රහස | සිළුමිණ

රහස

ඇසට ඇස මුණගැසුණු විට ආඳෙකු සේ ලිස්සා යාම ආඳන් සමඟ ඔට්ටු නැත. මේ එවන් මොහොතකි. මියන්මාර් මුහුදු පතුළේ ඔක්සිජන් අඩු අඳුරු ඉසව්වක කිමිදෙමින් සිටි ඡායාරූප ශිල්පී ග්‍රෙග්රි පයිපර්ට මේ ආඳන් දෙදෙනා මුණගැසී තිබෙන්නේ අනපේක්ෂිත වෙලාවකදීය.

මේ හදිසි හමුවීමෙන්, තමන් මෙන්ම ආඳන් ද තිගැස්සුණු බවත්, කනට කට ළංකොට මේ ඔවුන් කතා කරන්නේ නිසැකවම තමා ගැන බව ග්‍රෙග්රි අනුමාන කරයි.


පහර

බිම වැටෙන තුරු පහර දීම එළිපිටත්, හොර රහසේත් සිදුවෙයි. මේ, දෙනෝදහක් දෙන ඉදිරිපිට බිම වැටෙනතුරු පහරදෙන තරගයකි. ස්විස්ටර්ලන්තයේ පැරණි ජන ක්‍රීඩාවක් වන මෙහිදී පළමුව උරහිස් වැල්ලේ එරෙන තැනැත්තා පරාජිතයා හැටියට නම් කෙරේ.

පහරදීම් අඩුවක් නැති ජීවිතයේ වටිනාම පුහුණුව නොවැටී සිටින්නට ඉගෙනීමය. වැටුණත් උරහිස් වැල්ලේ එරෙන්නට පෙර තනියෙන් යළි නැගීසිටීමය.

 


ගිනි නිවීම

ඉන්දුනීසියාවේ මනාඩෝ ටුවා ගිනිකන්ද පාමුල , නොගැඹුරු කලපුවක් තිබෙන්නේ හරියට, ලාවා ගිනිගන්නා ඕනෑම මොහොතක ඒවා නිවන්නට සැරසී සිටින විලාසයෙනි.

ගිනි ඇවිලෙන මොහොත ගැන කලින් කියන්නට බැරි නිසා, ගිනි නිවන්නම සැරසී සිටීමෙන් හානිය අවම කරගත හැක.

Comments