යාපනේ මිනි­සුන් ආයෙත් බය කරන අරි­යාලේ කළු යකා | සිළුමිණ

යාපනේ මිනි­සුන් ආයෙත් බය කරන අරි­යාලේ කළු යකා

යාප­නයේ මිනි­සුන්ට සිදු වන්නේ කුම­ක්දැයි වරක සිතා ගැනී­මට පවා අප­හ­සුය. ඔවුන්ගේ ජීවිත පසු පස කුමන හෝ අදිසි හස්ත­යක් වරින් වර ඔවුන් සොයා පැමි­ණෙයි.

අවු­රුදු තිහක්ම මේ වැසියෝ බැට කන ලද්දේ යුද්ධ­යෙනි. යාන්ත­මට යුද්ධය අව­සන් වී සාමය එළඹි මොහොතේ ඔවුන්ව සොයා­ගෙන පැමි­ණියේ ''ග්‍රීස් යකුන්'' පිරි­සකි.

දහ­වල් කාලයේ මහ­පො­ළොව සමග ඔට්ටු වී ඇඟ පත වෙහෙස නිවා­ගැ­නී­මට ඔවුන් උත්සහ දැරු­වත් යුද්ධය අව­සන් වීමත් සම­ඟම නිවෙ­ස්ව­ලට කඩා­ගෙන වැදුණු ''ග්‍රීස් යකුන්'' නිසා නින්ද පම­ණක් නොව ඔවුන්ගේ පදිං­චිය ද මාරු කර­න්නට සිදු විය.

මුළු යාප­න­යම එදා මේ ''ග්‍රීස් යකුන්'' ගේ හොල්මන් නිසා භීති­යෙන් ඇළලී ගියේය. බොහෝ පිරිස් යාප­නය අත­හැර දමා කොළඹ තාව­කා­ලි­කව පදිං­චි­යට යෑමට තරම් යකාගේ බිය එදා තීව්‍ර විය.

කාල­යාගේ ඇවෑ­මෙන් ග්‍රීස් යකා යාපනයෙන් ගියේය.අන­තු­රුවයාප­නයේ වැසි­යන්ව සොයා ගෙන පැමි­ණියේ කඩු කාර­යෝය. කඩු කිණිසි අතට ගත් කිරි­කජු වියේ පසු වන කොල්ලන් බොහෝ දේ කොල්ල කද්දී යාප­නයේ වැසි­යන්ට නැවත වරක් භීතිය,ත්‍රාසය,සැකය හා අවි­ශ්වා­සය යන සියලු දේ තුරුලු කර­ග­න්නට සිදු විය.

ඒ බිය පහව යනු ඇතැයි යාප­නයේ වැසියන් විශ්වාස කළ ද වසර දෙක­හ­මා­රක්ම ඒ කඩු­කා­ර­යන් වරින් වර යාප­න­යට පැමි­ණෙන්නේ එක් එක් අලුත් නම් පට­බැ­ද­ගෙ­නය. මේ නිසා ඒ බිය තව­මත් මේ අහිං­සක වැසි­යන්ගේ සිත් තුළින් සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් ගොස් නැත.

කඩු කිණි­සි­කාරයන් සිටි­ද්දීම යාප­නයේ වැසි­යන්ව සොයා­ගෙන මහ දවල් කාලයේ පවා පැමි­ණියේ භූත කොට්ඨා­ස­යකි. ඒ භූතයෝ යාප­නයේ වැසියන් ලෙඩ කළහ. භීති­යට පත් කළහ. පවුල් පිටින්ම වනසා දැමූහ.

යාප­නයේ පවුල් කීප­ය­කට අයත් ව්‍යාපාර මුළු­ම­නින්ම සුන්නද්ධූලි කොට දමද්දී තවත් බොහෝ දෙනෙ­කුගේ ව්‍යාපාර වනසා දැමීය. ඉතාම කෙටි­යෙන් කිව­හොත් යාප­නයේ සුළු වෙළෙන්ඳන් සඳහා වූ වෙළෙඳ සංකී­ර්ණ­යම අමු සොහො­නක් බවට පත් කිරී­මට ඒ මහා භූත උව­දු­රට හැකි විණි.අද­ටත් ඒ වෙළඳ සංකී­ර්ණය පාළු­වට ගොසින්ය.

ඒ භූත උව­දුර අවස්ථා තුන­ක­දීම වරින් වර ඉස්මතු වූ නිසා යාප­නයේ වැසි­යන්ට ''ඒකත් අහ­ව­රයි'' යනු­වෙන් සිතා හිත එක­ලස් කර­ගැ­නී­මට නොහැ­කිය. ගිය භූත­ය­න්කොයි වේලා­වක හෝ නැවත පැමි­ණෙනු ඇතැයි යන විශ්වා­සය යාප­නයේ වැසි­යන් තුළ පවතී.

භූත­යන්ගේ යළි පැමි­ණීම අපේ­ක්ෂා­වෙන් කඩු­කා­ර­යන්ගේ භීතිය මැද කල් ගෙවන යාප­නයේ වැසි­යන්ට අලු­තෙන්ම කඩා­පාත් වී ඇති ව්‍යසනය මහා කාල යක්ෂ­යෙ­කුගේ එබි­කම් කිරී­මයි. මහා කාල යක්ෂයා යැයි කියන්නේ රාත්‍රී කාල­යට මේ දින­වල යාප­නය පැමි­ණෙන එම යක්ෂයා කළුම කළු පාට වීම නිසාය.

යාප­නයේ අරි­යාලේ හා අරි­යාලේ නැඟෙ­න­හිර පළාතේ වැසි­යන්ට මේ යක්ෂයා මුලින්ම දැක ගන්නට ලැබුණේ නිවෙස් වලට එබි­කම් කිරීම නිසාය. මේ ගැන අස­ල්වැ­සි­යන්ට හා යාප­නයේ දන්නා අයට තොර­තුරු කිය­න්නට පට­න්ගැ­නී­මත් සම­ඟම බොහෝ දෙනෙකු කියා සිටියේ කාල­යක් භුත කතා පැති­රුණා මෙන් මේ යක්ෂ කතාව ද තැනින් තැන නොකි­යන ලෙසය.

ඊට හේතුව වූයේ ඒ කාලයේ යාප­නයේ පැවති භූත වුව­දුර ගැන කියව කියවා සිටීම නිසා යාප­නයේ භූත උව­දුර මහා නැස්පැ­ත්ති­යක් බවට පත් වුණේ යැයි විශ්වා­ස­යක් මේ වැසි­යන් තුළ පැව­තී­මය. යාප­නයේ වැසියෝ මේ යක්ෂ­යා­ටද ඇති බිය නිසා කීප දිනක් නිහ­ඬව සිටි­යහ. නමුත් යක්ෂ­යාගේ රාත්‍රි­යේදී යක්ෂයා නිවෙස් වලට පැමි­ණී­මට අම­තක කළේ නැත. මුලින්ම ඔවුන් ගමේ ග්‍රාම නිල­ධා­රී­ව­ර­යාට කියා සිටි­යේය. භූත­යන්ගේ අත්දැ­කීම් බහු­ලව තිබුණු යාප­නයේ වැසි­යන් මේ යක්ෂයා ගැන එත­රම් තැකී­මක් නොකළේ මීට මාස තුන­කට පමණ ඉහ­තදී ද යාප­න­යට යකෙක් පැමිණ සිටීම නිසාය. සුදු රෙද්දක් පොර­වා­ගෙන එක් අත­කින් ලේ හැලෙන කළු කුකු­ළකු අතින් ගත් යකා යාප­නයේ බොහෝ දෙනෙක් දැක තිබු­ණහ. ඒ යකා­ගෙන් යාප­නයේ කිසි­වෙ­කු­ටත් කර­ද­ර­යක් නොවූ නිසා යාප­නයේ අරි­යාලේ ගමේ උද­විය අලුත් යක්ෂයා ගැන කී කතාව පළාතේ ග්‍රාම නිල­ධා­රී­ව­රයා ද නොස­ලකා සිටියා විය හැකිය.

ග්‍රාම නිල­ධා­රී­ව­ර­යාට යක්ෂ­යාගේ තරම අව­බෝධ වූයේ එක් දිනක් ඔහුගේ නිව­සට ද මේ කියන යක්ෂයා පැමි­ණී­මත් සම­ඟය. අව­සා­නයේ දී ඊට පසු දින උතුරු පළාත් ප්‍රධාන අමා­ත්‍ය­ව­ර­යාගේ මහ­ජන දින­යක් පැවති නිසා ඊට සහ­භාගී වූ යාප­නයේ අරි­යාලේ ගමේ වැසියෝ මේ අලුත්ම යක්ෂයා ගැන සී.වී.විග්නේ­ස්ව­රන් මහ­තාට තොර­තුරු ඉදි­රි­පත් කළහ. ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා ඒ ගැන එත­රම් තැකී­මක් නොකළ නිසා ගම් වැසියෝ එය මහා බර කතා­වක් ලෙස ඉදි­රි­පත් කළෝය.

ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා කළේ පාසලේ පන්ති­යක නඩු ඇසී­මකි.

''හොඳයි ඔය කියන යකා දැක්ක අය මේ පැත්ත­කට එන්න... අනෙක් අය අනෙක් පැත්තට වෙන්න''

ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා ජන­තාව පිල් දෙක­කට බෙදා යකාගේ හැටි යකා දුටු අය­ගෙන් විමසා සිටි­යේය.

''ඒකා කළුම කළු පාටයි ...මූණත් කළුයි..තැනින් තැන සුදු පාට ගාලා වගේ...දත් ඔක්කොම එළි­යට දාලා ඔළුව වන වනා හිනා වෙනවා. එහෙම හිනා වෙන­කොට අමුතු සද්ද­යක් ඌ කර­නවා. ඒ සද්දේ ගොර..ගොර ගාලා තමයි ඇහෙන්නේ. මිනිස්සු දිහා බල බලා ඔළුව වන­නවා. කොණ්ඩේ පොකු­ටුයි. උස නෑ මිටිම මිටියි. බලන්න බයේ බෑ සර්...අනේ මෙකට මොකක් හරි කරලා දෙන්න.''

යාප­නයේ වැසි­යන්ගේ කතාව අසා සිටි ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා සිනා සී කිසි­වෙකු බිය විය යුතුව නැතැයි කියා සිටි­යේය.

''මේ කුරු මිනිස්සු මිටි මිනිස්සු යක්කු කියලා ජාති­යක් ලෝකේ නැහැ. ඔව්වා මන­ස්ගාත. ඒක නිසා ඔයාල කාලා බීල හොඳට දොර­වල් වහ­ගෙන නිදා ගන්න'' යනු­වෙන් පැවසූ විග්නේ­ස්ව­රන් මහතා නිහඬ විය. යාප­නයේ යක්ෂ­යාගේ කතා­වට ඉගි­ලෙ­න්නට තටු ආවේ මේ කතා­වත් සම­ගිනි.

''අඩේ යාප­නේට ආයෙත් යකෙක් ඇවි­ල්ලාලු...අද මිනිස්සු ඇවිත් සීඑම් ට පැමි­ණිලි කළාලු...අපි යමුකෝ සීඑම් හම්බ වෙන්න''

අලුත් පුවත් මවන යාපනේ මාධ්‍ය­වේ­දියෝ ප්‍රධාන අමා­ත්‍ය­ව­ර­යාගේ නිව­ස­ටම ගොස් ප්‍රවෘත්ති සාක­ච්ඡා­වක් ඉල්ලා සිටි­යහ.

ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා යකා ගැන කියා සිටියේ මිනි­ස්සුන්ට කී කතා­ව­මය. ඊට අම­ත­රව ඔහු ඡායා­රූප ගණ­නා­වක් පෙන්ව­මින් යාප­නයේ බිය ඇති කරන මිනිස්සු ගැන බොහෝ දේ කියා සිටි­යේය. යකාගේ කතාව එතැන නතර විණි.

නමුත් යක්ෂයා දැක බියට පත් වූ පිරිස ඒ සම­ඟම ගොස් යාප­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් හා පළාත් සභාවේ ආනන්දි සෂි­හ­රන් අමා­ත්‍ය­ව­රිය හමු වී යක්ෂයා ගැන කියා සිටි­යහ.

පොලිසිය සමග ප්‍රාෙද්ශීය දේශපාලනඥයෝ

ඔවුන් පිරිස මේ ගැන පොලී­සි­යට කීම නිසා සහ­කාර පොලිස් අධි­කාරී තුසිත පෙරේරා මහ­තාට යාප­න­යට පැමිණි අලුත් යක්ෂයා ගැන සෙවී­මට අරි­යාලේ පළා­තට යෑමට සිදු විණි.

දැන් යාපා­නයේ අරි­යාලේ ගම්මා­නයේ යකා එළ­වී­මට මහා තොවි­ල­යක් නොව මහා සාක­ච්ඡා­වකි. යක්ෂ­යාගේ තරම කොතෙ­ක්දැයි කිව­හොත් මේ සාක­ච්ඡා­වට සහ­භාගී වූ ප්‍රමා­ණය විශාල වූ නිසා ශබ්ද­වා­හිනී යන්ත්‍ර හා මයි­ක්‍ර­ෆෝන් ද භාවිත කිරී­මට සිදු විය.

දේශ­පා­ල­න­ඥයෝ හා පොලී­සිය බලා සිටිද්දී යක්ෂයා දුටු පිරිස ''ගීත­යෙන් ගීතය'' වැඩ සට­හ­නක මෙන් යක්ෂ­යාගේ තොර­තුරු විස්තර ඉදි­රි­පත් කළහ.

යක්ෂ­යාගේ හැඩ­රුව විස්ත­රය ප්‍රධාන අමා­ත්‍ය­ව­ර­යාට ඉදි­රි­පත් කළ විස්ත­ර­ය­මය. මහා සභා­වක යක්ෂයා දුටු පුද්ග­ලයෝ සිය­යක් පමණ සිටිය ද ඔවුන් සිය­ල්ල­න්ගේම කතාව එකම කතා­වකි. මේ සියලු කතා­ව­ලින් පසක් වූ එකම දෙය වූයේ යාප­නයේ තැන් තැන්ව­ලදී යක්ෂයා හෝ වෙන මොකෙක් හෝ දැක ඇත්නම් සිය­ලුම දෙනා දැක ඇත්තේ එකම එකෙකු පම­ණක් බවය.නමුත් වෙනස් කතා­වක් වූයේ යක්ෂ­යා­ගෙන් සිදු වන බිය ජනක තත්වය විස්තර වීමය.

''මේ යක්ෂයා කොහෙන් හරි එබිලා බල­නවා. දොර ජනෙල් වහලා ඉන්න කිව්වට වැඩක් නෑ. එබිලා දත් සේරම විලි­ස්සලා හිනා වෙලා අමුතු සද්ද­යක් දාන­කොට කවුද බය වෙන්නේ නැත්තේ. ඒක නිසා මේ යක්ෂ­යාව අල්ලන්න පොලී­සිය උදව් කරන්න.

අපිට ගමේ අයට එකතු වෙලා මූ අල්ලන්න බයයි. මොකද මේ එන යකත් අර කඩු­කා­ර­ය­න්ගේම එකෙක් ඔත්තු බලන්න එන­වද දන්නෙත් නෑනේ.

“අපි අතේ ආයු­ධ­යක් නැතුව අපිට ඒ යක්ෂ­යව අල්ලන්න බැහැ''

අලි මදි­වාට හරක් කීවා සේ දැන් පොලී­සි­යට සිදුව ඇත්තේ කඩු­කා­ර­යන් මර්ද­නය කිරී­මට අම­ත­රව යක්ෂ­යන් දම­නය කිරී­මට ද පොලිස් බලය යෙදී­මට සිදු­වී­මය.

යාප­නයේ ක්‍රියා­ත්මක කඩු කල්ලි­යත් මේ යක්ෂ­යාත් අතර එත­රම් වෙන­සක් ද නොමැත. ඊට හේතුව මේ දෙගො­ල්ලන්ම පැමි­ණෙන්නේ මහ රාත්‍රීයේ හෝ අලු­යම් කාල­යේ­දීය. එමෙන්ම ඔවුන් දෙගො­ල්ලන්ම පැමි­ණෙන්නේ හොර රහ­සේය.

වෙන­ස­කට ඇත්තේ කඩු­කා­ර­යන් මිනි­සුන්ව කැපී­මත් යක්ෂයා මිනි­සුන්ව නොකපා බිය කිරී­මත්ය. ඒ අතින් නම් යකා කඩු­කා­ර­යන්ට වඩා හොඳය. මානු­ෂි­කය.

ගිනි පෙනෙ­ල්ලෙන් බැට කෑ එකා කණා­මැ­දි­රි­යා­ටත් බියය.

විවිධ අරෝ­වන් නිසා බියට පත් වූ යාප­නයේ ජන­තා­වට මේ අලුත් යක්ෂ­යාගේ බිය ද විශාල බියකි.

හැම­දාම බියෙන් සැකෙන් යුතුව ජීවත් වන යාප­නයේ ජන­තාව වෙනු­වෙන් යාප­නයේ අලුත්ම යක්ෂයා ද දම­නය කිරී­මට ආර­ක්ෂක අංශ වල පූර්ණ සහ­යෝ­ගය අව­ශ්‍යව ඇත.

 

Comments