කලා වාරණය කලාකරුවන් දකින හැටි | සිළුමිණ

කලා වාරණය කලාකරුවන් දකින හැටි

සම­කා­ලීන සමා­ජයේ මුල්බැ­ස­ගෙන තිබෙන මිථ්‍යා­වන් පිළි­බ­ඳව හා සහ­ජී­ව­නය ගොඩ­නැ­ඟීම අර­මුණු කර­ග­නි­මින් මාලක දේව­ප්‍රිය නිර්මා­ණය කළ රේඩියෝ නාට්‍ය මාලව පාදක කොට­ග­නි­මින් ඇති වී තිබෙන දුර්ම­තය පිළි­බ­ඳව එහි අදි­යුරු, ඊට සම්බන්ධ කලා­ක­රු­වන් හා කලා සංස්කෘ­තික විචා­ර­ක­යන් සමඟ කළ කතාබහකි මේ.

ආගම කියන්නෙ භාෂා­වක් නෙමෙයි

රැඟුම් පාලක මණ්ඩ­ලයේ සභා­පති  සමන් අතා­වු­ද­හෙට්ටි

බුදුන් වහන්සේ දේශනා කළේ ශ්‍රේෂ්ඨ දර්ශ­න­යක්. ඒක ජීවන දර්ශ­න­යක් වගේම ලෝක දර්ශ­න­යක්. ලෝකයේ ආගම් විදි­යට ගත්ත­හ­මත් ශ්‍රේෂ්ඨ ආග­මක්. ආගම කියන්නෙ භාෂා­වක් නෙමෙයි. ඒක ආධ්‍යා­ත්මික චර්යා ධර්ම පද්ධ­ති­යක්. පාලි , සංස්කෘත, සිංහල වචන ටිකක් පාවිච්චි කළ පම­ණින් ඒ දර්ශ­න­යට අවැ­ඩක් වෙනවා කියන්නේ බුද්ධ දර්ශ­නය හරි­යට අව­බෝධ කර­ගත්තෙ නැති අය. බුදුන් වහන්සේ දේශනා කළෙත් පාලි භාෂා­වෙන් නෙමෙයි. පසු කාලී­නව පාලි භාෂා­වට ඒ ධර්මය පරි­ව­ර්ථ­නය වුණා.

කවුරු හරි කෙනෙක් කිය­නව නම් පාලි භාෂාවෙ හරි සිංහල භාෂාවෙ හරි වචන යොදා­ගත් පම­ණින් අවැ­ඩක් වුණාය කියල . ඒ අය ඇත්ත­ටම බෞද්ධයො නෙවෙයි. බුද්ධ දර්ශ­නය දන්නෙ නැති අය. මාල­කගේ මේ කෘතිය පිට­වෙන්නෙ 2012 අවු­රුද්දේ. මේක ගැන ගැට­ලු­වක්, විචි­කි­ච්චා­වක් තිබුණ නම් ඒ ගැන කතා කරන්න තිබුණෙ ඒ කාලෙ. අවු­රුදු හයක් වෙන­කම් මේ දිහා බලන් හිටියේ අයි කිය­ලයි අපි අහන්නේ.

මුලින්ම නාට්‍ය අහන්න ඉන්පසු සාධ­නීය විවේ­ච­න­යක්  අර­ගෙන එන්න

මාලක දේව­ප්‍රිය

 රේඩියෝ නාට්‍ය මාලාවේ අදි­යුරු භාෂාව කියන්නේ සංකේත පද්ධ­ති­යක්. භාෂා­වෙන් තමයි කවි, කෙටිකතා නව කතා ලියන්නේ. ලේඛ­ක­යන් නිර්මා­ණ­ක­රු­වන් මේ හැම­කෙ­නෙ­කුම විවිධ ව්‍යංගාර්ථ පාවිච්චි කර­නවා. මම ලියපු නාට්‍ය­ව­ලත් මේ විදියෙ ව්‍යංගාර්ථ, උත්ප්‍රා­සය තියෙ­නවා. මේ හැම එක­කින්ම සම­කා­ලීන සමා­ජය ගැන තමයි කියැ­වෙන්නේ. මේ අතර තියෙන නාට්‍ය දෙකක් තමයි තරු­වන් සර­ණයි හා නිහෝන් සැප ලැබේවා කියන නාට්‍ය.

තරු කියන්නේ තාරු­කා­ව­ලට. මේ කාලේ හැමෝ­ටම පේනවා සුප­ර්ස්ටාර්ල වෙන්න මුළු සමා­ජ­යක්ම හඹා­ගෙන යනවා. ඒක හසු­රු­වන්නෙ ජන­මාධ්‍ය. ඉතිං මේ සිහි­නෙක පැට­ලිලා ඉන්න තරු සංක­ල්පය ගැන තමයි ඒකෙන් කියැ­වෙන්නේ. ඒකට මම යොදපු හොඳම නම තමයි 'තරු­වන් සර­ණයි'. මෙතැ­නදි කිසිම විදි­ය­කින් බුදු දහම හෝ කිසිදු ආග­ම­කට අප­හ­ස­යක් උප­හා­ස­යක් කරලා නැහැ. භාෂා­වක වචන කියන්නේ කිසි­යම් ආග­ම­කට හරි, පොලි­සි­යට හරි, දේශ­පා­ල­න­යට හරි ලියලා දීපු බූද­ල­යක් නෙමෙයි. භාෂා­වක වච­න­ව­ලට බහු විධ අර්ථ තියෙ­නවා. උදා­හ­ර­ණ­ය­කට 'මට ඔයාව අරහං' කිව්වොත් එහෙම. ඒ කෙන් කියන්නෙ වෙන දෙයක් නෙ. තව ­කි­ය­නවා 'හක්කෙ බුදු­රැස් බොක්කේ දඩ­මස්' කියල. බෝගස තියෙ­නවා, බෝග­ම්බර තියෙ­නවා, බෝත­ලය කිය­නවා, බෝවි­ටියා තියෙ­නවා, බෝලය තියෙ­නවා. මේවයේ 'බෝ' කියල තිබු­ණට විවිධ අද­හස් ජන­නය කරන්නේ.

මේ නාට්‍ය අහ­න්නෙ­වත් නැතුව බුද්ධා­ග­මට, ජාති­යට, සංස්කෘ­ති­යට හා සභ්‍ය­ත්ව­යට හානි­යක් වෙන­වයි කියල මත­යක් අරන් යනවා. තරු­වන් සර­ණයි නාට්‍ය මං ලියල අවු­රුදු දහ­ය­ක­ය­ක­ටත් වැඩියි. නිහෝන් සැප ලැබේවා කියලා මේ නාට්‍ය ඇතු­ළත් කරලා මම පොතක් ලිව්වා 2012 දී. ඒ කියන්නෙ අවු­රුදු හයක්. අද වෙන­කම් ඒ ගැන කවු­රු­වත් කතා කළේ නැහැ. අයි.ටී.එන් එෆ්.එම් එකේ මේටික ප්‍රචා­රය කරන්න ඉඩක් ඉල්ලු­වාම ඒකට අවශ්‍ය අනු­ග්‍ර­හය ලබා­දෙන්න ජාතික සාමය හා සංහි­ඳියා කාර්යං­ශය මැදි­හත් වුණා. මේක තමයි මේ අයට ගැට­ලු­වක් වෙලා තියෙන්නේ. මගේ සාහිත්‍ය කෘති­යෙන් වැරු­ද්දක් වෙලා තියෙ­නවා නම් සද්ධර්ම රත්නා­ව­ලියේ ඉඳල ගුත්තිල කාව්‍ය දක්වාත් මෙකි නොකී සාහිත්‍ය රස­වි­ඳන අය කියන්න ඒවායෙ තියෙන ව්‍යංගාර්ථ එක්ක මොනවා ද මේකෙ තියෙන්නෙ කියලා. පුළු­ව­න්නම් සෙන­සු­රාදා රෑ 9:00ට අයි.ටී.එන් එෆ්.එම් අහලා මේ ගැන සාධ­නීය විවේ­ච­න­යක් අර­ගෙන එන්න, මම ලෑස්තියි ඒකට උත්තර දෙන්න.

තක්සේ­රු­වක් කරලා ප්‍රචා­රය කිරී­ම හොඳ කාර්ය­යක්

ප්‍රවීණ රංග­ධර - ඩබ්ලිව්. ජය­සිරි

මේ නාට්‍ය මාලාවේ නාට්‍ය කිහි­ප­ය­කට මම දායක වුණා. එතෙක් මෙතෙක් විකා­ශ­නය වුණු රේඩියෝ නාට්‍ය හැම එක­ක­ටම වඩා වෙනස් මඟක් ගත් අලුත් නාට්‍ය සම්ප්‍ර­දා­යක් මාලක දේව­ප්‍රිය විසින් ඇති කර තිබෙ­නවා. මං හිතන්නේ මේ වගේ රේඩියෝ නාට්‍ය­ව­ලට මුල් තැනක් දෙන්න ඕන. මොකද සමා­ජයේ සිදු වන යම් යම් ක්‍රියා­කා­ර­කම්, කට­යුතු ගැන කිසි­යම් ආකා­ර­කට උප­හා­සා­ත්මක ලෙස බැලී­මක් මේ නාට්‍ය මගින් හැඟෙ­නවා.

හැම­දාම එකම දේ කර කර ගතා­නු­ග­තික විදි­යට ඉන්න බැහැ ඉස්ස­ර­හට යන්න ඕන. මාලක කරන්නේ ඒවගේ වැඩක්. මේක ලංකා ගුවන් විදුලි සංස්ථා­වට දුන්නත් ඒවා ප්‍රචා­රය කළේ නැහැ. මේ වෙලාවේ සාමය හා සංහි­ඳියා කාර්යං­ශය මේ නාට්‍ය අහලා කිසි­යම් තක්සේ­රු­වක් කරලා ප්‍රචා­රය කිරී­මට අනු­ග්‍රා­හය දැක්වීම ඉතාම හොඳ කාර්ය­යක්.

'නිහෝන් සැප ලැබේවා' කියන්නේ 'ජපන් සැප ලැබේවා' කියන අර්ථ­යයි. 'තරු­වන් සර­ණයි' කියන්නේ 'රියැ­ලිටි ස්ටාර්ස්ල' ගැන. මෙක අල්ල ගෙන 'තෙරු­වන් සර­ණයි' කියන එක­ටයි 'නිවන් සැප ලැබේවා' කියන එක­ටයි හිනා වුණා කියල කියන එක මහ ගොන් කතා­වක්. අපි බෝගස කිය­නවා කියලා, බෝදි­ලිම කියල කිව්වොත් ඒක තහ­නම් කර­න­වද? දහම් ගැට­යක් තියෙ­නවා 'බෝගස මුලදි තණ මිරිකු ජින­ර­තන කියල' මෙතැන 'තණ' කියන්නේ තෘෂ්ණා­වට. බෝධි මූල­යේදී තෘෂ්ණාව නැති කරපු බුදු­න්ව­හන්සේ කියන එකම අන්‍යා­ලා­ප­යෙන් කියපු ආකා­රය. මෙහෙම කිව්වම ඒක අප­හ­ස­යක්ද?

අපට හිතෙන හිතෙනඅර්ථ­ක­ථන දෙන්න බෑ

ප්‍රවීණ නාට්‍ය­වේදී ආචාර්ය ජය­ලත් මනෝ­රත්න

 නාට්‍යක මාතෘ­කාව පම­ණක් කිය­වලා ඒකේ අන්ත­ර්ග­තය ග්‍රහ­ණය කර­ගන්න පුළු­වන්ද? ඒ අන්ත­ර්ග­තය ඉතා හොඳින් විම­සලා. ඒ පිළි­බ­ඳව අද­හස් මතු කළාට කමක් නැහැ. නැතුව අපට හිතෙන හිතෙන අර්ථ­ක­ථන දෙන එක නෙමෙයි කරන්න ඕන. අද ලෝකය පුරා විවිධ ශානර ඔස්සේ කලා කෘති නිම­ වෙ­නවා. ඒ නිසා අපි විම­සිය යුත්තේ මේ නිර්මා­ණ­වල අන්ත­ර්ග­තය කියන එකයි මගේ අද­හස වෙන්නේ.

 

විචාර බුද්ධිය මොට වෙච්ච පිරි­සක්

ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙ­වි­රත්න

කිසිම වග විභා­ග­යක් නැතිව දැකපු ගමන් ඕන දේකට පෙල­ඹෙන හරි වැරද්ද හොයන්නෙ නැති ව ඕනම දේකට පෙල­ඹෙන පිරි­සක් ඉන්න බව මේ වැඩෙන් පැහැ­දි­ලිව පෙනුණා. කොටින්ම මේ විරෝ­ධ­යට පද­න­මක් ඇත්තෙම නැහැ. මේක නිකම්ම නාම­ක­ර­ණ­යක් පම­ණයි. එකේ කිසි­යම් ආග­මක් හෝ ජාති­යක් පිළි­බ­ඳව සඳ­හ­නක් නැහැ. සම­හරු මුහුණු පොතේ දාල තියෙන දේවල් දැක්කම ඒ අය ඉන්නෙ මොන ලෝකෙද කියල හිතා­ග­න්න­වත් බැහැ. කිසිම දෙයක් දිහා සව­ධා­නව බලන්න මේ අයට ශික්ෂ­ණ­යක් නැහැ. හැම මොහො­ත­කම ඉන්නේ විය­රු­වෙන්. සිංහල ජාතිය ආගම ගැන මොකක් හරි විෂ­බී­ජ­යක් දැම්ම ගමන් තමන්ගෙ ළඟ ඉන්න කෙනා­වත් සැක කරන තත්ත්ව­යට මේ අය පත්වෙ­නවා. මේ තත්ත්වය නිර්මා­ණය කළේ දේශ­පා­ල­නය විසි­න්මයි.

මේ විරෝ­ධය මුළු­ම­නින්ම  දේශ­පා­ලන ව්‍යාපෘ­ති­යක්

ප්‍රවීන නාට්‍ය­වේදී ලූෂන් බුල­ත්සිං­හල

 පැහැ­දි­ලිව පේන දේ තමයි කලා සංස්කෘ­තීන් ගැන හෝ ආග­මික භක්ති­යක් හෝ සංහි­ඳි­යා­වක් හෝ තියෙන අය නෙවෙයි මේ ගැන කතා කරන්නේ. එහෙම අය­ගෙන් එන විරෝ­ධ­යක් නෙමෙයි මේක. පැහැ­දිලි දේශ­පා­ලන උව­ම­නා­වක් සඳහා විවිධ දේවල් ඇද ගැනීමේ ක්‍රමෝ­පා­යක් මේ ක්‍රියා­ත්මක වෙන්නේ. ඒ සඳහා මිනි­සුන් සංවේදී වන සිංහල ජාතිය හෝ ‍බුදුද­හම යොදා­ගැ­නීම තමයි මොවුන්ගේ පර­මා­ර්ථය වී තිබෙන්නේ.

මේ දෙකෙන් වඩාත්ම සංවේදි එක බුද්ධා­ගම. හාමු­දු­රුවො කියන්නෙ ලෞකික ජීවි­තය අත හැරපු පිරි­සක්. බුද්ධ ශාස­නය හැදුණෙ එහෙම අය­ගෙන්. ලෞකික ජීවි­තය අත­හැ­රල අලෞ­කික අර­මු­ණක් සඳහා යොමු­වුණු පිරි­සක් විදි­ය­ටයි අපි දකින්නේ. නමුත් දැන් අපිට පේන්නේ ඒ අය අප­ටත් වැඩිය ලෞකික ජීවි­ත­යට ඇබ්බැ­හි­වෙලා තියෙන බවයි. ඒ අය මිනි­ස්සුන්ගෙ ලෞකික ජීවි­ත­යට ඕනෑ­වට වඩා ඇඟිලි ගහන්න පටන් අරන්. මේ ඒකෙ ප්‍රති­ඵ­ල­යක්. ඔවුන් මේ දේ කරන්නේ දේශ­පා­ලන වුව­ම­නා­වක් සඳහා.

 

 

 

 

 

 

Comments