සීමා නිර්ණයේ දී මොකද වුණේ ? | සිළුමිණ

සීමා නිර්ණයේ දී මොකද වුණේ ?

මෙරට ක්‍රියා­ත්මක වෙමින් තිබූ පැරණි ගම්සභා ක්‍රමය පෘතු­ගීසි, ලන්දේසි ආක්‍ර­ම­ණ­ය­න්ගෙන් විනා­ශ­යට පත්ව තිබුණු අතර, බ්‍රිතාන්‍ය යුගයේ දී යළි ගම්සභා ක්‍රම­යට නව මුහු­ණු­ව­ර­කින් ඉදි­රි­පත් වූ ආකා­ර­යක් දැකිය හැකි විය. බ්‍රිතා­න්‍ය­යන් කලින් පැවැති ගම්සභා ක්‍රමය කෘෂි­ක­ර්මා­න්ත­යට යෝග්‍ය වන පරිදි 1856 දී නැවත ක්‍රියා­ත්මක කිරීම නිසා ජල කළ­ම­නා­ක­රණ කට­යු­තු­ව­ලදී කෘෂි­කා­ර්මික ක්‍ෂේත්‍රයේ පුන­රු­ද­යක්ද ඇති­විය.

කලින් ඡන්ද රහි­තව පැවැති ක්‍රමය වෙන­ස්‌කර මහ නගර සභා පිහි­ටු­වීමේ දී මහ­ජන ඡන්ද­යෙන් සභි­ක­යන් තෝරා පත්ක­ර­ගනු ලබන අලුත් ක්‍රම­ය­ක්‌ ­හැ­ඳි­න්වීය. ඒ ගම්සභා සඳහා මහ­ජන ඡන්ද­යෙන් සභි­ක­යන් තෝරා පත්කර ගැනීම ආරම්භ වූයේ 1924 වර්ෂයේ සිටය. පසුව පළාත් පාලන සේවය තව­දු­ර­ටත් පුළුල් කරනු වස්‌ ­අර්ධ නාග­රික ප්‍රදේ­ශ­වල 1946 දී සුළු නගර සභා 24 ක්‌ පි­හි­ටු­වන ලදී. 1948 වන විට පළාත් පාලන ආය­ත­න­වල විවිධ වෙන­ස්‌කම් රාශි­ය­ක්‌ ­සි­දු­විය. ඒ වන විට මහ­න­ගර සභා 07 ක්‌ද නගර සභා 36 ක්‌ද සුළු නගර සභා 34 ක්‌ද ගම්සභා 401 ක්‌ද බිහි වී තිබිණි. නමුත් පසුව එයද වෙනස් විය.

පළාත් පාලන ආය­ත­න­වල මැති­ව­රණ පැවැ­ත්වීම සම්බ­න්ධව 2012 අංක 22 නමින් පළාත් පාලන ඡන්ද විම­සීම් සංශෝ­ධන පන­තක් ඉදි­රි­පත් විණි. ඒ පන­තට අනුව කලින් පැවති සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය වෙනු­වට කොට්ඨාස ක්‍රම­ය­ටයි මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි. විශේ­ෂ­යෙන්ම මෙහිදී මිශ්‍ර ඡන්ද ක්‍රම­යක් බලා­පො­රොත්තු විය. ඒ අනුව සිය­යට 30ක පමණ ප්‍රමා­ණ­යක් තව­දු­ර­ටත් සමා­නු­පා­තික ක්‍රමය යට­තේම පැවැ­ත්වීම සිදු කෙරුණු අතර මේ නිසා මෙරට තුළ අලු­තින් ඡන්ද කොට්ඨා­ස­ව­ලට කැඩීමේ අව­ශ්‍ය­තා­වක් මතු වුණේ. එම අව­ශ්‍ය­තාව මත පළාත් පාලන විෂය භාර ඇමැ­ති­ව­රයා විසින් කමි­ටු­වක් පත් කරනු ලැබිණි. එම කමි­ටුව වසර දෙක හමා­ර­කට ආසන්න කාල­යක් තුළ වාර්තා­වක් සක­ස්කොට ඉදි­රි­පත් කෙරුණු අතර එම වාර්තා­වට අනුව ලංකාවේ පළාත් පාලන ආය­තන 336ක් පිහි­ටු­වනු ලැබිණ. ඒ ප්‍රාදේ­ශීය සභා 272ක්, නගර සභා 41ක් සහ මහ නගර සභා 23ක් වශ­යෙනි. එම කමි­ටුව පළාත් පාලන ආය­තන 336 කොට්ඨාස 4833කට බෙදනු ලැබිණ. ඒ ඇතු­ළත තනි නියෝ­ජි­ත­යෙක් තේරී පත්වන කොට්ඨාස 4583කුත්, දෙදෙ­නෙක් තේරී පත්වන කොට්ඨාස 241කුත්, තුන්දෙ­නෙක් තේරී පත්වන කොට්ඨාස 9කුත් විදි­හට මේ කොට්ඨාස 4833 බෙදා වෙන්කොට තිබිණි. ඒ කොට්ඨා­ස­ව­ලින් සභි­ක­යින් 5092 ක් තේරුවා. අන­තු­රුව වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා බල­යට පැමිණි පසුව මේ වාර්තාව ප්‍රකා­ශ­යට පත් විණ.

අංක 22 සංශෝ­ධ­න­යෙන් කොට්ඨාස බෙදිය යුතු මූලික කාරණා කිහි­ප­යක් දක්වා තිබුණු අතර එය ජන­වා­ර්ගික සහ ජන­වා­ර්ගික විවි­ධ­ත්වය, ජන­ග­හන ඝන­ත්වය, ආර්ථික සංව­ර්ධන මට්ටම, භූගෝ­ලීය සහ භෞතික කරුණු ලෙස ඉදි­රි­පත් විණි. මෙම ක්‍රම­යට විවේ­ච­නය ඉදි­රි­පත් වූයේ ඔය කියන්නා වූ නිර්ණා­යක පද­නම් කර­ගන්නේ නැතිව දේශ­පා­ලන කාරණා මත පද­නම්ව කොට්ඨාස බෙදී­මට එව­කට සිටි පාල­ක­යන් කට­යුතු කළ නිසාය. නමුත් එක් වරක් කොට්ඨාස බෙදූ පසු නැවත වරක් කොට්ඨාස බෙදී­මට කමි­ටු­වක් පත් කළ නොහැකි නිසා කොට්ඨාස බෙදීම හරි ආකා­රව සිද්ධ වෙලාද යන්න විම­ර්ශ­නය කිරීමේ කමි­ටු­වක් පත් කිරීමේ හැකි­යාව මත පද­නම්ව වර්ත­මාන පළාත් පාලන විෂය භාර ඇමැ­ති­ව­ර­යාගේ උප­දෙස් මත අශෝක පීරිස් මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් සීමා නිර්ණය විම­ර්ශන කමි­ටුව පත් කරනු ලැබිණි.

2915 වසරේ දෙසැ­ම්බර් මස පළමු වෙනිදා මෙම කමි­ටුව පත් කෙරුණු අතර එහි විම­ර්ශන කට­යුතු වෙනු­වෙන් මාස තුනක කාල­යන් ලබා දී තිබිණි. නමුත් එම විම­ර්ශන සඳහා මහ­ජ­න­තාව අත­රට පවා යා යුතුව තිබුණු නිසා ඒ කාලය ප්‍රමා­ණ­වත් වූයේ නැහැ. මේ පිළි­බඳ මාධ්‍ය හරහා දැනු­වත් කිරීම් පවා දැනු­ම්වත් කෙරුණු අතර මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා සමග සාකච්ඡා කොට කාලය මාස අටක් දක්වා දීර්ඝ කර­ගැ­නී­මට සීමා නිර්ණය විම­ර්ශන කමි­ටුව කට­යුතු කරනු ලැබිණ.

එම විම­ර්ශන වලදී සීමා නිර්ණයේ පැවති ගැටලු රාශි­යක් හඳුනා ගැනුණු අතර විශේ­ෂ­යෙන්ම ජන­වා­ර්ගික විවි­ධ­ත්වය වැඩි­වන ආකා­ර­යට තමයි බොහෝ කොට්ඨාස නිර්ණය කර තිබෙන ආකා­රය කමි­ටු­වට අව­බෝධ විය. එය සිදු­විය යුත්තේ එකී ජන­වා­ර්ගික විවි­ධ­ත්වය සම­නය වන ආකා­ර­යට වුවත් පසු­ගිය රාජ­පක්ෂ පාලන සමයේ සිදු කළ සීමා නිර්ණයේ දී සිදු කර තිබුණේ ජන­වා­ර්ගික විවි­ධ­ත්වය වැඩි වන ආකා­ර­යෙනි.

මේවාට අම­ත­රව පළාත් පාලන ආය­තන පිහි­ටු­වීමේ ව්‍යුහා­ත්මක ගැටලු පවා සීමා නිර්ණය විම­ර්ශන කොමි­සම විසින් අව­බෝධ කර­ගෙන තිබිණි. එහි දී හෙළිවූ ව්‍යුහා­ත්මක ගැටලු ලෙස නගර සභා­ව­කට එකතු විය යුතු ප්‍රදේශ ප්‍රාදේ­ශීය සභා­ව­ලට එකතු වී තිබූ අත­ර‍ ­ප්‍රා­දේ­ශීය සභා­ව­ලට එකතු විය යුතු ප්‍රදේශ නගර සභා­ව­ලට එකතු වී තිබිණි. එසේම ඒවා ඇතැම් දේශ­පා­ලන වුව­ම­නා­වන් මත ඒවා සිදුවී තිබූ බවට කමි­ටු­වට අව­බෝධ විය.

තවත් අත­කින් බැලු­වොත් ගම්ව­ලට නම් යෙදී­මේ­දීත් මේ ආකා­ර­යට සංස්කෘ­තික කාරණා සම්බ­න්ධව සැල­කි­ල්ලට නොගත් අවස්ථා තිබිණි. වෙනත් රට­වල භූගෝ­ලීය නාම ප්‍රමි­ති­ක­ර­ණ­යන් තිබෙ­නවා වුවත් මෙහි එවැනි තත්ත්ව­යන් නැත. නාග­දී­පය සම්බ­න්ධව එවැනි ගැට­ලු­කාරී තත්ත්ව­යක් උද්ග­තව තිබිණි. මෙහිදී සිද්ධ වෙන්නේ කුමක්ද කියා නොදත් ඇතැ­මුන් වෙනත් කෝණ­ව­ලින් බලා නාග­දී­පය මකන්න යනවා යැයි කිය­මින් ප්‍රකාශ නිකුත් කෙරිණි. කෙසේ හෝ අව­සා­නයේ සාමාන්‍ය භාවි­තාවේ තිබූ ආකා­ර­ය­ටම ඒ නම යොද­න්නට සීමා නිර්ණය කමි­ටුව කට­යුතු කර තිබිණි. ඒවා සැල­කි­ල්ල­ට­වත් ගෙන නොතිබූ ඉතා වැද­ගත් මෙන්ම සංවේදී සංස්කෘ­තික කාර­ණාය.

විටෙක සීමා නිර්ණය විම­ර්ශන කමි­ටුවේ සභා­පති අශෝක පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ ඡන්ද කොට්ඨාස අලු­තින්ම කඩ­න­වා­ටත් වඩා මෙම විම­ර්ශ­නය අප­හසු වූ බවයි. එසේම එහිදී චෝදනා විම­ර්ශ­න­යේදී පැමි­ණිලි 1833 ක් පමණ විම­ර්ශ­නය කර­න්නට සිදු වූ බවත් අව­සා­නයේ ඡන්ද කොට්ඨාස 4833 න් තුනෙන් දෙකක්ම සංශෝ­ධ­නය වූ බව අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළේය.

සාමා­න්‍ය­යෙන් සීමා නිර්ණයේ දී පිය­වර කිහි­ප­යක්ම අනු­ග­ම­නය කළ යුතුය. පළ­මු­වැන්න කොට්ඨාස සැකැස්ම අලු­තින් සකස් කිරී­මයි. දෙවැන්න කොට්ඨාස සිති­ය­ම්ගත කිරීම කළ යුතු අතර ඉන්ප­සුව එහි මායිම් ලකුණු කිරීම සිදු කර අව­සා­නයේ ඒවා දෙම­ළට සහ ඉංග්‍රී­සි­යට පරි­ව­ර්ත­නය කළ යුතු වේ. ඉන් පසු අව­සන් කරන කොට්ඨාස සියල්ල මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තු­වට යවනු ලැබූ අතර හිටපු මැනු­ම්ප­ති­ව­ර­යෙකු වන එස්.තව­ලිං­ගම් මහතා ඒවා සම්බන්ධ අධී­ක්ෂණ කට­යුතු සඳහා විශේෂ දාය­ක­ත්ව­යක් ලබා දුන්නේය. ඒ අනුව උප­ලේ­ඛන සකස් කරම උප­ලේ­ඛන නැවත නැව­තත් පරීක්ෂා කිරී­මත් සිදුව තිබේ. මේවා සිදු­වූයේ සීමා­නි­ර්ණයේ නාම­යෙන් රාජ­පක්ෂ පාලන සමයේ දී සිදු­කළ අදූ­ර­දර්ශි දේශ­පා­ලන න්‍යාය පත්‍ර­යන් වෙනු­වෙන් වඩාත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සීමා නිර්ණ­යක් ලබා දීම වෙනු­වෙනි.

ඇතැම් ලෙස­කින් රාජ­පක්ෂ පාලන සමයේ සිදු කළ සීමා නිර්ණ­යන් ගැසට් කළා නම් හෝ මේ ආකා­රයේ පසු විප­ර­මක් සිදු නොවුණා නම් පිරි­ස­කට ඡන්දය ප්‍රකාශ කිරී­මට ඇති හැකි­යාව පවා නැති වී යන්නට ඉඩ තිබිණි. ඒ නිසා සීමා නිර්ණය විම­ර්ශන කමි­ටුව ඔවුන්ට පැවරී තිබූ කාර්ය­භා­ර­යට අනුව මේ කාරණා සුපිරි පරී­ක්ෂා­වට ලක් කරනු ලැබිණි. අවස්ථා ගණ­නා­වක් පරීක්ෂා කිරී­මෙන් පසුව සිදු කෙරුණු එම සුපිරි පරී­ක්ෂාව නිසා ගැටලු නිවැ­රදි කිරීම නිසි ආකා­රව සිදු වූ බවට දැන් සැමට විශ්වා­සය.

ඇතැ­මුන් ප්‍රකාශ කළේ මේ සීමා නිර්ණය විම­ර්ශන කමි­ටුවේ කට­යු­තු­ව­ලට දේශ­පා­ලන බල­පෑම් ඇති බූ බවය. ඒ පිළි­බඳ අද­හස් දක්ව­මින් අශෝක පීරිස් මහතා වරෙක පවසා තිබුණේ මේ කාර්යය සඳහා විෂය භාර අමා­ත්‍ය­ව­ර­යා­ගෙන් හෝ රජයේ පාර්ශ්ව­යෙන් කිසිදු ආකා­ර­යක දේශ­පා­ලන බල­පෑ­මක් එල්ල වූයේ නැති බවයි. නමුත් ඇතැම් ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­යින් තමන්ට වාසි­දා­යක වන ආකා­ර­යෙන් කොට්ඨාස බෙදා දක්වන ලෙස ඉල්ලා සිටි අවස්ථා තිබුණු ඉවත් විශේ­ෂ­යෙන්ම කුල සාධ­කය වැනි කාරණා එම ඉල්ලී­ම්ව­ලදී ප්‍රධාන වුවත්. එවැනි ඉල්ලී­ම්ව­ලට කමි­ටුව කිසිදු ආකා­ර­යක අව­ස්ථාව ලබා නොදුන් නමුත් නියෝ­ජ­න­යක් පැමි­ණිය යුතුයි කියා සිතෙන තැන­කදී නියෝ­ජ­න­යක් ලැබෙන ලෙස කොට්ඨාස වෙන් කිරී­මට සීමා නිර්ණය විම­ර්ශන කමි­ටුව කට­යුතු කර තිබිණි. එය ප්‍රශං­ස­නී­යය.

ඒ සීමා නිර්ණය නිසා සිදුවූ වැද­ගත්ම දේ කරුණ වන්නේ මනාප ක්‍රම­යත් සමග නිර්මා­ණය වූ ඡන්ද­දා­ය­ක­යාත් නියෝ­ජි­ත­යාත් අතර තිබූ දුර­ස්ථ­බව අවම වීමයි. නමුත් මේ ක්‍රමය නිසා රටේ දේශ­පා­ල­නයේ සැල­කිය යුතු මට්ටමේ විකෘති තත්ත්ව­යක් ඇති ව තිබෙන බව පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල අනුව පැහැ­දි­ලිය. ඉන් රටට විශාල අම­තර බරක් එක්වූ බවද සැබෑය. ඉදි­රි­ය­ටත් මෙම ක්‍රමය ක්‍රියා­ත්මක වන්නේද නැද්ද යන්න සිකු­රාදා තීන්දු විය. දැන් කළ යුත්තේ අඩු­පාඩු හදා ගෙන ඉදි­ර­යට යාම මිසෙක ගිය හකුර ගැන තව දුර­ටත් කඳුළු සැලීම නම් නොවන බව සැවොම අව­බෝධ කර ගත යුතුය.

Comments