ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

ඔක්: 14 සිට 20 තෙක්

මේෂ

බාධා සහිතයි

ලග්නාධිපති කුජ උච්චව රචක යෝගයෙන් ද කේතු සමග දසවැන්නේ සිටින අතර ගුරු අටවැන්නේ ගමන් කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. ආදායම් ලැබිය හැක. වෙහෙසකර ගමන් යාමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට අලුත් විෂයයන් හැදෑරීමට අවස්ථාව සැලසේ. සමාජීය සහ ආගමික අංශයට නැඹුරුව ක්‍රියා කරයි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


තුලා

මිශ්‍රඵල

ලග්නාධිපති සිකුරු ලග්නයේ ස්වක්ෂේත්‍රයි. බුධ සමග සිටී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සිය උත්සාහය තුළ සාර්ථක බවක් ලැබුව ද බාධා අවහිරතා නැත්තේ ද නොවේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතු කෙරෙහි වඩාත් හිත යොමු කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


වෘෂභ

මිශ්‍රපලයි

ලග්නාධිපති සිකුරු හයවැන්නේ ස්වක්ෂේත්‍රව සිටී. බුධ සමගයි. යෝගකාරක ශනි අටවැන්නේය. මෙම පිහිටීම් තුළ මෙම සතිය ඔබට ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීමෙන් සැනසීමක් ද ලැබිය හැක. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් අභිවෘද්ධියක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල දී ඉගෙනීමට ඇති ඇල්ම වැඩිදියුණු වුව ද විටෙක පසුගාමී කටයුතුවලට ද ඉඩ පෙන්වයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, අනතුරු පීඩාදියෙන් ද පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


වෘශ්චික

උත්සාහයෙන් දියුණුව

ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චව සිටී. ගුරු ලග්නගතයි. මෙම පිහිටීම් තුළ ඔබගේ කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට යහපත් නොවේ. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උදා කරයි. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී පරෙස්සම් වන්න. ආදායම් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථකත්වයක් ලබයි. වැටීම්, තැලීම්, තුවාල ලේ දූෂ්‍යාබාධයන්ට ඉඩ නැත්තේද නොවේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


මිථුන

කල්පනාකාරී වන්න

ලග්නාධිපති බුධ යෝගකාරක සිකුරු සමග පස්වැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. තමාට නොගැළපෙන අය සමග කටයුතු කිරීමට යාමෙන් වැළකිය යුතුයි. පවුලේ අය සමග කරන කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අනුමානයට කටයුතුවල යෙදීම තුළ අවහිරතා සහ බාධෘ ඇති කළ හැක. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් කිසියම් යහපත් බවක් පෙන්නුව ද රාහු දෙවැන්නේ ගමන් කිරීම තුළ මිල මුදල් නාස්තිවීම්, තැන්පත් ධනයට හානිවීම් පෙන්වයි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


ධනු

සමපලයි

ලග්නාධිපති ගුරු 12 වැන්නේ ගෝචරය වේ. සෙනසුරු ලග්නයේය. මෙම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැක. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී වඩාත් කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම අතින් ශුභයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, වැටීම්, තැළීම්, තුවාල පීඩාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා


කටක

උත්සාහයෙන් දියුණුව

යෝගකාරක ගුරු 5 වැන්නේ ද කුජ 7 වැන්නේ උච්ච රුචක යෝගයෙන් ද සිටී. උත්සාහය සහ කැපමෙන් වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. අන්‍යයන්ගේ සහයෝගයෙන් කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගත හැක. ආදායම් ලැබීම අතින් යහපත් වුවත් අනපේක්ෂිත සිද්ධීන් උදාවිය හැකි බැවින් මුදල් වියදම් අධික වේ. මුදල් කටයුතුවලදී කල්පනාකාරී නොවුවහොත් ණයවීමේ ඉඩක් ද පවතී. අධ්‍යාපන කටයුතුවලට ශුභයි.

ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය - 02, දිනය - සඳුදා


මකර

බාධා මැද දියුණුව

ලග්නාධිපති ශනි 12 වැන්නේ සිටී. යෝගකාරක සිකුරු දහයේය. බුධ සමගයි. මෙම පිහිටීම් සැලකීමේ දී ධර්ම කර්මාධිපති යෝගය යෙදීමෙන් වෘත්තීය වශයෙන් ශුභයි. සිය උත්සාහයෙන් කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් පෙන්වයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අය සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගමික අංශයට නැඹුරුවක් පෙන්වයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


සිංහ

යහපත්ය

ලග්නාධිපති රවි දෙවැන්නේය. ගුරු 4 ද, ශනි 5 ද, රාහු 12, කේතු 6 ගමන් ගනී. මෙම පිහිටීමේ යම් යම් බාධා සහ අවහිරතා මධ්‍යයේ වුවත් සිය උත්සාහය සහ කැපවීම තුළින් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. මිල මුදල් ලැබීමට ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් ආදායම් මාර්ග විවර කරගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය ද සුරක්ෂිත වේ.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා


කුම්භ

ශුභයි

ලග්නාධිපති ශනි අයස්ථානය වූ 11 ද, යෝගකාරක සිකුරු භාග්‍ය ස්ථානගතව සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ගු-රු 10 ගමන් කිරීම තුළ බාධා අවහිරතා ඉස්මතු කළත් සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් විටෙක වියදම් පක්ෂය ඉහළ යනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වේ.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා


කන්‍යා

බලාපොරොත්තු ඉටුවේ

ලග්නාධිපති බුධ සිකුරු සමග දෙවැන්නේය. මෙම කාල සීමාව තුළ ශුභඵල වැඩියෙන් උදා වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ තමාගේ කටයුතු බොහොමයක්ම ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉෂ්ට සිද්ධ කරගත හැක. ආදායම් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. ගෙදරදොර කටයුතු මෙන්ම දෙමව්පියන්ගේ කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු ශුභදායකයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


මීන

ආධාර උපකාර

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ සිටිමින් ලග්නය දකී. ශනි 10 ගමන් කරයි. මෙම සතිය තුළ ක්‍රමයෙන් ශුභඵල වැඩිවීමක් පෙන්වයි. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු-වල කාර්ය බහුලත්වයක් පෙන්නුව ද උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදා කර ගනී. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු යහපත්ය. මිල මුදල් ලැබීම අතින් ශුභදායක බවක් පෙන්නුව ද වියදම් පක්ෂය ඉහළ යාම තුළ ණය තුරුස්වීමේ ඉඩක් පවතී. උෂ්ණාධික රෝග, සෙම් පීඩා, බඩවැල් ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධයන්ගෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

Comments