නමෝ විත්තියෙන් ළිප පත්තු කරලා කිරි උතු­ර­වමු | සිළුමිණ

නමෝ විත්තියෙන් ළිප පත්තු කරලා කිරි උතු­ර­වමු

විල්ප්‍රඩ් විම­ති­යෙන් ඇසුත් කටත් ඇර­ගෙන සිටිද්දී නිර්මලා මැණිකේ එතැ­නට ආවේ කෑග­ස­මින්ය.

“අපෙ මහ­ත්තයා... අපෙ මහ­ත්තයා... හරි වැඩක්නේ වෙලා තියෙන්නේ...” ඒ සද්දෙට දෙම­ස්සි­නාලා දෙන්නාම නැගී සිටියේ තිගැ­ස්සෙ­මින්ය.

ඉස් ඉස්සෙ­ල්ලාම ගෘහ­යට ඇතු­ළුවිය යුතු අය හරි­ය­ටම නැක­තට විනාඩි පහ­කට කලින් පැමි­ණීම පුදුම ආශ්ච­ර්ය­මත් දෙයක් වගේය.

චන්ද්‍ර­ලතා කට­පු­රාම සිනාසී රථ­ව­ලින් බැස ආ අමු­ත්තන් දිහා බැලුවේ හිත පිරී­තිරී යන සතු­ටින්ය. පොල් ගෝනි­යක් හාල් තුන­පහ මුට්ට­යක් ජය­ති­ස්සගේ සහ ජයේ­න්ද්‍රගේ අත්ව­ලය. සමන්ති ගේ අතේ දරු පැටියා ය. චන්ද්‍රානි දුවගේ අතේ එළ­වළු මල්ලකි.

“එන්න සුදු මැණිකෙ හාමු නමෝ විත්ති­යෙන් ලිප පත්තු කරලා කිරි උතු­ර­වමු...”

නැක­තට ළිප­ගිනි දැල්වීම සුදු මැණිකෙ හාමු බලා­පො­රො­ත්තුවී සිටිය දෙයක් වගේම සතු­ට­කින් කළාය. පසෙ­ක­ට වී බලා­සි­ටිය ඩග්ලස් ගොඩ­ලි­යද්ද - විල්ප්‍රඩ් රත්න­සේ­කර දෙම­ස්සි­නාලා දෙන්නාගේ මුහු­ණු­වල අව­ස්ථාවේ සතු­ටට වැඩිය හැඟීම් දහ­රා­වක් නලි­ය­මින් තිබුණු බව කිසි­වෙකු දන්නේත් නැත. ඒ හැඟීම් දුකට බරද සතු­ටට බර­දැයි දෙදෙනා දන්නේත් නැත. චන්ද්‍ර­ලතා අලුත් ම චීත්ත­ය­කින් හා හැට්ට­ය­කින් සැරසී සිටියේ අවු­රුදු කුමා­රි­යක් වගේ ය. ජය­තිස්ස යන්ත්‍ර­යක් වගේ එහාට මෙහාට දුව­මින් කළ­මනා සකස් කරයි. ඔවුන්ගේ දිය­ණිය චන්ද්‍රානි බෙහෙ­වින් ප්‍රිය­ම­නාප ආචා­ර­ශීලී යෞව­නි­යකි. ඇය සම­න්තිගේ අතින් දරුවා ගෙන ඇයව හුර­තල් කළේ සම­න්තිට තේ මේසයේ ආව­තේව ටික කර­න්නට නිද­හස දෙමිනි. රත්න­සේ­කර හාමුට ගොඩ­ලි­යද්ද මස්සිනා සමඟ කතා කර­න්නට බොහෝ දේවල් තිබුණා වගේය. ඒත් සතුට වැඩි­ක­මට වගේ හැමෝම කතා කළේ අඩු­වෙන් වගේය. නමුත් තේ මේසයේ ප්‍රණීත සංග්‍ර­හය කෙරී­ගෙන යද්දී තවත් අමු­ත්තෙක් පැමි­ණියේ කලින් නොදන්වා වගේය.

“හානේ... මලින්ද බේබි හාමු... එන්න එන්න...”

ජය­තිස්ස ගේ ප්‍රීති ඝෝෂා­වත් සමඟ පැමිණි මලි­න්දට සම­න්ති­ගෙන් සහ ජයේ­න්ද්‍ර­ගෙන් උණු­සුම් පිළි­ගැ­නී­මකි. සුදු මැණිකෙ හාමු පුත්‍රයා දුටු ගමන් ම තම නෑන­ණ්ඩිය නිර්මලා මැණි­කේට ඇහෙන් ඉඟි­යක් කර­නවා පෙනුණේ චන්ද්‍රා­නිට විත­රය.

“හප්පේ යන්තම් ඇති ඔහොම යුතු­ක­ම­ක්වත් මතක් වුණා...” ගොඩ­ලි­යද්ද හෙමි­හිට කීවේ තවත් කිරි­බත් කෑල්ලක් බෙදා ගනි­මින්ය. මලින්ද නිශ්ශ­බ්දව ඇවිත් තේ මේස­යට වාඩි­වුණේ හැම­දෙනා දෙසම සතුටු හිනා­වක් පාමින්ය. ඒ හිනාව යට සැඟවී තිබුණේ වෙනම කතා­වකි. තමා මෙතැ­නට පැමි­ණියේ තරංගා ගේ බල­කි­රීම නිසා බව කවු­රු­වත් දන්නේ නැත! ඒ තරංගා ගැන කවු­රු­වත් දන්නේ නැති නිසාය.

*********

අයියා තමාගේ හිත හැදෙන්න මොන තරම් දේ කිව්වත් තම හිත හැදුණේ නැති බව ජය­මාල් දනියි. හිත ඇතුළේ උතු­රන මේ කේන්තිය සහ කල­කි­රීම ‍මොන විදි­යෙන් පිට­වේ­වි­දැයි ඔහු­වත් නොද­නියි. හවස පංතිය ඇරී කරු­ණා­දාස එන­කම් බලා­සි­ටින ඔහු අසල කෙල්ලන් දෙදෙ­නෙකු ගැව­සෙ­මින් සිටිය බව දැනී ඇති­වන්නේ කුහු­ලකි.

“මොකද ඔයා අහස පොළව ගැට­ලන්න වගේ කල්පනා කරන්නේ...?”

කෙල්ලෙ­කුගේ කට­හඬ ඇහිලා ඔහු කල්පනා දැහැ­නින් අව­දි­වුණේ ගැස්සෙ­මින්ය.

“කල්පනා කරන්න දේවල්ද නැත්තෙ නේද ජය­මාල්...”

දෙවැනි කට­හඬ ඇසෙද්දී ඔහු තවත් ගැස්සුණේ තමාගේ නම කියා කතා කර­නවා ඇසී­මෙනි. ඒ යුව­තිය පංති­යේම කැපී පෙනෙන කෙල්ලය!

“හා.. මං බැලුවා කවුද මේ මට නම කියලා කතා කරන්නේ කියලා!” ජය­මාල් නැගී සිටියි.

“මාලිකා වගේ චණ්ඩි කෙල්ලෙ­කුට මිසක් වෙන කෙනෙ­කුට නෑ ඒ ‘ගම’ හා” එසේ කීවේ පළ­මු­වැ­න්නිය ය. ජය­මාල් හයි­යෙන් සිනා­සෙයි. පංතියේ හැමෝම ගිහි­ල්ලාය. ඉති­රි­වෙලා ඉන්නේ කෙල්ලන් දෙදෙ­නෙකු එක්ක තමුන් විත­රය. ගොඩ­නැ­ඟිල්ල බාරව සිටින නිල­ධා­රියා බලා සිටින්නේ ගේට්ටුව ඉබ්බා­දමා පිට­ත්ව­න්න­ටය.

“ඔය දෙන්නා ඇයි ඉන්නේ...?” ජය­මාල් අසන්නේ මාලිකා ගෙනි.

“මම ඉන්නේ වාහනේ එන­කම්. මගේ නෙමේ මේ චම­රි­ලාගෙ.. අපි හැම­දාම යන්නේ ඒ වෑන් එකේ. අද ඒක පර­ක්කුයි.”

ජය­මාල් මාලිකා දිහා බලයි. ඇත්තට ම මුළු පංති­යේම සුන්ද­රම යුව­තිය ඇය බව තමාට තේරුණේ මේ පංති­යට බැඳුණු මුල් දින­යේම ය. ඇය සමඟ කුළු­ප­ග­ව­න්නට කොල්ලන් අතරේ තර­ග­යක් ද තිබෙන බව තමා දැන­ගත්තේ තම පංති මිත්‍රයා සුනි­ම­ල්ගෙනි. අප­රාදෙ අද සුනි­මල් හිටියා නම්.. ඔහුට එසේ සිතෙ­ද්දීම ගේට්ටු­වෙන් වෑන් රථ­යක් එනවා පෙනුණි.

“ආ... වාහනේ ආවා අපි යන්නම් එහෙ­නම් ජය­මාල්!”

ශබ්ද නගා කීවේ චමරි ය. මාලිකා සමු­ගත්තේ බැල්ම­කින් විත­රය. කරු­ණා­දා­සගේ වාහ­නය ගේට්ටු­වෙන් ඇතුල්වී නලාව හඬ­වන කල්ම ජය­මාල් සිටියේ ඒ බැල්මේ මත­කයේ එල්ලී­ගෙ­නය...!

*********

ඩග්ලස් ගොඩ­ලි­යද්ද තම මස්සිනා සමඟ ගෙඋ­යනේ කිරි­පාට පුටු මේස කට්ට­ලය ළඟ පුංචි සාද­යකි. හිතේ හිර­ක­ර­ගෙන සිටිය කිසි­යම් දෙයක් විල්ප්‍රඩ් මස්සි­නාට කිය­න්නට ඩග්ලස් හාමුට ද වුව­ම­නා­වක් තිබුණි. මෙහෙ­කා­රිය ගෙනැ­විත් තැබූ තේ කට්ට­ලයේ තේ පෝච්චියේ දුම­න­ගිද්දි විල්ප්‍රඩ් කට­හඬ අව­දි­ක­රයි.

“රත්න­පුර වලව්වේ ලොකු දෝනි­යන්දෑ එහෙ­නම් තව වල­ව්වක් හැදුවා ආ...!”

“හහ් හහ් හා...!”

ඩග්ලස් හයි­යෙන් හිනා­වක් පාන්නේ වලව් ආලි­න්දය දිහා බල­මිනි.

“කෝ සුදු­මැ­ණි­කෙයි අපෙ නගායි බර කයි­යක් වගේ. අපෙ නගා­ටත් ගෙදර යන්න ඕනෑ­ක­මක් නෑ වගේ හහ්...”

“කෝ මලින්ද පුතා...”

“එයැයි ඔය ගියෙ කොහේද යනවා කියලා.. හෙට ඔෆිස් එකේ වැඩ­කට කවුද ගෙන්නා ගන්න ඕනැයි කියලා...”

“හා.. හා.. තේ ටික බීලා ඉමුකො නිවෙන්න කලි­යෙන්...”

“මල්ලිට කියන්න එදා අර සං‍ගෙදිය ඇහු­වට පස්සෙ.. මගෙ ඔළු­වත් එක්ක හිරි­වැ­ටුණා... මොකෝ කවුරු එක්ක කිය­න්නයැ මේ සංගෙ­දිය.. ඈ...!”

විල්ප්‍රඩ් ඊට හිනා­වෙද්දී මූණ රතු­වෙයි. පරණ දඟ­කා­ර­ක­ම්වල දුරා­තීතෙ මතක් කර­න­වාට කැමැ­ත්තෙන් වගේය. පිරිමි දඟය ඇස්වල පිරි­ලාය.

“හහ්හා හා... මාත් මල­යට එකක් කිය­න්නම්... ඈ.... ගෙදර ගිහි­ල්ලත් හිත හිතා ඉන්න පුළු­වන් එකක්...!”

තේ උගු­රක් ඉක්ම­නින් ගිල දමන විල්ප්‍රඩ් ටිකක් කල­බල වෙන්නේ ඒ කතා­ව­ටය. ඩග්ලස් අයියා කව­දා­වත් මේච­ර­ටම අවුල් කතා­වක් විහි­ළු­වෙන් වත් කියා නැත.

“හැබැයි මලේ... මේක... පුළු­වන් තරම් රහ­සක් විදි­යට රැක­ගන්න ඕනෑ. නැත්නම්.. අපි ඔක්කොම සුං.. සුනේ සුං...!”

විල්ප්‍රඩ් විම­ති­යෙන් ඇසුත් කටත් ඇර­ගෙන සිටිද්දී නිර්මලා මැණිකේ එතැ­නට ආවේ කෑග­ස­මින්ය.

“අපෙ මහ­ත්තයා... අපෙ මහ­ත්තයා... හරි වැඩක් නේ වෙලා තියෙන්නේ...” ඒ සද්දෙට දෙම­ස්සි­නාලා දෙන්නාම නැගී සිටියේ තිගැ­ස්සෙ­මින්ය.

********

“අපිට දැන් නම් මේ බෝඩිම් බත හොඳ­ටම හුරු­වෙලා ඇඟ­ටම පත්තියං වෙලා නේද?”

සංජය කියන්නේ පොත අතේ තබා­ගෙන ඇ‍‍ඳේ හාන්සි­වී­ගෙ­නය.

“ඉව­සාපං බං... තව ඉතිං අවු­රුදු කීයද? හරි වේගෙන් නේ කාලෙ ගත­වෙලා යන්නෙ...”

ශ්‍රීමාල් කියද්දී සංජය ඇ‍ඳෙන් බැස අභි­න­යක් පායි.

“.... පමා වෙවී හිඳි­නට නැත වේලා

කාලය ඉගිලී යයි ඉගිලී

සුපුල් දෙතොල් රත් පැහැ­යෙන් තවරා

මී විත උතුරා යයි උතුරා”

බාග­යක් බිව් වතුර බෝත­ලය මී විතක් සේ අල්ලා­ගෙන ඔහු පාන අභි­න­යට ශ්‍රීමාල් හිනා­වෙන්නේ බඩ අල්ලා­ගෙ­නය.

“ඔව් ඉතිං දැන් කවු­රුත් ප්‍රමාද නෑනේ... හා හා.. අපි හතර දෙනාම දැන් දක්ක­නවා නේ...!”

සිරි­නාත කියන්නේ උදා­රගේ කරට අතක් දමා­ගෙන තාලය අල්ල­මින් ය.

“කොහොම කොහොම හරි ශ්‍රීමාල්ගෙ මඟුල දින­වලා තමා මම නම් පස්ස බලන්නෙ.. හහ්හා...”

සිරි­නාත එහෙම කියන්නේ අවං­ක­වම බව ශ්‍රීමාල් දනියි. මේඛලා හා තමා අතර ඇති පර­ත­රය වගේ පර­ත­ර­යක් තම සග­යන් කාට­වත් නැති බව ඔහු දනියි. එයම මහා දුක­කට හේතු­වකි. ඒත් ඒ පර­ත­රය සුසුම් වලින් කඳු­ළු­ව­ලින් විත­රක් පුර­ව­න්නට වුව­ම­නා­වක් තමාට නැත. තමා ප්‍රායෝ­ගි­කව ඒ ප්‍රශ්නය ජය­ගත යුතුය.

මේඛ­ලාත් තමාත් සපථ කර­ගත්තේ එය­මය. රාත්‍රි ආහා­ර­යෙන් පසුව ශ්‍රීමාල් සිරි­නාත සමඟ තනිවී කතා­බ­හට අව­තීර්ණ වූයේ අනිත් තුන්දෙනා රූප­වා­හි­නිය නැර­ඹී­මට සාල­යට ගිය වේලා­වේ­දීය.

“මචං.. සමන්ති අක්කාට පුළු­වන් වුණා ජයේ­න්ද්‍රව බැඳලා ඊට පස්සෙ ඩග්ලස් මාම­ලගෙ සල්ලි­ව­ලින්ම ගේකුත් හද­ව­ගෙන එයා­ලගෙ ආශි­ර්වා­දෙත් ඇතිව පදිංචි වෙන්න...”

“ජයේ­න්ද්‍රට කැමති වෙන්න වුණේ ඉතිං උඹ­ලගෙ අප්ප­ච්චිගෙ මැදි­හත් වීමයි ඊට හේතු­භූත වෙච්ච කාර­ණායි ඔක්කොම එක්කනේ...” සිරි­නාත හෙමි­හිට කියයි.

“හැමෝම සාධා­ර­ණේව හිත­නවා නම් හිතන්නේ තම තමන්ගෙ ජීවි­ත­වල අහ‍ු­කොන් එක්ක තමයි. අපේ මල්ලිට නම් අප්ප­ච්චි­ලගෙ ‍වැඩ ගැන පුදුම ‍කේන්තියක් තියෙන්නෙ.. මට බය එයා කැම්පස් එන කොහො­ම­වෙ­තත් කල්ති­යාම කෙල්ලෙ­කුට මාට්ටු වෙයිද කියලා.”

“ඇයි උඹ එහෙම කතා­වක් කිව්වෙ?”

“නෑ මට එයා හැන්දෑවෙ දීපු කෝල් එකෙන් මට තේරුණා මොකක් හරි වෙන­සක්.. එක අත­කට මට දුකත් හිතෙ­නවා. එහෙන් මලින්ද අයියා තරංගා එක්ක සම්බ­න්ධ­යක් පටන් අර­ගෙන...”

“මෙහෙන් ශ්‍රීමාල් මල්ලි මේඛලා එක්ක සම්බ­න්ධ­යක් පටන් අර­ගෙන... එසේ මෙසේ එකක් නෙමෙයි... හහ්හා දහම් පාසල් යන කාලෙ ඉඳන් බාලේ පටන් බැඳි හාදේ... හා...” ශ්‍රීමාල් සිනා­වෙන් තොරව නැගී සිටියි.

“මට තේරුම් ගන්න බැරි ‘හාමු අප්ප­ච්චිලා’ වගේ අසා­ධා­ර­ණේට ‘හාමු පුතාලා’ හිතන‍්නෙ නැති රහස.... පර­ම්පරා වෙනස කියන්නෙ ඒකද.. මන්දා...” සිරි­නාත ද නැගී සිටියේ සිනා­වෙ­මිනි.

 

ලබන සතියට‍...

 

Comments