මන්තරේ | සිළුමිණ

මන්තරේ

දව­සක් දා අපේ ආච්චි මට කියලා දීපු මේ මන්ත්‍රය ආග­මික මන්ත්‍ර­යක් විදි­යට සල­කන්න පුළු­වන් නම් ඒක තමයි එකම ආග­මික මන්ත්‍රය.

‘උඹ ඇහැ­රිලා වගේ. නින්ද යන්නැද්ද? හෙට කරන්ඩ හදන දඟ වැඩේ ගැන හිත­න­වද?’ එදා රෑ ආච්චි මගෙන් ඇහුව.

‘නෑ. ඒ උණාට මගෙ හිතේ ප්‍රශ්න­යක් තිය­නව. හැමෝ­ටම ආග­මක් තිය­නව. ඒත් මිනිස්සු මගෙන් “මොන ආග­මේද ?” කියල ඇහු­වොත් මට දෙන්ඩ උත්ත­ර­යක් නෑ. මං අහන්නෙ මං මොන ආග­මේද කියන එකයි.” මං ආච්චි­ගෙන් ඇහුව. ඒකට ආච්චි දුන්නු උත්තරේ මේකයි.

‘මං නං ඔය කිසිම ආග­ම­කට අයිති නෑ. ඒත් මං මෙන්න මේ මන්ත­රේට ආසයි. මට උඹට දෙන්ඩ පුළු­වන් මේ මන්තරේ විත­රයි. මං ඒක උඹට කියල දෙන්නෙ ඒක පර­ම්පරා ගානක් තිස්සෙ ජෛනා­ග­ම්කා­රයො ගායනා කරපු හින්ද නෙමෙයි. මං ඒකෙ ලස්සන දැකපු හින්දයි. මං ඒක දහස් වාර­යක් ගායනා කර­ලත් ඇති. ඒක ගායනා කරපු හැම විඩේම මට මහ විශාල හිතේ සහ­න­යක් දැනෙ­නව. මං ඒක උඹට කියල දෙන්නං. ඊට වැඩි දෙයක් නං මට කරන්ඩ බැරි වෙයි.

ආගම් ගැන කතා කරද්දි හැමෝම වගේ කියන්නෙ බොරු හන්ද මේ ගැහැ­නිය කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද බලන්ඩ! ක්‍රිස්ති­යානි, යුදෙව්, ජෛන, මහ­මද් හැමෝම බොරු කිය­නව. හැමෝම දෙවියො, දිව්‍ය ලෝක, දේව දුතයො, අපාය වගේ විකාර කතා කර­නව, ඒ කිසි දෙයක් ගැන දන්නෙ නැතුව. ඇය ශ්‍රේෂ්ඨ වෙන්නෙ ඇය ඒව ගැන දැන­ගෙන හිටි­යට නෙමේ, ළමේ­කුට බොරු­වක් ‍නොකිව්වට. ළමේ­කුට බොරු කියා දෙන එක සමාව දෙන්ඩ බැරි වැඩක්.

ළමයි තමන්ගෙ වැඩි­හි­ටියො කියන කියන දේවල් විශ්වාස කරන නිසා අවු­රුදු මිලි­යන ගානක් තිස්සෙ වැරදි විදි­හට පරි­හ­ර­ණය කෙරෙන කොට්ඨා­ස­යක්, ඒ විදි­හට මුළු මහත් මිනිස් සමා­ජ­යම දුෂ්‍ය වෙලයි තියෙන්නෙ. ශත වර්ෂ ගානක් තිස්සෙ හිටි වැඩි­හි­ටියෝ ළම­යින්ට බොරු කියන්නෙ තොග පිටින්. හරි­යට මඩ තට්ටු පිට තට්ටු ගැහෙ­නව වගේ බොරු දෙස­නව. වැඩි­හි­ටියො හැටි­යට අපිට ඒක පුංචි දෙයක් කරන්න පුළු­වන් නං අපිට ළම­යින්ව ආග­මික මාර්ග­යට ගන්න පුළු­වනි. ඒ තමයි ළම­යින්ට බොරු නොකි­යන එක. අපේ නොදැ­නු­ව­ත්කම ගැන ළම­යින්ට පාපො­්ච්චා­ර­ණය කරන එක.

දරුවො ළඟ තියෙන්නෙ අහිං­ස­ක­කම විත­රයි. ඔබේ ඊනියා දැනුම ඔවුන් පිට පට­වන්න එපා! පළ­මුව ඔබම අහිං­සක විය යුතුයි. බොරු නොකිව යුතුයි. සත්‍ය­ග­රුක විය යුතුයි. ඒකෙන් ඔබේ ස්වභි­මා­නය කැඩිල - බිඳිල යනව නං ඔහෙ කැඩිල - බිඳිල ගියාවේ. කොහොම වුණත් ඒක කව­ද­හරි කැඩිල - බිඳිල යන­වනෙ.

අපේ සීය කව­දා­වත් මාව දේවා­ලෙට එක්ක­ර­ගෙන ගිහින් නෑ. මං පස්සෙන් යන්ඩ හදන - හදන හැම සැරේ සීය මට කිව්වේ,” පලයං යන්ඩ! උඹට දේවා­ලෙට යන්ඩ ඕන්නං තනි­යම පලයං! මගෙ පස්සෙං එන්ඩ එපා!” කිය­ලයි.

සීය තද මනු­ස්ස­යෙක් නොවේ. නමුත් මේ කාර­ණේදි නං හරි තදේට හිටිය. දේවාලෙ ගිහිං මොකක්ද කරන්නෙ කියල මං කීප වතා­වක්ම සීය­ගෙන් අහල ඇති. ඒත් උන්දෑ නෙමේ කව­දා­වත් මට උත්තර දුන්නෙ.

මේ මන්ත්‍රයෙ අගට ‘ඕම් ශාන්ති, ශාන්ති, ශාන්ති’, කියල කිය­නව. ඒ මොකද? ‘ඕම්’ කියන්නෙ පර­මා­ත්මයෙ හිස්ක­මයි. නිහ‍ඬේ හඬයි පළමු හිරු කිරණ වැටෙ­න­කො­ටම ඒක පිනි බින්දු­වක් වගේ නැති­වෙලා යනව. එත­කොට දැනෙන්නෙ සංහි­ඳි­යාව පම­ණයි. මා දැන් ඒ සංහි­ඳි­යා­ව­ටයි ඇතුළු වෙමින් සිටින්නේ. ‘ඕම් අරි­හන්තං නමෝ නමෝ!’ කොන්දේසි විර­හි­තව හැමෝ‍ටම ‘ඕම් ශාන්ති, ශාන්ති, ශාන්ති!’

නානිගෙ ගමේදි මං දිගින් දිගට ම හිටියෙ එක්කො වැවේ නැත්නම් ග‍ඟේ. ගඟ තිබුණෙ ටිකක් ඈතින්. හැතැප්ම දෙකක් විතර එහා­යින්. ඒ හින්ද මං නිතර ම වාගෙ ගියේ වැවට. ඒත් ඉඳල හිටල ගඟ­ටත් යන්ඩ පුරුදු වෙලා හිටිය. මොකද ගඟ­කුයි, වැව­කුයි කියන්නෙ එකි­නෙ­කට මුළු­ම­නින් ම වෙනස් දේවල් නිසා. වැවක් කියන්නෙ එක අත­කින් බල­පුව ම මැරිච්ච, වට­වෙච්ච, කො‍හාට­වත් ගලා­ගෙන යන්නෙ නැති අචල දෙයක්. ඒකෙ තේරුම මර­ණය. ඒක ක්‍රියා­ශීලි නෑ.

ලබන සතියට...

Comments