්ද්‍ර­ජිත් පියා නැතිව හැදී වැඩෙන්නේ මේ පරි­ස­ර­යේය. මහා සමා­ජ­යෙන් පිටමං කරන ලද, අශිෂ්ට උප සංස්කෘ­ති­යක හැදෙන මේ මිනි­සු­න්ගෙන් එකෙක් මිනී මරු­වෙක්, අප­රා­ධ­ක­රු­වෙක් වූ විට ඔහුට අන­වශ්‍ය වටි­නා­ක­මක් දී නඩත්තු කර­න්නේත් සමා­ජය ය. එවැනි අප­රා­ධ­ක­රු­වෙ­කුගේ නිව­සට කාටත් හොරෙන් මාසෙට සරි­ල­න්නට හාල් යවන, එළ­වළු ටික පළ­තුරු ටික යවන උන් සිටි­න්නේය.

රටේ පිළි­ගත් ගෞර­ව­ණීය යැයි කියනා ෆිනෑන්ස් සමා­ග­ම්වල සීස­ර්ව­රුන් වන්නේ ඔවුන්ය. රාජ්‍ය ඉදි­කි­රීම් සඳහා වුවත් අවශ්‍ය පස් සැප­යීම කරනු ලබන්නේ මැර­ය­න්ගෙන් සම­න්විත පාතාල කල්ලිය. සම­හර දේශ­පා­ලන බල­ව­තුන්ගේ සමී­ප­තම ආර­ක්ෂ­ක­යන් මේ පාතා­ල­යන්ය.

පාතා­ල­යෙක් වීමේ සිහි­නය හැදෙන්නේ අප­රා­ධ­ක­රු­වෙ­කුට අන­වශ්‍ය පිළි­ගැ­නී­මක් සමා­ජ­යෙන් ලැබෙ­න්නට පටන් ගැනී­මත් සම­ගය. ඒ පිළි­ගැ­නීම හරහා සමා­ජය විසින් සිදු­ක­රන්නේ මේ අනී­තික මිනී­මරු සංස්කෘ­තිය නඩ­ත්තු­කර පවත්වා ගැනී­මය. මේ හීනය පිටු­පස තවත් පෝලි­මක් එන්නට නිය­මි­තය.

අවි ආයුධ හුරු, මරා­දැ­මීම ප්‍රගුණ කළ හමු­දා­වෙන් පැන ගිය අට­ද­හ­ස­කට අධික තරුණ පිරි­සක් රට තුළ නිදැල්ලේ සැරි සරති. අප හමුවේ ඇත්තේ ආයුධ පෙන්ව­න්නට ගොස්, ඇඳුම් බෑග් සොය­න්නට ගොස් සිදු­වන වෙඩි හුව­මා­රු­ව­ලින් අන­තු­රුව අප­රා­ධ­ක­රු­වන් මරා දමා ඉව­ර­යක් කළ හැකි ප්‍රශ්න­යක් නොවේ.

මිනි­සුන් ඉප­දෙන්නෙ මිය­ය­න්න­ටය. එක් පැත්ත­කින් මැරෙ­න්නට සිටින මිනි­සුන් මරා දැමීම දඬු­ව­මක් යැයි සිතන මාන­සි­ක­ත්ව­යෙන් මිදී­මට සමා­ජය තවම සැරසී නැත. අප ඉදි­රියේ ඇති සමාජ විෂම චක්‍ර­යට පිළි­ය­මක් සොයා­ග­න්නට අපො­හො­සත් වන­තුරු අපට රටක් ලෙස මේ ව්‍යස­න­යෙන් ගැල­වු­මක් නැත.

 

Comments