
හඳේ උන්නු හාවා
අපෙ ගෙදරට ආවා
ඔයා ඉතිං මගෙයි කියා
පොඩි නංගී කීවා
කූඩුවකුත් හැදුවා
උඳු පියලිත් වැවුවා
හාවා ලොකු වූවා
දවසක් පැන දීවා
පොඩි නංගී ඇඬුවා
පෙරළි පෙරළි ඇඬුවා
දවස් දෙකක් කෑම නොකා
ඉකි බිඳ බිඳ ඇඬුවා
පුන් පෝදා ආවා
“අම්මේ අන්න හාවා
මාත් එක්ක තරහ වෙලා
හඳට ගිහින්” කීවා
කිරුළි සහශ්‍රා කුමාරසිංහ
9 ශ්‍රේණිය,
OKI ජාත්‍යන්තර පාසල,
වත්තල.