ජූලි 22 සිට 28 තෙක් ඔබට කොහොමද? | සිළුමිණ

ජූලි 22 සිට 28 තෙක් ඔබට කොහොමද?

මේෂ

බාධා මැද සාර්ථකත්වය

ලග්නාධිපති කුජ දසවැන්නේ උච්ව ද දිග්බලව ද කේතු සමග සිටිමින් සතිය ආරම්භ වේ. විවාහ සම්බන්ධ කටයුතුවලට, තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතාවලට ඉඩ පවතී. උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබෙන අතර යහපත් කතා පැවැත්වීමට ඉඩ ලැබේ. උසස් ස්ත්‍රීන් සහ පුරුෂයන් සමග ආශ්‍රයට වැටේ. දේශපාලන වැඩවලට හෝ සමාජීය වැඩවලට හිත ඇදී යයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී සමගිය සාමය සුරක්ෂිත වේ. කෙටි ගමන්බිමන් අධික වේ.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- කුජදා


වෘෂභ

ගැටලු

ලග්නාධිපති සිකුරු 4 වැන්නේ දිග්බලයෙන් සිටිය දී සතිය ආරම්භ වේ. යෝගකාරක ශනි අටේ සිටී. ගුරු හයේ සරල යෝගයයි. මෙම කාලය තුළ ගැටලු සහිතයි. විටෙක තමා ගැන තිබූ ප්‍රසිද්ධිය නැතිවීමේ ඉඩක් පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් වන්න. එසේම විටෙක තදබල කනගාටුදායක සිදුවීම්වලට මුශුණ පෑමට සිදු වනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී තරමක් ප්‍රවේශම් සහිත විය යුතුයි. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. තරුණ තරුණියන් උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, අත් උරහිස් පීඩා යනාදියෙන් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


මිථුන

ගමන්බිමන් අධිකයි

ලග්නාධිපති බුධ රවි, රාහු සමඟ දෙවැන්නේ ස්වක්ෂේත්‍රයි. විවිධ දේ සම්බන්ධයෙන් අදහස් සිතුවිලි පහළ වන දිනයකි. විශේෂයෙන් ගමන්බිමන් යාමට ද, ලියකියවිලි වැඩවලට ද, අධ්‍යාපන කටයුතුවලට ද හිතවතුන් හා නෑයන් ආශ්‍රය කිරීමට ද ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. ආර්ථික හා මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. ගමන්බිමන් අධික වේ. වැඩකට නැති දෙයකට හිත යොමුවනු ඇත. සමගිය සාමය සුරක්ෂිත වේ. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අමුතු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට ආශාවක් ඇති වේ. එක දෙයක් එක දිගටම කිරීම අසීරු විය හැක.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


කටක

මිශ්‍රපලදායකයි

ලග්නාධිපති සඳු 5 වැන්න වූ පූර්ව පුණ්‍යස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. ගුරු 4 සිටී. මෙම පිහිටීම් තුළ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවීම තරමක් ප්‍රමාද වනු ඇත. වැඩකටයුතුවල දී කඩිසරබව තරමක් අඩුවිය හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී උසස් නිලධාරින් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වනු ඇත. ආදායම් මාර්ග පාදා ගත හැක. ආදායම් ලැබුණත් ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය- ක්‍රීම් පාට, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා


සිංහ

ගැටලු පවතී

ලග්නාධිපති රවි 12 බුධ සහ රාශු සමග සිටීමෙන් සතිය ආරම්භ වේ. සිකුරු ලග්නගතයි. ස්ථානගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී. මිල මුදල් සම්බන්ධයෙන් එතරම්ම ශුභදායක නැත. නිකරුණේ මුදල් නැති නාස්තිවීම්වලට ඉඩ පවතී. තමාගේ දියුණුවට යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. අනුමානයට කටයුතු කිරීමෙන් වැළකිය යුතුයි. අනපේක්ෂිත වියදම්වලට ඉඩ පවතී. තනතුරු ආරක්ෂා කරගෙන ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. රාජකාරි වශයෙන් අයහපත් නොවේ. සමගිය සාමය සුරක්ෂිත වේ. උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය- රතු, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා


කන්‍යා

දියුණුවක් ලබයි

ලග්නාධිපති බුධ අයස්ථානයේය. රවි, රාහු සමඟ සිටී. සෙනසුරු ලග්නයෙන් හතරේය. අලුත් මිතුරන් ආශ්‍රයට ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ලැබේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායකයි. ඔවුන්ගේ කටයුතුවල දියුණුවක් ඇති වේ. ප්‍රේම සම්බන්ධතා ඇති වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු අයට යහපත්ය. ආගමික සහ සමාජීය කටයුතු කෙරෙහි පුළුල් අවධානයක් යොමු කරයි. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ඇති වේ. සංකීර්ණ රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


තුලා

බාධා ගැටලු අධික වේ

ලග්නාධිපති සිකුරු අයස්ථානයේය. රවි, බුධ, රාහු 10 සිටිය දී සතිය ආරම්භ වේ. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තරමක් විමසිලිමත් විය යුතුයි. නොඑසේ නම් අපවාද චෝදනාවලට ලක්විය හැකි බැවිනි. සමාජයීය සහ ආගමික අංශවලට යොමු වී ක්‍රියා කරයි. ආර්ථික වශයෙන් අයහපත් නැත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වඩාත් සාර්ථක බවක් ලබයි. ඔවුන්ගේ දියුණුව ගැන සැලකිලිමත් වන්න. හිත මිතුරන්ගේ ඈත්වීම්වලට ඉඩ පවති. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


වෘශ්චික

සමපලයි

ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චව සිටිය දී සතිය ආරම්භ වේ. නවය අධිපති චන්ද්‍රයා ලග්නගත වීම ශුභදායකයි. මෙම පිහිටීම් ගැන සැලකීමේ දී බලාපොරොත්තු ඉටුකර ගත හැක්කේ බාධා අවහිරතා මධ්‍යයේය.

අමුතු බලාපොරොත්තු ඇතිකර ගැනීමේ දී ප්‍රවේශම් වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරනෙ යාමේ දී තරමක් බුද්ධිමත්ව ක්‍රියා කරන්න. අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තරමක් අපහසු වේ.

ආදායම් ලැබීම ශුභයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- බ්‍රහස්පතින්දා


ධනු

කෝපය පාලනය කරගන්න

ලග්නාධිපති බ්‍රහස්පති අයස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. කුජ කේතු දෙවැන්නේය. අවහිරතා ඉවත් කර ගෙන කටයුතු සාර්ථක කර ගනී. අන්‍යයන්ගේ කටයුතු උදෙසා මහන්සි වීමට සිදු වේ. අලුත් හිතමිත්‍රයන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. කෝපය පාලනය කර ගැනීම අවශ්‍යයි. දරුවන්ගේ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුතුයි. තරුණ තරුණියන් අතර රහස් ප්‍රේම සම්බන්ධතා මතු වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අය කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. වැටීම්, තැළීම් හා අනතුරු පීඩාදියෙන් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා


මකර

සමපලදායකයි

ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ සිටී. යෝගකාරක සිකරු අටේ වේ. ගුරු කේන්ද්‍රගතයි. මෙම පිහිටීම් තුළ හවුල් කටයුතු කරගෙන යෑමේ දී තරමක් විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. හිතවත් කෙනකු සමග අමනාපයක් මතුවීමේ ඉඩක් මතු වේ. සතුරු කරදර බාධා නිසා ප්‍රවේශම් විය යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අවහිරතාවන්ගෙන් තොරව එක්තරා මට්ටමකට කටයුතු සාර්ථක කරගත හැක. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. තම ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අර්ශස් හා මලබද්ධය, තුවාල හා අනතුරු පීඩාදියෙන් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


කුම්භ

ක්‍රමයෙන් සාර්ථකත්වය

ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ සිටිමින් ලග්නය දකිද්දී සතිය ආරම්භ වේ. සිකුරු හයේ ද චන්ද්‍රයා දහයේ ද වේ. තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා ඇති කළත් යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල නියුක්ත වීමේ දී යම් යම් අවහිරතා හා බාධා ඉස්මතු වීමේ ඉඩ පවතී. මනා අවබෝධයෙන් යුක්තව කටයුතුවල යෙදිය යුතුයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- සෙනසුරාදා


මීන

සමපලයි

ලග්නාධිපති ගුරු අටේය. නවය අධිපති කුජ අයස්ථානයේ උච්චයි. මෙම පිහිටීම් තුළ තම කටයුතු කරගෙන යාමේදී මිශ්‍රපලදායක තත්ත්වයක් උදා කරයි. කායික හා චෛතසික පීඩාවලට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේ දී ඉතාමත් කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. මිලමුදල් සම්බන්ධ කටයුතු පාලනය නොකළොත් ණයවීමේ හැකියාව ඇත. ගෙදරදොර හා යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද තරමක් ප්‍රවේශම් වන්න. විටෙක සමගියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. උත්සාහයෙන් හා කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- සඳුදා

Comments