
අම්මයි තාත්තයි මමයි පෝය දවසේ උදේම කොළඹ පොත් ප්‍රදර්ශනය බලන්න ආවා. පොත් ප්‍රදර්ශනය බලන්න හුඟාක් සෙනඟ ඇවිත් හිටියා.
මං පොත් ගන්න ආවේ මගේ කැටේ එකතු වුණු මුදලත් අරගෙන. කැටේ රුපියල් තුන්දහස් හයසියයක් තිබුණා.
අම්මයි තාත්තයි දෙන්නම මට පොත් තෝරා ගන්න උදව් කෙරුවා. පුංචි කතන්දර පොත් සහ ඉස්කෝලෙට ඕනැ කරන පොත් ගොඩක් මම ගත්තා. මං ආච්චිට බණ පොතකුත් ගත්තා. මං ආශා කරන පොත් ගොඩක්ම ගන්න ලැබුණු නිසා මට හරි සතුටුයි.
“මෙන්න පුතාට මගෙනුත් පොතක්.” තාත්තා මට අරන් දුන්නේ ‘හීන්සැරය, ළමා කතා පොත.
ඒ පොත මම ඊට කලින් කියවලා නැහැ. පොත ලියලා තියෙන්නේ මුනිදාස කුමාරතුංග නම් වූ ලේඛකයා. මම ගෙදර අැවිල්ලා ඉස්සෙල්ලම කියවන්න ගත්තේ හීන්සැරය පොත.
තීක්ෂණ ගීසර හෙට්ටිආරච්චි
8 ශ්‍රේණිය,
සංඝමිත්තා මහා විද්‍යාලය,
හෙයියන්තුඩුව