රසම රස හකුරු | Page 2 | සිළුමිණ

රසම රස හකුරු

හකුරු අප සෑම දෙනාම කෑමට ප්‍රිය කරන රස කෑමකි.‍ පොල් හකු‍රු, තල් හකුරු, කිතුල් හකුරු වර්ග කීප­යකි. මෙම ගස්වල මල් හැම එකක්ම තැළී­මට ලක්කර පැණි හකුරු හදන්නේ.

හකුරු හදන්න පැණි ගන්නා ගස්වල මේවා හැදෙන හැටි බලමු. මෙම ගස්වල කොළ­ව­ලට හිරු එළිය වැටෙන කොට ඒවායේ ග්ලූකෝස් හැදෙ­නවා. මේ හැදෙන ග්ලූ‍කෝස්, රාත්‍රී කාලයේ ඉතා සියුම් නාළ දිගේ මල වෙත ගමන් කර­නවා. මේ මල තළලා (මේ මල්ව­ලට ආවේ­ණික බෙහෙත් වර්ග මල අගට බැඳ) මල ශක්ති­මත් ලණු­ව­කින් ඔතලා මල කෙළ­ව­රට මුට්ටි­යක් එල්ලා තබ­නවා. එවිට අර ග්ල‍ූකෝස් සාරය බින්දුව බින්දුව මුට්ටි­යට කාන්දු වෙනවා. ඒ වෑහෙන දිය­ර­යට තෙලිජ්ජ (මීරා) යන නම්ව­ලින් හඳු­න්ව­නවා. මේ දිය­රය සීනි සහිත නිසා පැණි රසයි‍.

මේ දිය­රය නැවුම් මුට්ටි­ය­කට දමා ළිප තබා උණු­කර ජලය වාෂ්ප වෙන්ට අරි­නවා. ඉන් පසු අපට පැණි ලැබෙ­නවා. මේ පැණි ඉතා­මත්ම රස­වත්ය. පැණි ළිපේ තබා ඝන­වී­මට හැර හකුරු හද­නවා. අප රසට කන හකු­රු­වල කතාව එයයි.

එනිඳු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ‍ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යා­ලය,
කොළඹ - 08.

Comments