ලක් මව සුන්දරයි | සිළුමිණ

ලක් මව සුන්දරයි

 

කිරි සයුරෙන් වට වී ඇත්තේ
පෙදිග මුතු ඇටයයි එහි ඇත්තේ
මිණිමුතු සැඟවී දිය මත්තේ
ලොවේ පතළ බව රැක ගත්තේ

හෙළයේ එඩිතර බව රැක්කේ
ආදි මුතුන් ජය රැක ගත්තේ
කඳු හෙල් දිය ඇළි ඇත්තේ
අන් රටවල්වල නෙත් සිත් ගත්තේ

ලෙසාන් ඕජිත වෛද්‍යසේකර

7 ශ්‍රේණිය,

රාහුල විදුහල, මාතර. 

***********

අපේ රටේ අගේ

ලෝකයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාව උතුම් රටකි. ඊට ප්‍රධාන වන්නේ සුන්දරත්වයයි. බැලු බැලු අත දිස්වන්නේ තුරුලතා, වනමල්ය, නන් පැහැති සියොතුන් ය. වනාන්තරවල වෙසෙන ඇත්, මුව, ගෝන වැනි සිවුපාවෝද ලංකාවේ අගය දෙගුණ තෙගුණ කරති. රට වටා ඇති නිල්වන් සයුර රටේ හි අගය වැඩි කරන අතර මනරම් කරයි.

මැණික් ඉල්ලම්වලින් පෑදී එන මැණික්, සයුරෙන් ලැබෙනා මුතු අප රට අගය වැඩි කරනා සම්පත් ය. මධ්‍යම කඳුකරයේ නිල්වන් කඳු පංති දුටුවන් වශී කරයි. තද දුඹුරු පැහැති සරු පසක් ඇති අප රටේ ඉවත දමන දඬුව වුවද දලුලා යළි පැළ වේ. ලොවේ කිසි රටක නොමැති සංස්කෘතික දායාද රැසක් අප සතු ය.

අප රට ලොව පුරා ප්‍රසිද්ධ කරමින් අප සතුව සීගිරිය නම් ලෝක උරුමයක් ද ඇත. රට වටා යෝධ අත් සතරක් සේ ගලා බසිනා සිවුමහා නදී අප රට සරු කරයි. අනුරාපුර, පොලොන්නරුව සහ මහනුවර වැනි නගරවල ඇති පූජනීය ස්ථාන නිසා ශ්‍රී ලංකාව කාගේත් ආදර ගෞරවයට පාත්‍ර වෙයි.

මෙවැනි රටක ඉපදීම අප කාගේත් වාසනාවකි.

තසාරා දහම්දී රත්නායක

5 ශ්‍රේණිය ‘ඩී’,

සුමේධ විදුහල,

ගම්පහ.

 

Comments