‘මං කෙළින් මිනි­හෙක්’ නිද­හස්! | Page 2 | සිළුමිණ

‘මං කෙළින් මිනි­හෙක්’ නිද­හස්!

අසංක සාය­ක්කාර විසින් නිර්මා­ණය කළ ‘මං කෙළින් මිනි­හෙක්’ වේදිකා නාට්‍යය ප්‍රද­ර්ශ­නය සඳහා ප්‍රසිද්ධ රැඟු­ම්පා­ලක මණ්ඩ­ලය නිකුත් කළ බල­ප­ත්‍රය අගෝස්තු මස 17 වැනිදා ආපසු කැඳ­වී­මෙන් අන­තු­රුව, නිෂ්පා­ද­ක­යන් තමන් සිදු වූ දෝෂය පිළි­ගැ­නීම හේතු­වෙන්, ‘වැඩි­හි­ටි­යන්ට පම­ණක්’ සීමා වූ බල­ප­ත්‍රය යටතේ එය ප්‍රද­ර්ශ­නය කිරී­මට නැවත අව­සර දී ඇත.

මේ නාට්‍යය සඳහා මුල්ව­රට අනු­මැ­තිය ලබා­දී­මෙන් පසුව, වැඩි­හි­ටි­යන්ට සීමා වූ කොටස් මාධ්‍ය ඔස්සේ සමා­ජ­ගත කිරීම හා අනු­මත පිට­ප­තෙහි නොවන දෙබස් නාට්‍යය සඳහා යොදා­ගැ­නීම රැඟුම් පාලක මණ්ඩ­ලයේ නීති හා රෙගු­ලාසි උල්ලං­ඝ­නය කිරී­මක් වන බැවින්, එය පෙන්වී­මට දී තිබූ අව­ස­රය නැවත කඳ­වන ලදි.

අන­තු­රුව අසංග සාය­ක්කාර හා නාට්‍ය කණ්ඩා­යම තමන් අතින් නොදැ­නු­වත් කමින් සිදු වූ දෝෂ­යන් පිළි­ගත් අතර, එහිදී නැවත රැඟුම් පාලක මණ්ඩ­ලයේ නීති හා රෙගු­ලාසි උල්ලං­ඝ­නය නොක­රන බවට අසංක සාය­ක්කාර සහ­තික වී ඇත. අලු­තින් එකතු කළ දෙබස් සහිත පිට­පත මණ්ඩ­ලය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ‘වැඩි­හි­ටි­යන්ට පම­ණක්’ සීමා වූ බල­ප­ත්‍රය යටතේ නැවත එය ප්‍රද­ර්ශ­නය කිරීම සඳහා අව­සර දී තිබේ.

Comments