
මේෂ
යහපත්ය
ලග්නාධිපති කුජ දිග්බලව රුචක යෝගයෙන් සිටියදී සතිය ආරම්භ වේ. රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් සුළු සුළු බාධා ඇතත් ශුභදායක වේ. දියුණුවක් ලබයි. වෙළෙඳාම් කටයුතුවල යෙදී සිටින අයට ආර්ථික වාසි ලැබේ. ආදායම් ලැබීම ශුභයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිතයි. ශරීර සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපෑ හැකි බැවිනි.
ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- අඟහරුවාදා
වෘෂභ
සමපලදායකයි
ලග්නාධිපති සිකුරු පූර්ව පුණ්‍යස්ථානයේ සිට ලග්නය දකී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ස්වකීය උත්සාහය හා කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. මුදල් ලැබීම යහපත් වුව ද වියදම් ද ඉහළ යයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහයෙන් හා කැපවීමෙන් විභාගාදියෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා බලපායි. වතුරෙන් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
මිථුන
දියුණුවක් ලබයි
ලග්නාධිපති බුධ දෙවැන්නේය. ගුරු පස්වැන්නේය. මෙම පිහිටිම් තුළ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය හා ආධාර උපකාර ලැබීමෙන් කටයුතු සාර්ථක වේ. මිල මුදල් ඉතිරිකර ගැනීම අපහසුයි. ගෙදරදොර සමගිය සාමය ගැන කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ප්‍රේම සම්බන්ධතා ඇති වේ. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා
කටක
මිශ්‍රපලයි
රවි, බුධ ලග්නයේ ද ගුරු කේන්ද්‍රගතව ද සිටිය දී සතිය ආරම්භ වේ. කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැක. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්න. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ද ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා
සිංහ
ශුභදායකයි
රවි දොළහේ ද සඳු ලග්නයේ ද ගෝචරය වේ. මේ අනුව වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබේ. ඒ තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගත හැක. ආර්ථික වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ඉගෙනීමේ කටයුතුවලට යම් යම් බාධා එයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- රතු, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා
කන්‍යා
දියුණුවක් ලබයි
යෝගකාරක සිකුරු ලග්නයේය. ගුරු දෙවැන්නේය. අන්‍යයන්ගේ සහාය ලැබේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. දියුණුවක් ලබයි. විවිධ ක්ෂේත්රයන්ගෙන් ආදායම් ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. ලේ දූෂ්‍යාබාධ, පපුව, පෙණහැල්ල ආශ්රිත රෝග බලපෑ හැක.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා
තුලා
බාධා මැද යහපත
ලග්නාධිපති සිකුරු 12 ද ගුරු ලග්නයේ ද වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී විටෙක බාධා අවහිරතා ඉස්මතු කළ හැක. අන්‍යයන්ගේ සහයෝගය එක්තරා මට්ටමකට ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ල්පනාකාරී වන්න.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
වෘශ්චික
ශුභඵල ලැබේ
ලග්නාධීපති කුජ තුන්වැන්නේ උච්චව සිටී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී සුළු බාධා අවහිරතා ඇති කළත් ස්වකීය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. මිල මුදල් ලැබීම අතින් ඉතා ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. වාසි ලැබේ. ගෙදරදොර කටයුතුවලදී කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දියුණුවක් ලබයි.
ශුභ වර්ණය- රතු, ශුභ අංකය- 09, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
ධනු
ප්‍රශ්න මැද දියුණුව
ලග්නාධිපති ගුරු අයස්ථානයේය. ශනි වක්‍රව ලග්නයේය. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතාවන් ඉස්මතු කල හැක. ඒ තුළ වෘත්තීය දියුණුවක් ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. ලාභ ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලබයි. දරුවන්ගේ කටයුතු ශුභයි. දියුණුවක් ලබයි. ඉගෙනීම් කටයුතුවලදී ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග හා උදරාශ්‍රිත රෝග බලපායි.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
මකර
මිශ්‍රපලයි
ලග්නාධිපති ශනි වක්‍රව 12 සිටී. සිකුරු භාග්‍යස්ථානයේය. කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැක. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන සතුටු විය හැක. ඉගෙනීම්වල යෙදී සිටින අයට තරමක් බාධා ගෙන දේ. උනන්දු වන්න. උදරගත පීඩා, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
කුම්භ
යහපත් ප්‍රතිඵල
ලග්නාධිපති ශනි වක්‍රව අයස්ථානයේය. මේ අනුව තම කටයුතුවල දී බාධා අදහස් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක කරගනු ඇත. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- බදාදා
මීන
මිශ්‍රපලයි
ගුරු අටේ ගමන් ගනී. මෙම සතිය තුළ එතරම්ම සාර්ථක ප්‍රතිඵල නොලැබේ. බාධා අවහිරතා ඉස්මතු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා ඇති වේ. ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශයෙන් එතරම්ම ශුභදායක නොවේ. බාධා අවහිරතා සහිතයි. වියදම් අධිකය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවලදී උනන්දු විය යුතුයි.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා