වෙල්ල­ස්සෙන් ඇර­ඹුණු ‘එන්ට­ප්‍ර­යිස්’ සංග්‍රා­මය | සිළුමිණ

වෙල්ල­ස්සෙන් ඇර­ඹුණු ‘එන්ට­ප්‍ර­යිස්’ සංග්‍රා­මය

‍වෙල්ලස්සේ කැරැ­ල්ලට වසර 200ක් ගෙවෙන මේ වසරේ රජය සහ මුදල් හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය එක්ව එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රද­ර්ශ­නය මොන­රා­ග­ලදි පසු­ගිය සතියේ 29, 30, 31 දින­ව­ලදී පැවැ­ත්වීය.

‘දේශ­ප්‍රේමි කැරැ­ල්ලෙන් සංව­ර්ධන සංග්‍රා­ම­යට’ යන තේමාව යටතේ ඉහළ ම ජන සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වුණු මෙම ප්‍රද­ර්ශ­නය ප්‍රද­ර්ශන කලාප 12කින් යුක්ත වූ අතර එයට රජයේ හා පෞද්ග­ලික ආය­තන 204ක ප්‍රද­ර්ශන කුටි 515ක් අයත්ය.

රටේ බාල, තරුණ, මහලු සියලු ජන­තා­වට අපේ රටේ සිදු­වෙන දැවැන්ත හා ග්‍රාමීය මට්ටමේ සංව­ර්ධ­නය පිළි­බ­ඳව මහා දැනු­මක් ලබා­දෙන මෙම ප්‍රද­ර්ශ­නය තනි­ක­රම දැවැන්ත ව්‍යව­සා­ය­කත්ව හා අධ්‍යා­පන කේන්ද්‍ර­යක් ලෙස ද හැඳි­න්වී­මට පුළු­වන.

රාජ්‍ය ව්‍යාපෘ­තිය හා රජයේ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරීම හා ව්‍යාපාර සමඟ ජන­තාව නඟා සිටු­ව­මින් අපේ රටේ ව්‍යව­සා­යක පාරා­දී­ස­යක් බිහි කිරීමේ මාර්ගය පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරීම මෙම ප්‍රද­ර්ශ­නයේ ප්‍රධාන අර­මුණ බව මුදල් හා ජන­මාධ්‍ය ඇමැති මංගල සම­ර­වීර මහතා පැව­සීය.

ඓති­හා­සික වෙල්ලස්සේ ජන­තා­වට දිගු­ක­ලක් තිස්සේ නොලැ­බුණු ආර්ථික, සාමා­ජික, ආධ්‍යා­ත්මික දියු­ණු­වක් උදා­කර දීම සඳහා මේ ප්‍රද­ර්ශ­න­යට සම­ගා­මීව ගම්පෙ­ර­ළිය කඩි­නම් සංව­ර්ධන සංග්‍රා­මය ක්‍රියා­වට නංවන බවද ඇමැ­ති­ව­රයා කියයි.

සංහි­ඳි­යාව ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ සංව­ර්ධ­නය මත තේමා වුණු ව්‍යව­සා­ය­ක­යන් දිරි­ග­න්වන 2025 මත පද­නම් වූ එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රද­ර්ශ­න­යට එක්වූ නැරඹූ වෙල්ලස්සේ ජන­තාව එක­හෙළා පැව­සුවේ මෙවැනි දැනු­මක් අධ්‍යා­ප­න­යක් ලබා දුන් ප්‍රද­ර්ශ­න­යක් මෙතෙක් තමන්ට දකි­න්නට නොලැ­බුණු බවයි.

ෙම් මගින් අලුත් නැවුම් අත්දැ­කීම් තමන්ට ලැබුණු බව වෙල්ලස්සේ මොන­රා­ගල, බිබිල, පස්සර, වැල්ල­වාය, බදුල්ල, මැද­ගම, සිය­ඹ­ලා­ණ්ඩුව, පදි­ය­ත­ලාව, බුත්තල, කත­ර­ගම හා ඔක්ක­ම්පි­ටිය වැනි ප්‍රදේ­ශ­වල සිට පාසල් සිසුන් සමාජ සංවි­ධාන, සමිති සමා­ගම්, ගොවි සංවි­ධාන, තරුණ පිරිස්, අප සමඟ පැව­සූහ.

ප්‍රද­ර්ශ­නයේ සුවි­ශාල ප්‍රද­ර්ශන කුටි විවෘ­තව තිබුණේ ප්‍රධාන ප්‍රද­ර්ශන කලාප 12ක් ඇතු­ළ­තය.

ප්‍රද­ර්ශ­නයේ ප්‍රධාන කලා­පය ව්‍යව­සා­ය­කත්ව කලා­ප­යයි. එම­ඟින් ව්‍යව­සා­ය­ක­යන්ට ලබා දෙන එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම පිළි­බඳ පූර්ණ දැනු­වත් කිරීම්, නව ව්‍යව­සා­ය­ක­යන්ගේ එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා දත්ත පද්ධ­තියේ ලියා­ප­දිංචි වීමට හැකි වීම, ප්‍රද­ර්ශ­නය තුළ­දීම රාජ්‍ය සහ ‍ෙපෟද්ග­ලික බැංකු වලින් ව්‍යාපා­රික ණය ඉල්ලුම් කළ හැකි වීම, නව ව්‍යාපාර ආරම්භ කිරී­මට තාක්ෂ­ණික දැනුම ලබා­දෙන උප­දේ­ශන සේවා ආදි පහ­සු­කම් ජන­තා­වට ලැබේ. ඊට අම­ත­රව ව්‍යාපාර ලියා­ප­දිංචි කිරීමේ උප­දෙස් හා කෙටි­කා­ලීන සහ­ති­ක­පත් පාඨ­මාලා හැදෑ­රීමේ අව­ස්ථාව සහ ප්‍රද­ර්ශ­නය තුළ­දීම සහ­තික පත් නිකුත් කිරීම ආදි අවස්ථා හා පහ­සු­කම් මෙම කලා­පය තුළ­දීම ලැබේ. අප­න­යන මුල් කර­ගත් ව්‍යාපාර ඇර­ඹී­මට අව­ස්ථාව ලබා­දීම හා නව දේශීය සහ විදේ­ශීය වෙළ­ඳ­පො­ළ­වල් වල ගැණු­ම්ක­රු­වන් සහ විකු­ණු­ම්ක­රු­වන් සමඟ සම්බන්ධ වෙමින් නව ව්‍යව­සා­ය­ක­යන්ට නව වෙළෙ­ඳ­පො­ළ­වල් සමඟ සම්බන්ධ වීමට අව­ස්ථා­වක් ලබා­දීම ද මෙම කලා­ප­යෙන් ජන­තා­වට ම ලැබෙන ප්‍රති­ලාභ අතර ප්‍රධාන වේ.

සිය­ලුම රාජ්‍ය ආය­තන හා පෞද්ග­ලික අංශයේ ආය­ත­න­වල සේවා­වන් පිළි­බ­ඳව පුළුල් තොර­තුරු හා දත්ත මෙහිදී සියලු දෙනාට ලබා ගත හැකිය. නවීන තාක්ෂ­ණය සමාජ වෙබ් අඩවි ඔස්සේ ඒ තොර­තුරු දිග­ටම ලබා ගන්නා අයුරු ද මෙහිදී පෙන්වා දෙන ලදි.

ඊට අම­ත­රව මෙහිදී සෞඛ්‍ය සායන හා වකු­ගඩු පිළි­බඳ වෛද්‍ය සායන, බෝ නොවන රෝග පරීක්ෂා, දත්ත වෛද්‍ය සායන ඇතුළු විවිධ වෛද්‍ය සායන ආදි­යද රාජ්‍ය ආය­තන කලා­ප­යේදී පැවැ­ත්විණි.

රැකියා අවස්ථා ලබා­දෙන රැකියා වෙළ­ඳ­පොළ හඳුනා ගැනීම, ඉඩම් ඔප්පු පිළි­බඳ ගැටලු නිරා­ක­ර­ණය, හැඳු­නු­ම්පත් සේවය ඇතුළු රාජ්‍ය සේවා­වන් විශාල ප්‍රමා­ණ­යක්, කෘෂි­ක­ර්මය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය භාණ්ඩ හඳු­න්වා­දීම සහ කාන්තා­වන්ට නව රැකියා අව­ස්ථා­වන් ද මෙහිදී නර­ඹන අයට ලැබී තිබිණි.

ත්‍රිවිධ හමු­දාවේ විශේෂ ප්‍රද­ර්ශන කලා­පය වෙල්ලස්සේ කුඩා තරුණ වැඩි­හිටි ජන­තා­වට නවමු අත්දැ­කී­මක් විය.

අධ්‍යා­පන කලා­පය මඟින් දරු පර­පු­රට සිසු පර­පු­රට ලැබුණු මෙහෙය කියා නිම කළ නොහැ­කිය. වෙල්ලස්සේ දරු පර­පු­රට සිසු පර­පු­රට ඉදි­රි­යට යෑමට මේ කලා­ප­යෙන් ලැබුණු පිටු­බ­ලය ඉම­හත්ය.

ප්‍රද­ර්ශ­නයේ තිබූ නීල හරිත කලා­පයේ පරි­සර සුරැ­කී­මට වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියා­වට නැංවීය. පරි­ස­රය සුර­කින රාජ්‍ය ආය­ත­න­වල ක්‍රියා­කා­රි­ත්වය විදුලි බල­යෙන් ධාව­නය වන ත්‍රිරෝද රථ හා විවිධ වාහන, සූර්ය බල­යෙන් ක්‍රියා­ත්මක වන උප­ක­රණ සමුද්‍ර හා වෙරළ ආර­ක්ෂණ ක්‍රම‍ෙව්ද පිළි­බ­ඳව නීල හරිත කලා­ප­යේදි ජන­තා­වට අව­බෝ­ධ­යක් ලබා දුන්නේය.

නව නිපැ­යුම් කලා­පයේ දි වෙල්ලස්සේ ජන­තා­වට මෙන් ම ඌව පළාතේ අයට සිසු දරු­වන්ට කුතු­හ­ලය දන­වන අත්දැ­කීම් සමඟ දැනුම් සම්භා­ර­යක් ලබා දුන්නේය. ‘අහන්න’ ගීතය සමඟ සංහි­ඳි­යාව පිළි­බඳ කති­කා­වක් සංහි­ඳියා කලා­ප­යේදී පැවැ­ත්විණි.

ජනා­ධි­පති කාර්ය සාධක බළ­කාය මඟින් වකු­ගඩු රෝග නිවා­ර­ණය පිළි­බඳ දැනු­ම්වත් කරන ලදි. ඊට අම­තර කාබ­නික පොහොර භාවි­තයේ වාසි හා මත්ද්‍රව්‍ය නිවා­රණ වැඩ­ස­ට­හන්ද පැවැ­ත්විණි.

මාධ්‍ය හා ප්‍රකා­ශන කලා­පය මඟින් ලේක්හ­වුස් ආය­ත­නය ඇතුළු මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ආය­ත­න­වල කුටි හා එහි ක්‍රියා­කා­රි­ත්වය පිළි­බ­ඳව වෙල්ලස්ස ජන­තා­වට කරුණු ඉදි­රි­පත් කෙරිණි.

නව ව්‍යව­සා­ය­ක­යන් ලක්ෂ­යක් බිහි කිරීමේ අර­මුණ ඇතිව හුස්ම ගත්ත වසර තුන වැඩ­දා­යක අස්වැන්න රටට පෙන්ව­මින් මොන­රා­ග­ලදී පැවැ­ත්වුණු ‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ ජාතික ප්‍රද­ර්ශ­නය මඟින් ජාතික සංහි­ඳි­යා­වෙන් නීල හරිත ආර්ථි­ක­යට ප්‍රවේ­ශ­යක්ද ලබා දුන්නේය.

එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන යටතේ ක්‍රියා­ත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩ­ස­ට­හන් පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරීම් ද මෙම ප්‍රද­ර්ශ­න­යේදී සිදු­විය. රටේ සියලු රාජ්‍ය බැංකු වෙනම කලා­ප­යක එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව කලා­පයේ පිහිටා තිබිණි‍.

ඒ අනුව අලුත් ව්‍යාපාර ආරම්භ කිරී­මට කැමැති පුද්ග­ල­යන් එම බැංකු කුටි­ව­ලට පැමිණ රජය ක්‍රියා­ත්මක අලුත් ණය යෝජනා ක්‍රම පිළි­බ­ඳව දැඩි උද්යෝ­ග­ය­කින් යුතුව තොර­තුරු පිළි­බ­ඳව දැනු­ම්වත් වන අයුරු අපට දැක ගත හැකි විය. ඒ කලා­ප­යේදී අපට හමු­වුණු මහ­ජන බැංකුවේ සහ­කාර සාමා­න්‍යා­ධි­කාරි (සුළු ව්‍යාපාර) වික්‍රම නාරා­යන මහතා පැව­සුවේ මේ අලුත් ණය යෝජනා ක්‍රම පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරීම ජූනි මාසයේ සිට ආරම්භ කර ඇති බවයි. තම බැංකු ශාඛා ජාල­යෙන් රට පුරාම මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වන බවත් මේ ණය පිළි­බ­ඳව ජන­තා­වට කියා දීමට වෙනම කණ්ඩා­ය­මක් යොදා ඇති බවත් ඒ මහතා පැවැ­සීය.

ඒ අනුව සියලු තරුණ උපා­ධි­ධා­රීන්ට ස්වයං රැකියා ආරම්භ කිරී­මට හා ව්‍යාපාර ආරම්භ කිරීම කිසිම පොලි­යක් නැතිව රුපි­යල් ලක්ෂ 15 දක්වා ණය ලබා­දෙනු ලැබේ. වසර 7කින් ණය ගෙවිය හැකි ය. ඒ ණය යෝජනා ක්‍රමය ඇරැ­ඹුම ලෙස හැඳින්වේ.

ඊට අම­ත­රව සියලු ලියා­ප­දිංචි මාධ්‍ය­වේ­දීන්ට මාධ්‍ය උප­ක­රණ මිලදී ගැනී­මට මාධ්‍ය­වේ­දීන්ගේ මාධ්‍ය උප­ක­රණ වැඩි දියුණු කිරී­මට රුපි­යල් ලක්ෂ 3 දක්වා සත­ය­ක්වත් පොලී නැතිව වසර 5 කදී ගෙවී­මට ණය ලබා­දෙනු ලැබේ. ඒ ණය යෝජනා ක්‍රමය ‘මාධ්‍ය අරුණ’ ලෙස නම් කර ඇත.

ඊට අම­ත­රව ‘දිවි සවිය’ නම් තවත් නව ණය යෝජනා ක්‍රමය අනුව ස්වයං­රැ­කියා සඳහා තරුණ තරු­ණි­යන් සඳහා පශු සම්පත් ව්‍යාපාර සඳහා රුපි­යල් 50000 දක්වා පොලිය නැති ණය ලබා­දෙනු ලැබේ. V 2025 යටතේ ව්‍යව­සා­ය­ක­යන් ලක්ෂ­යක් බිහි කිරීමේ හා ව්‍යව­සා­යක පාරා­දී­ස­යක් රට තුළ ඇති කිරීමේ සංක­ල්පය අනුව රජය ක්‍රියා­ත්මක කරන මේ වැඩ­ස­ට­හන අනුව මහ­ජන බැංකුව රිය ශක්ති, ගොවි නවෝදා වැනි ණය යෝජනා ක්‍රම ද ක්‍රියා­වට නංවා ඇත. එහි වාර්ෂික පොලිය 3.35ක් බවද වික්‍රම නාරා­යන මහතා පැවැ­සීය‍. ඊට අම­ත­රව රිවි බලය, හරිත ණය, සොඳුරු පියස නම් වලින් යුත් ණය යෝජනා ක්‍රමය මහ­ජන බැංකුව ක්‍රියා­වට නංවයි. මේ සියලු ණය යෝජනා පිළි­බ­ඳව විශාල පිරි­සක් ප්‍රද­ර්ශන කුටියේ දී පසු­ගිය දින තුන ඇතු­ළත දැනු­ම්වත් වූ බව ද වික්‍රම මහතා කීය. ඒ ගැන වැඩි විස්තර 011-2481356 මඟින් දැන­ගත හැකි ය.

ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුව ද මේ සහන පොලි­යට ණය දෙන එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන සමඟ එක්ව සිටී. ඒ අනුව පවිත්‍ර ගංගා, රිවි බල සහ කප්රුක ජය ඉසුර ගොවි නවෝදා වැනි ණය යෝජනා ක්‍රම ක්‍රියා­ත්මක බව ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුවේ සාමා­න්‍යා­ධි­කාරි ඒ.ඒ. ආරි­ය­පාල මහතා පව­සයි. ඒ ගැන සියලු විස්තර 011-2035454 දුර­ක­තන අංකය මඟින් හෝ ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුවේ ශාඛා­ව­කින් ලබා­ගත හැකි බව ආරි­ය­පාල මහතා පව­සයි. මේ අලුත් ණය යෝජනා පිළි­බඳ සම්ම­න්ත්‍රන මඟින් ජන­තාව 6000ක් පමණ දැනු­ම්වත් කර ඇති බව ද ඒ මහතා කීය.

මේ අලුත් ණය ක්‍රමය පිළි­බ­ඳව දැන­ග­න්නට ප්‍රද­ර්ශ­නයේ ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකු ශාඛා­වට පැමිණ සිටි මොන­රා­ගල බී.එච්. අප්පු­හාමි මහතා පැව­සුවේ අලුත් ණය යෝජනා ක්‍රම පිළි­බ­ඳව විවිධ ප්‍රචාර තිබු­ණත් හරි­යට ඒ බව දැන­ගත්තේ මේ එන්ට­ප්‍ර­යිස් ප්‍රද­ර්ශ­න­යේදී බවයි. මොන­රා­ගල පදිංචි ඒ මහතා පශු සම්පත් ව්‍යාපා­ර­යක් ආරම්භ කිරී­මට ණය ලබා­ගැ­නී­මට අපේක්ෂා කරයි. මහ­ජන බැංකු­වෙන් වගා කට­යුතු වලට ණය මුද­ලක් ලබා ගැනී­මට පැමිණ සිටි තණ­ම­ල්විල ඩී.ඒ. පිය­දාස හා ජී.ජී‍‍. කරු­ණා­වතී යුවළ පැව­සුවේ තරුණ හා වැඩි­හිටි සැමට අත­දෙන අඩු පොල‍ී යෝජනා ක්‍රම රැසක් රජය රටට හඳු­න්වාදී ඇති බවයි. තමන් මේ ප්‍රද­ර්ශ­නයේ දී දැන­ගත් අලුත් ණය පිළි­බඳ තොර­තුරු තම දූ පුතු­න්ටත් ලබා­දෙන බව ද ඔවුහු කීහ.

උපා­ධි­ධා­රීන්ට, මාධ්‍ය­වේ­දීන්ට, ස්වයං රැකියා කරන්න හදන අයට පොලිය සත­ය­ක්වත් නැතිව රුපි­යල් ලක්ෂ 7 ණය කිසිම රජ­යක් මෙහෙම කළේ නැහැ අපිට. ලොකු සතු­ටක් ඒ වගේ ම තරුණ පර­පුර දිරි ගැන්වී­මක්. නව ව්‍යාපාර ඇරැ­ඹී­මට සිය­යට 3 සිට සිය­යට 7 දක්වා අඩු පොලි­යට ‘රිය ශක්ති’ ණය දෙනවා” මහ­ජන බැංකු කුටි­යට පැමිණ සිටි වැල්ල­වායේ සරත් වික්‍ර­ම­ස‍ූ­රිය තරුණ මහතා අප සමඟ කීය.

අපේ රට 2025 පොහො­සත් රටක් ව්‍යව­සා­යක පාරා­දී­ස­යක් කිරීමේ අදි­ටන ඉටු කර ගැනීම පිණිස ‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ යටතේ ලංකා බැංකු­වෙන් සහන ණය රැසක් හඳු­න්වා­දීම තිබේ.

ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි සී. අම­ර­සිංහ මහතා පැවැ­සුවේ ලංකා බැංකු­වට ද රට­පුරා ම තම ගනු­දෙ­නු­ක­රු­වන්ට පොලී නැතිව ණය දෙන හා සහන පොලිය මත ණය දෙන වැඩ පිළි­වෙළ 12 ක් පමණ සකස් කර ඇති බවයි. ඒ අනුව ලංකා බැංකුව ද සිය ශාඛා 627 මඟින් මේ ගැන ජන­තා­වට හඳුන්වා දෙයි.

ලංකා බැංකුව ද ඇර­ඹුම, දිරි සවිය, මාධ්‍ය අරුණ යන කිසිම පොලි­යක් නැති අලුත් ණය යෝජනා ක්‍රම මෙරට ප්‍රථම වරට ක්‍රියා­වට නංවයි. මේ පිළි­බ­ඳව ජන­තා­වට කියා දීමට සියලු ශාඛා­වල වෙනම නිල­ධා­රීන් යොදා ඇත. සූර්ය බල පැනල සවි කිරී­මට ‘රිවි බල සවි’ හා සිය­යට 3.3 පොලි­යක් ඇති ‘ගොවි නවෝදා’ ණය ක්‍රමය ද ලංකා බැංකුව හඳුන්වා දී තිබේ. ගොවි නවෝදා මඟින් කෘෂි­කා­ර්මික කට­යුතු වලට ලක්ෂ 5 දක්වා ණය දෙන බව සී. අම­ර­සිංහ මහතා කියයි.

ඊට අම­ත­රව ලංකා පුත්‍ර සංව­ර්ධන බැංකුව ද ‘ගොවි නවෝදා’ ණය ක්‍රමය ඇතුළු ක්‍රම­ව­ලින් සිය­යට 3.38 පොලි­යට ණය ලබා­දීම සිදු කරයි. රට පුරා සියලු ශාඛා මඟින් මේ අලුත් ණය යෝජනා ක්‍රමය පිළි­බ­ඳව විස්තර ලබා ගත හැකි බව බැංකුවේ ප්‍රචා­රක කළ­ම­නා­කරු ලලිත් ලිය­නගේ මහතා කියයි.

මෙම ප්‍රද­ර්ශ­න­යේදී අපට හමුවූ මොන­රා­ගල ඇති­මලේ ඒ.පී. මුහ­න්දි­රම් හා ඩී.එම්. සිරි­සේන යන මහ­ත්වරු පැවැ­සුවේ “දිරි සවිය හා ගොවි නවෝදා වැනි අලුත් සහන ණය ක්‍රම පිළි­බ­ඳව තමන් හරි­යට දැනු­ම්වත් වුණේ මේ ප්‍රද­ර්ශ­නය නිසා බවයි. දිරිය සවිය හා ගොවි නවෝදා ණය ක්‍රම­යෙන් අපට අලුත් ඉඩම් කෑල්ලක අලුත් වගා­වක් දාන්න පොලිය නැති­වත් සිය­යට තුනේ පොලි­ය­ටත් ණය දෙනවා. පොලිය නැතිව හා මේ තරම් අඩු පොලි­යට අපේ අත්තා, මුත්තා කාලෙ­වත් ණය දුන්නේ නැහැ‍. ගිනි පොලි කාර­ය­න්ගෙන් අපිව මුදවා ගන්න මේ වැඩේ හොඳයි. මේක තමයි සැබෑ වෙනස” ‍ඔවුහු පැව­සූහ.

මෙම ප්‍රද­ර්ශ­න­යට තරුණ තරු­ණි­යන් 1000ක් පමණ සමඟ එක්වූ ජාතික තරුණ සේවා සභාවේ මොන­රා­ගල මූල­ස්ථාන තරුණ සේවා නිල­ධාරි ජගත් සේනක මහතා පැව­සුවේ මේ ප්‍රද­ර්ශ­න­යෙන් තරුණ තරු­ණි­යන්ට ජීවිතේ අලු­තින් ආරම්භ කිරී­මට අලුත් පොලී නැති ණය යෝජනා ක්‍රම රැසක් ඇති බවයි. “මේ පිළි­බ­ඳව අපි තරුණ තරු­ණි­යන්ට ලබා­දෙන්න වැඩ­පි­ළි­වෙළ යොදා තිබෙ­නවා. මේ ප්‍රද­ර්ශ­නයේ කට­යු­තු­ව­ලට තරු­ණ­යින් 1000ක් පමණ අප යොදවා තිබෙ­නවා. ඒ මඟින් ඒ අයට ණය ක්‍රම පිළි­බ­ඳව අලුත් තාක්ෂ­ණය පිළි­බ­ඳව දැන­ගන්න අව­ස්ථාව ලැබේවි” සේනක මහතා පව­සයි.

“මේ ප්‍රද­ර්ශ­නයේ තරුණ තරු­ණි­යන් පාසල් සිසු සිසු­වි­යන්ගේ සහ­භා­ගි­ත්වය ඉහ­ළයි. ඒ අය අලුත් ණය යෝජනා ක්‍රම පිළි­බ­ඳව සතු­ටෙන් ඉන්නේ. තරුණ උපා­ධි­ධා­රීන්ට දෙන ‘ඇර­ඹුම’ ණය ක්‍රමය පිළි­බ­ඳව අපි දැන­ගත්තෙ මේ ප්‍රද­ර්ශ­න­යෙන්” මොන­රා­ගල තරුණ සේවා නිල­ධාරි කපිල බණ්ඩාර මහතා අප සමඟ පැව­සුවේ අද නව යොවුන් හා තරුණ පර­පු­රට ජීවි­තයේ ඉදි­රි­යට ගෙන යාමට මේ ණය ක්‍රම හොඳ ශක්ති­මත් පිටු­බ­ල­යක් හා අඩි­තා­ල­මක් වී ඇති බව පෙන්ව­මිනි.

මෙම ප්‍රද­ර්ශ­නය සඳහා ඌව පළාතේ පාසල් සිසු සිසු­වි­යන්ගේ සහ­භා­ගි­ත්වය ද කැපී පෙනිණි. උසස් පෙළ දරු­ව­නට පාස­ලෙන් ඉවත්වී යන විට ජීවිතේ ඉදිරි ගම­නට අත්වැ­ලක් දෙන්නට මේ ප්‍රද­ර්ශය ඉතා වැද­ගත් බව ප්‍රද­ර්ශන භූමි­යෙදි අපට හමුවූ මේ බඩ­ල්කු­ඹුර විදු­හලේ විදු­හ­ල්පති එම්.ඒ. ස්වර්ණ­ති­ලකා මහ­ත්මිය පැව­සු­වාය.

“අපිත් අපේ දරු­වොත් මේ ප්‍රද­ර්ශ­නය බලන්න ඕනෑ­ක­මින් හිටියේ. අද ඒ අපේ­ක්ෂාව සඵල වුණා. වෙල්ලස්සේ ජන­තාව හැම දේ පිළි­බ­ඳව වැඩි­පුර දැන­ගන්න කොළ­ඹට යනවා. දහස් ගණ­නන් විය­දම් කර­නවා. නමුත් මේ ප්‍රද­ර්ශ­නය මඟින් කොළඹ පම­ණක් නොව රටේම සියලු ම තොර­තුරු සියලු ආය­තන වෙල්ල­ස්සට ගෙනැ­විත් තිබෙ­නවා. සිසු සිසු­වි­යන්ට පම­ණක් නොව, වෙල්ල­ස්සේම ජන­තා­වට සතු­ටුයි” ඇය කීවාය.

මෙම ප්‍රද­ර්ශ­නය වෙල්ලස්සේ සිංහල , දෙමළ, මුස්ලිම් ජන­තාව විශාල පිරි­සක් එක්වී සිටියේ වෙල්ලස්ස ජන­තා­වට සංහි­ඳි­යාවේ අරු­ණා­ලෝ­කය ගෙන එය ක්ෂේම භූමි­යක් බවට මේ ප්‍රද­ර්ශන භූමිය පත්කි­රී­මිනි.

මොන­රා­ගල විවේ­කා­නන්ද දෙමළ මහා විද්‍යා­ලයේ නියෝජ්‍ය විදු­හ­ල්පති පී. ගනේ­ෂන් මහතා ප්‍රද­ර්ශ­න­යට පැමිණ සිටියේ තම පාසලේ සිසුන් 50ක් පමණ සම­ඟය. “මේ ප්‍රද­ර්ශ­නය සිසු පර­පු­රට රටේ ලෝකයේ වෙන දේවල් පිළි­බ­ඳව අලුත් දැනු­මක් ලබා ගැනී­ම­ටත් සංහි­ඳි­යාවේ තෝතැ­න්නක් ලෙසත් හඳු­න්වන්න පුළු­වන්.”

එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ප්‍රද­ර්ශ­නය සිකු­රාදා රාත්‍රි නිමා­වට පත්වූයේ අපේ රට අලුත් ව්‍යව­සා­ය­ක­යන් ලක්ෂ­යක් සමඟ 2025 දී පොහො­සත් රටක් බවට පත්කර ව්‍යව­සා­යක පාරා­දී­ස­යක් බවට පත් කිරීමේ පූර්ණ ශක්ති­මත් අඩි­තා­ලම තබ­මිනි.

සේයාරූ -රුක්මාල් ගමගේ, සමන්ත වීර­සිරි,  මාලන් කරු­ණා­රත්න

Comments