
අවරදිග අහසේ
හිරු කුමරා
බැස යනවා...
මුළු අහසම
රන් පැහැයෙන්
හැඩ වෙනවා...
සුදු කහ රතු
හෙන්දිරික්කා
මල් පිබිදෙනවා
සඳ කුමරිය
සෙමෙන් සෙමෙන්
අහසෙ දිලෙනවා...
ගුවන සිසාරා
මා වවුලන්
බකමූණන් පියා සලනවා...
කණාමැදිරියන්
එළි අරගෙන
අඳුර මකනවා...
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විදුහල,
කොළඹ 08.