සැමියන් රජ ගෙදරට ගෙන යන බිරියගේ අත්ලේ රෝස පැහැ රේඛාව | සිළුමිණ

සැමියන් රජ ගෙදරට ගෙන යන බිරියගේ අත්ලේ රෝස පැහැ රේඛාව

ඔබේ අල්ලේ ඇඟිලි පහක් එක වගේ නැත.අල්ලේ ඇඟිලි මුල මංඩලත් එක වගේ නැත ඇඟිලිපුරුක් වලද පිහිටීම් එකිනෙකට වෙනස්ය. උස් පහත්ව පිහිටීම ඔබ උපන් වේලාවේ ආකාශචාරී ග්‍රහයින්ගේ පිහිටීම් රටාවයි. ඔබ උපන් වේලාවේ කේන්ද්‍රය පමණක් නොව ඔබ පෙර සංසාරයේ කරන ලද කුසලාකුසල කර්මයද අල්ලේ රේඛාවෙන් කියැවෙන්නේය.

මේ ආත්මයේදී ඔබ කී දවසක් ජීවත්වන්නේද ශතවර්ෂයක්ද අඩ සිය වසක්ද කාලයක්ද ප්‍රධාන රේඛාවන්හි සටහන් වන්නේය.

හස්ත රේඛා විද්‍යාවේදීද කල්පනා කළ යුත්තේ යම් කෙනෙකුගේ ආයුෂ ශක්තිය ගැනය. ආයුෂ නැති කෙනෙකුට කිව යුත්තේ එය දීර්ඝ කර ගැනීමේ මංපෙත් ගැනය.

ලෝකයේ බොහෝ දෙනෙක් ඉහළම පදවි ධනය තාන්න - මාන්න ලබා හිටි ගමන් මිය යන අවස්ථා එමටය. ඔබේ උත්පත්ති වේලාවෙන් හදන කේන්ද්‍රයේ වගේම අල්ලේ - පත්ලේ මුහුණේද දේහ ලක්ෂණයේද මෙය සටහන් වේ.

ඉතින් ඔබේ අල්ලේ සප්ත ග්‍රහ මංඩල අතර මුල් තැන ගන්නේ සුර්යයාය. එහි වැටෙන සුර්ය රේඛාව රවි රේඛාව දීප්ති රේඛාව ධන රේඛාව ඇපලෝ රේඛාව නම් වලින් හැඳින්වෙන ධනය බල රේඛාව වැටෙන්නේ අතේ වෙදගිල්ල මුලය. මෙය ශිල්පය, දියුණුව, ධනය, කීර්තිය, ජනප්‍රිය භාවය හෙවත් ජීවිතයේ බැබළීම පෙන්වන රේඛාවයි.

මෙම රේඛාව රවි මංඩලය උස්ව මාතෲ රේඛාවට වැටුණු විට ජන්ම උරුමයෙන් ධනය ලබයි. මාතෲ රේඛා පිහිටීම අනුව අම්මාගේ පාර්ශ්වයෙන් ධනවත්ව උපන් කෙනෙකි. එවැනි අය පවුලක උපදින මහ බලවතාය. බොහෝ විට සුර්ය ලාංජනය එහි වැටේ. එසේ නැත්නම් ත්‍රිකෝණාකාරව රේඛාව පිහිටයි. ( අංක 1)

යම් කිසි කාන්තා අල්ලක චන්ද්‍ර මංඩලයෙන් රවි ධන රේඛාව වැටුණු විට විවාහයේදී තමා ලබන ස්වාමීපුරුෂයා ධන සම්පතින් පුරවයි. ( අංක 6) ලස්සන නිවාසවලට ස්වාමිපුරුෂයා ගෙන යයි. ගෙල පිර වූ රත්තරං ඇයට හිමියි. පුරුෂයෙකුගේ අල්ලේ වැටී තිබේ නම් විවාහවන ස්ත්‍රිය රූමත්ව වාසනාව ලබයි. කීර්තිමත්ය.

අත් කරේ සිට වාසනා රේඛාවත් රවි රේඛාවත් එකට බැඳී රවි මංඩලයට ශනි මංඩලයට යම් ස්ත්‍රියකගේ අල්ලේ රේඛාවත් රෝස පැහැයෙන් වැටේද රජ මැදුරකට ඇය සිය සැමියා කැඳවාගෙන යන්නීය. රවි- ශනි- කුජ චන්ද්‍ර ගුරු මංඩල ඇගේ අල්ල තුළ උස්ව පිහිටයි. (අංක2) එය රාජ යෝගයකි. ඇගේ අල්ලේ ගුරු මංඩලය තුළ කොටු ලකුණ වැටේ.

මෙම රේඛාව අල්ල මැදින් බෙදී අතු තුනකට ගුරු- ශනි - රවි මංඩලවලට වැටීම ( යම් කාන්තා අල්ලක වැටුණු විට) තිත් රේඛාව ( අංක 3) රාජ්‍ය පාලකයෙකු ඇය බිහි කරයි. එවැනි අල්ලක සිකුරු මංඩලයේ මත්ශ්‍ය ලාංඡනය වැටේ. (අංක 4) පැල්පතක උපදින දිළිඳු දරුවෙක් රජ මැඳුරකට ගෙන යන අම්මා කෙනෙකුගේ දීප්ති රවි රේඛාව සමඟ වැටෙන ලක්ෂණය එයයි.

මෙය ජීවිතයේ ධන ආලෝක රවි රේඛාවයි. සාමුද්‍රිකා ඉර්ෂීන් පෙන්වා දී ඇත්තේ ය.

මේ රේඛාව තවත් අතකින් රවි මංඩලය උස්ව පිහිටා දෛව රේඛාවෙන් පටන් ගත් විට ස්වකීය උත්සාහයෙන්ම දියුණුව සලසා ගනී විද්‍යා ලාභියෙකි උගතෙකි. (අංක 5) ප්‍රඥාව බලවත්ය. ප්‍රසිද්ධ අයෙකි.

අල්ලේ ශීර්ෂ රේඛාවෙන් රවි රේඛාව පටන්ගත් විට ධනය හිසට වදයක්ය. මහත් ධනස් කන්දයකට හේතු වාසනාව ලබයි. (අංක7)

රවි රේඛාව චන්ද්‍ර මංඩලය උස්ව එතනින් පටන් ගත් විට ශිල්පය නිසා කීර්තිමත්ව ධනයත් වාසනාවත් ලබන ලකුණකි. (අංක 6) පැල්පතක ඉපිද ඉහළම ධනය ලබා කීර්තිය ලබන අත්වල මෙය දැකිය හැකිය.

මෙවැනි රේඛාවක් චන්ද්‍ර මංඩලයේ ඉහළට වැටුණු විට ‍විදේශ රටවලින් පදිංචිය ධනය ලබයි විදේශ ගමන් රේඛාද ඊට එක්වේ. (අංක 8) චන්ද්‍ර මණ්ඩලය බලන්න. විදේශ ගමන් රේඛාව (A - A) එහි ත්‍රිශූල ලක්ෂණය වැටුණ විට පදිංචිය කීර්තිය ලබයි.

යම් අල්ලක රවි මණ්ඩලයේ සිට මැණික් කටුව මුලට විහිදී යන රවි රේඛාව චන්ද්‍ර මංඩලයේ මුලට වැටුණු විට මනුෂ්‍යයින් දෙන්නා වූ දාන මාන වලින් ජීවත්වේ. (අංක 9) මෙය මනුෂ්‍යයින්ගේ අල්ලේ යටි සිතට අයිති තැනයි. මෙම ලක්ෂනය බොහෝවිට දේවාලවල පුජකයින්ගේත් භාවනායෝගීන්ගේත් අත්වල දක්නට ලැබේ.

රවි රේඛාව සුළඟිල්ල මුල කුජ විකෘති මණ්ඩලමත වැටුණු විට හදිසි ධන වාසනාවකි අන්සතු ධනයට හිමි කමකි ( අංක 10) එහි දූපත් ලකුණක් නම් ඉපයු ධනය වනසාගනී. ලොතරැයිවලින් ජය ලබා එයින්ම වැනසුණු බොහෝ අත්වල මෙය දකින්නට ලැබේ.

රවි ‍රේඛාව බුද මංඩලයෙන් වැටෙන රේඛා සමඟ ඒකාබද්ධ වූ විට ශිල්ප ශාස්ත්‍ර වෙළඳාමෙන් විවිධ වාණිජ ව්‍යාපාරවලින් (බුද්ධියෙන් කරන) ධනවත්වේ. (අංක 11) එහි අගට චතුරශ්‍ර ලක්ෂණය ධනස්කන්ධයක් ලබන යෝගයකි.

ඔබේ අල්ලේ රවි රේඛාව විවාහ රේඛාව හා ඒකාබද්ධ වූ විට ඔබ ධනවන්ත බිරියක් ලබන ලකුණකි. ස්ත්‍රියකගේ අල්ලේ වැටීම ධනවන්ත සැමියෙක් ලබන ලකුණකි (අංක 12) . මෙම රේඛාව සමඟ විවාහ රේඛාව ඒකාබද්ධ වූ විට විවාහය දෙවැනි කොට ධනය මුල් කොට සලකන්නේය. භාර්යාවගේ ධනයෙන් පොහොසත් වන්නෝය. රවි රේඛාව තුළින් අතු රේඛාවක් ශනි මංඩලයට වැටුණු විට භූමිගත වස්තුවලින් ධනවත්වේ. (අංක 13) බොහෝ මැණික් ව්‍යාපාරික අත්වල මෙය දකින්නට ලැබේ. මෙම රේඛාව ශනි රේඛාව සමඟ බැඳුන විට විශාල මැණික් සම්පත් ලබන ලක්ෂණයකි.

රවි රේඛාව සුර්ය ලක්ෂණය සමඟ සුර්ය මණ්ඩලය තුළ විහිදේද විවිධ මාර්ගවලින් ධනය උපයා ජීවිතය ජය ගනිය. මහා ධනයක් ලබන කීර්තිමත් ලකුණකි.

රවි ‍රේඛාව ත්‍රිශූල ලකුණින් සුබ දායකව බුද මණ්ඩලය බලවත්ව පිහිටි විට ගණිතය, නීතිය ,වෛද්‍ය කර්මය, ගුප්ත විද්‍යාව දත් අයය. එතනදී එය ධනයට වඩා ශිල්පීය හැකියාව පෙන්වයි.

කපටි ඥාණ ශක්තියක් එවැනි අයට ඇති බව කියවේ.

බුද මණ්ඩලය පහත්ව එහි රවි රේඛාව වැටුණු විට සොරකම් කිරීමෙන් අනුන්ගේ දේපොළ පැහැර ගැනීමෙන් ධනය උපයන්නෝය. ව්‍යාපාරිකයින්ටද ශුර කපටි ඥාන ශක්තිය ඇති අයටද මේ රේඛාව බුද මණ්ඩලය අසලින් විකෘති කුජ මණ්ඩලයට වැටේ.

සිකුරු මණ්ඩලයෙන් පටන් ගන්නා රවි රේඛාව (අංක15) එම මංඩලය උස්ව පිහිටි විට කාන්තා පක්ෂය වෙනුවෙන් ධනය වැය කෙරේ. එසේම විවාහ ජීවිතය තුළ ධනය ලබයි.

ඔබේ අල්ලේ රවි රේඛාව ගමන් කරන හැටි බලන්න සංඛ ලාංඡනය රජ මැදුරකට යන ලකුණකි. එම රේඛාව තුළ අග කරු බෙදීම් ලප කැළැල් ඇත්නම් ඒ ඔබේ ධනයේ වැටීම් නැගීම්ය.

(තවත් දවසක මේ ටික කතා කරමු)

 

Comments