ටුක් ටුක් සංචාරකයන්ගේ හිත පිරෙන අලුත් ප්‍රවාහන සේවය | Page 2 | සිළුමිණ

ටුක් ටුක් සංචාරකයන්ගේ හිත පිරෙන අලුත් ප්‍රවාහන සේවය

සංචාරකයන්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක් හඳුන්වා දීම, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී සිදු වූයේ පසුගිය සඳුදා ය. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියැදුරන් 150 දෙනකුට සංචාරක හිතකාමි ටුක් ටුක් සේවයේ නිල ලාංඡන සහ සහතිකපත් බෙදාදීම සිදු විය. මෙම ත්‍රීරෝද රථ රිය­ැදුරන්ට සහතිකපත් බෙදා දීම සිදු ‍කළේ පුහුණුවක් ලබා දීමෙන් අනතුරුවය. මෙම සහතිකපත්, නිල ලාංඡනයට අමතරව හැඳුනුම්පතක් සහ නිල ඇඳුමක් ද පිරිනැමිණි. ත්‍රීරෝද රථ රියැදුරන්ට ආදායම් අවස්ථා පුළුල් කරලීම හා ගුණාත්මක බවින් ඉහළ ත්‍රීරෝද රථ සේවයක් ස්ථාපිත කිරීම මෙම සංචාරක හිතකාමි ත්‍රිරෝද රථ සේවයේ අරමුණයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රීරෝද රථ රිය­ැදුරන් 150 දෙනකුට මෙම සහතිකපත් බෙදා දීම සිදු කෙරුණ ද ගාල්ල, බෙන්තොට, දෙණියාය යන ප්‍රදේශවල ත්‍රීරෝද රථ රියැදුරන් ද මේ සඳහා තෝරා ගත් බැවින් පුහුණුව ලැබූ ත්‍රීරෝද රථ රියැදුරන් සංඛ්‍යාව 750 කි. ඉදිරියේදී මෙම “ටුක් ටුක්” ත්‍රීරෝද සේවාව දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ය. සංචාරක හිතකාමී ත්‍රීරෝද රථවල රියැදුරන්ගේ කාර්ය දර්ශක අනුව ඔවුන් රන්, රිදී සහ ලෝකඩ යනුවෙන් වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂිතය. එපමණක් නොවේ. මීට අමතරව අවන්හල් සහ සංචාරක සත්කාරක නිවාස සඳහා ද සංචාරක හිතකාමී මුද්‍රාව ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.

Comments