කාලය අකා­ලි­කයි | සිළුමිණ

කාලය අකා­ලි­කයි

කාලය විසින් සම­හරු විය­පත් කරනු ලබති; සම­හරු තිරි­හන් කරති. මේ සියල්ල සිදු කරන කාලය අයත් වන්නේ කාල­ත්‍ර­යෙන් කොයි කාල­ය­ටද? මේ ප්‍රශ්නය ගැන කතා කළ තැන­කදී කෙනෙකු කීවේ පළ­මුව කාලය යන්න විග්‍රහ කළ යුතුය කියාය. දැන් තවත් ප්‍රශ්න­යකි. කාලය යනු කුමක්ද? මෙය අසා සිටි සග­යෙක් හයි­යෙන් සිනා­සිණි.

“අපි ආවේ සෙට් වෙන්නනේ. මේ මොකක්ද වෙන්නේ මේක උසා­වි­යක් නොවෙයි. එසේ කී සගයා සිංහල ගුරු­ව­ර­යෙකි. ඔහු බොහෝ ගුරු­ව­රුන් මෙන් ගතා­නු­ග­තික නැත. බුද්ධි­ම­තෙකි. ඇසූ පිරූ තැන් ඇත්තෙකි. අප තිදෙ­නෙකි. ගුරු හෙවත් බ්‍රහ­ස්පති හැර අනෙක් දෙදෙ­නාම නීති­ඥ­යන්ය.

“මේකා අපට හින්ට් පාස් කර­නවා” මගේ යාළුවා කීවේය.

“නෑ මචං අපි ආවේ පොඩ්ඩක් සෙට් වෙන්න. උඹලා මේ මොළේ කොළො­ප්පම් වෙන තර්ක මතු කරන්න හද­නවා. බ්‍රහ­ස්ප­තිගේ ඒ කතාව ඇසූ අප දෙදෙ­නා­ටම සිනා පහළ විය.

“හරි මචං උඹ රස්සා­වට උග­න්න­නවා කියලා කරන්නේ ළම­යින් ගෙන් ප්‍රශ්න අහන එකනේ. අපට මේකට උත්ත­ර­යක් දීපන්. උත්ත­රය හරි වුණත් වැරදි වුණත් අපි උඹව පේල් කරන්නේ නැහැ.” “මොකක්ද ප්‍රශ්නය”ගුරු­තුමා විම­සීය.

“අපේ කතා­බහ අතර මතු වෙච්ච දෙවන ප්‍රශ්නය..... කාලය යනු කුමක්ද?” මගේ උගත් මිත්‍රයා ප්‍රශ්න විචා­ර­ක­යකුගේ උජා­රු­වෙන් කතා කළේය.

“ප්‍රශ්න දෙකම ගන්නම්. එත­කොට තමයි මට ලෙහෙසි.” එසේ කී බ්‍රහ­ස්පති සිනා­සිණ.

“මේ හදන්නේ අපට පන්ති­යක් කරන්න වගේ” එසේ කී මම සිනා­සු­ණෙමි.

“කාල­යට සිද්ධ වෙන්නේ කුමක්ද? කාලය යනු කුමක්ද? මෙතන ප්‍රශ්න දෙකක් නැහැ. තියෙන්නේ එකම ප්‍රශ්න­යයි.”

“එහෙම කොහො­මද ප්‍රශ්න පත්‍රය සංශෝ­ධ­නය කරන්න දෙන්න බැහැ.” මගේ මිතුරා සිය විරෝ­ධය පළ කළේය.

“හරි එහෙ­නම් පැහැ­දිලි කිරි­මක් ඕනැ” ඒ ගුරු­තු­මාය.

“ඔව් කියන්න” මගේ යාළුවා ඉස්සර විය.

“මට කියන්න කාලය නාම පද­යක්ද?”

“යකෝ මේකා ඒක­වත් දන්නේ නැහැනේ. ඔව් කාලය යනු නාම පද­යක්”

“ඒක ස්ත්‍රි ලිංගි­කද? පුරුෂ ලිංගි­කද?”

“උඹ අපට කෙළින්න එන පාටයි. රජෝ සෙල්ලම් බැහැ තේරු­ණාද?

“තුන්වෙනි ප්‍රශ්නය. කාලය අයිති අතී­ත­ය­ටද? වර්ත­මා­න­ය­ටද? අනා­ග­ත­ය­ටද?” මගේ යාළුවා මා දෙස බැලුවේ උසා­වි­යේදී නීති තර්ක­යක් අතර හිර­වූ­වාක් මෙනි.

“උඹලා හිතන්නේ ගුරු­වරු හරක් කියලා. නෑ මචං සම­හර විට පොඩි එවුන් අපිව නාවන හැටි දන්නේ අපි විත­රයි.” එය ඇසූ අප දෙදෙ­නා­ටම සිනහ පහළ විය.

“මම කතා­වක් කිය­න්නම්. මගෙ මුල් පත්වීම ඈත ගමක ඉස්කෝ­ල­ය­කට. පත්තිය හතර හරි පහ හරි වෙන්න ඕනැ. එක ළම­යෙක් ගණින කොට හරි වෙනස්.

“ඒ කීවේ...” මගේ මිත්‍රයා විම­සීය.

“ ඒ ළමයා දහය ළඟට කියන්නේ එකො­ළහ නොවෙයි. දහ එකයි කියලා.”

“වන්ඩ­පුල්. ඉතින් දොළ­හට මොකක්ද කියන්නේ

“දහ එක නම් දහ දෙක වෙන්න ඕනෑ”මම ඌන පූර­ණය කළෙමි.

“උඹ හරි. ඒ ළමයා දහ­තු­නට නම් දහ­තුන කියලා නම් කිය­නවා” බ්‍රහ­ස්පති ඒ ටික කීවේ ඉතා සන්සු­න්වය.

“ඉතින්” මම නැවත විම­සිමි.

“ටික කාලෙ­කින් මට මාරු­වක් හම්බ වුණා. මම ආවා”

“ඒ ළමයා පස්සේ ගණිත මහා­චාර්ය කෙනෙක් වෙන්න ඇති”

“මොන පිස්සුද. ඒ ඉස්කෝලේ ළමයි වයස දහ­සය දහ හත වෙන­කොට ඉස්කෝලේ එන්නේ නැහැ. ඒ පළා­ත්වල ඉස්කෝලේ කියන්නේ වැස්සට ගොඩ වෙලා ඉන්න තැනක් වාගේ”

ඒ කතාව ඇසූ අප දෙදෙ­නාට අනේ පව් කියා හිතුණ් නැත.

“ඉතින් උඹ අර දරුවා එහෙම කීවාම නෙළන්න ඇති.”

“නෑ පන්තියේ අනික් එවුන් හිනා වෙනවා. මේ ළමයා විශ්වා­ස­යෙන් උත්තර දිලා ඉඳ ගන්නවා. එච්ච­රයි. මම තනි­යම ඒ ළමයා ගෙන්නලා සාමාන්‍ය විදි­යට ගණන් කරන්න කියලා පුරුදු කළා. එච්ච­රයි.” ඊට පස්සේ අපි ටික වෙලා­වක් කතා නැතිව හිටියා. ඊට පසු අපෙන් කවුදෝ මෙහෙම ප්‍රශ්න­යක් ඇහුවා.

“ඇයි ඒ ළමයා එහෙම වුණේ?” ඒ ප්‍රශ්නය අහලා බ්‍රහ­ස්පති හිනා­වුණා.

“මචං ඒ ළමයා නිවැ­ර­දියි. ඒක මට තේරුණේ පස්සේ”

“ඒ කීවේ”

“ඇයි හිත­පල්ලා විස්සයි විසි එකයි තිහයි තිස් එකයි. අනූ එකයි අනූ දෙකයි. එහෙම එකේ දහය ළඟට විත­රක් කොහො­මද එකො­ළහ දොළහ වෙන්නේ”

“ඒ කියන්නේ උඹ ඒ දරු­වාට ඉගැ­න්නුවේ සීයේ ඉඳලා පල්ලෙ­හාට ගණන් කරන්න වෙන්න ඇති” “එහෙ­මද?” නීතිඥ සගයා එසේ ඇසූ කල බ්‍රහ­ස්පති කීවේ කන පැලෙන්න ගහ­නවා කියාය. එසේ කී ඔහු උන් තැනින් නැගිට මදක් ඈතට ඇවිද ගොස් නැවත පැමිණ අසුන් ගත්තේය.

“ඒක ගැන මට හිතුණේ එහෙම නොවෙයි”

“එහෙ­නම්...”

“හිත­පල්ලා ඉංග්‍රිසි ක්‍රමය ගැන. ඉල­වන් ටුවෙල් ...එච්ච­රයි.”

“ඒ කියන්නේ පොඩි එකා” මම එසේ අසන විට බ්‍රහ­ස්පති අතින් මගේ කට වැසීය.

“උඹ කියන්න හදන්නේ ගෙදර ඉංග්‍රිසි කතා කර­නවා කියලා වෙන්න ඇති. ඒකත් හරි­යට සියයේ ඉඳන් පහ­ළට ගැන්නා වගේ කතා­වක්නේ”

“එහෙ­නම් ඇයි අර දරුවා දහ එකයි දහ දෙකයි කීවේ” මම එසේ ඇසුවේ සත්ත­කින්ම වෙන කියන්න යමක් කටට ආවේ නැති නිසාය.

“මට ඒ ගැන තියෙන්නේ නිග­ම­න­යක් විත­රයි” බ්‍රහ­ස්පති සාව­ධා­නව එසේ කීය. අපි ඔහුට කතා කරන්න හැර බලා සිටි­යෙමු. හේතුව අප අතර සිටි එකම ගුරු­ව­රයා ඔහු නිසා විය හැකිය.

“නිග­ම­න­යක් කියන්නේ බොහෝ විට උත්ත­ර­යක් වෙනු­වට ලැබෙන විරා­ම­යක්. ඒක හරි­ය­ටම අප­හැ­දිලි තැන­කදී අපි කියන්නේ, ‘වෙන මොකක් හරි වෙන්න ඇති‘කියලා. ආන්න ඒ වාගේ” බ්‍රහ­ස්පති එහෙම කී විට මගේ මිතුරා “යුරේකා” කියා අත්පුඩි ගැසීය. කාලය පිළි­බඳ ප්‍රශ්නය මතු කළේද ඔහු විසිනි.

“මොකක්ද හොයා ගත්තේ” අපි දෙදෙ­නාම එක­වර ඇසීමු.

“උඹ ඇහුවා නේද කාලය අයිති මොන කාල­ය­ටද කියලා?”

“ඔව්”

“කාලය අයිති වර්ත­මා­න­යට”

“මොකක්ද සමී­ක­ර­ණය” බ්‍රහ­ස්පති විම­සීය.

“අපි තුන් දෙනාම මෙතෙක් ජීවත් වුණේ අතී­තයේ අර ළමයා සිටිය පන්තියේ. අපට මතු­වන ප්‍රශ්නය අනුව තමයි කාලය තීර­ණය වෙන්නේ. හීන දකින කොට ප්‍රේම කරන කොට කාලය අපව අනා­ග­ත­යට ගෙනි­ය­නවා. ඔන්න දැන් අපි වර්ත­මා­නයේ මෙතන සෙට් වෙලා.”

අදට මෙතෙ­කින් නිමි­යේය.

චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න

Comments