
මිනුවන්ගොඩ බෙම්මුල්ල මී ගහ ඇළ පාරේ පදිංචි එම් .ඒ විජිත කුලි වැඩ කරමින් කීයක් හෝ සපයා ගනිමින් තම දරුපවුල රැක බලා ගත්තේ පොහෝ අමාරුකම් මැද්දේය. කෙතරම් නැති බැරිකම් තිබුණ ද ඔවුහු තම ගෙපැලේ සතුටින් දවස ගත කළහ. නමුදු ඒ සතුට වැඩි කල් රැඳුණේ නැත. විජිත පොල් ගසකින් බිමට ඇද වැටුණේ දෙදහස් දොළහ වසරේදීය. ඔහු ඉන් ඔත්පළ වූ පසු ඔවුන්ට බොහෝ දුෂ්කකරතාවන්ට මුහුණ දෙන්නට සිදුවිය. පවුලේ එකම ආදායම් උපයන්නා වූයේ විජිතය.
“සැමියා ඔත්පළවූ පසු අපි අසරණ වුණා. මට රැකියාවකට යන්නත් බැහැ. මම සැමියායි දරුවොයි බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. මගේ එක පුතෙක් ලබන වසරෙ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. අනෙක් පුතා නවය වසරේ ඉගෙනුම ලබන්නේ. බාලම දරුවා හයේ පන්තියේ ඉගෙන ගන්නවා. මේ දරුවෝ බොහෝ අගහිඟකම් මැද්දේ ජීවත් වෙන්නේ . අපි දැන් ඉන්න ගෙදර අබලන්. ගේ පිළිසකර කර ගන්න විදිහක් නැහැ. ගමේ ස්වෙච්චා ආයතනයක් කිව්වා ගේ හදලා දෙන්නම් කියලා. ඒත් ඒ අය අපට කිව්වා අමුද්‍රව්‍ය හොයා ගන්න කියලා. අපි කොහොම ද මේ ගේ හදා ගන්නේ.“ විජිතගේ බිරිය පවසන්නේ හැඬු කඳුළෙනි.
එදා වේල පිරිමසා ගන්නා මේ අසරණ පවුලට තම අබලන් නිවෙස අලුත් වැඩියා කර ගැනීම යනු සැබැවින්ම සිහිනයකි.කෙසේ වුවත් මෙම අසරණ දරුපවුලේ නිවෙස සාදා ගැනීමට අමුද්‍රව්‍ය ඇතුළු දෑ ලබාදීමට ඔබත් කැමැත්තේනම් එය අසරණ දරු පවුලක් වෙනුවෙන් කරන මහත් මෙහෙයක් වනු ඇත.
ඔබගේ උපකාර මෙසේ යොමු කළ හැකිය.
වයි. ඒ. ටී. ඩී. යාපා.
ගම්පහ ලංකා බැංකු ශාඛාව_අංක 5678363
දුරකථන අංකය - 0778423384