නීතියේ සිදුරු සෙවීම හා ජන­පති සිහින සාප්පුව | Page 2 | සිළුමිණ

නීතියේ සිදුරු සෙවීම හා ජන­පති සිහින සාප්පුව

හින්ද රාජ­ප­ක්ෂට එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි අපේ­ක්ෂ­ක­යකු ලෙස තරග කළ හැකිද? යන මාතෘ­කාව කොළඹ සමාජ දේශ­පා­ලන අංශ­වල ප්‍රමුඛ අව­ධා­න­යට යොමුව තිබේ. මහි­න්දට පුළු­වන් බව මහින්ද පාර්ශ්වයේ සිය­ල්ල­න්ගේම තීර­ණය වුවද මහි­න්දට බැහැ යන්න මහි­න්දට එරෙහි සියලු කොට­ස්වල අද­හස වී තිබේ. මහින්ද වෙනු­වෙන් නීති තර්ක ඉදි­රි­පත් කළ සියලු දෙනාම අව­ධා­ර­ණය කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය අනුව ඔහුට ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු වීමට බාධා­වක් නැති බවය. හිටපු අග­වි­නි­සුරු සරත් එන් සිල්වාද සඳ­හන් කර තිබුණේ මහි­න්දට යළි තරග කළ හැකි බවය. මෛත්‍රී පාර්ශ්වයේ මෙන්ම එජාප හා ජවිපෙ අද­හස වූයේ අලුත් ව්‍යව­ස්ථාව අනුව දෙව­රක් ජනා­ධි­ප­ති­ධු­රය හෙබවූ මහි­න්දට ඒ සඳහා යළි තරග වැදී­මට හිමි­කම් නැති බවයි. නීතිය පිළි­බඳ මහා­චා­ර්ය­ව­ර­යකු මෙන්ම මහින්ද පාර්ශ්වයේ කට­හ­ඬක් බවට පත්ව සිටින ජීඇල් පීරිස් සඳ­හන් කළේත් මහි­න්දට ඒ සඳහා නෛතික බාධා­වක් නැති බවයි. මහා­චාර්ය ජීඇල්ගේ තර්කය පද­නම් වූයේ ව්‍යව­ස්ථා­වක් අතී­ත­යට බල­පාන පරිදි ක්‍රියා­ත්මක නොවන බවත්, ඕනෑම ඡන්ද­දා­ය­ක­ය­කුට දිස්ත්‍රික් අධි­ක­ර­ණ­යෙන් මේ පිළි­බඳ පැහැ­දිලි කිරී­මක් ලබා­ගත හැකි බවත්ය. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ගොනු කෙරෙන මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­ම­කින්ද මේ පිළි­බඳ පැහැ­දිලි කර­ගත හැකි බවද ඔහුගේ අව­ධා­ර­ණය විය.

 

තාව­කා­ලික වින්ද­න­යක්

මහින්ද පාර්ශ්වයේ භක්ති­මත් හා උද්‍යෝගිමත් කාටත් මේ ආරං­චිය බෙහෙ­වින් සුබ­දා­යක එකක් බව නිසැ­කය. එහෙත් මේ පිළි­බඳ නිවැ­රදි හා නීති­මය විග්‍ර­හය කළ හැක්කේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පමණි. එසේම තම තම නැණ පම­ණින් ව්‍යව­ස්ථාව අර්ථ නිරූ­ප­ණය කර­මින් තාව­කා­ලික වින්ද­න­යක් ලැබී­මට ඕනෑම කෙන­කුට බාධා­වක්ද නැත.

ජන­තා­ව­ගෙන් බහු­ත­ර­ය­කට අවශ්‍ය යහ­පත් රටක් මෙන්ම දූෂණ, වංචා, අක්‍ර­මි­ක­තා­ව­න්ගෙන් තොර පාල­න­යකි. නිද­හස, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හා නීතියේ ආධි­පත්‍ය ආරක්ෂා වී තිබෙන යුක්ති­ග­රුක සමා­ජ­යක සිහි­නය තව­මත් ජන­තා­ව­ගෙන් දුරස් වී නැත. මහින්ද පාල­නය පෙරළා දැමූ ජනා­තාව ඒ වෙනු­වෙන් අප්‍ර­මාණ බලා­පො­රොත්තු දල්වා­ගෙන සිටි බවද නොර­හ­සකි. මෛත්‍රී-රනිල් සම්මු­තියේ කෙබඳු දේශ­පා­ලන ප්‍රති­වි­රෝ­ධතා තිබු­ණත් ඔවුන්ගේ දේශ­පා­ලන භාවි­තය අලුත් රටක, යහ­පත් සමා­ජ­යක් උදෙසා කැප වනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කළහ. රාජ­පක්ෂ පාලන සම­යෙහි ගිලිහී ගිය හා නොස­ලකා හරින ලද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හා මානව නිද­හස පිළි­බඳ බොහෝ හිමි­කම් එලෙ­සම යළිත් ජන­තාව සතු විය. කෙසේ වුවද මෛත්‍රී-රනිල් සුසං­යෝ­ග­යෙන් බිහිවූ ශ්‍රීල­නිප-එජාප සම්මු­තිය අත්හ­දා­බැ­ලී­මක් ලෙස රටට හොඳ ප්‍රති­ඵල අත් කර දී තිබේ. ඇතැම් රාජ්‍ය නොවන සංවි­ධා­න­වල අඳුරු හා ගුප්ත සෙව­ණැලි මෙන්ම ස්වදේ­ශික චින්ත­න­යට සර­දම් කරන මුග්ධ පිරිස් විසින් මේ ආණ්ඩු­වට සිදු කරන ලද හානිය පිළි­බඳ නොයෙක් විවේ­චන ඇසෙයි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා තම දේශ­පා­ලන දැක්ම බවට පත් කර­ගත් මෛත්‍රී පාල­නය හා යහ­පත් රට නැත හොත් යහ­පා­ල­න­යට සර­දම් කිරී­මට ආණ්ඩුවේ විවේ­ච­ක­යන්ට හැකි වී තිබෙ­න්නේද එබඳු කොට­ස්වල මැදි­හත් වීම් ඇතැම් ක්‍රියා­කා­ර­කම් නිසාය.

 

සංස්කෘ­තික අධ්‍යා­ත්මය

තමන් බැඳී සිටින බන්ධ­න­ව­ලින් නිද­හස්ව ස්වකීය හෘද­ය­සා­ක්ෂි­යට අනුව ක්‍රියා කරන පිරි­සක් ශ්‍රීල­නි­ප­යෙන් නිර්මා­ණය වනු දැකීම මෛත්‍රීගේ අභි­ලා­ෂය විය. එහෙත් ශ්‍රීල­නි­පය කඩා­ගෙන වෙනම පෙර­මු­ණක් සාදා­ගත් මහින්ද ප්‍රමුඛ ඒකා­බ­ද්ධයේ මෙන්ම ඒ තුළ සිටින පැරණි වාමාං­ශික නාය­කයෝ අද එජාප විරෝ­ධයේ සටන් පාඨය පෙරට දම­මින් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට අප්‍ර­මාණ බාධා කර­මින් සිටිති. එහෙත් මොන ආකා­ර­ය­කින් හෝ බලය අතට ගැනීමේ ක්‍රියා­දා­ම­යක නිර­තව සිටින පිරි­සක් ලෙස විනා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ශක්ති­යක් දීම සඳහා ඔවු­න්ගෙන් ලැබුණු සහ­යෝ­ග­යක් තිබේද?

සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතික අන­න්‍ය­තා­වන් මෙන්ම සංස්කෘ­තික උරු­ම­යන්ද සුරැ­කෙන ව්‍යව­ස්ථා­වක් අද අව­ශ්‍යව තිබේ. මෙහිදි බුද්ධා­ග­මට හිමිව තිබෙන ස්ථානය දුර්වල කිරීම සඳහා පිරි­ස­කට වුව­මනා වූ බව සැඟ­විය නොහැ­කිය. ආගම යනු ව්‍යව­ස්ථා­වෙන් බැහැර කළ යුතු දෙයක් බව සම­හරු පිළි­ග­නිති. එහෙත් වසර දෙද­හ­ස­කට අධික කාල­යක් සිංහල බහු­තර ජන­තාව පම­ණක් නොව වෙනත් සුළු ජාතී­හුද බුද්ධා­ගම හා ශ්‍රී ලාංකික සංස්කෘ­තික අධ්‍යා­ත්මය අතර තිබෙන අන්තර්-සබ­ඳ­තාව ඉඳුරා දනිති. බුද්ධා­ග­මට විශේ­ෂ­ත්ව­යක් දෙන අතර අනෙක් ආග­ම්ව­ලට සාධා­ර­ණව ගරු කිරීම මෙරටේ තිබුණු පිළි­වෙත විය.

 

ප්‍රණීත ආහා­ර­යක්!

බුදු­ද­හ­මට නිගා කරන ගුව­න්වි­දුලි නාටක කීප­යක් ප්‍රචා­රය කිරීමේ පුව­තක් පිළි­බඳ මහා සංඝ­ර­ත්නයේ කන­ස්සල්ල මෙන්ම හිටපු ජනා­ධි­පති මහි­න්දගේ චෝද­නා­වක්ද ඇත. ජාතික සම­ගිය හා සංහි­ඳියා කාර්යාං­ශ­යෙන් ප්‍රචා­රය කෙරෙන බව සඳ­හන් ඒ නාට්‍ය­වල අන්ත­ර්ග­තය කුම­ක්දැයි නොදැන ඒ පිළි­බඳ අද­හස් දැක්වීම නොම­නාය. තරු­වන් සර­ණයි, නිර්වස්ත්‍රං පරමං සුඛං වැනි යෙදුම් බුදු දහමේ මූලික හර­යන් නොදත් මුග්ධ­යන් අහි­න­කගේ උන්මා­ද­යක් ලෙස කෙන­කුට හැඟී යන්නේ නම් එහි පුදු­ම­යක් නැත. ‘නිබ්බානං පරමං සුඛං’ යන බෞද්ධ පාඨය ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’ ලෙස විකෘති කිරීම බෞද්ධ භික්ෂූන්ගේ මෙන්ම බෞද්ධ ජන­තා­ව­ගේද සංවේ­ග­යට හේතු වන්නකි. කුමක් වුවද එම­ගින් ආණ්ඩු­වට සිදු වූ හානිය බර­ප­ත­ළය. ජාති­වාදී හා ආග­ම්වාදී උම­තු­වෙන් රෝගී වූ පටු දේශ­පා­ල­න­ඥ­යන්ට මේවා ප්‍රණීත ආහාර වන බවද සඳ­හන් කළ යුතුය.

මෛත්‍රී-රනිල් සම්මු­ති­යට එක­ඟව සිටින ශ්‍රීල­නි­පයේ සුළු පිරිස සමග එජා­පයේ බහු­ත­රය සමග ආණ්ඩු­වක් ලෙස ක්‍රියා කිරී­මේදී මෙබඳු ගැටලු ඇති­වී­මද ස්වාභා­වි­කය. ආර්ථික හා සංස්කෘ­තික වශ­යෙන් පක්ෂ­වල තිබෙන පර­ත­රය හා ආකල්ප සම­නය කර­ගැ­නීම මෙබඳු සම්මු­ති­ය­කදී අත්‍යා­වශ්‍ය දෙයකි. ඉකුත් සතියේ කොටුවේ ජනා­ධි­පති නිල­මැ­ඳුරේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය­ක­රු­වන්ගේ හමු­ව­කදී මාධ්‍ය­ක­රු­වෙක් මෙබඳු ප්‍රශ්න­යක් නැඟීය:

“ජනා­ධි­ප­ති­තු­මනි, ආර්ථික වශ­යෙන් එකි­නෙ­කට වෙනස් දැක්මක් හා ආකල්ප ඇති පක්ෂ දෙකක් ලෙස ආණ්ඩුව පව­ත්වා­ගෙන යෑමේදී ගැටලු ඇති නොවේද?”

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පිළි­තුර වූයේ “මා මගේ ප්‍රති­පත්ති හා සැල­සුම් අනුව ඒ කට­යුතු කර­නවා. එතැන විශාල ප්‍රති­වි­රෝ­ධතා ඇති වන්නේ නෑ.”

මේ සරල පිළි­තුරු වූකලි මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආර්ථික ප්‍රති­ප­ත්තිය පිළි­බඳ පැහැ­දිලි සංඥා­වකි. අග­මැ­ති­ව­රයා ලිබ­රල් ආර්ථි­ක­යක් කෙරෙහි විශ්වා­සය පළ කරයි. ඒ නව ලිබ­ර­ල්වා­දය තුළද යම් ප්‍රති­සං­ස්ක­රණ සිදු වන බව පෙනේ. එයට හේතුව මෛත්‍රී ජනා­ධි­ප­ති­වයා ගම ආම­න්ත්‍ර­ණය කරන විලා­සය වඩාත් සුබ­දායි බව අග­මැ­තිගේ ආර්ථික ක්‍රියා­කා­රීන් තේරුම් ගෙන තිබී­මය. මෛත්‍රීගේ ග්‍රාම ශක්ති, දිළි­ඳු­කම පිටු දැකීම වැනි අර්ථ සම්පන්න සැල­සුම් හා සමා­නව අග­මැ­ති­ව­රයා ජන­ගත කළ ගම්පෙ­ර­ළිය එයට හොදම නිද­සු­නකි.

 

ගමයි - කෙතයි

මෛත්‍රී යනු කව­දත් ගම හා ග්‍රාමීය ජන­ජී­වි­ත­යත් ඔවුන්ගේ අධ්‍යා­ත්මය බඳු කෘෂි ආර්ථි­ක­යත් කෙරෙහි වඩාත් සංවේදී වූ නාය­ක­යෙකි. මහ­වැ­ලි­යෙන් පසු යළි එයට අයත් නොවු මොර­ග­හ­කන්ද-කළු­ගඟ ව්‍යාපෘ­තිය මෙන්ම වය­ඹට ජලය යන තේමා­වෙන් ඇර­ඹෙන අභි­නව ව්‍යාපෘ­ති­යද ඒ ග්‍රාමීය කෘෂි කර්මා­න්තය සවි­බල ගැන්වෙන යෝධ පිය­වර බව නිසැ­කය.

මෙරටේ අභි­නව වාරි සංස්කෘ­තිය ඔසවා තැබීමේ නූතන පුරෝ­ගාමි නාය­කයා ලෙස ජන­තාව විසින් පිළි­ගනු ලබ­න්නේද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාය. නව ලිබ­රල් ආකෘ­තිය තුළ අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දල විසින් පන­වනු ලබන කොන්දේසි ඉවත දැමිය නොහැකි බව ඔහු දනියි. මෙය ඉදි­රි­යේදී බල­යට එන කවර ආණ්ඩු­ව­කට වුවද මඟ­හැර යා නොහැකි අභි­යෝ­ග­යකි. රටේ වර්ත­මාන ණය බර පිළි­බඳ දැඩි විවේ­චන තිබේ. දේශ­පා­ලන වේදි­කා­වල ඒ පිළි­බඳ මොන දේ ප්‍රකාශ වුවත් ණය බර අඩු කිරීම අසීරු කාර්යක් බව විවේ­ච­ක­යෝද දනිති. රාජ­පක්ෂ පාල­න­යද ඒ ණය බරට සාධ­නීය විස­ඳු­මක් නොදු­න්නේය. ණය යනු මොන අතින් බැලු­වත් හිස­ර­ද­යකි. චීන ණය හා ඉන්දීය ණය සම­නය පිළි­බඳ ඇසෙන දේශ­පා­ලන චෝද­නා­ව­ලද ගැඹු­රක් නැත. ලෝක බැංකුව, ආසි­යානු බැංකුව, මූල්‍ය අර­මු­දල වැනි අන්ත­ර්ජා­තික ආය­ත­න­ව­ලින් ණය ලබා­ගැ­නී­මට අපට සිදුව තිබේ.

දේශ­පා­ලන හා ආර්ථික වශ­යෙන් කෙබඳු පැසු­බැ­සීම් තිබු­ණත් මේ රටේ ජන­තාව මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා දෙස බලන්නේ බලා­පො­රොත්තු සහ­ගත හැගී­මෙනි. අවශ්‍ය අව­ස්ථා­වල ජන­තාව හා රට වෙනු­වෙන් තීර­ණ­ව­ලට එළ­ඹෙන නාය­ක­යකු ලෙස ඔහුට පිළි­ගැ­නී­මක් තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් ජනා­ධි­ප­තිගේ තටු සිඳ­දමා ඇතැයි පැව­සෙන නමුත් තම අභි­ම­තය පරිදි ක්‍රියා කිරී­මට ඔහුට තිබෙන බලය අඩු වී නැත. ආන්දෝ­ල­නා­ත්මක දෑ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති කොමි­සම හා විමර්ශ කමිටු පත් කළ ආකා­රය එයට නිද­සු­නකි. එසේම ජන­තා­වගේ අප්‍ර­සා­ද­යට ලක් වන ඇතැම් කැබි­නට් යෝජනා නැවැ­ත්වීමේ හා බහා තැබීමේ බල­යක් තව­මත් ජනා­ධි­ප­ති­ව­රයා සතුව තිබේ. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් ගන්නා ලද එබඳු පිය­වර රටේ බහු­තර ජන­තා­වගේ ප්‍රසා­ද­යට හේතු වී තිබෙන බවද සඳ­හන් කළ යුතුය.

 

වැර­දුණු කුරු­මා­නම

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ එබඳු ප්‍රති­චාර එජා­පයේ බහු­ත­ර­ය­කට ප්‍රිය නොවන අතර, එයින් ආණ්ඩුවේ බල­තු­ල­නය අර්බු­ද­ය­කට ඇද­දැ­මීමේ අන­තු­රක්ද ඇත. එහි අනිටු ඵලය වන්නේ රාජ­පක්ෂ බල කේන්ද්‍රය ශක්ති­මත් වීමය.

රාජ­පක්ෂ පාර්ශ්වය ජනා­ධි­පති සිහින මාවතේ පිනුම් ගැසී­මට අද සූදා­නම් වන්නේද මේ පසු­බි­මෙ­හිය. මහින්ද නැතුව බැරි­යැයි හැම­දා­මත් කියන ඒකා­බ­ද්ධයේ පැරණි වමේ නාය­ක­ය­න්ටද මේ දේශ­පා­ලන සූදුව දිනා­ගැ­නීම විනා රට ගැන අල්මක් තිබේද යන්න පැහැ­දිලි නැත. ඔවුන්ගේ දේශ­පා­ලන ප්‍රාග්ධ­නය මහි­න්දය. මහින්ද සමග තම දේශ­පා­ලන ගනු­දෙ­නුව බේරා­ගැ­නීම හැර වෙනත් වික­ල්ප­යක් ඔවුන්ට නැත. ඒකා­බ­ද්ධයේ විවේ­චන, සර­දම් සියල්ල බුද්ධි­මත්ව නිරී­ක්ෂ­ණය කරන කෙන­කුට නම් සිහි වන්නේ 'කේත­ලයේ කළු පාට ගැන මුට්ටිය හිනැ­හෙන හැටි!' යන ජන­ව­හර විනා අන් දෙයක් නොවේ. බැසිල් විසින් ගොඩ­න­ගන ලද පොදු­ජන පෙර­මුණ හෙවත් පොහොට්ටු පක්ෂය සමග රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ තුන්වන දේශ­පා­ලන ඉනි­මක් ක්‍රීඩා කිරී­මට සූදා­න­මක් තිබු­ණත්, ඒ පක්ෂයේ ප්‍රති­පත්ති, සැල­සුම් පිළි­බඳ බින්දු මාත්‍ර­ය­ක්වත් දන්නා අය නොවෙති.

ශ්‍රීල­නි­පය තම දේශ­පා­ලන බූද­ල­යක් බවට පත් කර­ගැ­නීමේ වැර­දුණු කුරු­මා­නම සමග පසු බැස ගිය රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ ඉර­ණම ගැට­ගැසී ඇත්තේද මේ පොහොට්ටු පක්ෂය සමග විය හැකිය. එහෙත් ජනතා අභි­ලා­ෂ­යන් කුළු ගන්වන අලුත් ගම­නක් සමග අලුත් ශ්‍රීල­නි­ප­යක් ගොඩ­නැගේ නම් පොහොට්ටු පක්ෂ­යට තමන් අපේක්ෂා කරන ප්‍රති­ඵල ලබා­ගැ­නීම පහසු නොවන බවද ඔවුහු දනිති. තෙව­ස­රක යහ­පා­ලන ගමනේ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ භූමි­කා­වද මෙරටේ කිසිදු පාල­ක­ය­කුට මුහුණ දීමට සිදු නොවු තරම් අභි­යෝග, කඩා­ක­ප්පල් කිරීම්, කකු­ලෙන් ඇදීම් මැද්දේ සියල්ල සම­නය කර­ගත් ජය­ග්‍ර­හ­ණ­යක් වැන්න. ස්වාර්ථ­යම ඉලක්ක කර­ගත් බහු­ත­ර­යක් සිටින දේශ­පා­ලන නඩ­යක් දම­නය කිරී­මද ලෙහෙසි-පහසු වැඩක් නොවේ. එසේම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දෑත් තව­මත් පිරි­සිදු බවද ජන­තාව දනී. වසර දෙද­හ­ස­ක­ටත් වැඩි කෘෂි­කා­ර්මික ඉති­හා­ස­යක් හා වාරි ශිෂ්ටා­චා­ර­යක් සහිත මන­රම් භූමි­යක ජනතා අපේක්ෂා මල්පල ගැන්වී­මේදී ස්වදේ­ශීය චින්ත­න­යක් සහිත නාය­ක­ත්ව­යක් අවශ්‍ය බවත්, එහිදී මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­යෙන්ම සිටින බවත් ජන­තාව දනී.

 

Comments