
කවියෙහි රස දන්නා පෙර පඬි උතුමන්
සංදේශය කළා සැළලිහිණිය සැවුලන්
පන්හිඳ පණ පොවා නමදින්නෙමි තෙරුවන්
මම කවි ලියමි පෙන්වාලා රස මුසු තැන්
ගලනා ගඟක ඇති සිසිලස විඳගන්න
ඉන් දිය බිදක් ඔබෙ දෝතට අරගන්න
හමනා සිහිල් මඳනල ගත දවටන්න
වීදුරු ගෙවල් ඇතුළෙන් එළියට එන්න
දහසක් බුදුන් පිට දුන් ගස් ටික කපලා
සහසක් දෙනා ඇත අද සතුටින් පිරිලා
රහසක් නොවේ දිය දහරා යයි සිඳිලා
දවසක් උදාවෙයි මරණෙට දිව ගිලිලා
මුදල් මත සියලු දෙය මිනුම් කරනා යුගේ
මනින්නට පුළුවන්ද සොබා දහමේ අගේ
ලියුවේ මා සොඳුරු පරිසරයෙ ඇති රඟේ
සොබාදම් මව අපෙ රැකගනිමු පණ වගේ
ජී.ඒ. හෂිනි නිමාෂා රාජපක්ෂ
13 ශ්‍රේණිය ‘කලා’,
ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලය,
ගම්පොළ.