මන්ත්‍රී ගෝලයා විඳින දුකක් | Page 4 | සිළුමිණ

මන්ත්‍රී ගෝලයා විඳින දුකක්

සිත කිලිටි වන ක්‍රම දෙකකි. පංච ද්වාරයන්ගෙන් ගනු ලබන සුබ සහගත අරමුණුවලින් ද දුක්ඛ සහගත අරමුණුවලින් ද සිත කිලිටි වේ. “ආගන්තුකේහි උප කිලිට්ඨෙන උප කිලිට්ඨං” ආගන්තුකව සිතට යොමුවන බාහිර අරමුණුවලින් කිලිටි වෙයි. සිත භවංග අවස්ථාවේ පිරිසුදුය. “පභස්සර මිදං භික්ඛවේ චිත්තං” සිත ප්‍රභාශ්වරය. ආලෝකයේ උදව්වෙන් ඇසට වර්ණ රූපයක් ස්පර්ශ වීමෙන්, ගැටීමෙන් ලෝභයක් රාගයක් ආශාවත් කැමැත්තක් වුවමානාවක් හට ගෙන සිත සුබ සහගත චක්ඛු විඤ්ඤාණීය බවට පත් වී කිලිටි වෙයි. නැතහොත් ඒ රූපය කෙරෙහි ඊර්ෂ්‍යාවක්, තරහක්, අමනාපයක්, අකැමැත්තක්, ද්වේෂයක් හට ගෙන දුක්ඛ සහගත චක්ඛු විඤ්ඥාණය බවට පත් වී කිලිටි වෙයි. ඇස මෙන් ම කන, නාසය, දිව, කය යන ද්වාරයන් ද ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබා දී කිලිටි කරයි. ඊට අමතරව මනෝද්වාරය විසින් අතීතයේ මනස තුළ තැන්පත් කරන ලද සංඥා හෙවත් ගති (ගති ගුණ, ගතිරූ, ගති බව ආදී) මතු කර සිත කිලිටි කරයි. මේ සියල්ල සිදු කරන්නේ ලෝභ, ද්වේශ, මෝහ යන හේතු විලිනි. මේ පිළිබඳ නොදන්නා අශ්‍රැතවත් පෘතග්ජනයා තණ්හාවෙන් උපාදාන වූ භව (රාග බව ද්වේෂ බව මෝහ බව) හේතු කොට ගෙන ජාති උපදවයි. සසර ගමන දිග් කැරගෙන ඉපද ඉපද දුක් විඳී.

උප්පැන්න සහතිකයේ “බෞද්ධ”යැයි ලියැවී ඇති නිසා අපි බෞද්ධයෝය, සම්‍යක් දෘෂ්ටිකයෝ යැයි සිතා සිටිති. බෞද්ධ යන වචනයේ තේරුමවත් නොදන්නා බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතැමෙක් මිත්‍යා දෘෂ්ටිකයෝය. රාග බව ද්වේෂ බව, මෝහ බව දැක හඳුනා අ‍වබෝධ කොට ඒවා උපදින උපදින විට ම මේ තෘණ බීජ, වල් පැළ උදුරා දමමින් සිටින අය බෞද්ධයෝය. අනිකුත් සියල්ලෝම අබෞද්ධයෝය. උදුරා දැමූ අය “බුද්ධ” නම් වේ. (අරහන්ත,පච්චේත, සම්බුද්ධ)

කෙනෙක් ධන තණ්හාවෙන් කර්ම රැස් කරති. ඉඩ කඩම්, ගේ දොර, යාන වාහන , මිල මුදල්වලට වඩා දෙයක් නැතැයි වස්තු සම්පත් රැස් කරති. මිත්‍යා දෘෂ්ටියෙන්, විෂම ලෝභයෙන් හා අසීමිත තණ්හාවෙන් කෙලෙස් රැස් කරති. මොලොව දී අංශබාධ රෝගය වැලඳී අත පය දිව අප්‍රාණික වුණොත් අනාථ බව ‍නොසිතති. පරලොව ද දුගති ගාමී තිරිසන්ව, ප්‍රේතයන්ව, අහරක්, පානයක් නොලැබ අනන්ත දුක් විඳින්නට සිදු වන බව නොසිතති.

කොළඹ නගරාසන්නයේ පදිංචි සමන්තා හතළිස් හැවිරිදි ගෘහණියකි. ස්වාමි පුරුෂයා චාමර සාමාන්‍ය ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරය දියුණුවක් ද නැත. හැමදාම පාඩුය. ඔවුන් දෙදෙනා ද දරු දෙදෙනා ද නිතර ම ලෙඩ දුකින් පෙළෙති. නිවෙස තුළ වරින් වර මහා දුර්ගන්ධයක් හමා යයි. රාත්‍රියට නිවෙසේ එහා මෙහා ගමන් කරන අඳුරු සෙවණැල්ලක් ගෙදර අය දකිති. සමන්තාගේ දෙකකුල් ඉදිමී ඇවිද ගන්නට අපහසුවෙන් දුක් විඳී. ඇය රාත්‍රි හීනෙන් බියට පත්ව කෑ ගසා ගෙන අවදි වී නොනිදා පහන් කරයි. කෑම අප්‍රිය ගතිය හා නොනින්ද නිසා ශරීරය ද දුර්වලව ඇත. යන්තමින් හෝ නින්දට දෑස් පියවීගෙන එන විටම කවුදෝ කෙනෙක් ඇය ළඟට පැමිණෙන බව දැනෙන්නට විය.

ගෙදර අ‍යගේ ශාරීරික රෝග පීඩාවන්ට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවිණි. ඊට අමතරව ආගමික වතාවන් හා යන්ත්‍ර මන්ත්‍ර ශාන්තිකර්ම කළත් එයින්ද සහනයක් නොවිණි.

අන්තිමට ඇතුල්කෝ‍ට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා වජිර සමන්තා කැඳවා ගෙන අ‍ාවේය. එහිදී ඔවුන්ගේ පවුලේ අයගේ රෝග තත්ත්වයන්, නිවසේ පවතින අසාමාන්‍ය තත්ත්වයන් අධ්‍යාත්මීය උපදේශකවරයා සමඟ චාමර විස්තර කළේය.

ග‍වේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට සමන්තා ගැහෙන්නට වූවාය. එදින ඉන් එහා දෙයක් මතු නොවූ බැවින් ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට දිනයක් දුන්නේය.

උපදෙස් පරිදි බෝධි පුජා පවත්වා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද ප්‍රතිකාර ආරම්භ කරන විට සමන්තා ගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී කෑ ගසන්නටත් අඬන්නටත් විය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ සාකච්ඡාවක් කරන්නට විය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන කෑ ගහන්නේ?” යි ඇසීය.

“මම සල්මන් මුදලාලි. මේ සමන්තගේ මාමණ්ඩි, මේ ඉන්නේ මගේ පුතා චාමර යැයි ළඟ සිටි චාමර දෙසට අත දිගුකර භූතාත්මය කීවේය.

“ඇය ඉතින් පුතා ළඟට නොගිහින් මේ ලේලි ළඟට ගියේ?”

“මම පුතාට වඩා ලේලිගේ ශරීරයට කැමතියි, මෙයා ළඟ මට අවශ්‍ය ආහාර තියෙනවා. ඒ නිසා සමන්තා ළඟට වෙලා ඉන්නවා.

“ඇයි ඔබ ඔය වගේ ප්‍රේතාත්මයක උපන්නේ? ජීවත්ව ඉන්දැන්දී පින් දහම් කළේ නැද්ද?”

“පින්කම් නම් කළා”

“මොනවද කළ පින්කම්?”

“මම දුප්පත් මිනිස්සුන්ට ටකරන් බෙදුවා. වියළි ආහාර බෙදුවා. සිල් රෙදි ‍ෙබදුවා. ඒ වගේ පින්කම් කළා.

“ ඒ ආධාර ඔබේ ධනයෙන් මුදලෙන් අරගෙන ද පරිත්‍යාග කළේ? බෙදා දුන්නේ?”

“නෑ........නෑ........ඒ බඩු දුප්පත් මිනිස්සු අතරේ බෙදා දෙන්න කියලා මට දුන‍්නේ අපේ මන්ත්‍රී තුමා.

“ඉතින් ඒ ආධාර බෙදා දුන්නේ දුප්පත් අයටමද?”

“ඔව් .....අපේ පක්ෂයේ අයට. මට කැමති අයට බෙදා දුන්නා.”

“ඉතින් ඒ ඔක්කොම ද්‍රව්‍ය දුප්පතුන් අතරේ බෙදා දුන්නා ද?”

“ම්......ම්....... හිඃ..........හිග් .........හී.......මහත්තයා මගේ ප්‍රයෝජනයටත් ටිකක් තියා ගත්තා. මන්ත්‍රීතුමා ටකරන් 400 ක් එව්වා දහය ගණනේ හතළිස් දෙනෙකු අතරේ බෙදන්න කියලා. මම 350 ක් බෙදුවා තිස් පස් දෙනෙක් අතරේ. ඉතුරු ටකරන් 50 සොල්දරේ උඩ හංගලා තිබ්බා. ඒ වැඩ කළේ මගේ ළඟ හිටිය කම්කරුවෝ. එයින් එකෙක් මාත් එක්ක අමනාප වෙලා ගියා. ඊට පහුවදා ග්‍රාම නිලධාරියායි පොලිසියෙනුයි ඇවිත් අරගෙන ගියා. මට නඩු දාලා දඩයකුත් ගැහුවා.”

“ඉතින් දැන් අඬන්නේ මොකද?”

“මේ දෙන්නා මහත්තයා ළඟට ආවේ මාව පන්නන්න නේද? මට මේවා දාලා යන්න බැරි දුකට ඇ‍ඬෙනවා. මම දුක් මහන්සි වෙලා හරි හම්බ කරපු ඉඩ කඩම් දේපළ, යාන වාහන, ගෙවල් දොරවල් කොහොම දාලා යන්නද?”

“සල්මන් මුදලාලි මැරුණු බව දන්නවාද?”

“ඔව්”

“තණ්හාව හේතු කොටගෙන දැන් ප්‍රේතයෙක් වෙලා ඉන්න බව දන්නවා.”

“ම්......ම්....... දැන් එහෙම හිතෙනවා”

“දැන් ඔය දේපළ ආසාව අතහැර ඉවත් වෙලා යන්න. දැන් ඔබ සල්මන් මුදලාලි නොවෙයි. ප්‍රේතයෙක්. ඔබට දේපළ අයිති නෑ.”

“අනේ : මහත්මයා: මම ජීවත්ව ඉන්දැද්දී . හරිය කියලා හිතපු දේවල් වැරදි බව වැටහෙනවා. ඒත් දේපළවලට මගේ හිත ඇලිලා වගෙයි මනස අවුල් නිදහස් නෑ. පිනක් ගන්නවත් බෑ” යි ප්‍රේතයා අඬන්නට විය.

“මම මේ අයට තවත් සතියක් බෝධි පුජා නියම කරනවා. මේ අය සමඟ ගිහින් බෝ මළුවේ නතර වෙලා බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන ඉන්න” යැයි ප්‍රේතයාට නියම කළේය.

බෝධි පුජා දින හත අවසන් කොට නැවත ආපසු පැමිණි දිනයේ ද සමන්තාට ප්‍රේතයා දිෂ්ටි ගන්වා කතා කළේය.

“කොහොමද පසුගිය දින හත?”

“හොඳයි මහත්මයා: පිළිම වහන්සේ ශාන්තයි. මිනිස්සු ගාථා කියන කොට අහගෙන ඉන්න ආසයි. ඒ ගාථා මම දන්නේ නැහැ නේද කියලා හිතෙන කොට දුකයි” ප්‍රේතයා කීවේය. ගවේෂකවරයා චාමර ලවා මල් වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කොට කැලණියට යැව්වේය.

“තන්හාය ජායතී සෝකෝ. තන්හාය ජායතී ‍භයං”බෙදන්න දුන් ටකරන් මම තියා ගත්තා

මන්ත්‍රී ගෝලයා විඳින දුකක්

මතුගම මහින්ද විජේතිලක

“තන්හාය ජායතී සෝකෝ. තන්හාය ජායතී ‍භයං”

Comments