ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ 67 වස­රක ගමන් මඟ | සිළුමිණ

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ 67 වස­රක ගමන් මඟ

ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් මහා­චාර්ය රෝහණ ලක්ෂ්මන් පිය­දාස

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සංව­ත්ස­රය යෙදී ඇති අද (02) සම­රන්නේ මීට වසර 67කට පෙරා­තුව එක්සත් ජාතික පක්ෂ­යෙන් ඉවත් වී මෙ රටේ විකල්ප සංව­ර්ධන ක්‍රියා මාර්ග­යක් සමාජ දැක්මක් සහිත වූ ව්‍යාපා­ර­යක ‍‍‍‍‍‍ඓතිහා­සික අව­ස්ථාව පිළි­බ­ඳයි. මේ අව­ස්ථාව පිළි­බඳ ආපසු හැරී බලන විට එම වක­වා­නුවේ දී අපේ ලංකාව පැවැ­තියේ කුමන ආකා­ර­යක ස්වභා­ව­ය­කින්ද?

1948 දී ඩොමී­නි­යන් තත්ත්වයේ නිද­හ­සක් ලබන විට අප විසින් සාක්ෂාත් කළ යුතු නිද­හස සම්පූර්ණ කිරීම සඳහා වූ ඓති­හා­සික පිය­වර ඒ වන විට සම්පූර්ණ කර තිබුණේ නැත. ඒ වන විට අපට කලින් නිද­හස ඉන්දි­යාව නිද­හස ලැබු වස­රේ­දීම යටත් විජිත යුග­යේදී පැවැති පරි­පා­ලන ක්‍රම­යන් නීති රීති සම්ප්‍ර­දා­යන් සහ යම් යම් ආය­තන අහෝසි කිරී­මට පිය­වර ගත්තේය. ශ්‍රි ලංකාවේ නිද­හස ලබන විට කළ යුතුව තිබුණ ප්‍රධාන කාර්යය වනුයේ වසර තුන්සි­ය­ය­කට අධික කාල­යක් විවිධ යටත් විජි­ත­වා­දින්ට ගොදුරු වී අපේ අන­න්‍ය­තාව විනාශ කළ ලක්ෂණ නැවත ස්ථාපිත කිරී­මයි. විශේ­ෂ­යෙන් මෙරට ජාතික භාෂා සංස්කෘ­තික උරු­ම­යන් නැවත ස්ථාපිත කිරීමේ අව­ශ්‍ය­තා­වක් පැන නැඟිණි. යටත් විජිත පාල­ක­යන් විසින් අපේ රටේ ස්වාධී­න­තාව පාල­නය කිරීම සදහා මෙරට පිහි­ටුවා තිබු බ්‍රිතාන්‍ය ත්‍රිවිධ හමුදා ගුවන් හමුදා නාවික කඳ­වුරු ඉවත් කිරීමේ අව­ශ්‍ය­තා­වක් පැවැ­තිණි.

එසේම ශ්‍රි ලංකාව නැවත යටත් විජි­ත­ක­ර‍‍ණ­යෙන් මිදුණු ස්වාධින රාජ්‍ය­යක් වශ­යෙන් පැවැ­තිම සදහා නව ලෝකයේ ස්වාධින රාජ්‍ය සමඟ පැවැති සම්බ­න්ධතා ඇති කර­ගැ­නීමේ අව­ශ්‍ය­තා­වක් පැවැ­තිණි. විශේ­ෂ­යෙන්ම ලෝකයේ පැවැති සම්බ­න්ධතා ගොඩ නඟා­ගැ­නීමේ අව­ශ්‍ය­තා­වක් පැන නැඟිණි. එසේ ම නිති රීති අණ­ප­නත් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ අව­ශ්‍ය­තා­වක් පැන නැඟුණා පම­ණක් නොව මෙරට සාමාන්‍ය ජන­තා­වගේ ඕනෑ එපා­කම් කට­යුතු සදහා නව සමාජ ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙ­ළක අව­ශ්‍ය­තාව පැන නැඟිණි.

එම ඓති­හා­සික අව­ශ්‍ය­තාව ඉටු නොවිමේ ප්‍රති­ඵ­ලය වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු­වෙන් ඉවත් වී ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය මීට වසර 67ට පෙර ආරම්භ වීමයි. මෙම ආරම්භ කිරිමේ මුල්ම කැඳ­වීමේ නිවේ­ද­නය සහ දැන්වී­ම්වල සඳ­හන් සුවි­ශේෂි කරු­ණක් මෙහිලා සඳ­හන් කිරීම ඉතා වැද­ගත්ය .

අද අප­මු­හුණ දී ඇති කේන්ද්‍රීය ප්‍රශ්න­යක් වන්නේ ජන­වා­ර්ගික අර්බු­දය සඳහා වූ සාම­කාමී විසැ­ඳු­මකි. යුද්ධය නිමා වුව ද යම් සාධා­රණ සාම­කාමී විසැ­ඳු­මක් සෙවීමේ අව­ශ්‍ය­තා­වක් පැන නැඟී තිබිණි. එම අව­ශ්‍ය­තාව සම්පුර්ණ කිරීම සදහා කළ යුතු ඉතා වැද­ගත් කාර්ය භාර­යක මුල් අඩි­තා­ලම ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය පිහි­ටු­වීමේ මුල් නිවේ­ද­නය තුළම දැකිය හැකිය.

ප්‍රග­ති­ශීලි බල­වේග

 

එහි මුල් කැඳ­වු­ම්ක­රු­වන් ලෙස පනස් දෙනෙ­කු­ගෙන් යුතු කණ්ඩා­ය­මක් විය. එව­කට ලංකාවේ සිටි බුද්ධි­ම­තුන්, කලා­ක­රු­වන්, දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යන්ට අම­ත­රව ලේකම් සභා­ප­ති­ව­රුන් වශ­යෙන් සඳ­හන් වන්නේ ශ්‍රී සංඝ­රාජා නැමැති දෙමළ නියෝ­ජි­තයා සහ බදු­ර්දින් මහ­මුඩ් නම් වූ මුස්ලිම් නියෝ­ජි­ත­යාය. එම­ඟින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හැමට පොදු පක්ෂ­යක් වශ­යෙන් ස්ථාපිත කිරී­මට එහි නිර්මාතෘ එස්. ඩබ්. ආර්.ඩී බණ්ඩා­ර­නා­යක මහතා අපේක්ෂා කළේය. එම පක්ෂය පිහි­ටුවා කෙටි කාල­යක් තුළ එළැඹි මැති­ව­ර­ණ­යෙන් ආසන අටක් දිනා­ගැ­නී­මට සමත් වූ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය 1956 ඓති­හා­සික මැති­ව­ර­ණ­යේදී මෙරට ප්‍රග­ති­ශිලී සෙසු පක්ෂ වූ සම­ස­මාජ පක්ෂය කොමි­යු­නිස්ට් පක්ෂය සමඟ එකතු වී මහ­ජන එක්සත් පෙර­මුණු ආණ්ඩුව වශ­යෙන් ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට සමත් වි‍ය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ඇරැඹි මෙම ආණ්ඩුව මෙරට සමාජ දේශ­පා­නික වෙන­ස්කම් සඳහා පුරෝ­ගාමී වෑයම් ආරම්භ කරනු ලැබීය. මෙරට පෞද්ග­ලික ව්‍යාපා­රි­ක­යන්ගේ තෝතැ­න්නක් බඳු වූ ප්‍රවා­හන සේවය වෙනු­වට මහ­ජන සුබ සාධන කේන්ද්‍ර කර­ගත් රාජ්‍ය කේන්ද්‍රිය ලංගම ප්‍රවා­හන සේවාව ආරම්භ වන්නේ ඒ අනු­වයි. වරාය ජන­සතු කිරීම මඟින් මෙරට අප­න­යන ආන­යන වෙළෙ­ඳාම සඳහා ‍වූ කේන්ද්‍ර­ස්ථා­නය සඳහා රජය මැදි­හත් විය.

මෙරට සාමාන්‍ය ජන­තා­වගේ දරු­වන්ගේ උසස් අධ්‍යා­පන අව­ශ්‍යතා වෙනු­වෙන් විද්‍යෝ­දය විද්‍ය­ලාං­කා­රය පිරි­වෙන් දෙක විශ්ව­වි­ද්‍යල කළා පම­ණක් නොව කුඹුරු පනත මගින් මෙරට දහස් සංඛාත වූ අඳ­ගො­වියා‍ගේ අයි­තිය ස්ථාපිත කිරී­මෙන් මෙරට කෘෂි­ක­ර්මා­න්තයේ වැද­ගත් පෙරැ­ළි­යක් ආරම්භ විය. මෙරට මහ­ජන සේවා­වට කොත­රම් කාර්ය­භා­ර­යක් ඉටු කළේ ද යත් එම ආණ්ඩුව මහ ගත්කරු මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් හදුන්වා දෙනු ලැබුවේ ‘බමුණු කුලයේ බිඳ­වැ­ටීම‘ වශ­යෙනි. එම­ගින් එතුමා විසින් විස්තර කරනු ලැබුවේ ප්‍රභූ අධි­කා­රි­ත්ව­යට ‍එරෙහිව විකල්ප මහ­ජන පාලන ක්‍රම­යක් මෙරට ස්ථාපිත කරනු ලැබීමේ ඓති­හා­සික සුවි­ශේෂි අව­ස්ථාව පිළි­බ­ඳයි.

ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය බිහි කිරී­මෙන් පසුව ආරම්භ වන මහ­ජන ආණ්ඩුවේ පාල­න­යට එරෙහි වන ක්‍රම­න්ත්‍ර­ණ­ක­රු­වන්ගේ වෑය­ම්වල ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් 1959 දී මේ පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක මහතා ඝාත­නය කරනු ලැබීය.

වගා සංග්‍රා­මය

1959 දී නාය­කයා ඝාත­න­යට ලක්වුව ද 1960 දි සිරිමා‍වෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ නාය­ක­ත්ව­යෙන් ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අපට හැකි විය.1965 සිට 1970 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු­වෙන් පසු 1970 පසු මෙරට දේශ­පා­ල­නික ඉති­හා­සයේ ඓති­හා­සික මං සල­කුණු සනි­ටු­හන් කළේය. එම කාලය තුළ මෙරට කර්මාන්ත යුගය ආරම්භ කළේය. මෙරට වානේ කර්මා­න්තය, ලෝහ කර්මා­න්තය රෙදි­පිළි කර්මා­න්තය, කඩ­දාසි කර්මා­න්තය, ලුහු­භාණ්ඩ කර්මා­න්තය, පේෂ කර්මා­න්තය, දේශිය කිරි කර්මා­න්තය ආරම්භ කිරිම පම­ණක් නොව පෞද්ග­ලික අංශය යටතේ මෙරට මෝටර් රථ ස්කූටර් ට්‍රැක්ටර් නිෂ්පා­ද­නය ආරම්භ කළේය. වගා සංග්‍රා­මය ආරම්භ වූයේ ද මේ යුග­යේ­දීය.

මෙරට නිප­ද­විය හැකි සෑම වගා­වක්ම නිෂ්පා­ද­න­යක්ම මෙරට නිප­ද­වීම සඳහා යම් දුෂ්කර ‍එහෙත් අති­ශ­යින් ම පල­දායි ප්‍රති­පත්ති අපි ආරම්භ කළෙමු. එසේ නමුත් ලෝක ආර්ථික අර්බු­දය සහ වෙනත් ආර්ථික බල­පෑ­මෙන් එහි යම් දුෂ්ක­රතා සහ සංකී­ර්ණතා ඇති වන්නට වූ බව මෙහිලා සද­හන් කළ යුතුය. 1970 ආණ්ඩුවෙ ප්‍රති­ඵල මෙරට ස්වෛරී ජන­ර­ජ­යක් දක්වා වර්ධ­නය කිරී­මට පක්ෂ­යට හැකි විය.

1970 සිට 1977 දක්වා ආණ්ඩුව මෙරට වඩා පල­දායි වෑයම් මෙරට සමා­ජ­යට අත්පත් වීම සමඟ මෙරට පිහි­ටුවූ විවිධ බල­වේ­ග­යන් එම ආණ්ඩුව බිඳ දැමී­මට ක්‍රියා කළේය. පක්ෂ ඉති­හා­සය ආපසු හැරී බලන විට විවිධ කුම­න්ත්‍ර­ණ­ව­ලට සහ බිඳ­වැ­ටී­ම්ව­ලට ගොදුරු වන ආකා­රය හඳු­නා­ගත හැකිය. පක්ෂය නිර්මා­තෘ­ව­රයා‍ගේ දරු­වන් පක්ෂය බිඳී වෙනත් පක්ෂ­ව­ලට ගිය අවස්ථා අපට දකි­න්නට හැකිය. මේ ආකා­ර­යට විවිධ අභි­යෝ­ග­යන්ට මේ පක්ෂය ගොදුරු වන අවස්ථා අපට ඉති­හා­සය පුරා දැක ගත­හැ­කිය. එසේම විවිධ අව­ස්ථා­ව­ලදී පක්ෂයේ නාය­ක­යන් පවා පක්ෂය කඩා­ගෙන ගොස් වෙනත් විකල්ප පක්ෂ ගොඩ­න­ඟන ආකා­රය ද අපි දුටු­වෙමු. කෙසේ වෙතත් මේ ක්‍රම­න්ත්‍ර­ණ­කාරී වැඩ­පි­ළි­වෙ­ළ­ව­ලින් සහ පසු­බෑ­ම්ව­ලින් පසුව වුව ද පක්ෂය නැවත ස්ථාපිත කිරී­මට ඉති­හා­සය පුරා අපිට හැකි ව තිබිණි. ඉති­හා­සය පිරි­ක්සීමේ දි ශ්‍රි ලංකා නිද­හස් පක්ෂ ආසන අ‍ටකට වැටුණු අවස්ථා ද පරා­ජය වූ අවස්ථා ද හමුවේ.

කෙසේ නමුත් ශ්‍රිලංකා නිද­හස් පක්ෂය ලාංකික සමා­ජයේ සෑම ක්ෂේත්‍ර­ය­කම පුරෝ­ගාමී සේවා අත්පත් කර­දුන් ව්‍යාපා­රය ලෙස හැඳි­න්විය හැකිය. 1977 පරා­ජය වීමත් සමඟ අප පක්ෂයේ නායිකා සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ ප්‍රජා අයි­තිය අහිමි කිරීම, වැඩ­ව­ර්ජ­න­ව­ලින් පසු ලක්ෂ­යක් පමණ සේව­ක­යන් දොට්ට දැමීම, වෘත්තිය සමිති නාය­ක­යන් ඇතුළු නාය­ක­යන් බන්ධ­නා­ගා­ර­ගත කිරීම, අසු­තුනේ කළු ජුලිය නිර්මා­ණය විම 1988 සහ1989 මහා තරුණ තරු­ණි­යන් හැට දහ­සක් ඝාත­නය කිරීම ආදි වශ­යෙන් වු දාහත් වස­රක කාලය පසු කර­මින් නැවත වතා­වක් ශ්‍රිල­නිප නායි­කාව ලෙස චන්ද්‍රිකා කුමා­ර­තුංග මැති­නි­යගේ නාය­ක­ත්ව­යෙන් යුතු ආණ්ඩු­වක් පිහි­ටුවා ගැනිණි. එතැන් පටන් වර්ථ­මා­නය දක්වාම ශ්‍රි ලංකාවේ අඛණ්ඩ දේශ­පා­ලන ගම­න්මගේ නාය­ක­ත්වය හිමි කර­ගත්තේ ශ්‍රි ලංකා නිද­හස් පක්ෂ­යයි.

ඒ අනුව චන්ද්‍රිකා කුමා­ර­තුංග, මහින්ද රාජ­පක්ෂ, ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන ආදි වශ­යෙන් අඛණ්ඩ විසි වස­රක කාල­යක් ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ නාය­ක­ත්වය මෙරට ජනා­ධි­පති ධුරය ඉසි­ලීය. එහිලා කිය­වෙන අනෙක් ප්‍රකා­ශ­නය වන්නේ විකල්ප කවර බල­වේ­ග­ය­කට වුවත් නාය­ක­ත්වය පිළි­ගැ­නී­මට පක්ෂ­පා­ති­ත්වය දැක්වී­මට සෙසු විකල්ප බල­වේ­ග­ව­ලට අව­කා­ශ­ටක් නොදි තිබෙන ආකා­ර­යයි.

ස්වදේශිකවාදය

67 වස­ර­කට පක්ෂය පා තබා ඇති මොහොතේ පක්ෂ­යෙන් ‍කැඩී ගිය කණ්ඩා­යම් හඳු­නා­ගත හැකිය. කෙසේ නමුත් ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය සිය අනා­ගත අභි­යෝ­ග­යන්ට අනු­රූප වන ආකා­ර­යෙන් පක්ෂය යාව­ත්කා­ලීන කර­මින් සියලු ප්‍රග­ති­ශිලි බල­වේ­ග­යන්ට නාය­ක­ත්වය දෙමින් ශ්‍රි ලංකාවේ අනා­ගත ගමන් මඟ සඳහා කැප­වී­මට මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් ජනා­ධි­ප­ති­ත්ව­යෙන් යුතු පාල­න­ය­කින් ක්‍රියා කරනු ඇත. මෙම පක්ෂය මුණ දි ඇති අභි­යෝ­ග­යක් වුවත් එම අභි­යෝ­ග­යන්ට සාර්ථ­කව මුණ දී ජය ගැනී­මට හැකි මාව­තක් කරා ගමන් කර­න්නෙමු.

පක්ෂය මේ වන විට ගම් මට්ටමේ සිට ප්‍රති­සං­වි­ධා­නය කර­මින් පවතී. එ‍සේම එම පක්ෂයේ අනා­ග­තය සදහා රටේ නිද­හස් අධ්‍ය­ප­නය, ‍නිදහස් සෞඛ්‍යය ,නිෂ්පා­දන ආර්ථි­කය, ස්වදේ­ශික වාදය අපි සැමෝ­ටම පොදු ශ්‍රි ලංකා­වක් යන ප්‍රධාන තේමා යටතේ පක්ෂය අනා­ග­ත­යට ගොඩ­නැ­ඟීමේ කාර්ය­යට මුහුණ දී සිටි­න්නෙමු. ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ හැට හත්වැනි සංව­ත්ස­රය සම­රන්නේ මේ අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙමින් ජය­ග්‍රාහී මාව­තට එළැ­ඹෙ­මිනි.

සාකච්ඡා කළේ සුභද්‍රා දේශ­ප්‍රිය

Comments