මල්ලි කලබල වෙලා වැඩක් නෑ | Page 2 | සිළුමිණ

මල්ලි කලබල වෙලා වැඩක් නෑ

ජය­මාල් බේබිව හවස පංති­යට ඇරලූ කරු­ණාදාස වාහ­නය හරවා ගත්තේ සිතේ කුහු­ලින්ය. තමාව රැගෙන යන්න එන්නට එපා යැයි ඔහු කී කතාව කරු­ණා­දා­සට ඇල්ලුවේ නැත. අ‍නේ මන්දා මේ බේබි හාමුලා මොන මොන ජල්ලි අල්ල­න­වාද කියලා.. අපි­ටයි මේවාට උත්තර දීලා නිව­නක් නැත්තේ..

මං මොකක්ද දැන් හාමු මහ­ත්ත­යාට කියන්නේ..

ශ්‍රීමාල් දෑස් කුඩා කර­ගෙන දුර­ක­ත­න­යට පිළි­තුරු දෙන ආකා­රය දුටු හැම­දෙ­නා­ටම සිතුණේ මහා කර­ද­ර­යක් ගැන කියැ­වෙන බවකි. ඒ ඇම­තුම මේඛ­ලා­ගෙන් නම් වෙන්ට බැරිය.

“මට තේරෙ­නවා උඹ ලොකු අවු­ලක බව මලින්ද අයියා.. මම මොකක්ද කරන්න ඕන.. කියන්න.. හැබැයි මම එකක් කිය­න්නම් ඔයා ඕනැ­වට වඩා කල­බල ඇති­වෙන විදි­යට හැසි­රෙන්න එපා... ඒකෙ පාඩුව ඔයා­ට­මයි.”

නැව­තත් එහා පැත්තෙන් දීර්ඝ විස්ත­ර­යක්. ආයෙත් ශ්‍රීමාල් කතා­ක­රන්නේ පැසුණු බුද්ධි­යක් ඇති­යකු සේය.

“මෙහෙ­මයි මලින්ද අයියේ... ඕක ඔයා මේ හදි­සියේ ම ප්‍රසිද්ධ කරන්න ගන්න එපා. ඔයාම දන්න­වනේ ගෙදර සිද්ධ වෙච්ච දේ... සමන්ති අක්කට සමාව දීපු කාර­ණාව ඔයා ගන්න ඕන උපේ­ක්ෂා­වෙන්. මොකද ඒ පිට­ටම ඔයාගෙ සම්බන්ධෙ ගැන අම්මා අප්ප­ච්චිලා දැන­ගන්න එක එයා­ලගෙ හිත වාවන්නෙ නැති දෙයක් වේවි. දන්න­වනේ එයා­ලගෙ මාන­සි­ක­ත්වය ගැන... ඔයා පොඩ්ඩක් හිත­න්නකෝ.. මෙච්චර අප­ටත් උප­දෙස් දෙන ඔයාට ඒක තේරුම් ගන්න බැරි එක පුදු­මයි...!”

ආයෙ­මත් එහා පැත්තෙන් යමක් කියැ­වෙයි.

“මොකක්...? ඒ මොකක්ද?”

ශ්‍රීමාල්ගේ නොස­න්සු­න්තා­ව­ට උදාර හා සංජය දෙදෙනා ම තිගැ­ස්සෙයි.

“මෙහෙම කතා කරන්න බෑ? අපි හම්බ­වෙමු හෙට.. ඔව්.. කීය­ටද.. හා... හවස දෙකට.. හරි මලින්ද අයියා.. බුදු සර­ණයි..”

දුර­ක­ත­නය සාක්කුවේ දමා­ගන්නා ශ්‍රීමාල් වට පිට බලන්නේ තිගැ­ස්මෙන්. මුහුණේ තිබූ කෙළි­ලොල් ගති කිසිම විදි­ය­කින් නැත. වෙස්මූ­ණක් දැම්මා මෙන්ය.

“මොකෝ බං.. මලි­න්දට වෙලා තියෙන්නෙ...?”

ගීත­යක සමූහ ගායනා කොට­සක් වගේ දෙදෙ­නාගේ ම මුවින් පිට­වෙයි.

“ඒක උඹ­ලට තේරෙන්නේ නෑ.. පොඩි ප්‍රශ්න­යක් වෙලා බං... ඕවා මං පස්සෙ කිය­න්නම්කො..”

දෙයි­යනේ මං කොහො­මද මේවා මුන්ට කියන්නෙ. ශ්‍රීමාල්ගේ හිත එසේ කොඳු­රද්දී මිතු­රන්ගේ කතා­බහ මැද බෝඩි­මට ඇදුණේ දෙලො­වක් අතර තනි­වෙ­මින්ය.

*******

සමන්ති තම සැමියා ජයේන්ද්‍ර සමඟ ‍ලොකු කතා­බ­හ­කය. ඒ එක්ක ම හිතට විශාල බරක් දැනෙයි. ඒ දැනට ගෙදර ඇති වී ඇති අර්බු­ද­කාරී තත්වය නිසා ය.

චන්ද්‍ර­ලතා නම් හිත කර­ද­ර­ව­ලින් නිද­හස් වෙලා වගේ හරිම සතු­ට­කින්ය. එකත් පුංචි මුනු­පු­රාගේ හුර­ත­ල­යය. අනික තම පුතා සහ ලේලිය වෙන‍ු­වෙන් ඉදි­වන නව නිවසේ ආඩ­ම්බ­ර­යය. ජය­ති­ස්සත් හැකි හැම වෙලා­වෙම නිවස ඉදි­වෙන තැනට දුව­ගෙන විත් මොකක් හෝ වැඩ­ප­ළක් කරදී බාසු­න්නැ­හෙ­ලාට උදව් වෙන එක ගැන ගොඩ­ලි­යද්ද විරුද්ධ වූයේ නැත. ජය­ති­ස්ස­ටත් චන්ද්‍ර­ල­තා­ටත් මේ සිදු­වී­මත් තව­මත් හරි­යට සිහි­න­යක් වගේය. තමු­න්ගෙම කියා විශාල ගෙද­රක වාසය කරන්ට ලැබීම තම ජයේන්ද්‍ර පුතාගේ වාස­නා­වය.

“මට හරිම දුකයි ජයේ අපේ අම්මා ආයෙත් ලෙඩ වෙයිද කියා... මම නිසා අම්මා අස­නීප වෙලා යන්තම් ගොඩ ආවා විත­රයි.. දැන් මල්ලි ගැන අම්මා තිස්සෙ දෙවේලේ මට කෝල් කර කරා අඩන එක තමා එයා කරන්නේ...”

“මලින්ද බේබිගෙ මොකක්ද ඔය ප්‍රශ්නේ.. කිය­න්නකෝ...” ජයේන්ද්‍ර කියන්නේ කරු­ණා­වෙනි.

ඒ දෙන්නා එසේ කතා­බහ කරද්දි චන්ද්‍ර­ලතා හෙමි­හිට තම සැමි­යාට ඇඟි­ල්ලෙන් අනියි.

“මං මෙයාට කියලා තියෙ­නවා දැන් ඔය බේබි කෑල්ල අයින් කර­ගන්න කියලා.. බේබි කියන්න ඕන නෑනෙ.. දැන් ඉතිං තමු­න්ගෙම මස්සිනා වෙච්ච...”

ජය­තිස්ස එබ­සට තම බිරිඳ දිහා බලන්නේ කේන්ති­යෙනි.

“කමක් නෑ ඒ විදි­යට ම කතා කර­පු­දෙන්.. ආයෙ මොකෝ දත් හැලෙ­න­වායැ කෙනෙ­කුට නම්බු දීලා කතා කොරාට... හහ්...!”

චන්ද්‍ර­ල­තාට හිනාය. බලි ඇරි­යත් ඉතිං මේ මනු­ස්ස­යින්ගෙ වලව් ගැති­කම් අරින්න බෑ.. බලමු තව ඉස්ස­ර­හට.. වෙන දේ.. අපේ චන්ද්‍රානි දුවත් කව­දාක හරි ඉහළ තැන­කින්ම පෙළ­ව­හක් කර­ගත්තු දාට කට්ටි­ය­ටම තරු පෙනෙයි.

චන්ද්‍ර­ලතා හිතින් කට­පත්ත අදියි. ඒ එක්කම ආයෙත් යමක් මතක් වෙලා වගේ අද­හ­සක් ඉදි­රි­පත් කරයි.

“සමන්ති දුවේ.. දරු පැටි­යත් අරන් අම්ම අප්ප­ච්චිලා බලලා එන්න කාරිය ගියො­තින් හොඳයි නේද? එයාලාම මෙහේ එනකං ඉන්න ඕන නෑනේ.. ඕවා යුතුකං නේ..!”

චන්ද්‍ර­ලතාගේ මෙවැනි සූත්තර වැඩ­ව­ලට ජය­තිස්ස කැමති නැත. ගතා­නු­ග­තික වලව් සේව­ක­යෙකු වන ඔහුට ගොඩ­ලි­යද්ද හාමු­ලාට ඇති ස්වාමි භක්ති­යෙන් මිදෙ­න්නට වුව­මනා නැත. කොහො­මද වැඩේ? ඔයාගෙ මස්සිනා වුණේ ගොඩ­ලි­යද්ද හාමු.. චන්ද්‍ර­ලතා මුල් දින­වල තමාට විහිළු කර­ද්දිත් ඔහු ඒ විහිළු ඉව­සුවේ නැත.

“දැන් ගෙයි වැඩ ගොඩාක් දුර­ටම ඉව­රයි.. ලබන මාසෙ දිහාට ගෙව­දින්න පුළු­වන් වෙයි. තාත්තා ඒ බව ලොකු හාමු­ටත් දන්නලා තිය­න්නකො.. හාමුලා සතු­ටු­වෙයි. මෙච්චර ඉක්ම­නට වැඩ ටික ඉවර කර­ගන්න පුළු­වන් වෙච්ච එකට...”

“ඔව් ඔව් මම කේන්දර උන්නැහෙ හම්බ­වෙලා ‍හොඳ නැක­තක් හද­ව­ගෙන.. පිරිත් ටිකක් එහෙම කියලා ම ගෙට ගෙව­දින්න ඕනෑ..”

චන්ද්‍ර­ලතා මුනු­පු­රාව හුර­තල් කර­මින් කියන්නේ තාලෙ­ටය.

“නේද... මයෙ පැටියෝ.. ආ..!”

පුංචි දරුවා කට උල්ක­ර­මින් ඕ.. ඕ ගාන්නේ මිත්ත­ණිය ගේ කතාව අනු­මත කර­න්නට වගේය.

“දැක්කනේ.. අපේ චූටි හාමු මහ­ත්ත­යත් ඒ වැඩේ අනු­මත කළා..”

චන්ද්‍රා­වතී හරි ම සතු­ටින් දරුවා ඔස­වා­ගෙන එහාට මෙහාට යයි. සමන්ති හිනා­වෙවී දරු­වාට අත පායි.

“පව් ඉතිං කොයි අම්මත් පුංචි කාලෙද දරුවා තමන්ගෙ කර­ගෙන තමා හදන්නේ.. කවන්නෙ පොවන්නෙ තමුන්ට කැමති ඒවා..! අන්දන්නෙ තමුන්ට කැමති ඒවා..! ඒත් ලොකු වුණාට පස්සෙ.. ඒවා බෑ..

එහෙම හිතුවේ සමන්ති බේබි­ලාගේ වැඩට උද­ව්වට සිටිනා කොයින් අම්මාය. වත්තේ ගෙද­රක සිටින ඇයව සමන්ති දූලාගේ උදව් සඳහා පංගාර්තු කළේ ද ගොඩ­ලි­යද්ද හාමු ය. ඇය චන්ද්‍රා­වතී දිහා බලා මඳ සිනා­වක් පෑවේ හිත­ව­ත්ක­මට ය.

*********

ජය­මාල් බේබිව හවස පන්ති­යට ඇරලූ කරු­ණා­දාස වාහ­නය හරවා ගත්තේ සිතේ කුහු­ලින්ය. තමාව රැගෙන යන්න එන්නට එපා යැයි ඔහු කී කතාව කරු­ණා­දා­සට ඇල්ලුවේ නැත. අ‍නේ මන්දා මේ බේබි හාමුලා මොන මොන ජල්ලි අල්ල­න­වාද කියලා.. අපි­ටයි මේවාට උත්තර දීලා නිව­නක් නැත්තේ.. මං මොකක්ද දැන් හාමු මහ­ත්ත­යාට කියන්නේ.. එසේ සිත­මින් ඔහු වලව්ව දක්වා වාහ­නය පද­වද්දී ජය­මාල් හෙමි­හිට හොර පාරෙන් හන්දි­යට ගියේ මලින්ද අයි­යාව හමු වන්න­ටය.

“මල්ලි මම අද හවස ශ්‍රීමා­ල්වත් මුණ ගැහෙ­නවා... මට හරිම අප්සෙට් දේවල් ටිකක් තියෙ­නවා. ඔයාලා එක්ක කතා කරන්න මේ ටිකේ මම හිටි­යත් ඉන්නේ මෙ‍ලෝ සිහි­ය­කින් නෙමේ...”

අව­න්හ­ලක අසු­නක වාඩි­වෙන ගමන් ඔහු කතා කළේ හති­ල­මිනි.

“අනේ සොරි මල්ලි මං හින්දා ඔයාගෙ ක්ලාසුත් කට්වුණා.”

“කමක් නෑ අයියේ කියන්න.. ඔයාට ගර්ල්ගෙ ප්‍රශ්න­යක් ද?”

“මම තරංගා එක්කත් මේවා කියලා තියෙන්නේ.. මල්ලී...” මලින්ද කල්ප­නා­බ­රි­තව කිය­මින් සිසිල් බීම වීදු­රුව වටේ ඇඟිලි යවයි. දැන් ජය­මාල්ට පුදු­මය. හිතා­ගෙන හිටියේ තරංගා ගේ ප්‍රශ්න­යක් නිසා මේ සියලු අර්බුද ඇතිවී ඇත කියාය.

“මල්ලි ඔයාට පුදුම හිතේවි මල්ලි මේවා ඇහු­වාම...”

“මොකක්ද අයි‍යේ කිය­න්නකො ඉතිං...”

“අපේ අප්ප­ච්චි­ලාගෙ නාහෙට නාහන වැඩ හින්දා අපි­ටයි ලජ්ජාවෙ පාරෙ බැහැලා යන්න බැරි­වෙලා තියෙන්නෙ..”

ඒ කතාව එක්ක ම ජය­මාල්ට එක­ව­රම මතක් වුණේ දව­සක් හන්දියේ කඩේ ළඟදි ගමේ එකෙක් වල­ව්වල හාමුලා ගැන කියාපු ඇනුම්ප­ද­යකි. එබ­සට උර­ණවූ තමා ඔහු සමඟ බහි­න්බස් වූ හැටිත්.. අන්ති­මට ඔහුගේ කට නව­ත්වන්ට ගුටි­යක් අනින්ට සිදුවූ හැටිත් මත­කය. එදා අප්ප­ච්චිත් අම්මාත් දෙන්නාම දොස් කීවේ ද තර­වටු කළේ ද තමා­ටය. ඒ තමාගේ හැසි­රීම ගැනය.

නමුත් අප්ප­ච්චිලා ගේ ජීවි­ත­වල යම්යම් අහු­කොන් ඇති බව පහු­ගිය දව­සක වත්තෙන් පන්නාපු සේව­ක­යෙ­කු­ගෙන් ද අස­න්නට ලැබුණි. එහෙත් තමා ඒවා සියේට සිය­යක් ම විශ්වාස ක‍ෙළ් නැත. ජය­මාල් තම සොහො­යු­රාට ඒ සිය­ල්ලම නොව­ළහා කියද්දී මලින්ද සිටියේ කල­කි­රුණ මුහු­ණෙන්ය.

“ඔයා දන්නෙ නෑ මල්ලි මිනිස්සු කතා වෙනවා... අපේ සමන්ති අක්කා බැඳපු ජයේන්ද්‍ර...”

දැන් මලි­න්දට උගුර හිර­ක­ර­වන කැස්සක් එයි. නමුත් ජය­මාල් ගේ සීමා­වක තිබුණු ඉව­සීම කෑගැ­හි­ල්ලක් වී එළි­යට එන­වාය.

“කිය­න්නකො මලින්ද අයියෙ තෙපර නොබා..!”

“ඒ ජයේන්ද්‍ර... විල්ප්‍රඩ් රත්න­සේ­කර හාමුගෙ පුතෙක් කියලා..” ඉව­සුම් නැතිව ජය­මාල් නැගී සිටියි. ඒ දුන්නක් වගේය.

“මොනා...? මේ අපේ අප්ප­ච්චිගෙ...?”

“වාඩි­වෙන්න මල්ලි කල­බල වෙලා වැඩක් නෑ මේවට. අපිට වෙලා තියෙන්නෙ මිනිස්සු කියන කතා අහ­ගෙන ඉන්න විත­රයි. මේවා දන්නා මිනිස්සු අපිත් එක්ක මූණට මූණි­ච්චා­වට හිනා වුණාට අපේ පස්සට උඩ­පැන පැන කොක් හඬ­ලලා හිනා­වෙ­නවා ඇති.”

“එහෙ­නම්.. ඒක තමයි අපේ අප්පච්චි සාම නියෝ­ජි­ත­යෙක් වෙලා ඒ යුද්ධෙ හමාර කළේ.. හෝ.. මට දැනුයි තේරෙන්නේ.. ඉතිං අපේ අම්මලා දන්නෙ නැද්ද මේ ගැන...?”

මලින්ද, ජය­මාල්ගේ උද්වේ­ග­තර හැඟීම් පිරි මුහුණ දිහා බැලුවේ කන­ගා­ටු­වෙනි. පව් මේ අවු­රුද්දෙ විභා­ගෙට ලියන්න ඉන්නා කොල්ලා.. මෙයා ඔළුව අවුල් කර­ග­නි­යිද? ඒ එක්කම හන්දියේ කඩේ අද්ද­රට එක හැල්මේ ආ මෝටර් බයිසිකලයක ආ කෙනෙක් තම හෙල්ම­ටය ගල­ව­න්නට හද­ද්දීම ජය­මාල්ට පුදු­ම­යෙන් කෑගැ­සෙයි.

ලබන සතියට‍...

Comments