2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට පූර්වගාමී ව සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනය අගෝස්තු 28 වැනිදා, අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මේ දේශනය මෙවර සම්භාව්‍ය සිංහල සාහිත්‍යය සඳහා වෙන් වෙයි.
‘කව්සිළුමිණ, සිංහලයේ අග්‍රගණ්‍ය පද්‍ය කාව්‍යය ද? ප්‍රතිසේවනය හා විමර්ශනය’ යන මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. 1957 ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවයේදී සම්මාන ලැබූ පණ්ඩිත අශෝක කරුණාරත්න සූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනයට පරිවාර වශයෙන් ප්‍රාසංගික නිර්මාණාවලියක් ද මෙදින ඉදිරිපත් කරනු ලැබේ.
කව්සිළුමිණි මහා කාව්‍යයේ මූලාශ්‍රය වූ කුස ජාතකය ඇතුළත් කුස පබාවතී වෘත්තාන්තය වර්ණිත සංගීතාංග හා නර්තනාංග ඊට ඇතුළත් වෙයි.