
චීනයේ නගරයක කුඩා ගෙදරක අහිංසක ළමයෙක් හිටියා. ඔහු ඉතාම දුප්පත්. ඉගෙනීමට ආශා කළත් පොතපත මිලදී ගැනීමට ඔහුට මුදලක් තිබුණේ නැහැ.
එහෙත් මේ ළමයා පොත පත ඉතාමත් අමාරුවෙන් සොයාගෙන දවල් කාලය පුරාම පොත් කියෙව්වා.
ඒත් ඔහුට රාත්‍රියේ පොත් කියවන්න බැහැ. දවසක් ඔහුට කදිම අදහසක් ඇති වුණා. එනම් රාත්‍රියේ පහන් දල්වා තිබුණු අල්ලපු ගෙදර බිත්තියේ කුඩා සිදුරක් හාරා ඒ බිත්තියේ සිදුරෙන් තමන්ගේ කාමරයට වැටුණු එළියෙන් පොත් කියවීමට පටන් ගත්තා.
ඉන්පසු දවසක මේ ළමයාට ආරංචියක් ලැබුණා. මොකක්ද මේ ආරංචිය? ළඟ ගෙදරක ඉඩම් හිමි අයකුගේ ගෙදර පොත්වලින් පිරුණු කාමරයක් තිබෙන බවයි. උගත්කමක් නොතිබූ මේ මිනිසාට පොත් කියවන්න අකුරු නොදත් බව මේ ළමයාට දැන ගැනීමට ලැබුණා. “මට හොඳ අවස්ථාවක්, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියා ළමයා කල්පනා කළා.
මේ ළමයා ඉතා ඉක්මනින් තමන්ට පොරවන්නට තිබූ පුලුන් පිර වූ පොරෝනය ද ඔතා ගෙන ඉඩම් හිමියා ළඟට ගියා. ළමයා ඉඩම් හිමියාගෙන් ඉල්ලීමක් කළා “ මම මෙහෙ තියෙන වැඩ කරන්නම්. මට මුදල් එපා. මට පොත් කියවන්න දෙන්න” කියලා. ඉතින් මේ ළමයාගේ ඉල්ලීමට ඉඩම් හිමියා පුදුම වුණා. පසුව ඉඩම් හිමියා කීවා “ඔයාට ඕන තරම් පොත් කියවන්න පුළුවන්. මම ඒකට අකමැති නෑ කියලා.
ඉතින් මේ ළමයා ඒ ගෙදර වැඩපළ සියල්ල ම ඉවර කරලා රාත්‍රී කාලයේ පොත් කියවීමට පටන් ගත්තා. ටික කාලයකින් මේ ළමයා රටේ ප්‍රසිද්ධ උගතෙක් වුණා.
උත්සාහයෙන් පොත් කියවීමෙන් ලැබූ උගත්කම නිසාම තරුණ වියේදීම ඒ රටේ “හන් යූ වැන්” නම් අධිරාජයා ඔහුගේ ඇමැති මණ්ඩලයට ඇමතිවරයකු වශයෙන් මේ තරුණයා පත් කර ගත්තා.
මේ තරණයා ඇමති මණ්ඩලයට එක්වීමට අවස්ථාව ලැබුණේ කියවීමේ අගය නිසයි. ඉගෙනීමේ අගය කියා දීමට චීනයේ දෙමාපියෝ තමන්ගේ දූ දරුවන්ට මේ කතාව කියා දෙති.
චීන ජනකථාවක් ඇසුරෙනි.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ 8.